අලි ඇතුන් පවා දන නමන ජග මධාරා ගසේ විශ්මය

අලි ඇතුන් පවා දන නමන ජග මධාරා ගසේ විශ්මය


අලි ඇතුන් පවා නමදින සෞභාග්‍ය උදාකරන මදාරා   මෙහිදි ඖෂධීය වශයෙන් මෙන්ම තවත් විශේෂ ප්‍රයෝජන රාශියක් ලබාදෙන ඉතා දුර්ලභ වටිනා ශාඛයක් ලෙස මදාරා හැදින්විය හැක.ඉතා තේජාන්විත ගසක් ලෙස හෙළ වෙදකමේ හදුන්වන අතර, මෙය සෞභාග්‍ය උදාකරන බලවත් ගසක් ලෙසද හදුන්වයි.

සැළලිහිනි සංදේශයේ 25 කවියේ 

" පරසඳ සමන් සමගින් සුරගන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කරපුද වඳින රැදි මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනළ ගල නැගෙනහිර "

මෙලෙස ශ්‍රි රහුල හිමියන් මදාරා මල් පරසතු අතරට ගොනුකර තිබිමෙන් පෙනි යන්නේ මදාරා උසස් ශාඛයක් බවයි.තවද සක්දෙව් රජ විසින් මදාරා මල් හත් මිටක් බුදු රදුන්ට පූජා කල බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ.මදරා ගස් දක්නට ඇති ප්දෛ්ශයන් ලෙස ඉන්දියාවේ බිහාර,මධ්‍ය,හා දක්ෂිණ ජනපදය මාදාරා ගසේ උපන් ස්ථාන ලෙස මෙන්ම දැනටත් දක්නට ඇත බව සඳහන්ය.ඉන්දියාවේ අැති මදාරා ගස්වලට බෙහෙවින් සමාන මදාරා ගස් ගම්පහ වික්‍රමආරච්චි ආයර්වේද වෙද විදුහල් බිමේ ඇති අතර,රත්නපුර මාරපන පිරිවෙනේ,රත්නපුර ජාතිකකෞතුකාගාර බිමේ මෙන්ම පේරාදෙනිය ජාතික උද්භිද උද්‍යානය යන තැන්හි දක්නට ඇත.

තවද බුද්ධදාස රජු විසින් නේපාලයෙන් මදාරා ගස් කිහිපයක් ගෙන්වා රෝපනය කල බව ඉතිහාසේ සඳහන් වේ. එසේම මේවා රාජකීය වස්තුවක් ලෙස ආරක්ෂා කල බවද සඳහන්ය. රත්නපුර දිස්ත්‍රිකයේ කල්තොට වසමේ පිහිටි කෝන්ගහමංකඩ ,බුද්ධදාස රජු විසින් රෝපණය කල ගජ මදාරා ගසක් තිබු බවත් එයට පුර්ණ රාජ්‍ය ආරක්ෂාව සපයා තිබුබවත් ඉන්පසු ඉංග්‍රිසි පාලන සමයේද මෙයට විශ‍ේෂ ආරක්ෂාවක් සපයා තිබු බවට වර්ථාවේ. තවද මෙයට සමකාලිනව තවත් මදාරා ගසක්හම්බේගමුව පුරාණ රජ මහා විහාර භූමියෙද තිබි ඇති බව සඳහන්වේ.

මදාර ගස


අලි ඇතුන් පවා දන නමන ජග මධාරා ගසේ විශ්මය
මෙය කුඩා ගසකි. සුදුපාට කෙදි වැටි ගිය අඟල්1/4 පමණ ඝණකමින් යුත් කළු පාට පොතුවලින් යුක්තවේ. රත්හඳුන් කොළවලට සමාන බොහෝ සෙයින් සමාන කොළවලින් යුත් තේජාන්විත ගසකි.අඟල්1-4 දක්වා දික්වූ පලාවන් පාටගොලාකාර පත්‍රයේ මාංශල ගතිය නැත.ගසේ අරටුව පතගි වැනි වර්ණයෙන් යුක්තය.මෙය ගජ මදාරා, මල් මදාරා, වල් මදාරා යනුවෙන් වර්ග 3 වේ.

ගජ මදාරා ගෙඩි නෙල්ලි ගෙඩියට සමාන වෙන අතර වේලුනු පසු අරළු ගෙඩියේ පැහැය ගනි. මෙහි ඇට කලාතුරකින් පැලවේ.එසේ පැලවෙන්නේද සීමිත ප්‍රමනයක්බව දක්නට ලැබේ.මෙහි රතුපාට කුඩා මලක් පිපෙන අතර එය ඉතා සුවඳවත්ය.

