ලිංගික ශක්තිය සහ උපන් නැකත

කාම සූත්‍රය ග්‍රන්තයේ සඳහන්  කාම රහස් කිහිපයක්



ලිංගිකත්වය සියලු සත්වයාගේ අකණ්ඩ පැවැත්මට මූලික සාධකය සපයයි.එක් පුද්ගලයෙකු ගත්විට , එම පුද්ගලයාට ආවේනික වූ ගති සිරිත් පවතී.ඒ ආකාරයෙන් ලිංගිකත්වය , ලිංගික ආකර්ෂණය සහ ලිංගික හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙති.එක් අයෙකු ලිංගිකත්වය තුල සිය උපරිම කායිඛ මානසික තෘප්තිමත් භාවය ලබනා විට , තවත් අයෙකු ඒ හේතුවෙන් කායිඛ මානසික අතෘප්තකර භාවයට පත්වේ.කෙනෙකු ජම්ම ලාබය ලබනා විට , ඒ මොහොතේ නැගෙනහිර ක්ෂිතිජය මූලිකව පිහිටන්නා වූ ග්‍රහ තාරුකා , නැකැත් තාරුකා අනුව ඔහුගේ හෝ ඇයගේ අනාගත පැවැත්ම සහ සුබ අසුබ තත්වයන් විවරණය කිරීමට ජ්‍යෙතිෂය මූලික සිද්ධාන්තයන්ට හැකියාව ඇත්තාක් මෙන්ම , පුද්ගලයෙකු තුල පවත්නා ලිංගික හැකියාව ශක්තිය පිලිබදවද කිසියම් පැහැදිලි අවබොධයක් ලබාගැනීමට ජ්‍යෙතිෂ්‍යය පිටුවහලක් කරගත හැකිය.පුද්ගලයෙකු උපත ලද අවස්තාවේ සදු ග්‍රහයා ගමන් කරමින් පැවති නැකත අනුව ඔහුගේ ගති ස්භාවයන් පිලිබදව කිසියම් පැහැදිලි කිරීමක් කල හැකි අතරම , එම පුද්ගලයාගේ ලිංගික ශක්තීන් හැකියාවන් සහ නොහැකියාවන් පිලිබදවද පැහැදිලි කිරීමක් සිදුකල හැකිය.නමුත් උපන් නැකත අනුව සියල්ල තීරණය කල නොහැක.සියල්ලන්ටම පොදුවූ මූලික කරුණු කාරනා කිහිපයක් උපන් නැකත අනුව තීර්ණය කල හැකිය.නමුත් උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව පහත ඒ ඒ නැකැත් පිලිබදව සදහන් කරනා කරුණු වෙනසකට ලක්වන බවද මෙම ලිපිය පරිශීලනය කරන පාඪකයා දැන සිටිය යුතුය.පහත දැක්වෙන්නේ උපන් නැකත අනුව ඒ ඒ අයගේ ලිංගික හැකියාවන් පිලිබදව සාපේක්ෂ වශයෙන් කරනා පැහැදිලිකිරීමකි.

අස්විද නැකත 

කේතු ලිංගිකත්වය දුර්වල කරනා ග්‍රහයෙකු උවද කේතු හිමි අස්විද නැකතින් උපන් අයගේ ලිංගික හැකියාව සහ ආසාවන් ඉතා උසස් තත්වයේ පවතී.ප්‍රතිවිරුද්ධ ලිංගිකයා පහසුවෙන් තෘප්තිමත් කිරීමේ හැකියාව අස්විඅද නැකතින් උපන් කාන්තා පිරිමි දෙපාර්ශවයටම පවතී.විවිධ වූ ක්‍රම ඉරියව් භාවිතයෙන් උපරිම ආශ්වාදයක් තමන් ලැබීමත් අනෙකාට ලබාදීමටත් ක්‍රීයාකාරීව කටයුතු කරයි.

