මෙම වසරේ වැඩි වශයෙන් කතා බහට ලක්වූ ග්රහයෙකු වූ කුජ ග්‍රහයා නොවැම්බර් මස පලමුවනදා පෙරවරු භාගයේ සිය උච්ච රාශිය වූ මකර රාශිගතවීම සිදුවෙයි.කුජ ග්‍රහයාගේ සිදුවන වෙනස්කම් අතිරිත් මකර රාශියේ උච්ච බලයට පත්වීම ඉතා වැදගත් සිදුවීමකි.මෙම කුජ මාරුවත් සමග මේෂ , කටක , තුලා සහ මකර ලග්නයන්ට රුචක නම් පංච මහා පුරුෂ යෝගය උදාවේ.මෙලෙස සිය උච්චරාශිගතවන කුජ ග්‍රහයා දෙසැම්බර් 12 වනදා දක්වා මකර රාශියේ ගතකරයි.කුජ සෙනසුරුට අයත් මකර රාශියේ ගමන් කරනා කාලය තුලත් ඉන් පසුව කුජ කුම්භ රාශියේ ගමන් කරනා කාලයෙන් 2017 - 01 - 25 වනදා දක්වා කාලයත් කුජ සහ ශණි ග්‍රහයන් අතර පරිවර්ථන යෝග තත්වයක් උදාවෙයි.මෙම ග්‍රහ තත්වයද අති විශේෂ පිහිටීමක්වේ.කුජගේ පරමොච්ච අංශක වන මකර රාශියේ අංශක 28 සිට 30 දක්වා සීමාවේ කුජ ග්‍රහයා 2016 දෙසැම්බර් 09 වනදා සිට දෙසැම්බර් 12 වනදා දක්වා කාලසීමාවේ ගමන් කරයි.මෙම දින කිහිපය විශේෂයෙන් සුබදායක වන්නේ ඉතා කලාතුරකිනි.2014 වසරේ නොවැම්බර් සිට 2015 වසරේ ජනවාරි අතර කාලසීමාව තුලද කුජ ග්‍රහයා මකර රාශියේ උච්ච බලයෙන් ගමන් කිරීම සිදුවිය.ඒ ආසන්නම කාලයයි.මෙම කාලසීමාව මෙරට දේශපාලන ඉතිහාසය වෙනස්කල ඓතිහාසික සිදුවීම් බොහොමයක් සිදුවූ කාලසීමාවකි.
ලංකා දේශපාලනයේ දැඩි තීන්දු තීරණ ගන්නා කාලයකි.සාමාන්‍ය ජනයා පීඩාවට පත්වීම් සිදුවේ.ප්රචන්ඩත්වය සහ කලබලය හදිසි කෝපය නිසා කළකොලාහලයන් ඇතිකරවයි.මනුෂ්‍ය සිතේ සංසුන් බව දුරුවී යන කාලයකි.රාජ්‍ය පාලනය පිලිබදව කලකිරීම් ජනතාව තුල ඇතිවේ.ජනතාව ඒකාරශීවීම් ප්රචන්ඩත්වයෙන් අවසන්වේ.රාජ්‍ය ප්‍රතිපත්තීන්ට විරෝධය පා දේශපාලන පක්ෂ ප්‍රමුක ජනතාව උද්ගෝශන ආදිය පවත්වයි.කළබල ගති ඇතිවේ.ගිණිගැනීම් ගිණිතැබීම් ඇතිවේ.රිය අනතුරු වැඉවන පාතාලය බලවත්වන කාලයකි.රටේ නීතිය සහ සාමය පිලිබදව පාලකයන්ට දැඩි තීන්දු තීරණ ගැනීමට සිදුවේ.මේ හේතුවෙන් පාලකයන් සහ දේශපාලන පක්ෂ අතර පවත්නා සබදතාවයේ බිදවැටීමක් සිදුවේ.නමුත් දැඩි එස නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත.රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක රාජ්‍ය පාලක ප්‍රධානීන් ප්‍රවෙසම් විය යුතුය.තමන් ලගින්ම ඇසුරු කරන්නාම විරුද්දවීමට , රැවටීම් සිදුකිරීමට මූලිකවේ.ප්‍රධානීන් ලගින් විස්වාසයෙන් ඇසුරු කල කිහිප දෙනෙකු දුරස්වේ.තනතුරු වෙනසක් මාරුවක් සිදුවිය හැකිය.රටක් වශයෙන් රැවටීම් , අතපසුවීම් හදිසි තීන්දු තීරණ හරහා ඇතිකරගනී.මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ දේශපාලන බලවේගයේ වර්ධනයක් නැගිටීමක් සිදුවන අතර සිය දේශපාලන අරමුණේ කිසියම් ස්තාවරත්වයක් ඇතිකරගන්නා කාලයකි.රටේ දේශපාලන සහ ආරක්ෂක ප්‍රධානීන්ට අසුබදායක කාලසීමාවකි.සෙනසුරු කුජට අයත් වෘශ්චික රාශියෙ වසන් අංශක ප්‍රමාණය පසුකරන ඉදිරි කාලසීමාව සියලුදෙනා ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය.ආගමික සහ පූජ්‍ය පක්ෂයේ ගෞරවයට හානිවීම් සිදුවිය හැකි අතර මාරකවීම් සිදුවේ.හදිසි අනතුරු ආදියට මුහුණදීමට ආගමික ප්‍රධානීන්ට සිදුවිය හැකිය.
