ප්‍රවේසමෙන් - කුජ මාරුව අත ලග


පෘථුවියට ඉතා ආසන්නම ප්‍රධානතම ග්‍රහ ලෝකය අගහරු හෙවත් කුජ ග්‍රහයාවේ.මිනිස් වාසයක් ඇතැයි ,නවීන විද්‍යාඤයන් අනුමාන , මත ඉදිරිපත් කලත් , තවමත් එයට නිශ්චිත සාධකයක් සපයා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී නැත.කෙසේ වතත් ජ්‍යෙතිෂයේදී නවග්‍රහයන් අතර ප්‍රධාන ස්තානයක් අගහරු හෙවත් කුජ ග්‍රහයාට හිමිවේ.පාපී ග්‍රහයන් අතර බලවත් පාපී ග්‍රහයෙකු වන කුජ ග්‍රහයා මිනිස් සිත මනස මෙන්ම ශරීරයටද විශේෂ බලපෑම් ඇතිකරවයි.2016 පබරවාරි 22 වනදා සිට පුරා මාස 06 යි දින 26 ක් පුරා වෘශ්චික රාශියේ වක්‍ර වෙමින් නීවෘත වෙමින් ගමන්ගත් කුජ 2016-09-18 වනදා සවස් භාගයේ කේතු ග්‍රහයාට හිමි මූල නැකතේ ගමන් කරමින් සිටියදී ගුරුට අයත් ධනු රාශියට පැමිණීම සිදුවේ.මෙලෙස සිදුවන කුජ මාරුව රට සහ ලෝකය තුලත් මිනිස් ජීවිත තුලත් බොහෝ වෙනස්කම් සිදුකරනු ඇත.

කුජ වෘශ්චික රාශියේ ගමන්ගත් කාලය තුල රට තුලත් ලෝකය තුලත් , පවුල් ජීවිත සහ පුද්ගල ජීවිත තුලත් බොහෝ අසුබදායක සිදුවීම් ඇතිකලහ.ත්‍රස්තවාදයේ සිට ස්භාවික විපත දක්වාත් පවුල් ජීවිත අවුල් වීමේ සිට ප්‍රේම සබදතාවයන් බිදවැටීම දක්වාත් , බලාපොරොත්තු බිදවැටීමේ සිට පරාජය වීම් දක්වාත් බොහෝ සිදුවීම් ඇතිවිය.එය මීට පෙර කුජ මාරුව පිලිබද ලිපියේ බොහෝ දුරට සදහන් කර ඇත.එයින් බොහෝ සිදුවීම් සිදුවී අවසන්ව ඇත.තවමත් කුජ වෘශ්චිකයේ සෙනසුරු සමග අග්ණි මාරුත යෝග තත්වයෙන් සිටී.කුජ ඉවත්ව යන්නට ආසන්න වෙමින් ඇත.පාපයින් දෙදෙනෙකු එක්ව සිදුකල බොහෝ අසුබ අවසන් වීමට ආසන්න වෙමින් ඇත.යන යකුන් කොරහත් බිදගෙනම යනවා " යැකි කියමනක් තිබෙන නිසා සැප්තැම්බර් 18 වනදා දක්වා දැනට ඉතිරිව ඇති කාල සීමාව ප්‍රවේසමෙන් කටයුතු කිරීම යහපත්වනු ඇත.ඉගෙනගන්නා දරුවන් , විශ්ව විද්‍යාල සිදුන් , රියදුරන් , මාර්ගයේ ගමන් කරන්නන්, පොදු ප්‍රවාහන සේවා ලබන්නන් , එකී මෙකී නොකී සියලු දෙනා ආරක්ෂාවිය යුතුය.ප්‍රචන්ඩත්වය සහ ලේ ගැලීම අවසාන ප්‍රතිපලය විය හැකිය.අහිමිවීම් , සිත් බිදීන් විශේෂයෙන් සිදුවනු ඇත.කෝපය පාලනය කල යුතුය.මනස සංසුන්ව තබගත යුතු කාලයකි.පාලකයන් සහ ආරක්ෂක ප්‍රධානීන් ප්‍රවේසමෙන් සහ දුරදිග බලා බුද්ධිමත්ව කටයුතු කල යුතුය.සාමකාමී සියල්ල ප්‍රචණඩත්වයකින් , පාඩුවකින් , අලාබයකින් හෝ අහිමිවීමකින් කෙලවර විය හැකි කාලයකි.