බෙරණ නැකත

ලෞඛිකත්වයට සමීපවූ සිකුරුට අයත් නැකතක් උවත් , බෙරණ නැකතින් උපන් අයගේ කාමාශාවන් ශක්තිමත් නැත.කාම ක්‍රියාකාරකම් තුලදී උද්යෝගිමත් බාවයක් දකින්නට නැත.උදාසීනත්වය ඇතිකරයි.තමාගේ වැඩි අවශ්‍ය තාවයකින් නොව , අනෙකාගේ බෙලබවීම මත ලිංගිකත්වයට යොමුවන බෙරණ නැකතින් උපන් අය පහසුවෙන් සතුටට , තෘප්තිමත් බාවයට පත්වේ.

කැති නැකත

රවි හිමි කැති නැකතින් උපන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම අනෙක් පාර්ශවය තමා වෙත අවනත කරගැනීමේ අපේක්ෂාවෙන් පසුවේ.කාම රාග සිතුවිලි තුල වේගවත් බවක් ඇතිවේ.පහසුවෙන් තෘප්තිමත් බාවයට පත්වන්නේ නැත.ලිංගේන්ද්‍රයන් ප්‍රමාණයෙන් අඩු බවක් යෙදී පැවතියද අනෙකා සාර්තකව තෘප්තිමත් කිරීමේ හැකියාව පවතී.සිප වැලද ගැනීම් ආදියට වැඩි වශයෙන් යොමුවේ.

රෙහෙණ නැකත

සදු හිමි රෙහෙණ නැකතින් උපන් අය ලිංගිකත්වය තුලදී ආත්මාර්තකාමීත්වයෙන් තොරව කටයුතු කරයි.තමා හැගීම් ආසාවන් පාලනය කරගැනීමේ හැකියාවෙන් යුතුය.මෙම නැකතින් උපන් දෙදෙනෙකුගේ ලිංගික ජීවිතය සර්තකත්වයට පත්වේ.අනෙකාගේ අවශ්‍යතාවයන් හොදින් තෝරාබේරාගෙන කටයුතු කරන අතර සහකරුට හෝ සහකාරියට ගෞරවයෙන් යුතුව තම අවශ්‍යතාවයන් දෙදෙනාගේම අබිමතය පරිදි ඉටුකරගනී.කාන්තාව විසින් පුරුෂයාගේ සතුට තෘප්තිය වෙනුවෙන් තම නම්‍යශීලී බාවය දක්වයි.

මුවසිරස නැකත

කුජ හිමි මුවසිරස නැකතින් උපන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම වැඩි ලිංගික ශක්තියකින් හැකියාවකින් යුතුය.ක්‍රියාකාරීවේ.විවිධත්වයට යොමුවේ.නිතරම කාම ජීවිතය පිලිබදව විස්වාසයකින් සහ අවශ්‍යතාවයකින් පසුවේ.අනෙකා උපරිම තෘප්තිමත් බාවයට පත්කිරීමේ විශේෂ හැකියාවකින් යුතු අතර වැඩි වේලාවක් ක්‍රියාකාරකම්හි නිරතවීමේ හැකියාවෙන් යුතුය.

අද නැකත

රාහු හිමි අද නැකතින් උපන් අයට තරුණ විය ආරම්බ වන්නට පෙර සිටම ලිංගිකත්වය පිලිබදව විශේෂ සිතුවිලි ක්‍රියාත්මකවේ.දැඩි ආසවකින් , කුතුහලයකින් යුතු වුවද ක්‍රියාත්මකවීමේදී තැති ගැන්මක් , තිගැස්සීමක් පවතී.එම නිසා බලාපොරොත්තුවූ සතුට ලැබීමටවත් අනෙකාට ලබදීමටත් අපහසුවේ.අවුල් වියවුල් ඇතිකල හැකියි.අනෙකා පිලිබදව තැකීමක් නොකරන හෙයින් ලිංගිකත්වය යනු හුදු ආත්මාර්තකාමී කටයුත්තක් පමණක් වනු ඇත.

