පොල්පලා
ඖෂධීය ගුණ - මුත්‍රා පිරිසුදු කිරීමේ ගුණයක් මෙන්ම මුත්‍රා ගල් දිය කිරීමේ හැකියාවක් ද ඇත. විෂ නැසීමේ ගුණයකින් ද යුක්‌ත ය. උදෑසන ආහාරයට පොල්පලා කැඳක් ලෙස හෝ දෛනික ආහාරයට පලා මැල්ලුමක් ලෙස හෝ යොදාගත හැකි ය. ඔසු පැන් වශයෙන් පිපාසයට බීමෙන් ඉහත සඳහන් රෝග සුව වෙයි. මුත්‍රා අඩස්‌සිය ඇති විට දී පොල්පලා සම්පූර්ණ ගස තම්බා බීමෙන් හොඳින් මුත්‍රා පහ වී අඩස්‌සිය සමනය වෙයි.
ඖෂධීය ගුණ - ශරීර ශක්‌තිය වර්ධනය කරයි. රුධිරයේ ආම්ලිකතාව අඩු කරයි. මුත්‍රා හොඳින් පහ කරයි, සන්ධි ඉදිමුම්වල දීත්, අධික ලෙස මස් ආහාරයට ගැනීම නිසා රුධිරයේ ඇති වන ආම්ලිකතාව නැති කිරීම සඳහාත් හාතාවාරිය අල මිරිකාගත් යුෂ බීම වඩාත් සුදුසු ය. එළකිරිවලින් තම්බාගත් හාතාවාරිය අල ආහාරයට ගැනීම ශරීර ශක්‌තිය වර්ධනය කිරීමට හේතු වෙයි.
ඉරමුසු
ඖෂධීය ගුණ - ඖෂධ සඳහා සම්පූර්ණ පැළැටිය ම ගනී. තුන් දොස් හෙවත් වා, පිත්, සෙම් නැසීමේ ගුණයක් ඇත. ලේ පිරිසුදු කිරීමේ ගුණයක් ඇති බැවින් කිරි දෙන මවුවරුන්ට සහ දියවැඩියාව රෝගීන්ට හිතකර ය. ආහාර ජීර්ණය කර රුචිය වඩවයි. හොඳින් මළ පහ කරවයි. ආහාර අසාත්මිකතා ඇති අවස්‌ථාවක දී ඉරමුසු තම්බා බීම හෝ ඉරසුමු මුල් කුඩු කර උණුවතුරට දමා තම්බා බීම වඩාත් සුදුසු ය.මී විෂ ශරීරගත වූ විට ඉරමුසු මුල් කසාය ගිතෙල් සමග බීමෙන් විෂ සහිත බව නැති වෙයි.
ඖෂධීය ගුණ - ඖෂධීය ගුණයෙන් පිරිපුන් එරබදු කොළ, පොතු හා ඇට යන සියල්ල ම ඖෂධ පිණිස ගනි. ළපටි එරබදු දලු හෝ කොළ පලාවක් ලෙසටත්, මැල්ලුමක් ලෙසටත් ආහාරයට ගත හැකි ය. ළපටි එරබදු දලු ආහාරයට ගැනීමෙන් ආහාර රුචිය වඩවයි. රාත්‍රී නින්ද නො යන අයට නින්ද යන ඖෂධයක් ලෙස එරබදු දලු වෑංජනයක් ආකාරයට ගත හැකි ය. අලුත් එරබදු පොතු සහ කොළ කොටා සමේ ආබාධ හා ඉදිමුම්වලට ප්‍රතිකර්මයක් ලෙස ආලේප කෙරෙයි.
කීකිරිඳිය
ඖෂධීය ගුණ - වාතය සමනය කරන ගුණයක් ඇති කීකිරිඳිය මුළු ශාකය ම ඖෂධ පිණිස ගනී. දේශීය වෛද්‍ය විද්‍යාවේ දී හිස කෙස් යැම, අකලට කෙස් පැසීම, ඇස්‌වල ඇඳිරිය හා කන් ඇසීමේ දුර්වලතා යනාදී රෝග රැසක් සඳහා කීකිරිඳිය භාවිතයෙන් සිඳගන්නා භෙංගමාලය නම් තෛලය යොදා ගනී. කීකිරිඳිය කොළ එළවළුවක් ලෙස දෛනික ආහාරයට එකතු කර ගැනීමෙන් අර්ශස් රෝගය සුව වන්නා සේ ම අධික රුධිර පීඩනය, පාණ්‌ඩුව හෙවත් රක්‌තහීනතාව වැනි රෝගී තත්ත්ව සුව වෙයි.