මේ අතර කුජ උච්ච බලයෙන් මකර රාශියේ ගමන් කරනා අවස්තාවේ , කුජ සහ සෙනසුරු පරිවර්ථනය වී සිටින අවස්තාවේ නොවැම්බර් මස 14 වනදා සදු ග්‍රහයා පූර්ණ චන්ද්‍ර අවස්තාවට පැමිණේ.එය තාරකා විද්‍යාවේ සුපර් මූන් ( FULL MOON ) ලෙස මෙය හැදින්වේ.මෙදින පුරපසොලොස්වක පොහොය දිනය වන අතර සුපර් මූන් අවස්තාව හේතුවෙන් , සදු වෙනත් පූර්ණ අවස්තාවකට වඩා බැබලීම 30% ක් වැඩිවේ.මෙවැනි සිදුවීමකින් සමස්ත පෘතුවි තලයේම කාලගුණික දේශගුණික විපර්යාසයන් සහ මානවයා තුල ප්රචන්ඩත්වය සහ විප්ලවීය බව වර්ධනය කරයි.ලෝ ප්‍රකට කලාකාරිණියකගේ අභාවයක් සිදුවිය හැකිය.එය ලෝක තලයේ දේශපාලණික නායිකාවන් ආදීන්ටද ඇතිවිය හැකි අවධානමකි.ලෝකයේ දේශපාලනයේ ප්‍රබල වෙනස්කම් ඇතිකරනු ඇත.ජනතාව අතර කලහා කාරී බව වර්ධනය කරවයි.ලෝකයේ ප්‍රධාන නගර ආශ්‍රිතව ජනතා ඒකරාශීවීම් සිදුවන අතර ප්රචන්චත්වයෙන් විසිර යයි.එමෙන්ම රට ටර වල දේශපාලන බල පෙරලි සහ හමුදා කුමන්ත්‍රණ ඇතිවේ.මූල්‍ය ආයතන තුල වංචාවන් , මංකොල්ලකෑම් සිදුවෙයි.එවැනි සිදුවීම් ඉහල යයි.අවි ආයුධ නිසා සාමකාමී ජනතාව තුල බිය හටගනී.ත්‍රස්තවාදය බලවත්වේ.ත්‍රස්තක්‍රියාවන් හේතුවෙන් ලොව ප්‍රධාන නගර කිහිපයක බිය පැතිරේ.බොරු කටකතා ආදිය නිසා විපත් ඇතිකරගනී.බෝවන රෝගයන් ව්‍යාප්තවේ.ජලය දූෂ්‍යවීම් සහ ඒ හරහා රෝග පැතිරයාම් සිදුවිය හැකිය.ප්‍රබල දුම්+රිය අනතුරු සිදුවිය හැකිය.කම්කරුවන් සෙවය කරන භූගත පතල් කඩා වැටීම් ආදිය සිදුවිය හැකිය.එමෙන්ම කාලගුණය පිලිබඳ සුප්‍රසිද්ධ අනාවැකි පලකරන "කෙන් රින්" නම් විද්‍යාඤයා 2011 වසරේ මාර්තු 19 වනදා සදු පෘතුවියට ආසන්නවීම හේතුකරගෙන , එම වසරේ ජනවාරි සහ අප්‍රියල් මාස අතර කාලයේ පෘතුවිතලයේ ගිණිකදු පිපිරීම් , භූමිකම්පා සහ සුනාමි තත්වයන් ඇතිවිය හැකිබවට අනාවැකි පළකලහ.මේ අතර කාලයේ එනම් 2011 මාර්තු 11 වනදා ජපානයේ රික්ටර් පරිමාණයේ 8.9 ක ප්‍රබල භූචලනයක් සිදුවූ අතර එයින් සුනාමි තත්වයක්ද ඇතිවිය.මේ අනුව මෙම නොවැම්බර් 14 වනදා සිදුවන මෙම පූර්ණ චන්ද්‍ර ( FULL MOON ) අවස්තාව අප රටට මෙන්ම ලෝකයටද ස්භාවික දේශගුණික වෙනස්කම් සහ විපත් ඇතිකිරීමට හේතුවක් වනු ඇත.මේ පිලිබදවද සැලකිලිමත්වීම වැදගත්වේ.
නොවැම්බර් 16 වනදායින් ඉදිරි කාලසීමාව කාලගුණයේ වෙනස්කම් ඇතිකරයි.වැසි ඇතිවේ.වැසි තත්වයන් සමග සුලන් සහ දරුණු අකුණු ඇතිවනවා ඇත.මෙම ස්භාවික වෙනස්කම් හේතුවෙන් එදිනෙදා රැකියා කරන සාමාන්‍ය කම්කරුවාගේ සිට දුප්පත් ජනතාවට හානි පීඩා මතුවේ.ගං වතුර ඇතිවීමක් දිවයිනේ ගිණිකොන සහ වයඹ දිශාවන්ගේත් කලුතර සිට මාතර දක්වා වූ කලාපයේත් ඇතිවිය හැකියි.
කුජ ග්‍රහයා උච්ච රාශිගතවීමත් සෙනසුරු ග්‍රහයා සමග පරිවර්ථන යෝග තත්වය යෙදීමත් විශේෂ සුබ තත්වයන් මෙන්ම විශේෂ අසුබ තත්වයන් ඇතිකරනවා ඇත.සෙනසුරු ග්‍රහයාගේ ලග්න ඒරාශ්ටක , අශ්ටම ඒරාශ්ටක සහ ජම්ම ඒරාශ්ටක යෙදී ඇති අයත් විශේෂයෙන් කුජ ග්‍රහයා බාධක ග්‍රහයා වූ සිංහ සහ මකර ලග්න හිමියනුත් , කුජ සහ සෙනසුරු මාරක ග්‍රහයා , විසිදෙවන දෙර්කායනගත ග්‍රහයා ආදී පිහිටීම් යෙදී ඇති අයත් සෙනසුරු මහදසාවේ කුජගේ අතුරු දසා ගතකරමින් සිටින අයත් කුජ මහදසාවේ සෙනසුරුගේ අතුරු දසාව ගෙවෙමින් ඇති අයත් විශේෂයෙන් මෙම කාලය තුලදී ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය.
