අසරණ සැමට පිහිටක්වූ මිනුවන්ගොඩ ගලේ දේවාලය

ග්‍රහ අපලයක් කිවූ සැනින් , කායික මානසික පීඩා බලවත් වූ සැනින් අපට සිහිවන්නේ දෙවියන්ය.නමුත් අපට එක්වරම සිහිවන්නේ විෂ්ණු කතරගම විභීෂණ ආදී වූ සුප්‍රසිද්ධ දෙවිවරුන්ය.නමුත් ගම බාරව සිටිතැයි ජනප්‍රවාදයේ පවා එන , තවමත් ජනතාව බියමුසු භක්තියෙන් පිහිට පතන ගමට අධිගෘහිත ගම්බාර දෙවියන් හෙවත් සිද්ධ සූනියම් ගම්බාර දෙවියන් සිහිපත්වන්නේ ඉතා කලාතුරකිණි.අපට ගැටලුවක් ඇතිවූවිට අප එය ප්‍රතමයෙන් පවසන්නේ දෙමාපියන්ටය.නැතිනම් සහකරු හෝ සහකාරියටයි.ගෙදර ගැටලු පියා විසදයි.ගමේ ගැටලු විසදන්නේ ග්‍රමසේවා නිළධාරියාවේ.ඒ ආකාරයෙන්ම ගම්බාර දෙවියන් ගමේ සර්ව සාධාරණ මිනිසුන්ගේ අසරණ කමට පිහිටවේ.ඒ නිසා අප ගම්බාර දෙවියන් සිහිපත්කර , සෑම කටයුත්තකදීම පිං පෙත් අනුමෝදම් කරයි.දේව විස්වාසයෙන් භක්තියෙන් පසුවන්නාට ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේ.එය ඕනෑම සර්ව සාධාරණ ගැටලුවකට යහපත් දේව ආශ්‍රිර්වාධයක් යැයි විස්වාසයක් ගමේ ජනතාව තුල පවතී.ගම්බාර දෙවියන්ට බාරහාර සිදුකර , ගම්බාර දේව නාමයෙන් ලැවුණ සෙත් කවියක්ද සකසා ගායනාකල හැකිනම් , ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ විශේෂ ආශිර්වාදය හිමිවන බව අත්දැකීමෙන් දනිමි.

එක්වරක් .. හදිසි රිය අනතුරකින් සම්පූර්ණ පාදය හානිවී , වකුගඩු දක්වා ලේ බැසීමේ තත්වයකට පත්වූ අසාධ්‍ය රෝගියෙකුගේ කේන්ද්‍ර සටහනක් මාවෙත ලැබිනි.ඔහු මාතර වලස්මුල්ල ග්‍රමයේ පදිංචිකරුවෙකි.ඔහුගේ මිතුරියක් හරහා ලැබුණු කේන්ද්‍ර සටහන පරීක්ෂාකර බැලූ , මා , ඔහු සිටිනා තත්වය පිලිබදව පැහැදිලිකර දුණිමි.ඒවනවිට එම කේන්ද්‍ර සටහන පරීක්ෂාවට ලක්කල ජ්‍යෙතිෂ වේදීන් දෙදෙනෙකු කියා තිබුණේ ඔහු ජීවත්ව සිටිය නොහැකි බවයි.තවත් ජ්‍යෙතිෂවේදී මහතෙකු පවසා තිබුණේ ඔහු , දින හතරක් තුල මියයනු ඇති බවයි.එපමණක් නොව කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය වරුන් පවා කියා තිබුණේ රෝගියා සිටින්නේ ඉතාමත්ම අයහපත් තත්වයේ බවයි.ඔහුට දෙවිවරුන් මෙන් සිටි වෛද්‍ය වරුන්ගේ හෙදියන්ගේ නොමද සහයෝගය , සිය දිවි රැකගැනීම සදහා ලැබුණු බව සැබෑය.නමුත් කේන්ද්‍රය පරීක්ෂාකල මා , සිය මිතුරියට ඔහු මිය නොයන බවත් , ජීවිතය ආරක්ෂාවන බවත් , ලබාදෙන පිලිවෙත් සියල්ල ඒ ආකාරයෙන් සිදුකරන ලෙසත් පැවසූහ.ගම්බාර දෙවියන් වෙනුවෙන් බාරහාර සිදුකර , ගම්බාර දෙවියන් වෙනුවෙන් සෙත් කවියක් ගායනා කරන ලෙස දැනුම් දෙන ලදී.රෝගියාගේ පාර්ශවය ඒ පිලිබදව නොමද විස්වාසය තබා සියලු කටයුතු පැවසූවාටත් වඩා උසස් ලෙස කර තිබිණි.මරණයට නියමවූ එළදෙනක පවා ඔවුන් නිදහස් කරන ලදී.සියලු දෙනාගේ ආශිර්වාදයෙන් , ගම්බාර දේව පිහිටෙන් , කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ වෛද්‍ය වරුන්ගේ සහ හෙදියන්ගේ සියලු දෙනාගේ කැපවීමෙන් මරනය සමග පොරබැදි ඉහත සදහන් කල රෝගියා තවමත් ජීවත්වේ.මේ සදහන් කලේ මෑතකදී අත්විදි සත්‍ය සිදුවීමකි.