කුප්පමේනිය
ඖෂධීය ගුණ - ළදරුවන් ගේ මළ බද්ධයේ දි කුප්පමේනිය කොළ අඹරා වැටියක් ලෙස සාදා ගුද මාර්ගයට ඇතුළත් කළ විට ඉක්‌මනින් මළ පහවන බව ආයුර්වේදයේ දී පෙන්වා දෙයි. පිළිස්‌සුම් ප්‍රතිකාරයක් ලෙස කුප්පමේනියා කොළ තලා පිළිස්‌සුණු තැන ආලේප කරයි. රෝගියා ඇද වත (ඊed Saමරුජ) සඳහා කුප්පමේනියා කොළ හොඳ ප්‍රතිකාරයකි. මූත්‍රා අඩස්‌සිය ඇති වූ විට කුප්පමේනියා කොළ අඹරා තුනි රෙදි කැබැල්ලකට අතුරා යටි බඩේ පැලැස්‌තරයක් යෙදීමෙන් මුත්‍රා අඩස්‌සිය සුව වෙයි.
ඖෂධීය ගුණය - වැල් තිබ්බටු පැළෑටියේ සැම කොටසක් ම ඖෂධීය කටයුතු සඳහා යොදා ගනී. වැල් තිබ්බටු ගෙඩි රසවත් වෑංජනයක් ලෙස දෛනික ආහාරයට එකතු කර ගැනීමට පුළුවන. වාතය, සෙම සමනය කරන ගුණයක් ඇත. ආහාර ජීර්ණය හොඳින් සිදු කරයි. පණු රෝග නසයි. අධික කැස්‌ස ඇති විට වැල් තිබ්බටු කොළ කැඳ පිස දීමෙන් හෝ වැල් තිබ්බටු කොළ තම්බා බීමෙන් සුව වේ. වැල් තිබ්බටු ඇට ගර්භාෂය සංකෝචනය කරයි. එසේ ම වාජීකරණ ගුණයෙන් යුක්‌ත ය. තිබ්බටු ඇටවලට උකුණන් නැසීමේ ශක්‌තිය ඇත. උකුණන් නැසීමේ දී තිබ්බටු ඇට එළඟි තෙලින් බැද කුඩු කර හිසේ ගා මඳ වේලාවකට පසු ස්‌නානය කළ යුතු ය.
ඖෂධීය ගුණය - ලේ පිරිසිදු කිරීමේ ගුණයක් ඇති මොණරකුඩුම්බිය ළදරු මාන්දම රෝගය සඳහා ඖෂධයක් ලෙස භාවිත කෙරෙයි. අළුහම් ඇති විට මොණර කුඩුම්බිය යුෂ සිරුරේ ආලේප කිරීමෙන් සුව වෙයි. දේශීය වෛද්‍ය විද්‍යාවේ දී ලේ විෂ වීමෙන් හටගන්නා සිරුරේ ලේ ගෙඩි ඇති විට මොණරකුඩුම්බිය පැළෑටිය සහමුලින් ගෙන පිටවක්‌කා ගසක් ද සහමුලින් ගෙන වංගෙඩියේ දමා කොටා වතුර දමා මිරිකා එම යුෂවලට හීනටි හාල්, පිටි මේස හැන්දක් පමණ දමා ලිප තබා කකාරා ලේ ගෙඩිවලට ගෑමෙන් ගෙඩි පුපුරා, ලේ ඉහිරී ගෙඩි සුව වන බව සඳහන් වේ.
රණවරා
ඖෂධීය ගුණ - ඖෂධ සඳහා මුල්, මල්, ඇට, කොළ සහ පොතු යනාදී වශයෙන් රණවරා ගසේ පංචාංගය ම ගනී. මල් පොහොට්‌ටු අවස්‌ථාව ඖෂධ පිණිස ගැනීම වඩාත් සුදුසු ය. සෙම හා පිත සමනය කරයි. රත් පිත තිබෙන අවස්‌ථාවල දීත් දියවැඩියාවේ දීත් රණවරා මල් තම්බා තේ මෙන් පානය කිරීම වඩාත් සුදුසු වෙයි. රණවරා මල් තම්බා බීමෙන් ශරීර සොබාව ද වර්ධනය වෙයි.
ගොටුකොළ
ඖෂධීය ගුණ - සම්පූර්ණ පැළෑටිය ම ඖෂධ පිණිස ගනී. ඖෂධ පිණිස ගන්නේ පත්‍ර කුඩා හීන් ගොටු කොළ විශේෂය ය. නැණ නුවණ වඩන, ධාරණ ශක්‌තිය පෝෂණය කරන, බඩගින්න වඩන, උගුරේ සෙම කපා හරින, කටහඬ මිහිරි කරවන, ලේ පිරිසිදු කරන, පීනස සුව කරන, මළ බද්ධය අඩු කරන, පණු අමාරුව සුව කරන, හදවතට ගුණදායක, බෝ වන සෙංගමාලය සුව කරන, අකලට මහලු වීම වළක්‌වන ගොටුකොළ මොළය වෙහෙසා වැඩ කරන අයට හා පාසල් ළමයින්ට වඩාත් ගුණදායක ය. කිරි දෙන මවුවරුන්ට ද ගුණදායක වන්නේ කිරි වර්ධනය කරවන බැවිනි.
0 Comments