පුනාවස නැකත

ගුරු හිමි පුනාවස නැකතින් උපන් අයගේ ලිංගේන්ද්‍රයන්හි වැඩි විශාලත්වයක් ඇතිකල හැකිය.ලිංගික සේවනයේ තෘප්තිමත්බාවයක් ලැබීමට හැකියාව පැවතියද යම් යම් අවස්තාවන් වලදී කලකිරීම් ප්‍රතික්ෂේප කිරීම් ඇතිවිය හැකියි.කාලයත් සමග ජීවිතයේ කාමාශාවන් දුරුවී යා හැකිය.කාම ත්‍රිකෝණයට අයත් ස්තානයක ගුරුගේ පිහිටීම යෙදී ඇත්නම් ස්තිරවම මැදිවියත් සමග ලිංගිකත්වය තුලින් බොහෝ දුරට දුරස්ව කටයුතු කරනු ඇත.

පුෂ නැකත

නපුංසක ග්‍රහයෙකු ලෙසින් වර්ග කර ඇති සෙනසුරුට අයත් පුෂ නැකැතින් උපන් අයගේ ලිංගිකත්වය පිලිබද උද්ධීපනය ඉතා උසස් තත්වයේ පවතී.පුෂ නැකැතින් උපන් ස්ත්‍රියක සමග රමණයේ යෙදෙනා පුරුෂයෙකුට , තමන් බලාපොරොත්තුවන ආකාරයට වඩා වැඩි තෘප්තිමත් බවක් ලැබීමේ හැකියාව පවතී.මෙම නැකතින් උපන් පුරුෂයන් කාන්තාව පිලිබදව වැඩි තැකීමක් නොකලත් , මෙම නැකතින් උපන් කාන්තාව පුරුෂයාගේ සතුට පිලිබදව විශේෂ උනන්දුවක් , සැලකිලිමත් බවක් දක්වයි.

අස්ලිස නැකත

බුධ හිමි අස්ලිස නැකතින් උපන් අය තුල ලිංගිකත්වය වෙත වැඩි නැඹුරුතාවයක් නොදක්වයි.මන්ධගාමී අලස බවකින් යුතුවේ.සහකරුවා හෝ සහකාරිය සමග එක්වීමකදී විශේෂ තෘප්තිමත් බවක් ඇති නොවන අතර , ඒ සදහා කටයුතු කරන්නේද නැත.මෙම නැකතින් උපන් කාන්තාව තුල ලිංගිකත්වය පිලිබදව වැඩි කැපවීමක් පැවතියද අනෙක් පාර්ශවය තෘප්තිමත් කිරීමේ හැකියාවෙන් අඩුය.ලිංගික ජීවිතය තුල ගැටලු ඇතිකරගත හැකිය.

මා නැකත

ලිංගික කායික හැකියාවන් දුබල කරවන ග්‍රහයෙකු වන කේතුට අයත් නැකතක් උවද මා නැකතින් උපන් අයට , ලිංගිකත්වය තුල උපරිම තෘප්තිමත් බවක් ලැබීමේ හැකියාව පවතී.ස්ත්‍රිය පුරුෂයාට වඩාත් , පුරුෂයා ස්ත්‍රියට වඩාත් හැකියාවන් දක්වයි.නමුත් පුරුෂයාගේ හැකියාව කාන්තාව පරයා යයි.වැඩි වේලාවක් එක්වීමක නොසිටියද , සිය කාලසීමාව තුල අනෙකා තෘප්තිමත් කිරීමේ හැකියාව පවතී.මෙම නැකතින් උපන් කාන්තාවක හා එක්වීමෙන් ලබනා තෘප්තියට සමාන තෘප්තියක් වෙනත් කාන්තාවකගෙන් බලාපොරොත්තු විය නොහැකි තරම්වේ.

පුවපල් නැකත

සිකුරුට අයත් වූ මෙම නැකතින් උපන් අය තරුණ විය ආරම්බ වන්නට පෙර එම හැකියාවන්ගෙන් සහ හැගීමෙන් , කුතුහලයෙන් පෙළෙයි.අනෙකා තෘප්තිමත්කිරීම උදෙසා ඕනෑම ආකාරයක කැපවීමක් සිදුකිරීමට හැකියාව මෙන්ම මානසිකත්වයෙන්ද යුතුවේ.මෙම නැකතින් උපන් පිරියාව වඩා කාන්තාව එම හැකියාවන්ගෙන් යුතු අයවේ.ඕනෑම ආකාරයේ පුරුෂයෙකුට උවද ලිංගිකව මුහුණදීමේ හැකියාවෙන් යුතුවේ.පුරුෂයාගේ උද්ධීපනය වඩා වැඩි උවද කාන්තාවට වඩා තරම පසුබෑමක් මතුවේ.

