පුර චන්ද්‍රයා දැකීමෙන් ඔබගේ ජීවිතයට ඇතිවන බලපෑම

ඒ ඒ දිනයන් තුල පුර සදු දැකීමේ පලාපල පහත ආකාරයෙන්



ජ්‍යෙතිෂයේදී නවග්‍රහයන් පිලිබදව සදහන්වේ.මෙම නවග්‍රහයන් සෞර්ග්‍රහ මණ්ඩලයේ සූර්‍ය මූලික කරගනිමින් පිහිටයි.මෙයි හිරු සහ සදු මූලික ග්‍රහයන්වේ,සදු උප ග්‍රහයෙකු උවත් පෘථුවියට ආසන්නයෙන්ම පිහිටා ඇති බැවින් බලපෑම් තදින් දැනේ.සූර්‍යාලෝකයෙන් මනුෂ්‍ය ජීවිත ගස් කොලන් ආදී වූ සොබාදහම නිර්මාණය කරන විට සදුගේ රැස් කිරණින් එයට නොවඩු දායකත්වයක් පෘථුවි තලයේ සමස්ත ක්‍රියාකාරීත්වය කරා යොමුවේ.කාලගුණික දේශගුණික සියලු විපර්‍යාසයන්ට සදු හෙවත් චන්ද්‍රයාගේ ක්‍රියාකාරීත්වය ප්‍රබල බලපෑම් ඇතිකරවයි.මෙය නවීන යැයි පවසන , විද්‍යාව තුල පවා සනාත වී ඇත.සදු සමස්ත පෘතුවි ක්‍රියාකාරීත්වයන්ට බලපෑම් ඇතිකරනවා සේ , පුද්ගල කායික මානසික ක්‍රියාවලින් හි යහපත අයහපත සදහා බලපෑම් ඇතිකරවයි.පුර සදු බලවත්වේ.අව සදු දුබලවේ.හෙවත් නැගෙමින් , පිරෙමින් ඇති සදු පුර පසලොස්වක දක්වා බලවත්වේ.සුබදායකවේ.සුබ කටයුතු සදහා පුර පක්ෂය යොදාගනී.අව පක්ෂය හෙවත් බැස යමින් ඇති සදුගේ කාලය සුබ කටයුතු සදහා යොදා නොගැනේ.

චන්ද්‍ර මාසයට දින 30 කි.අදික අවුරුදු මාස චන්ද්‍ර මාස ක්‍රමයෙහි නැත.මෙස සැකසෙන්නේ සදුගේ උදාව සිදුවන ආකාරය අනුව වේ.මාසයේ දින 30 සදහා එක් දිනක් එක් තිතියක් ලෙස තිථි 15 කට බෙදේ.මෙය පුර පක්ෂයට තිථි 15 ක් ලෙසත් අව පක්ෂයට තිථි 15 ක් ලෙසත් බෙදේ.පුර පක්ෂයේ තිථියම අව පක්ෂයේ යෙදේ.නමුත් එය පුර අව ලෙස දෙයාකාර වෙයි.පුර පෑලවිය තිතිය සමග චන්ද්‍ර මාසය ආරම්බවේ.එතැන් තිථි 15 ක් ගෙවී ගිය තැන පුර පසොලොස්වක තිථිය යෙදෙන අතර එතැන් සිට අව පෑලවිය තිථිය සමග අව පක්ෂය ආරම්බවේ.මෙයින්තිථි 15 ක් ගෙවත් දින 15 ක් ගෙවීගිය තැන අමාවක තිථිය යෙදේ.චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම වැසීගිය දිනයයි.මේ ආකාරයෙන් චන්ද්‍ර මාසය යෙදෙන අතර චන්ද්‍ර මාසයට අයත් පුර සහ අව තිථි පහත ආකාරයෙන් වේ.