මේෂ ලග්නය
මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දසවැන්නේ කුජ ග්‍රහයා උච්ච බලයෙන් බලවත්ව රුචක නම් පංච මහා පුරුෂ යෝගය සමග ලග්නය අටවැන්න , දසවැන්න සහ එකොලොස්වැන්න අතර පරිවර්තන රාජ යෝගයක් උදා කරයි.උද්යෝගය උනන්දුව ඇතිවේ.හදිසි කෝපය ඇතිකරවයි.සිතේ දුකක් කණගාටුවක් ඇතිකරවයි.වැඩිහිටි ඤාතියෙකුට විපතක් සිදුවිය හැකිය.තම රැකියාවේ වෙනසක් සිදුවිය හැකිය.රැකියා ස්තානයේ ප්‍රධානත්වයක් ප්රමුඛත්වයක් හිමිවේ.කාර්ය බහුල වන කාලයකි.වගකීම් වැඩිවේ.කලබලය සහ හදිසියත් ඇතිවන මානසික නිරවුල් බවට හානි සිදුවිය හැකි කාලසීමාවකි.රැකියා ස්තානයේ හදිසි අනතුරු ඇතිකල හැකිය.දේපලක් මිලදී ගැනීමට බර වැඩකට අතගැසීමට බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඒ සදහා අවස්තාව සැලසේ.ශරීරයේ උපරිම හැකියාව යොදා කටයුතු කරයි.කාලයක් තිස්සේ අඩාල වෙමින් පැවති කටයුතු නැවත ආරම්බ කිරීමට අවස්තාව සැලසෙනා ඒ සදහා උදව් උපකාර සහ ආත්ම ශක්තිය ලැබෙනා කාලයකි.තමාගේ බලයත් වටිනාකමත් වැඩිවන කාලයකි.ආදායම් තත්වය වර්ධනය කරගැනීමට අවස්තාව ලැබේ.කුජ ග්‍රහයා මකර රාශියේ අග අංශකයන්හි ගමන් කරනා දෙසැම්බර් මස මුල් දින 12 ක කාලසීමාව ඉවසීමෙන් කටයුතු කිරීම යහපත්වේ.එමෙන්ම මෙම කාලයේදී සතුරු කරදර පීඩා මතුවීමටත් , ඉවසීම සහ මානසික සමබරතාවයට හානිවීම නිසා හිතමිත්‍ර හානි සිදුවීමටත් පාදයේ හදිසි තුවාල තත්වයන් ඇතිවීමටත් අවස්තාව පවතී.මුහුණේ උෂ්ණ බිබිලි ආදිය ඇතිකල හැකිය.හදිසි අනතුරු සහ හදිසි කෝපය පිලිබදව සැලකිලිමත්ව කටයුතු කිරීම යහපත්වේ.කෙසේ නමුත් මේෂ ලග්න හිමියාට ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය 2017 - 01 - 25 වනදා දක්වා පවතින හෙයින් සියලු ආකාරයෙන් ඉදිරි කාලසීමාව කටයුතු කලයුතුවේ.එමෙන්ම රෝග තත්වයන් වැලදී ඇති හෝ රොග පීඩා ආදියෙන් පීඩාවට පත්ව ඇති අයගේ රෝග තත්වයන් වර්ධනය වීමක් ඉදිරි කාල සීමාව තුලදී සිදුවිය හැකිය.හදිසි සැත්කම් ආදියට යොමුවීමට සිදුවිය හැකිය.නමුත් කාලයක් පැවති රෝගී තත්වයට නිසි ප්‍රතිකාරයක් , නිසි වෛද්‍යවරයෙක් ලැබෙනා හමුවනා කාලයයි.රෝගයේ අසනීපයේ උපරිම තත්වයේ සිට හෝ නිසි ප්‍රතිකාර සමග නැවත යතා තත්වයට පත්විය හැක.එමෙන්ම විවාහය ආදී ගෘහස්ත ජීවිතයේ ගැටලු වර්ධනීය බවක් රණ්ඩු සරුවල් දක්වා දුරදිග යාමක් සිදුවිය හැකිය.එය දිගු අපල කාලයක ඇතිවන අවසාන ගැටලුව ප්‍රශ්ණය විය හැකිය.ඔබ ගතකරනා ඕනෑම දුර්වල තත්වයක අසුබ වර්ධනය වීමක් සමග එම අසුබ තත්වයන්ට නිසි ප්‍රතිකර්ම ආදිය මගින් සුදුසු විසදුමක් ලබාගන්නා කාලයකි.
වෘෂභ ලග්නය
ගෘහ මානසිකත්වයේ පීඩාකාරී බවක් ඇතිකරයි.අදික වෙහෙස මහන්සිය ඇතිවේ.මහන්සියේ තරමට ප්‍රතිඵල ලබාගැනීමට අපහසුවේ.ගෘජ භාවිතා කරනා අත්‍යාවශ්‍ය භාණ්ඩ කැඩිබිදී හානි සිදුවිය හැකියි.තම දේපල සම්බන්ධව කටයුතු කිරීමට නව නිවාස ආදිය තැනීමට සිත යොමුවේ.ඒ සදහා කටයුතු කරයි.අවසානයේ බලාපොරොත්තු බිදවැටීමක් සිදුවිය හැකිය.ආගම දහම සහ විස්වාසයන් පිලිබදව ඇති පැහැදීම දුරස්වීමක් සිදුවේ.තම හිතු මනාපයට කටයුතු සිදුවේ.වැඩිහිටියන් සමග අමනාපකම් සිදුවිය හැකිය.සහෝදර සහෝදරියන් සමග පවත්නා සබදතාවයන් සහ අසල්වැසි සබදතා පලුදුවීමක් සිදුවිය හැකි කාලයකි.සිතේ සැක සාංකා මතුවේ.හදිසි ධන හානියක් සිදුවිය හැකිය.දරුවන් සම්බන්ධවත් පවුල් ජීවිතය සම්බන්ධවත් කලකිරීම් මතුවිය හැකිය.රැකියාවේ වෙනසක් හෝ රැකියා ස්තානයේ ගැටලුකාරී බවක් ඇතිවිය හැකිය.අත්හැරදැමීම් සිදුවන කාලසීමාවකි.දුර බැහැර වෙහෙසකර ගමන් බිමන් යෙදිය හැකිය.තමාට නොගැලපෙන කටයුතු ඇතිවේ.මානසික නිදහසට බලවත් බාධාවන් මතුකරයි.රාත්‍රී නින්දට පවා බාධා මතුවිය හැකිය.විදෙස්ගතවීම් සදහා අවස්තාව උදාවේ.ප්‍රේම සබදතා ආදිය බිදවැටීම් සිදුවීමෙන් වියෝ දුක් ඇතිවිය හැකිය.විවාහක අබුසැමියන් අතර අසමගිය හෝ සෞඛ්‍ය දුර්වලතාවයන් මතුවිය හැකිය.නෑනලා මස්සිනාල සහ අසල්වැසියන් සමගත් හිතමිත්‍ර ඇසුරේදීත් ඉවසීමෙන් කටයුතු කල යුතුය.හදිසි කෝපය පාලනය කරගත යුතුය.අසනීඔආදියෙන් ඔඊඩාවට පත්වී ඇති අය සිටිනා පවුල්වල අය විශේෂයෙන් අසනීපයෙන් පෙලෙන පුද්ගලයා පිලිබදව වධානයෙන් සිටිය යුතුවේ.හදිසි අනතුරු අදියත් , ලේ දුර්වලතා සහ ශරීරයේ ඇතිවන පීඩණයන් අඩු වැඩි වීම් සම්බන්ධවත් විමසීමෙන් කටයුතු කලයුතූවේ.කර්මාන්තෂාලා සහ රතවාහනාදී අවධානම් කටයුතුවල නියුතු අයත් විශේෂයෙන් විදුලිය බාවිතා කරමින් නොයෙක් අවධානම් රැකියාවල නියුතු අයත් ප්‍රවේසම් විය යුතුය.