කෙසේ වතත් කුජ ගුරුට අයත් ධනු රාශියට පැමිණීම සුබදායක බවක් ඇතිකරයි.ගෙවීගිය කාලයේ ඇතිව පැවති බොහෝ කරදර පීඩා සමනයවීමක් සිදුවනු ඇත.කෙසේ වතත් ලෝකය පුරා ආගම් විරොදී කැරලි තව දුරටත් වර්ධනයවේ.මිනිස් සිත තුල ආගම් , ඇදහීම් විස්වාසයන් පිලිබදව කලකිරීමක් ඇතිකරයි.ආගම දහම තුලින් මිනිසා දුරස්විය හැකිය.ශ්‍රී ලංකාව තුල හදිසි බූමි සම්පත් මතුවිය හැකිය.මැණික් පතල් තුල වැඩි වටිනාකමින් යුත් මැණික් මතුවේ.කම්කරුවා බලවත්වන කාලයකි.රාජ්‍ය ස්තාවරත්වය පාලකයන් ජනතාව වෙත දක්වන ඇහුන්කම් දීම මත රදා පවතී.කම්කරු ඉල්ලිම් බොහෝ දුරට සාර්තක වීමක් සිදුවිය හැකියි.පාලක පක්ෂයට ජනතාවගේ මතයට ගරු කිරීමට සිදුවේ.වැඩ වර්ජන රාජ්‍ය අස්තාවරත්වය ඇතිකරයි.රජය ජනතාවට හිස නමන අතර ආර්තිකයේ අස්තාවර බවක් ඇතිකරවයි.අසල්වැසි රාජ්‍යක් අමනාපවිය හැකිය.ආරක්ෂක පරිපාලන අංශයේ තනතුරු වෙනස්වීමක් සිදුවිය හැකිය.

මේෂ ලග්නය
    මේෂ ලග්න හිමියන්ට යෙදී ඇති ලග්න අශ්ටම ඒරාශ්ටක අපල තත්වයේ සමනයවීමක් කුජ මාරුව සමග සිදුවනු ඇත.ආත්ම ශක්තිය වර්ධනයවේ.පැවති කායිඛ මානසික පීඩා බොහෝ දුරට සමනය වේ.නිරොගී වේ.විවාහ අර්බුධ විසදා ගැනීමට අවස්තාව ලැබේ.වෙන්ව සිටි අය එක්වනු ඇත.නිතර ගමන් බිමන් යෙදේ.වියදම් වැඩිවේ.නෑනලා මස්සිනාලා අමනාපවීමක් සිදුවිය හැකිය.ඤාතියෙකුට විපතක් සිදුවිය හැකියි.

    වෘෂභ ලග්නය
    හදිසි වියදම් යෙදේ.විවාහ දිවියට බාධා ඇතිවේ.ඇතිව පැවති ගැටලු වර්ධනයවේ.අස්නීප තත්වයන් ඇතිකරවයි.හදිසි උණ , හිසේ කැක්කුම් ඇතිකරයි.හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේසම් විය යුතුයි.2017-01-24 වනදා චන්ද්‍ර අශ්ටම එරාශ්ටක අපලද ආරම්බ වන බැවින් කිසියම් විශේෂ අසුබ සිදුවීම් පෙළක ආරම්බය විය හැකියි.විවාහක ස්වාමියා හෝ බිරිදට යහපත් නැත.සිත් අමනාපකම් හෝ අඩුම තරමේ සහකරු අසනීපවීමක් හෝ සිදුවිය හැකියි.නරක ආරංචි අසන්නට ලැබේ.චිත්ත පීඩා වර්ධනයවේ.ණය වීමක් සිදුවිය හැකියි.බලාපොරොත්තු බිදීයාමක් සිදුවේ.

    මිතුන ලග්නය
    මිථුන ලග්නයෙන් හත්වැන්නට කුජගේ පැමිණීම සිදුවේ.ශරීර මහන්සිය ඇතිකරයි.සිත් කණගාටුවක් සිදුවිය හැකියි.උෂ්ණ රෝග ඇතිවෙමින් පැවතියේ නම් ඒවා වර්ධනය වීමක් ඇතිවේ.බඩ යටි බඩ සම්බන්දව දුර්වලතා ඇතිකරවයි.අධික ලෙස රගාධික විය හැකිය.විවාහයේ සිත් අමනාපකම් ඇතිවේ.හිතමිත්‍ර සබදතාවයන් බිදවැටීමක් සිදුවිය හැකියි.ඉවසීම අඩු , හදිසි කෝපය ඇතිවන කාලයකි.නිවසේ සාමයට බාධා ඇතිවේ.රැකියා ස්තානයේ දුෂ්කරතා මතුවේ.පරම්පරාවේ වැඩිහිටි ඤාතියෙකුට අසුබදායකයි.