පුර පක්‍ෂය අව පක්‍ෂය
01 පුර පෑලවිය 01 අව පෑලවිය
02 පුර දියවක 02 අව දියවක
03 පුර තියවක 03 අව තියවක
04 පුර ජලවක 04 අව ජලවක
05 පුර විසේනිය 05 අව විසේනිය
05 පුර සැටවක 06 අව සැටවක
07 පුර සතවක 07 අව සතවක
08 පුර අටවක 08 අව අටවක
09 පුර නවවක 09 අව නවවක
10 පුර දසවක 10 අව දසවක
11 පුර එකොළොස්වක 11 අව එකොළොස්වක
12 පුර දොළොස්වක 12 අව දොළොස්වක
13 පුර තෙළෙස්වක 13 අව තෙළෙස්වක
14 පුර තුදුස්වක 14 අව තුදුස්වක
15 පසළොස්වක 15 අමාවක

මෙය තවදුරටත් පැහැදිලි කරගැනීමට තම නිවසෙහි ඇති බිත්ති ලිත පරීක්ෂාකර බැලිය හැක.එහි ප්‍රධාන පොහොය දින දක්වා ඇත.පොහොය ලබන ගෙවෙන වේලාවන් දක්වා ඇති.පුර පොහොය තිථිති අව පොහොය තිථිත් දක්වා ඇත.

පුර සදු හෙවත් පිරෙමින් එන සදු බලවත් බවත් අව සදු හෙවත් බැසයමින් ඇති සදු දුබල බවත් ඉහත සදහන් කලහ." සදු " ජ්‍යෙතිෂය තුල පුද්ගලයාගේ මානසිකත්වය පිලිබදව සෘජු බලපෑමක් ඇතිකරවන බව පෙන්වාදෙයි.සද්ගලයාගේ මානසිකත්වය බලවත්ය.සුබදායකය.සුබ සිතුවිලි බලාපොරොත්තු ප්‍රර්තනාවන්ගෙන් පිරී පවතින අතරම එම බලාපොරොත්තු ක්‍රියාත්මක කරගැනීමට අවශ්‍ය කායික මානසික හැකියාවන් බලවත්ය.සදු උප්පත්තියෙන් දුර්වලව පිහිටා ඇත්නම් කායික මානසික දෙයාකාරයෙන්ම දුබලතාවයන්ගෙන් යුතු පුද්ගලයෙකු වෙයි.වෛරී කෝපකාරි , ප්‍රචන්ඩකාරී , දුෂ්ට සිතුවිලි ගති පැවතුම් යටි මානසිකත්වය සිතුවිල්ල තුල තැම්පත්ව පවතී.එම දුර්වල තාවයන් තමාගේ අනාගත ගමනට බාධාවක් ගොඩනගයි.අනෙකාගේ දියුණුව යහපත දැක සුසුම්ලෑමට බොහෝවිට සිදුවිය හැකිය.පැරණු ග්‍රාම සමාජයේ සදු ග්‍රහයාට බොහෝ වැදගත්කමක් හිමිවිය.ගොවිතැන් බතින් ජීවත්වූ සමාජය සදුගේ හැසිරීම ගමන අනුව තම ගොවිකර්මයන් පිලිබදව තීන්දු තීරණ ගනු ලැබීය.