උත්‍රපල් නැකත

රවි හිමි උත්‍රපල් නැකති උපන් කාන්තා පුරුෂ දෙපාර්ශවයම ලිංගිකත්වය තුල ඉවසීමත් , ක්‍රමවත් සහ පිලිවෙලක් සහිතව කටයුතු කරයි.තමා මෙන්ම අනෙකාගේ අවශ්‍යතා පිලිබදව එකසේ සිතා සිය කාර්‍ය ඉටුකරයි.පිරිමියා තුල ලිංගිකත්වය පිලිබදව කලබලකාරී බවක් පැවතියද කාන්තාව තුලින් එවැන්නක් දැකිය නොහැක.

හත නැකත

සදුට අයත් නැකතක් වූ හත නැකතින් උපන් අය ලිංගිකත්වය පිලිබදව විශේෂ හැකියාවන්ගෙන් යුතු අයවේ.එමෙන්ම ඉවසීම සහ සංවේදී බවින් යුතුවේ.තමන් තුල ඇතිවන ඕනෑම හැගීමක් සහකරු හෝ ශකාරිය පිලිබදව මානුෂීය ගුණයෙන් සිතා බලා පාලනය කරගැනීමේ හැකියාව සහිතවේ.අවසානයේ දෙදෙනාටම සාධාරනවූ තෘප්තියක් ලබන ආකාරයෙන් කටයුතු කරයි.

සිත නැකත

කුජට අයත්වූ සිත නැකතින් උපන් කාන්තා පුරුෂ දෙපාර්ශවයම ලිංගිකව හැසිරීමේදී විවිධ දක්ෂතා මතුකරයි.නිතර නිතර රතු සුවයට කැමැත්තකින් පසුවේ.මෙම නැකතින් උපන් කාන්තාව ලිංගික වශයෙන් උපරිම තෘප්තිමත්බාවයට පත්කිරීමට පුරුෂයාට විශේෂ හැකියාවක් අවශ්‍යවේ.තම අවශ්‍යතාවය නිසි ආකාරයෙන් සම්පූර්ණ නොවීම තුල , වෙනත් ග්‍රහ පිහිටීම්ද යෙදී ඇත්නම් , ලිංගිකත්වය උදෙසා වෙනත් ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමට උවද පෙළබේ.

සා නැකත

රාහුට අයත් වූ නැකතක් වන සා නැකතින් උපන් අය ලිංගිකත්වය පිලිබදව විශේෂ ලැදියාවකින් , බලාපොරොත්තුවකින් යුතුව කටයුතු කරනා අයවෙති.තම අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවෙන් කැපවීමෙන් යුතුව කටයුතු කරයි.පසුවෙන් තෘප්තිය නොලබන අතර වැඩි වේලාවක් එම ක්‍රියාකාරකම් තුල කටයුතු කරයි.මෙම නැකතින් උපන් කාන්තාවක් හා විවාහ වන හෝ එක්වන , දුර්වල ශක්තියක් සහිත පිරිමියෙකුට , එම කාන්තාව තමාවෙත අවනත කරගැනීමට වඩා වැඩි කැපකිරීමක් සිදුකිරීමට සිදුවනු ඇත.

විසා නැකත

ගුරුට අයත් විසා නැකතින් උපන් අයගේ ලිංගික හැකියාවන් පැවතියද ගෞරවනීය තෘප්තියක් බලාපොරොත්තුවේ.තම අවස්තාව පරිසරය නිසි ලෙස සැකසෙනා තුරු ඉවසීමෙන් කටයුතු කරයි.ලිංගික ජීවිතයක් තිබුණද , නොතිබුණද ඒ පිලිබදව වැඩි තැකීමක් නොකරයි.කාලයත් සමග ලිංගික ජීවිතයෙන් දුරස්වීම සිදුවේ.ලිංගිකත්වය තුල , එම ක්‍රියාකාරකම් තුල වඩා වැඩි වේලාවක් නිරතවීම අපසුවේ.