    කටක ලග්නය
    බිදවැටී පැවති ප්‍රේම සබදතා හිතමිත්‍ර සබදතා නැවත යහපත් තත්වයකට පත්වේ.නව සබදතා ඇතිවිය හැකියි.උෂ්ණ රෝග ඇතිකල හැකිය.හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේසම් විය යුතුය.හදිසි අසනීප තත්වයක් ඇතිවන නමුත් ඉක්මන් සුවය ලැබේ.සතුරන් පරාජය වනු ඇත.පැවති මානසික කරදර පීඩාවන්ට විශේෂ සහනයක් ලැබෙනු ඇත.ආදායම සහ ලාබය සුබදායකවේ.උත්සව අවස්තාවන් ඇතිවේ.ආරාධනා ලැබේ.තම මාමා කෙනෙකුට අසුබ දායකයි.කෙසේ නමුත් කැපවීමෙන් මහන්සියෙන් කරනා කටයුතු මගින් ජය හිමිවන කාලයකි.

    සිංහ ලග්නය
    යෙදී පැවති බලවත් මානසික පීඩා , මානසික ආතතියට සහනය හිමිවනු ඇත.නිවසේ සමගියට කටයුතු සැලසේ.ආදායම් යහපත්වේ.ප්‍රේම සබදතා , හිතමිත්‍ර සබදතා දුර්වලවිය හැකිය.අමනාපකම් ඇතිවේ.චරිතයට හනියක් සිදුවිය හැකිය.සතුරන් ඇතිවනු ඇත.දරුවන්ට අයහපත්වේ.උදරගත රෝග ඇතිකල හැකියි.උෂ්ණ රෝග පීඩා ඇතිවේ.මෝඩකම් තමන් අතින් සිදුවේ.අතපසුවීම් , මගහැරීම් සිදුවිය හැකිය.නිශ්ඵල වියදමක් සිදුවේ.හවුල් කරුවන්ගේ බොරුවට හසුවීමට සිදුවිය හැකිය.

    කන්‍යා ලග්නය 
    ශරීර මහන්සිය , විඩාව , තෙහෙට්ටුව ඇතිකරයි.තමන් බලාපොරොත්තු නොවූ අය සමග සබදතා ඇතිවිය හැකිය.සිතේ මනසේ සමබර ගතිය දුරුවී යයි.මානසික පීඩා ඇතිවේ.පපුවේ හදවතේ සුලු වේදනාවන් හෝ ඇතිකරනු ඇත.නිවසේ ගෘහ ජීවිතයේ සාමයට බාධා ඇතිවේ.සහකරු හෝ සහකාරිය සමගද සිත් අමනාපකම් ඇතිකල හැකිය.දේපල සම්බන්දව කටයුත්තක් ඇතිවේ.සොර සතුරු බිය ඇතිවිය හැකිය.තම වටිනා භාණ්ඩයක් කැඩීබිදී යා හැකි , අනවශ්‍ය වියදමක් යෙදෙනා කාලයකි.

    තුලා ලග්නය
      වසර හතයි මාස හයක් පුරා පැවති සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලය අවසන් වන්නට ආසන්න මොහොතේ සිදුවන කුජ මාරුව යහපත්ය.ගෙවීගිය කාලයේ ඇතිවූ අයහපත සිහිපත්වේ.යහපත් බලාපොරොත්තු සහිතව අනාගත වැඩපිලිවෙලක් සැකසේ.යහපත් හිතමිත්‍ර සබදතා ඇතිවේ.නව භාණ්ඩ මිලදී ගැනීම් සිදුවනු ඇත.අලුත් ඇදුම් පැලදුම් මිලදී ගැනීම් සිදුවේ.සතුට ප්‍රිතිය ඇතිවනු ඇත.සහෝදර සහෝදරියන්ගෙන් , හිත මිත්‍රයන්ගෙන් උදව් උපකාර හිමිවනු ඇත.කම්සැප ලාබ ලැබේ.ක්‍රිඩාවෙන් ජය හිමිවන සැනසිලිදායක කාලයකි.

      වෘශ්චික ලග්නය
        මුදල් පිලිබද හානියක් , විශේෂ ආර්තික අලාබයක් සිදුවිය හැකිය.තම වටිනා , එදිනෙදා භාවිතා කරනු ලබන භාණ්ඩයක හදිසි අලුත් වැඩියාවක් ඇතිවේ.කට වචනය ප්‍රවේසම් කරගත යුතුය.සීමාව ඉක්මවා කතාවට යාමෙන් තමන්ට පාඩු සිදුවේ.පවුල් ජීවිතයේ සමගියට බාධා ඇතිවේ.විවිධ හදිසි අවශ්‍යතාවයන් මතුවේ.කලබලය සහිතයි.සතුරන් ඇතිවිය හැකියි.සිත් කණගාටු ඇතිව කාලයගතවේ.ස්වාමියාට හෝ බිරිදට අසනීප තත්වයන් මතුකල හැකිය.තන්නහව ඇතිවන කාලයකි.ඕනෑකමින් ඉතිරිකල ධනට හානියක් සිදුවිය හැකියි.