මිතුන ලග්නය
මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් අටවැන්න සහ ලග්නයෙන් හයවැන්න අතර සිදුවන පරිවර්තනය සහ කුජගේ බලවත්වීම එතරම් සුබදායක වන්නේ නැත.හදිසි රෝගපීඩා මතුකරයි.හදිසි ධන හානි ඇතිකරවයි.මානසික දුර්වලතා බිදවැටීම් මතුකරයි.සතුරු කරදර පීඩා සහ සතුරු බිය මතුවිය හැකිය.සිත් තැවුල් බලාපොරොත්තු කඩවීම් , හිතමිත්‍ර දුරස්වීම් සිදුවිය හැකිය.ආරවුල් වාද බේධ ඇතිවේ.වෙහෙසකර ගමන් බිමන් ඇතිවේ.ශරීරයට නිතර වෙහෙසකර ගතියක් දැනෙනවා ඇත.නරක ආරංචි අසන්නට සිදුවේ.ගෞරවයට හානි සිදුවිය හැකිය.හොද නාමයට හානිවේ.හිතමිත්රයන්ගෙන්ම කරදර පීඩා මතුකරයි.ඉතිරි කිරීම් අඩුවේ.නමුත් හදිසි ලාබයක් හිමිවිය හැකි , පැරණි ණය මුදලක් හිමිවිය හැකි කාලයකි.නමුත් එයින් ප්‍රයෝජනයක් ලැබීම අපහසුවේ.වැඩිමහල් බාල සහෝදරයෙකු සමග අමනාපයක් හෝ සිදුවිය හැකිය.ඔවුන්ට අයහපත් කාලයකි.අසල්වැඉයන් සමග අමනාපයන් ඇතිවේ,හදිසි කෝපය නිසා ආරවුල් දුරදිගයා හැකිය.දැනට කරගෙන ආ කටයුතු වල වෙනසක් සිදුවිය හැකි අලස ගති සහ මානසික අසහනකාරී තත්වයන් ඇතිකල හැකිය.එමෙන්ම විවාහක අබු සැමියන් අතර බේධ බින්නතා , එක් අයෙකුගේ සෞඛ්‍ය දුබලතා ආදිය මතුකරයි.රෝග පීඩාදියෙන් පෙළෙන්නන්ට හදිසි සැත්කම් හෝ හදිසි අවස්තාවන් මතුකල හැකිය.ශරීරයේ ලේ ධාතුව දුර්වලවේ.වෙනස්වීම් ඇතිකරයි. හදිසි අනතුරු අවධානම ඇති කාලයයි.ශරීරයෙ උශ්ණ ගති වර්ධනයවේ.බඩේ අසනීප මුත්‍ර ආබාධ මතුවිය හැකිය.සිරීම් තුවාල හෝ ලේ ගලනා තුවාල ඇතිවේ.ශරීරයේ ලේ දුර්වලවේ.මරණබිය ගෙනදේ.මිතුන ලග්න හිමියන් ඉතා ප්‍රවේසමෙන් මෙම කාලය ගතකල යුතුය.
කටක ලග්නය
කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හත්වැන්නට කුජගේ පැමිණීම සිදුවන අතර රුචක නම් පංචමහා පුරුෂ යෝගය සමග පරිවර්ථන රාජ යෝගය උදාවේ.සුබදයකවේ.රැකියා අංශයේ ප්‍රගතියක් වර්ධනයක් සිදුවන කාලයකි.කරගෙන ආ වැඩකටයුතු මගින් ලාබ ලැබේ.කාලයක් පවතින වැඩකටයුතු ආරම්බකිරීමට සුබදායකය.මුදල් ආයෝජනය කර ලාබ ලැබෙනතෙක් බලා සිටියේ නම් ලාබ ප්‍රයෝජන හිමිවේ.හදිසි කෝපය ඇතිවේ.සේවකයන් සමග ආරවුල් ගැටලු මතුවේ.සේවකයාගෙන් නිසිලෙස සේවය ලබාගැනීමට අපහසුවේ.නොලැබී ප්රමාධවෙමින් පැවති නය මුදල් නැවත ලැබේ.තරග විභාග ආදියෙන් ජය හිමිවේ.උත්සහවන්තවේ.උත්සහයේ ප්‍රමාණයට ප්‍රතිපල ලබාගැනීමට හැකිවෙයි.වාද විවාද ඇතිවිය හැකිය.පවුලේ සමගියට බාධා මතුවේ.රාගාධිකබව මතුවේ.අවස්තාවාදී ගති සහ සිතේ සැකය උපදී.බිරිදගේ හෝ ස්වාමියාගේ සෞඛ්‍ය තත්වයට හානි සිදුවිය හැකිය.නිවසේ රණ්ඩු සරුවල් ආරවුල් මතුවිය හැකිය.ශරීරයේ නිතර වෙහෙසකර බවක් ඇතිකරයි.කට වචනය අනෙකාට නුරුස්සන ස්භාවයක් ගනී.උෂ්ණ රෝග , ඇසේ ආබාධ මතුවිය හැකියි.මුත්‍ර ආබාධයන් , උදරගත අසනීප තත්වයන් , හදිසි උණ , ඇස් සම්බන්ද දෝශයන් මතුවේ.හදිසි අනතූරු අවධානම පවතී.හිතමිත්‍ර සබදතා බිදවැටිය හැකිය.ප්‍රේම සබදතා ආදියේ ගැටලු මතුවේ.දුරස්වීම් සිදුවේ.විරහවීම් සිදුවිය හැකි කාලසීමාවකි.බලාපොරොත්තුවක් කඩවිමක් සිදුවිය හැකිය.වැඩිහිටියන් සහ පවුලේ ඤාතීන් සමග ඇති සබදතා දුරස්වී යන කාලයකි.
