තක්‌කාලි කන්න බයද ?


අද වෙළෙඳ පොලේ එළවළු මිළ ගණන් කිවයුතු නැත. වෙළඳ පොලට යන ඔබ තක්‌කාලි ගැනීමට බියවන්නේ ඇයි. තක්‌කාලි පලතුරක්‌ ලෙස කෑමට ගන්න. හාල්මැස්‌සො වැනි කිසිම කරවල වර්ගයක්‌ සමග එකට දමා පිසින්න එපා. නිතරම තනි කර පිස හෝ සලාද සාදා කෑමට හුරුවන්න. ඉතාමත් ගුණදායකයි. 

තක්‌කාලි ආහාරයට ගැනීම නුසුදුසු බව පවසන අය එමටයි. තක්‌කාලි සිරුරට විෂ සහිත බවද කියෑවේ. ඈත අතීතයේ තක්‌කාලි ශරීරයට විෂ බව පැරැන්නෝ පවසා ඇති බව දේශීය වෛද්‍යවරුන්ගේ පිළිගැනීමයි. 

තක්‌කාලි ශරීරයට, විශේෂයෙන් රුධිරයෙහි පටකවල ආම්ලික බව වැඩිකර රෝගී කරවන්නක්‌ ලෙසින් සැලකූ බවත් කියෑවේ. ඒ වාගේම එළවළුවක්‌ වන තක්‌කාලි පිළිබඳව කරන ලද පරීක්‌ෂණවලට අනුව එය සිරුරට ඉතාමත් ගුණදායකබව රසායනික විශේෂඥයින් පිරිසක්‌ සොයා ගෙන ඇත. එමෙන්ම ඇතැම් රෝග නිවාරණයට අවශ්‍ය ආහාරයක්‌ ලෙසද පිළිගෙන තිබේ. ඒත් මේ පිළිබඳ නොදන්නා අය තක්‌කාලි නිවසට ගෙන ඒමත් තහනම් කර ඇති බව අසන්නට ලැබී ඇත. 

තක්‌කාලි වකුගඩු රෝගීන්ට අයහපත් බව පැවසුවද මෑතකදී ඇමරිකානු පර්යේෂකයින් විසින් කරන ලද පරීක්‌ෂණවලට අනුව එය ඇතැම් වකුගඩු රෝගීන්ට ගුණදායකබව පවසා ඇත. හේතුව එහි ආම්ලිකතාවය නිසා වකුගඩු රෝගීතාවය ඇතිකරවන විෂ සහිත ද්‍රව්‍යයන් විනාශ කරලීමේ හැකියාවක්‌ තක්‌කාලිවල තිබීමයි.

හිමිදිරියේ තක්‌කාලි යුෂ පානය කිරීම මගින් අක්‌මාවේ අලස ක්‍රියාකාරිත්වය, පාණ්‌ඩුව, වාත අමාරු ආදිය මඟහැරෙන බව මෙම විශේෂඥයින් පවසා ඇත. 

හිමිදිරියේ තක්‌කාලි කෑමෙන් මුත්‍රාබාධ වැළැක්‌වෙන බවද පවසා ඇත. එම නිසා මුත්‍රා පිටවීමෙන් ඇතිවන වේදනාවන් වැනි මෙවන් අක්‍රමිකතා වැළකී යයි. තක්‌කාලි මඟින් මුත්‍රාවල ආම්ලික බව පාලනය කරනු ඇත. 

තක්‌කාලිවල කාබෝහයිඩේ්‍රට්‌ අඩු ප්‍රතිශක්‌තියක්‌ තිබෙන හෙයින් දියවැඩියා රෝගීන්ට විශේෂයෙන් ගුණදායකය. මන්ද තක්‌කාලි මගින් සිරුරෙහි අනවශ්‍ය බර ඉවත් කරයි. තක්‌කාලි වල විටමින් බොහෝය. මේ හෙයින් ඇස්‌ නොපෙනීම , දුර පෙනීම ආදි අක්‌ෂිරෝග වළක්‌වා ලීමට හැකිය. එමෙන්ම මේ කොළ ඇස්‌වලට මෙන්ම අක්‌ෂි ස්‌නායුවලට ගුණදායක බව මොවුන් පවසා ඇත. එනිසා තක්‌කාලි සලාද ලෙස කෑම ඉතා ගුණදායකය. තක්‌කාලි කෑමට බිය විය යුතු නැති බව මතකයේ රඳවාගන්න. 

සීතා අධිකාරි
නවළිය පුවත්පත

Post a Comment

0 Comments