අනුර නැකත

 සෙනසුරු ග්‍රහයාට අයත් වූ අනුර නැකතින් උපන් අයගේ විශේෂ ලිංගික ආසාවන් හැගීම් පැවතියද , ක්‍රියාත්මකවීමේදී තමන්ගේ කිසියම් දුර්වලතාවයක් ස්මතුවේ.ලිංගික එක්වීමකට වඩා බාහිර ලිංගික ක්‍රියාකාරකම් පිලිබදව වැඩි තැකීමක් සිදුකරයි.සිප වැලදගැනීම් ආදියට වැඩි කාලයක් යොදනු ඇත.ලිංගිකත්වය තුල අසාර්තකවීමට වැඩි හැකියාවක් පවතින අතර යහපත් පවුල් ජීවිතයට මෙම කරුණ අසුබ ලෙස බලපෑම් ඇතිකරවයි.සදුගේ කුජගේ සිකුරුගේ සහ කේතුගේ බල දුබලතා මත මෙම නැකතින් උපන් අයගේ ලිංගිකත්වය පිලිබදව හැකි නොහැකි තත්වය පිලිබදව විමසා බැලිය යුතුවේ.

දෙට නැකත

බුධ හිමි දෙට නැකතින් උපන් අයගේ ලිංගිකත්වය පිලිබද හැකියාවත් , ශක්තියත් , කැමැත්තත් වරින් වර වෙනස්වන සුලුය.මෙම නැකතින් උපන් කාන්තාව පිරිමියාගේ ලිංගික අවශ්‍යතාවයන් පිලිබදව සොය බලා තමාට හැකි උපරිමයෙන් ඒ සදහා කැපවී කටයුතු කරයි.නමුත් පුරුෂයාගේ ලිංගික ශක්තිය වර්ධනය වන්නේ වෙනත් ග්‍රහයන්ගේ බලපෑම අනුවවේ.ලිංගික අවයවයන්ගේ ප්‍රණවත් බව හෝ එහි ක්‍රියාත්මක සංවේදී බවෙහි දුර්වලතා සහිතයි.තම ශක්තියේ දුර්වලතාවයන් පිලිබදව මානසික පසුතැවීම් ඇතිකල හැකියි.

මූල නැකත

කේතු ග්‍රහයාට අයත්වූ තවත් නැකතක් වන මූල නැකතින් උපන් අයගේ ලිංගික හැකියාව ශක්තිමත්වේ.අසාමන්‍ය ලිංගික හැසිරීම් පවා ඇතිකල හැකිය.තම අවශ්‍යතාවය ඉටුකර ගැනීමට තම අවයවයන් ප්‍රදර්ශනය කරන්නට උවත් මූල නැකතින් ඉපදී අසුබ ග්‍රහ බලපෑමක් යෙදී ඇති අය ක්‍රියාකරයි.නමුත් සුබදායක පිහිටීම් සහිත ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම තම ශක්තිය සංයමයෙන් යුතුව භාවිතා කරයි.පුරුෂයෙකු ලිංගික හැසිරීමක් දක්වා පොළොබවා ගැනීමට මූල නැකතින් උපන් ස්ත්‍රීන් තුල විශේෂ වූ මායාකාරී හැකියාවක් පවතී.එමෙන්ම එක් අවස්තාවක හෝ මූල නැකතින් උපන් ස්ත්‍රී හෝ පුරුෂයෙකු සමග ලිංගික සබදතාවයක් පවත්වන්නා , එම අත්දැකීම අමතක නොවන සිදුවීමක් ලෙස සලකයි.සහයකයා හෝ සහකාරිය පිලිබදව එම අවස්තාවේ ඇතිවන බැදීම කාලයක් දුරට මතකයේ පවත්වාගනී.