සිංහ ලග්නය
සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හයවැන්නට කුජගේ පැමිණීම සිදුවේ.කේන්ද්‍රස්තානයක් සහ දුෂ්ට ස්තානයක් අතර පරිවර්තන යෝගය ඇතිවේ.මාරක ග්‍රහයා සහ බාධක ග්‍රහයා අතර පරිවර්තනය වීමදවේ.සුබාසුබ මිශ්රඵල ඇතිකරයි. සිතේ මනසේ බලාපොරොත්තු සහගත බවක් ඇතිවේ.උනන්දුව ඇතිවේ.පැවති බාධා පීඩාවන්ට නිසි පිලිතුරක් සොයාගත හැකි කාලයකි.ගෘහ ජීවිතයේ ප්‍රශ්ණ ගැටලු විසදා ගැනීමට හැකිවේ.නිවැරදි අවබෝධයක් ඇතිකරගැනීමට හැකිවේ.සතුරු කරදර පිඩා මතුවේ.නමුත් සතුරා පරදී.අත්යාවශ්යැ භාණ්ඩ කැඩි බීදී යයි.නමුත් පෙර තිබූ දෙයට වඩා වටිනාකමින් යුතු නව දේ මිලදී ගැනීමට හැකිවේ.දේපල සම්බන්දව ගැටලු අවහිරතා මගහැරී යයි.ලැබීමට පැවති , ප්‍රමාද වෙමින් පැවති ණය මුදලක් ලැබේ.තම හිතු මනාපයට කටයුතු කරයි.නමුත් ගන්නා තීරණ බොහෝවිට සාර්තකවිය හැකිය.අලුතින් යාන වාහන දේපල මිලදී ගැනීමට අවස්තාව ලැබේ.අතපසුවූ , මගහැරී ගිය කටයුතු නැවත ආරම්බවේ.අවුල් කරුවන් ලැබේ.වෙළද ව්‍යාපාර කටයුතු දියුණුවේ.නව හිතමිත්‍ර සබදතා ඇතිවේ.පිලිගැනීමට ලක්වේ.බඩගින්න වැඩි කාලයකි.ශරීරයේ කර්යක්ෂමතාවය වැඩි කාලයකි.කලබලය වැඩිවේ.හදිසි කෝපය ඇතිවේ.හිසේ කැක්කුම් උණ වැනි දුර්වලතා මතුවේ.පිත කෝපවේ.හදිසි අනතුරු සිදුවිය හැකිය.අඩුම තරමේ සීරීම් තුවාලයක් හෝ ඇතිවිය හැකිය.අවධානම් කටයුතු වලින් දුරස්වී වැලකී සිටීම යහපත්වේ.මුත්‍ර ආබාධ උෂ්ණ රෝග තත්ව ඇතිකරයි.කලකෝලාහල රණ්ඩු සරුවල් ආදිය ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කල යුතුය.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් පස්වැන්නේ කුජ බලවත්වේ.තුන්වැන්න සහ පස්වැන්න අතර පරිවර්ථන යෝග තත්වය යෙදේ.මෙම ලග්න හිමියන්ටද එතරම් සුබදායක බවක් කිව නොහැක.සුබාසුබ මිශ්රඵල ඇතිකරවයි.විශේෂයෙන් නොවැම්බර් මස පලමු දින 14 ගෙවීයන තෙක් කාලය යහපත් නැත.ප්‍රවේසමෙන් කටයුතු කලයුතුය.සහෝදර සහෝදරියන් නිසා කරදර පීඩා සුත් තැවුල් ඇතිකරයි.දෝශාරෝපන නින්දා අපහස මතුවිය හැකිය.හිතවතුන්ගේ දුරස්වීම් සිදුවේ.ප්‍රේම සබදතා බිදවැටිය හැකි කාලයකි.දරුවන් සම්බන්ධව අවුල් වියවුල් මතුවේ.උදරගත රෝග පිඩා මතුවේ.උෂ්ණ ගති සහ වියලි ගති බඩ ආශ්‍රිතව ඇතිවේ.අදික පිපාසය ඇතිවේ.ආහාර විසවීම් සිදුවිය හැකිය.අසල්වැසියන් සමග පැවති හොද හිත පලුදුවිය හැකිය.හදිසි රෝගපීඩා ආදිය නිසා හදිසි රෝහල්ගතවීම් යෙදේ.විශේෂයෙන් නොවැම්බර් මස මුල් භායග ප්‍රවේසම්විය යුතුය.නිතර වෙහෙසකර ගමන් බිමන් ඇතිවේ.කෙටි ගමන් බිමන් යෙදේ.අවිනිශ්චිත බයානක කටයුතු සදහා පෙළබේ.අත්හදා බැලීම් වලට යොමුවන කාලයකි.තද තීන්දු තීරණ ගනී.නොදැනුවත් කමින් , නොමග යැවීමකින් හානි ඇතිවිය හැකිය.හවුල් ව්‍යාපාර සම්බන්ධතා දුර්වලවේ.ඉවසීම අඩු කාලයයි.හදිසි තීන්දු තිරණ අනාගත ගෘහ ජීවිතයේ සහ රැකියාවේ ගැටලු මතුකල හැකිය.කාලයක් තිස්සේ ආරම්බ කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ප්‍රමාද වෙමින් පැවති කටයුතු තවදුරටත් බාධා සහිතව උවද ආරම්බ කිරීමට අවස්තාව හිමිවේ.තමන්ගේ ඒකමතික තීරණ ක්‍රියාත්මකවේ.එවැනි විශේෂ කටයුතු ආරම්බ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් නොවැම්බර් මස පලමු සති දෙක ගෙවී යාමෙන් ඉදිරි කාලය තුල , කටයුතු කිරීම යහපත්වේ.තරග විභාග ආදියෙන් ජය ලැබිය හැකි කාලයක් උවත් අනවශ්‍ය කලබලය නිසා අතපසුවීම් සිදුවේ.නියමාකාරයේ ප්‍රතිඵල අහිමිවිය හැකියි.සතුරන් බලවත් වන කාලයකි.
