කම්මැලියා හෙවත් අලසයා හදුනාගමු


නළල් තලය විශාලවේ.දෙඇස් සෙමින් සෙලවේ.මසින් පිරීගිය කම්පුල් කලු පැහැය ගනී.ශරීරයේ පහත අවයවයන් සහ නාසයද රළු ගතියෙන් යුතුවේ.සුකුමාරවූ ශරීරයක් ඇත.ඉතා සෙමෙන් ගමන් කරයි.දුරදිග නොබලා හිටි හැටියේ සිතට ඇතිවන කල්පනාව හරහා කතාබස් කරයි.හිස ප්‍රදේශය මුළුල්ව පිහිටියත් උනන්දුවෙන් තොරව කටයුතු කරයි.වැඩකටයුතු නොකර නිකරුනේ කාලයගතකිරීමට වැඩි කැමැත්තක් දක්වයි.එහෙත් යම් යම් අවස්තාවලදී වැඩක් නොකර සිටින්නට සිතෙන්නේම නැත.කුමන හෝ කටයුත්තක් සිදුකරයි.අපිළිවෙලට කටයුතු කරයි.ඔහු කටයුත්තක් කල පසු එය අවසන් කිරීමට බොහෝ දුරට සිදුවන්නේ වෙනත් අයෙකුටවේ.නැතිනම් ඔහු සමගම තවත් අයෙකු සිටිය යුතුය.ඔහුට , පෙර කී තැනැත්තාගේ අවශේෂ සියලු කටයුතු කිරීමට සිදුවෙ.ඇසුරට ප්‍රිය නොවේ.ඇසුරක් ඇතිවන්නේ නම් එක්කෝ තම අවශ්‍යතාවය සදහාවේ.අලසයා සෑම මොහොතකම කපටිකමින් කටයුතු කරන්නට උත්සහ කරයි.නමුත් අවසානයේ බාරදූර වැඩ පැවරී අසීමිත ලෙස අපහසුතාවයට පත්වන්නටත් සිදුවනු ඇත.මේ කම්මැළියාගේ ලක්ෂණයන්වේ.


Post a Comment

0 Comments