පුවසල නැකත

සිකුරු ග්‍රහයාට අයත් වූ පුවසල නැකතින් උපන් අයගේ විශේෂ කාමුඛ බවක් දක්නට ඇත.ලිංගික ක්‍රියා තුලදී අහංකාර ගති මතුකරයි.මෙම නැකතින් උපන් ස්ත්‍රීයකට හෝ පුරුෂයෙකුට , ඕනෑම අයෙකු තෘප්තිමත් කිරීමේ හැකියාව පවතී.සහයකායාගේ සතුට සහ තෘප්තිය පිලිබදව සිතා ඒ වෙනුවෙන්ම තම ක්‍රියාත්මක බාවය විදහා දක්වයි.

උත්‍රසල නැකත

රවිට අයත් උත්‍රසල නැකතින් උපන් අයගේ ලිංගික හැකියාව ශක්තිමත් අතර ගෞරවනීය ලෙස එම කටයුතු තුලදී හැසිරේ.පහත් ලිංගික හැසිරීමකට සූදානම් නැත.තම ශක්තියෙන් තමා මෙන්ම අනෙකාගේ තෘප්තිමත්බව බලාපොරොත්තුවේ.අනෙකාගේ අවශ්‍යතාවයන් පිලිබදව එම මොහොතේ පමණක් නොව ඉන් පසුවද සොයා බලන බවක් උත්‍රසල නැකතින් උපන් අය තුල දක්නට ඇත.

සුවන නැකත

සදුට අයත්වූ නැකතක් වන සුවන නැකතින් උපන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම විරුද්ධ ලිංගිකයා තමාවෙත අවනත කරගැනීමේ හැකියාවෙන් යුතුවේ.ආකර්ෂණීය වේ.එමෙන්ම තම ශක්තියෙන් අනෙකා තෘප්තිමත් බාවයට පත්කිරීමට , තමන්ට හැකියාව ලැබුණ ද තමන්ට අවශ්‍ය වූ තෘප්තිමත්බව අනෙකාගෙන් ලැබෙණුයේ ඉතා කලාතුරකින්වේ.නමුත් ඒ පිලිබදව සිත් බිදීමක් තම සිතේ ඇතිනොවේ.කෙසේ වතත් වෙනත් අසුබ ග්‍රහ පිහිටීම් උප්පත්ති කේන්ද්‍රයේ පිහිටා ඇතිනම් , තම අවශ්‍යතාවය සපුරා ගැනීමට වෙනත් ක්‍රියාවන්ට යොමුවීමටද වැඩි හැකියාවක් පවතී.

දෙනට නැකත

කුජට අයත් වූ තවත් නැකතක් වූ දෙනට නැකතින් උපන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය තුලම , තමාවෙත අනෙකා වසග කරගැනීමේ විශේෂ හැකියාවක් පවතී.විශේෂයෙන් කාන්තාවන් තුල පුරුෂයන් වසග වන තරමේ ශාරීරික පිහිටීමක් , කිසියම් විශේෂත්වයක් දැකිය හැක.නිරවුල් වූ ලිංගික ශක්තියක් පවතී.ඒකාකාරි බවෙන් තොරවූ සතුටක් බලාපොරොත්තුවේ.අනෙකා තේරුම් ගැනීමේ හැකියාවෙන් යුතුයි.

සියාවස නැකත

රාහුට අයත් සියාවස නැකතින් උපන් අය විශේෂයෙන් ලිංගිකත්වය තුල ඉවසීමෙන් තොරව කටයුතු කරයි.හදිසියෙන් යුතුව කටයුතු කරයි.තරුණ වියට ප්‍රතම ලිංගික හැගීම් ඉටුකරගැනීමේ ආසාවෙන් පසුවේ.ඒ නිසාම සම්මතයෙන් තොරවූ ලිංගික ක්‍රියාකාරකම් වලටද යොමුවීමේ ප්‍රවණතාවයක් දක්නට ඇත.අතිෂයෙන් ශක්තිමත්වූ ලිංගික හැකියාවක් පවතී.විශේෂයෙන් මෙම නැකතින් උපන් කාන්තාවක තෘප්තිමත් කිරීමට නම් , විශේෂ හැකියාවක් සහිත පුරුෂයෙකුම සිටිය යුතුය.ශක්තිවන්ත බව වැඩි නිසාම , අනෙක් පාර්ශවය අවසාන වශයෙන් පීඩාවට ලක්විය හැකියි.