මල් මදාරා ගසේ රතුපාට ලොකු මල් පිපේ එයද සුවදවත්ය මෙහි ගෙඩි හැදෙන්නේ නැත.වල්මදාරාවලද රතුපාට මල් පිපෙන අතර අරළු ගෙඩි වැනි ගෙඩි ඇතිවේ. එම ගෙඩිවල ඇති ඇට පැලවේ.මෙය සුලභව දක්නට ඇති ගසකි.නියම මදාරා ගසකට කිසිදු සතෙකු ගෙන් හානියක් නොවේ. එහි කොළ, දඩු අනුභව කරනවා තබා ස්පර්ශ කරන සතෙකු දක්නට නොලැබේඅලි ඇතුන් පවා මේ ගස් අසලවත් තොයති. මේ ගස් තිබෙන භූමිවලට තේජස, භාග්‍යාය හා දියුණුව ලැබෙන බව සඳහන් වේ. මේ ගස්වල මල් හට ගනු ලබන්නේ අප්‍රේල් මැයි මාසයන්හීදීය.


අලි ඇතුන් පවා දන නමන ජග මධාරා ගසේ විශ්මය
අලි ඇතුන් පවා දන නමන ජග මධාරා ගසේ විශ්මය

මදාරාවල ඔසු ගුණ

විශේෂයෙන් හෙලවෙදකමේ විවිධ රෝග සමනය සඳහා යොදා ගැනේ.මදාරා කොළ යුෂ පානයෙන් සියළුම ස්නායු ගත රෝග සමනය කල හැකි බව සඳහන්වේ.මදාරා ගසේ ඇට, මල්, අරටුව පැලදීමෙන් සියළු රෝග සුවකර ගැනිමේ ප්‍රතිශක්තිය ඇතිකරන බව දක්වා තිබේ .ගජ මදාරා කොළ වියලා සාම්බ්‍රානි සමග කුඩු කර පිරිත් කර උදේ සවස නිවසට දුම් ඇල්ලීමෙන් අපල උපද්‍රව දුරුවී වාසනාව උදාවෙන බව දක්වා තිබේ.

තවද මදාර ගෙඩි සිරුරට ස්පර්ශ වන පරිදි පැලදීමෙන් ඇස්වහ, කටවහ, අනවින, කොඩිවින, හූනියම් නොවදින අතර, අමනුෂ්‍ය හා භූත දෝෂ ඇති නොවේ.තවද හෙළ වෙදකමේ දක්නට ලැබෙන ප්‍රසිද්ධ තෙලක් වන නවපටල තෙල සඳහා මදාරා කොළ යොදා ගනි. මේ තෙල හිස ගැල්වීමෙන් ස්නායූ ආබාධ හිසේ ආබාධ, මොළයේ ආබාධ, ඇස් කන් නාසා ආදියෙහි ඇතිවෙන නොයෙක් රෝගයන් සුවවෙන දක්වා තිබේ .තවද මදාරා කොළ තම්බා එම ජලය නෑමෙන් ප්‍රබල ඉසරදය සුවවෙබෙව දක්වා ඇත.එමෙන්ම මාංශ පේශි දියවිමේ රෝගය වැලදුනු අයට මදාරා ලීයෙන් ඝර්ෂණය කිරිමෙන් එය සුව වෙන බව දක්වා තිබේ.මදාරා ලීයෙන් කල බස්තම් එකල ප්‍රභූන් භාවිතා කර ඇති අතර පණාමුරේ ඇත්ගාල හිමි ඇලපාත මුදලි මෙවැනි බස්තමක් පාවිච්චි කර ඇති අතර එයින් අලි ඇතුන් මෙල්ල කල බවද සඳහන් වේ. එම බස්තම අදටත් ඔහුගේ ඥාතියෙකු ලග ඇති බව අසන්නට ලැබේ.

ඈත අතිතයේ රට පාලනය කල සිංහල රජවරුන් කඩ කිනිසි ආදිය සකස්කරවා ගැනිමේදි ගජ මදාර ලී යොදා ගත්බවත් එහි ඇති විශ්මිත බලය නිසා යුද ජයගත් බවත් සදහන්වේ.මේ අතර අපේ පැරණි සිංහල වෛද්‍යවරුන් ගජ මදාරා ලීනෙන් සැකසු හෙප්පු තුල ඔසු සකසා තබා ගෙන ඇති අතර එමගින් එම ඔසුවල ගුණය ඉතා ඉහල මට්ටමකට පත්වීමට මදාරා ලීය උපකාරිවී ඇතිබව අසන්නට ලැබේ.මේ අනුව පෙනි යන්නේ වර්ථමානයේ අතිශයින් දුර්ලභ ශාඛයක් වන මදාරා ගස ඔසු සදහා මෙන්ම විවිධ ශක්තින් පෙන්වන ශාඛයක් හෙයින් වත්මන් සමාජය දැනුවත්වි මෙම ශාඛය රැක ගැන්මට දොර කවුල විවර කිරිමයි.

හෙළ වේද බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදී

Post a Comment

0 Comments