මෙපමණ දීර්ග විස්තරයක් සදහන් කරනු ලැබූවේ , ගම්බාර සිද්ධ සූනියම් දෙවියන් යනු අප සිතනවාට වඩා ශක්තිමත් දෙවිකෙනෙකු බව පහදා දීමටයි.වර්තමාණයේ දිවයින පුරා ප්‍රසිද්ධියට පත් මිනුවන්ගොඩ නගරයට නුදුරු ගලේ දේවාලය යනු සිද්ධ සූනියම් ගම්බාර දෙවියන්ගේ බලය ක්‍රියාත්මක පූජනීය ස්තානයකි.දසතින් දිනකට බැතිමතුන් 3000 ක් පමණ මෙම පුණ්‍ය භූමියට පැමිණෙන්නේ එහි ඇති සත්‍යතාවය නිසාමය.දරුඵල ප්‍රමාදවූවන් , විවාහ ප්‍රමාදවූවන් , නීතියෙන් අසාධාරණයට පත්වූවන් , නොයෙකුත් ආකාරයේ ගැටලු පවතින්නන් මෙම පූජා භූමියේදී මුණගැසෙයි.බාරහාර සිදුකර , තමාගේ ප්‍රර්ථනා ඉටුවූවන් , සිය බාරහාර ඔප්පු කිරීමට වැඩි වශයෙන් පැමිණ සිටින බව එහිදී හදුනාගත හැකිවෙයි.ඔබටද මෙම ස්තානයට යා හැකිනම් , ඔබට පවතින බොහොමයක් ගැටලු සදහා සහනයක් ලැබිය හැකි බව , එහි දිනකට පැමිණෙන බැතිමතුන් සමග කතාබහ කිරීමෙන්ම වටහා ගැනීමට හැකිවනු ඇති.

































මාර්ගය -

මිනුවන්ගොඩ නගරයෙන් දිවුලපිටිය බසයේ නැග , ගලේ දේවාලය ලග බස්සවා යන්න යැයි කොන්දොස්තර මහතාට දන්වන්න.මිනුවන්ගොඩ සිට රුපියල් 12 ක දුරයි.

ඔබටත් විසදාගත නොහැකි ගැටලු පවතීනම් මිනුවන්ගොඩ නිල්පානගොඩ ගලේ දේවාලයේ , ශ්‍රී සිද්ධ සූනියම් ගම්බාර දේවාලයට ගොස් දේව පිහිට ආකරක්ෂාව ප්‍රර්ථනා කරන ලෙස භක්තිමත් ඔබගෙන් ඉල්ලා සිටිමු.

ඡායාරූප අනුග්‍රහය - උඩුගම්පොල සජීවනී මංජුලා මෙනවියගෙනි.
සියලු දෙනාගේ දැනගැනීම පිනිස බෙදා හරින්න.
ජනක පී කුමාර විසිනි.

Post a Comment

0 Comments