පුවපුටුප නැකත

ගුරුට අයත් පුවපුටුප නැකති උපන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම වැඩි ලිංගික ආසාවකින් කටයුතු නොකරයි.වැඩි තැකීමක් සිදුනොකරයි.ලිංගිකව දුර්වල වීමක් සිදුවිය හැකියි.සහකරු හෝ සහකාරිය හමුවේ අපහසුතාවයන්ට පත්වීමට , අසරණ බවක් ඇතිවීමට ඉඩ ඇත.මෙම නැකතින් ඉපදී සදුගේ සහ ගුරුගේ පිහිටීම යහපත් ආකාරයෙන් යෙදී ඇත්නම් ඉහත කී දුර්වලතාවයන් මගහැරී යනු ඇත.

උත්‍රපුටුප නැකත

සදාචාරාත්මක සහ ගෞරවාන්විත ලිංගික එක්වීමක් සෑම විටම බලාපොරොත්තුවේ.තම වස්තාව උදාවන තුරු ඉවසීමෙන් යුතුව කටයුතු කරයි.අවස්තාව ලද මොහොතේ එයින් නිසි ඵලප්‍රයෝජනය ලබයි.දෙදෙනා අතර මනා අවබෝධයකින් යුතුව කටයුතු කරයි.ලිංගිකත්වය තුලදී ගැටලු ඇතිකරගැනීමට අකමැතිවේ.මෙම නැකතින් උපන් කාන්තාව විශේෂයෙන් තම ස්වාමියා පිලිබදව බැදීමෙන් සහ ඔහුගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් අනුගතවේ.

රේවතී නැකත

මෙම නැකතින් උපන් කාන්තාවත් පුරුෂයාත් ලිංගිකත්වය පිලිබදව වැඩි නැඹුරුතාවයක් නොදක්වයි.නමුත් සදු සමග යෝගවූ හෝ වෙනත් ආකාරයකින් සම්බන්ද වන සිකුරු කුජ ආදී ග්‍රහයන්ගේ පිහිටීම් මත මෙම තත්වය වෙනස්විය හැකිය.සාමන්‍ය වශයෙන් ගත්කල පෙළබවීමකින් පසු එයට අනුගතවීමේ හැකියාවකින් යුතුවේ.නමුත් වැඩිවේලාවක් දරාගැනීමේ හැකියාව දුර්වල තත්වයක පවතී.කිංගිකත්වය තුල අනෙකා සම්බන්දව දක්වන කායික මානසික ප්‍රතිචාරය ඉතා අඩු අතර , කාලයත් සමග සහයකයා තමාගෙන් ඉවත්වීම සිදුවිය හැකියි.පවුල් ජීවිතයේ අභ්‍යන්තර ගැටලු මතුවිය හැකිය.





ලිංග කාම සම්බෝගයට පෙර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවාම දැනගතයුතු , මෙතෙක් ඔබ නොදත් රහස් කිහිපයක්.කාම සූත්‍රය ග්‍රන්ථය ඇසුරින්.කාම වීරයෙක් වීමට පෙර අනිවාර්‍යය ලෙස දැකබලා කියවා හදුනාගත යුතුම , විනාශය හෝ සෞභාග්‍යය ලබාදෙන කරුණු කිහිපයක් පිළිබදව වූ සවිස්තරාත්මක රස විස්තරය.ඔබ සැම වෙනුවෙන්.ජීවිතය YOUTUBE සඟරාව තුළින්. 

ජනක් පී කුමාර - 0702872322
හඳහන ලංකා ජ්‍යෙතිෂය සේවය වෙනුවෙන්

#THE_Life
#ජීවිතය_YOUTUBE_සඟරාව
#වේඳ_ශ්‍රාස්ත්‍රීය_අසම_සම_දැනුම
#janak_p_kumara
#හඳහන_ලංකා