තුලා ලග්නය
තුලා ලග්නයෙන් උපන් ඔබ වසර හතයි මාස හයක් දක්වා පවතින සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලයේ අවසාන මාස කිහිපය ගෙවමින් සිටී.ඒරාශ්ටක ඇතිකල සෙනසුරුත් මාරක වූ කුජත් අතර පරිවර්ථන රාජ යෝගයත් සමග රුචක නම් පංච මහා පුරුෂ යෝගය ලග්නයෙන් සිව්වැන්නේ යෙදේ.නොවැම්බර් මස මුල් කාලසීමාව ඉතා ප්‍රවෙසමෙන් කටයුතු කල යුතුය.ධන හානි ඇතිකරයි.සිතමිත්ර සබදතා බිදවැටේ.නිවසේ මෙන්ම මනසේද කාර්ය බහුල කලබලකාරී ගතියක් ඇතිවේ.තනි තීන්දු තීරණ ගන්නට සිදුවේ.මේ නිසාම කාලයක් පැවති හිතමිත්‍ර සබදතා දුරස්වීයයි.ආර්ථික තත්වය නිසි ලෙස කලමණාකරනය කරගත යුතුය.නැතිනම් සිදුවූ වියදම් සොයා ගැනීමට පවා නොහැකිවී පාඩු සිදුවිය හැකිය.සතුරු කරදර පීඩා මතුවේ.පවුලේ වැඩිහිටියන් ඤාතීන් සමග අසමගිකම් මතුවේ.ගෘහ දිවියේ සමගියට මූලික අවස්තාව සුබදායක වන්නේ නැත.සුලු දෙයටත් අමනාපකම් මතුවන හදිසි කෝපය මතුවන කාලයකි.නොවැම්බර් මස මුල් භාගය අවසන්වීමෙන් පසු කාලසීමාව යහපත්වේ.තමන්ගේ බලය වර්ධනයවේ.තමන්ගේ බලය පෙන්වා කටයුතු කිරීමට හැකිවේ.සැබෑ හිතවතා තවදුරටත් ලගහිදී.අවස්තාවාදී ලෙස ලන්වූ හිතවත්වූ අයගේ දුරස්වීම සිදුවේ.තමා පිලිබදවත් මෙතෙක් තමා ඇසුර කල අය පිලිබදවත් නිසි හදුනාගැනීමක් සිදුකරගත හැකිවේ.රැකියාවේ සුබදායක බවක් ඇතිවේ.ප්‍රමාද වෙමින් පැවති උසස්වීම් හිමිවේ.විදෙස්ගතවීමේ බලාපොරොත්තු ඉටුවේ.විවාහය පිලිබදව නව බලාපොරොත්තු ඇතිවේ.ඒ සදහා ගන්නා උත්සහයන්ගේ මූලික අවස්තාව සාර්තකවේ.පවුලේ සමගිය ඇතිවේ.අලුත් අසනීප තත්වයන් මතුවන කාලයකි.උදරගත රෝගයක් හෝ ආහාර විසවීමක් සිදුවිය හැකියි.ලේ දෝශයන් මතුවේ.හදිසි කෝපය පාලනය කරගත යුතුය.ඉවසීමෙන් දුරදිග බලා කටයුතු කල යුතුයි.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ වික්රමස්තානය වූ ලග්නයෙන් තුන්වැන්නේ උච්ච බල ලබයි.ලග්නය සහ තුන්වැන්න අතර මෙම ග්‍රහ පරිවර්තය නිසා රාජයෝග උදාවේ.නමුත් ඔබද දැනට ලග්න ඒරාශ්ටක අපලය ගෙවමින් සිටී.රැකියාව සම්බන්ධව ගැටලු මතුවිය හැකිය.සහෝදර සහෝදරියන් සමග පැවති සම්බන්ධතා බිදවැටිය හැකිය.තමා කල හොද පවා තමාට මූලික අවස්තාවේ අවාසිදායක්වේ.කෙටි ගමන් බිමන් යෙදේ.අසල්වැසියන් සමගත් පවුලේ අය සමගත් පවත්නා සමගියට බාදාවන හානි විය හැකිය.නව හිතමිත්‍ර ලාබ ලැබේ.මෙතෙක් ශඊර පිඩා රෝග දුක් පැවතියේ නම් ඒවායෙන් නිදහස්වීමට අවස්තාව ලැබේ.උත්සහය උනන්දුව ඇතිවේ.දුරස්වී සිටි අයගේ හිතවත්කම් සබදතා ඇතිවේ.තමා පිලිබදව කිසියම් නරක නාමයක් , නරක ප්‍රතිරූපයක් ඇතිව පැවතියේ නම් ඒවා වෙනස්වී පිලිගැනීමක් ඇතිවේ.සත්‍ය හෙළිවේ.රැකියා ස්තානයේ වටිනාකමක් පිලිගැනීමක් ඇතිකරයි.ආඩම්බරගති සතිතයි.අහන්කාරගති මතුවේ.ප්රධානත්ව ලැබේ.රහස් සතුරන්ද ඇතිවිය හැකි අතර ඔවුන්ගේ කටයුතු මගින් මානසික පීඩා ඇතිවේ.ඇදුම් පැලදුම් මිලදී ගැනීමට අවස්තාව සැලසේ.තමාගේ අනාගත දියුණුව සදහා මූලික වැඩපිලිවෙල සකස්කරගනී.ඒ සදහා සුදුසු අයගේ උදව් උපකාර සහයෝගය හිමිවනු ඇත.අනාගතය වෙනුවෙන් මගපෙන්වීමක් ලැබෙනා කාලයකි.තමාගේ වටිනාකමක් පිලිබදව තවත් අය කතාබහ කරනා කාලයකි.කෙටි ගමන් බිමන් වලදී අනතුරු සිදුවිය හැකිය.රාත්‍රී ගමන් සුබදායක නැත.අමනුෂ්‍ය බිය ඇතිකල හැකිය.