පුර සදු නැගෙනා විට එම දර්ශනය සුබ දිනයක් තුල දැක ගැනීමට ගැමි සමාජයේ ඒ පිලිබදව දැනුවත් බොහෝ දෙනා කටයුතු කලහ.එය කෙම් ක්‍රමයක් , පුරුද්දක් ලෙස පවත්වාගෙන ආ දෙයකි.වර්තමානයේද , ගැමි නාගරික බේධයෙන් තොරව දැනුවත් බොහෝ දෙනා පුර චන්ද්‍රයා සුබ දිනක දැක ගැනීමට සුදුසු දින ගොම්මන් යාමය වන විට අහස දෙස බලයි.ඔවුන් සදු දැකීමෙන් ප්‍රිතියක් සතුටක් ඇතිකරගනී.සුබ බලාපොරොත්තුවක් මාසය ආරම්බයේ සිතට ඇතුලුවෙයි.උදාවූ චන්ද්‍රයා සුබ දිනයක දැක ගැනීමට නොහැකි වූවේ නම් , මීලග සුබ දිනය දක්වා ඉතිරි අසුබ දිනයන් බොහෝ දුරට රාත්‍රී අහස මගහරී.නැවත සුබ දිනය තුල දැක ගනී.අසුබ දිනක පිරෙමින් ඇති චන්ද්‍රයා දුටුවේ නම් , එයින් ඉදිරියට චන්ද්‍ර මාසය බොහෝ දුරට ප්‍රවේසමෙන් කටයුතු කිරීමට පුද්ගල මානසිකත්වය ගොඩනගා ගනී.එය ආරක්ෂිත පියවරක් මෙනි.මෙය හිතලුවක් හෝ නාම මාත්‍රික සංකල්පයක් නොවේ.පුර සදු සුබ දිනයක දැකීමෙන් එම චන්ද්‍ර මාසය සුබදායක වන බවත් අසුබ දිනක දුටුවේ නම් , එම චන්ද්‍ර මාසය එතරම් ප්‍රතිඵල දායක නොවන බවත් මේ පිලිබදව දන්නා බොහෝ දෙනෙකුගේ අත්දැකීමෙන් හදුනාගෙන ඇත.හදුනාගත හැකිය.මෙම ලිපිය පරිශීලණය කරන හදහන ලංකා සුහද පාඨක ඔබටද මෙහි සත්‍ය අසත්‍ය බව පරීක්ෂාකර ගැනීමට හැකියාව පවතී.ඒ ඒ දිනයන් තුල පුර සදු දැකීමේ පලාඵල පහත ආකාරයෙන් වෙයි.මෙහි සත්‍ය අසත්‍ය තාවයන් ඔබටද ඔබගේ පුද්ගල අත්දැකීමෙන් හදුනාගැනීමට ඉදිරි චන්ද්‍ර මාසයේ පුර පක්ෂය තුලදී හැකියාව පවතී.

මුල් හද දැකීම - දිනය අනුව පලාඵල

ඉරිදා - යහපත් මානසිකත්වයක් සමග වාසනාවන්ත බව මතුවේ.බලාපොරොත්තු ඉටුකරගැනීමේ උත්සහය උනන්දුව ඇතිවේ.සුබදායකයි.

සදුදා - කායික මානසික දුබලතාවයන්ටත් ධන හානි පාඩුත් සහිත වෙයි.

අගහරුවාදා - සොර සතුරු බිය , අනියත බිය , මානසික අවස්තාවරත්වය , හදිසි කේන්තිය කෝපය සහිත , කලබලය සහිත බවක් ඉදිරි මාසය තුල ඇතිවිය හැකිය.

බදාදා - කායික මානසික වශයෙන් සුබාසුබ මිශ්‍රඵල ඇතිකරවයි.ශෝක අසුබ හෝ සිතට පීඩාකාරී වූ ආරංචි ලැබිය හැකිය.කණගාටුවක් මතුවිය හැකිය.

බ්‍රහස්පතින්දා - ශුබ දිනයකි.කායික මානසික සුව සහනය සහිතව මාසය ගෙවීයයි.යහපත් බලාපොරොත්තු ඉටුවේ.වාසනාව , සෞභාග්‍ය සහිත චන්ද්‍ර මාසයකි.

සිකුරාදා - සිතට සතුට ප්‍රිතිය ඇතිවේ.විනොදයට අවස්තා යෙදේ.සංචාරක අවස්තා සුලුවෙන් හෝ යෙදිය හැක.හිතමිත්‍ර ලාබ සහිත මූල්‍ය ලාබ සහිත , ලැබීමක් සහිත චන්ද්‍ර මාසයකි.

සෙනසුරාදා - කිරීමට බලාපොරොත්තු කටයුතු තුලින් එතරම් විශේෂ යහපත් ප්‍රතිඵල නොලැබී යයි.යමක් පිලිබදව සිතේ පවත්නා ඕනෑකම අඩුවී අලස ගති මතුවේ.කායික මානසික සුව සහනය දුර්වල සතුරු බිය , අනියත බිය , සැකය චකිතය සහිතව ඉදිරි චන්ද්‍ර මාසය ගෙවීයයි.

ජනක් පී කුමාර
හඳහන ලංකා ජ්‍යෙතිෂය සේවය