ධනු ලග්නය
ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දෙවැන්නේ කුජ බලවත් වන අතර සෙනසුරු සහ කුජ ග්‍රහයන් දෙදෙනා ලග්නය සහ දෙවැන්න අතර පරිවර්ථනය වීමක් ඇතිකරයි.මේ සමගම අසුබ යෝගය උදාවේ.ඉදිරි දෙසැම්බර් 12 දක්වා කාලසීමාව ඉතා ප්‍රවේසමෙන් කටයුතු කලයුතුවේ.ප්වුල් ආරවුල් මතුවිය හැකිය.විවාහක අබුසැමියන් අතරත් දූදරුවන් අතරත් ගැටලු මතුවෙ.දරුවෙකු සම්බන්ධව නරක ආරංචියක් අසන්නට සිදුවිය හැකිය.තන්නහව ඇතිවේ.අනෙකාගේ ධනය වස්තුව පිලිබදව ආසාව ඇතිවේ.හදිසි ලාබ ලබන්නට සිතා මුදල් ආයෝජනය කරයි.නොසිතූපාඩුවක් ඇතිකරගනී.මේ ආකාරයෙන් කුජ මාරුව ඔබට අසුබ ඇතිකල හැකිය.කට වචනය ප්‍රවේසම් කරගත යුතුය.දුරදිග නොබල කරන කතාවෙන් අනෙකාගේ සිත් බිදීම් දුරස්වීම් , වෙන්වීම් සහ එපාවීම් ඇතිකරයි.තමාගේ ආධායම් තත්වය පහල බසී වියදම වැඩිවේ.හදිසි ධන හානියක් යෙදේ.හදිසි අලුත්වැඩියා කිරීම් සදහා යොමුවීමට සිදුවේ.නොසිතූ අවස්තාවක ලගම හිතවතෙකුගේ දුරස්වීමක් සිදුවිය හැකි අතර එයින් බොහෝ පාඩු සිදුවේ.තමාගේ වැඩ කටයුතු පිලිබදව සෑහීමකටපත්වීමට අපහසුවේ.දෝශාරෝපනයන් මතුවේ.සිතේ මනසේ පීඩනය වැඩිවේ.විවේචන නින්දා අපහාස ඇතිවිය හැකිය.තමා සොයාගෙන පැමිණීම් සිදුවිය හැකිය.හම වටිනා භාණ්ඩ අස්තානගතවිය හැකිය.සොර බිය ඇතිවේ.සතුරන් ඇතිවේතම සිතේ ඊර්ෂ්‍යාවත් කෝපයත් මතුවන අතර ඔබ පිලිබදවද අනෙකාගේ සිතේ එවැනි තත්වයන් ඇතිවේ.කතා නොකර සිටින්නට සිතේ.අවශ්‍ය පමණ ඉක්මවා කතා කිරීමෙන් ගැටලු ඇතිවේ.ඉවසීමෙන් සහ බුද්ධිමත්ව දුරදිග බලා කටයුතු කල යුතුය.මෙම කාලසීමාව තුලදී ඇතිවන ගැටලු බොහෝ කාලයක් දුරට පැවතිය හැකි නිසා හදිසියෙන් කලබලයෙන් තොරව සියලු අවස්තාවන් වලදී කටයුතු කල යුතුය.
මකර ලග්නය
මකර ලග්නයෙන් උපන් ඔබට කුජ ග්‍රහයා ලග්නස්තානයට පැමිණ උච්ච බල ලබයි.රුචක යෝග තත්වයත් ධන යෝග අවස්තාවකුත් යෙදේ.නමුත් බාධක ග්‍රහයා ලග්නගතවීමේ බාධාව පවතී.භූමියෙන් ලාබ ලැබෙනා කාලයකි.භූමිය සම්බන්ද කටයුතු සදහා අතගැසීමට සුදුසු කාලයයි.ඉඩම් දේපල සම්බන්දව ආරවුල් පැවතියේ නම් බුද්ධිමත්ව ඒ සදහා කටයුතු කල යුතුය.නැතිනම් රණ්ඩු සරුවල් කළකෝලාහලයන් උවත් ඇතිවීමට අවස්තාව පවතී.දේපල මිලදී ගැනීම් සදහා සුබදායකයි.වගා කටයුතු ආදියෙන් ලාබ ලබයි.හදිසි කෝපය මතුවේ.තමාගේ බලය වර්ධනයවේ.නිවසේ සමගියට තරමක බාධාවක් මතුවිය හැකිය.දරුවන් සම්බන්ධව මෙතෙක් ගැටලු ප්‍රශ්ණ පැවතියේ නම් එයින් කිසියම් ප්‍රමාණයකට නිදහස්වීමට අවස්තාව හිමිවේ.වටිනා භාණ්ඩ මිලදී ගැනීමක් සිදුවිය හැකිය.දුර ගමන් කිහිපයක් යෙදිය හැකිය.කිසියම් කටයුත්තක් ආරම්බ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් එහි සියලු කටයුතු පිලිබදව නැවත සොයාබලා කටයුතු ආරම්බ කිරීම යහපත.කිසියම් අතපසුවීමකින් ආරම්බකරනා කටයුත්ත අතරමග බිදවැටීමට අවස්තාව පවතී.සිතේ කනස්සලු ගතියක් මතුකරයි.නමුත් ආත්ම ශක්තිය වර්ධනයවේ.විවාහ සබදතාවයේ ගැටලු විවේචන අඩ දඹර ඇතිකල හැකියි.තම සහෝදරයෙකු නිසා තමාට ගැටලුවකට මුහුණදීමකට හෝ ඔවුන් වෙනුවෙන් කටයුතු කිරිමට හෝ සිදුවිය හැකිය.තමාම හොද කරන්නට ගොස් අවසානයේ තමාම වැරදිකරු විය හැකියි.කාමරාග බව වර්ධනය වන කාලසීමාවකි.ශරීරයේ දුර්වලතා මතුකරයි.හදිසි උණ තත්වයන් හිසේ කැක්කුම් මතුකරයි.පපුවේ වේදනාවන් ඇතිවේ.සෞඛ්‍ය දුර්වලතාවයන්ගෙන් පෙළෙන්නන් සැලකිලිමත්විය යුතුය.හදිසි අනතුරු ඇතිවිය හැකිය.හදිසි කෝපය පලනය කරගත යුතුය.ඉවසීමෙන් කටයුතු කල යුතුය.
කුම්භ ලග්නය
කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දොළොස්වැන්නේ කුජ බලවත්වේ.සිතේ කලකිරීම සිදුවිය හැකිය.නිශ්ඵල වියදම් යෙදේ.වටිනා භාණ්ඩ කැඩි බිදී හදිසි නඩත්තු කටයුතු යෙදේ.සතුරු බාධා ඇතිවේ.රැකියා ස්තානයේ කටයුතු හේතුවෙන් අදික වෙහෙසකර බවක් ඇතිවේ.රැකියාව නිසාම දුර බැහැර ගමන් යෙදේ.දුෂ්කර වගකීම් පැවරේ.ප්‍රධානත්වයක් හිමිවූවත් විරුද්ද කරුවන් සහ තමා පිලිබදව විවේචන ඇතිකල හැකිය.තමා ඉතා කිට්ටුවෙන් ඇසුරු කල අයෙකුගේ මගපෙන්වීමකින් කරනා කටයුත්තකින් තමාට පාඩු සහ ගැටලු මතුවේ.වංචාවන්ට හසුවිය හැකි කාලයකි.ඤාතීන් සමග දුරස්වීම් යෙදේ.විවාහ සහකරු හෝ සහකාරිය සමග අමනාපකම් මතුවේ.නැතහොත් තමාට පීඩාවන ආකාරයේ සෞඛ්‍ය දුර්වලතා මතුවී එයි.දරුවන්ගේ හිතවක්කාර ගති නිසා කෝපය ඇතිවේ.සිතේ මනසේ ව්‍යාකූලතා අවිනිශ්චිත ගති මතුවී එයි.අලස ගති කම්මැලි ගති බවා ඇතිකල හැකිය.පිත කෝපවේ.හදිසි සෞඛ්‍ය දුර්වලතාවයන් මතුවී එයි.ඇසක ආබාධයක් ඇතිවේ.උස් ස්තානයන්ගෙන් වැටීම් සිදුවිය හැකිය.රිය අනතුරු , හදිසි අනතුරු කැපුම් තුවාල ආදියට ඉඩ තිබේ.සතුරන්ගේ ක්‍රියාකාරකම් මතුවේ.ඉවසීම අඩුවෙයි.හදිසි කෝපය නිසා රණ්ඩු සරුවල් සහ බේධ බින්නතා මතුවේ.කුම්බ ලග්න හිමියන් ඉදිරි කාලසීමාව ප්‍රවේසම් විය යුතුය.
මීන ලග්නය
මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් එකොලොස්වැන්නේ කුජගේ බලවත්වීම සිදුවේ.මීන ලග්නයට භාග්‍යස්තානය අධිපති කුජ සියලු ලැබීම් පෙන්වන එකොලොස්වැන්නේ බලවත්වීම සුබදායකවේ.නමුත් රැකියාව සම්බන්ධව කාර්ය බහුලතා ඇතිකරයි.අදික වෙහෙස මහන්සිය ඇතිවේ.නමුත් ස්තුති ප්‍රසන්සා සමග වැඩි ලාබයක් ලැබිය හැකි කාලයකි.තමාගේ තත්වය උසස්වේ.ගෞරවය සැලකිලි ලැබේ.දේපල මිලදී ගැනීම් ඇතිවේ.නිරවුල් නොවූ දේපල සම්බන්ධව විසදුමක් ඇතිකරගැනීමට හැකිවෙයි.පැවති හිතමිත්‍ර ඇසුර වෙනස්වේ.නව බලවත් සබදතා ඇතිවේ.දරුවන් පිලිබදව සුබදායකයි.යානවාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහා අවස්තාව උදාවේ.උසස් අයගේ උදව් උපකාර ලැබේ.භූමියෙන් සම්පත් මතුවේ.නිවාස තැනීම , ගෙපල් කැපීම ආදී කටයුතු සදහා සුදුසු කාලයකි.තමා ආරම්බ කරන ඕනෑම කටයුත්තක් කෙසේ හෝ අවසාන සාර්ථකත්වයක් දක්වා පවත්වාගෙන යාමට හැකියාව ලැබේ.උසස් ඉගෙනීම් සදහා යොමුවේ.රැකියා උසස්වීම් ආදිය බලාපොරොත්තු වන්නෙ නම් ඒ සදහා සුදුසුම කාලයකි.ඒ සදහා අයදුම් කිරීම යහපත්ය.තරග විභාගයන්ට ඉදිරිපත්වීමටද සුදුසු කාලසීමාවකි.සතුරන් පරාජයට පත්වේ.තමන්ගේ බලය වර්ධනය වේ.උදව් උපකාර සිදුවේ.වෙළද ව්‍යාපාරාදියෙන් විශේෂ ලාබ ලැබිය හැකි සිතේ සතුට ප්‍රිතිය ඇතිවිය හැකි කාලසීමාවකි.උදරගත රෝග තත්වයන් මතුවිය හැකියි.ඇසක පෙනීමට හානි සිදුවිය හැකියි.
0 Comments