        ධනු ලග්නය
          ධනු ලග්නයෙන් උපන් ඔබට , කුජ ලග්නයට පැමිණීම සිදුවේ.හදිසි කෝපය , තරහව කලබලය ඇතිකරයි.හිසේ කැක්කුම් ඇතිවේ.උණ රෝග ආදී හදිසියේ ඇතිවන රෝගයන්ට ලක්විය හැකිය.ගෘහ ජීවිතයේ සාමයට සමගියට බාධා ඇතිකරවයි.විවාහ දිවියටද අසුබදායකවෙ.සිතේ කණගාටුව දුක ඇතිවූවත් අඪිශ්ටාණශීලී උත්සහයන් ඇතිවේ.උත්සහයෙ ප්‍රතිපල යහපත් නැත.දරුවන් සම්බන්දව විශේෂ වෙහෙස මහන්සියක් දැරීමට සිදුවනු ඇත.තම කටයුතු ප්‍රමාධවේ.අනෙකාගේ කටයුතු තමාගේ මෙන් කිරීමට සිදුවේ.වගකීම් වැඩි කාලයකි.රණ්ඩු සරුවල් ඇතිකල හැකිය.මුහුණේ හිසේ උෂ්ණ ගති ඇතිවේ.ප්‍රවේසමින් කාලය ගතකල යුතුවේ.



          මකර ලග්නය
          තදින් සිත් බිදීම් , කලකිරීම් ඇතිකරවයි.නිශ්ඵල වියදම් යෙදේ.විවිධාකාරයේ ප්‍රශ්ණ ගැටලු ඇතිකරයි.දේදේපල හානියක් හෝ හදිසි අලුත්වැඩියාවක් යෙදේ.සොර සතුරු බිය ඇතිකරයි.සිතේ මනසේ අස්තාවර බවක් ඇතිකරයි.හදිසි වැටීම් , තුවාලවීම් සිදුවිය හැකියි.හිතමිත්‍ර සබදතා බිදවැටිය හැකිය.ඤාතීන් සමග අමනාපකම් ඇතිවේ.දෝශාරෝපන , විවේචන අසන්නට ලැබේ.සතුරන් ඇතිවන කාලයකි.සතුරන්ගෙන් පරාජය වීමට සිදුවිය හැකියි.කොතෙක් යහපත කලද , ස්තුති ප්‍රසංසා නොලැබේ.ගෘහ ජීවිතයේ සාමකාමී බවට හානි ඇතිවනු ඇත,සහකරු හෝ සහකාරියට කිසියම් අයහපත් සිදුවීමක් යෙදිය හැකිය.අසනීපයක් හෝ ඇතිවේ.

          කුම්භ ලග්නය
          ආර්තික වාසියක් ලැබිය හැකිය.රැකියාවේ විශේෂ කටයුතු වගකීම් බාරගැනීමට සිදුවේ.පිලිගැනීමක් සහිත කාලයකි.ඔබ පිලිබදව අනෙකාගේ , සේවා ස්තානීය ප්‍රධානීන්ගේ පැහැදීමක් ඇතිවිය හැකියි.උත්සව අවස්තාවන් යෙදේ.හිතමිත්‍ර සබදතා ඇතිවේ.අසල් වැසි සබදතා වර්ධනයවේ.නිවාස දේපල සම්බන්දව කටයුතු කිරීමට සිටියේ නම් ඒවා ආරම්බයට සුබදායක වටපිටාවක් ගොඩනැගේ.මවට තරමක අයහපත් බවක් ඇතිවේ.සතුරන් පරාජයවේ.ආදායම් තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවෙන් කරනා කටයුතු සාර්තකවේ.රැකියා බලාපොරොත්තු ඔබට , එම බලාපොරොත්තු ඉටුවේ.දරුවන්ට අයහපත් බවක් ඇතිකල හැකියි.

          මීන ලග්නය
          වැඩිහිටි ඤාතියෙකුට විපතක් සිදුවිය හැකියි.නැතිනම් අමනාපවීමක් දුරස්වීමක් සිදුවිය හැකියි.දෙමාපිය සබදතාවය දුරස් බවක් ඇතිකල හැකිය.ණය වීම් ආදිය පැවතියේ නම් ඒවා ගෙවාඅ දැමීමට සැලකිය යුතු සහනයක් ලැබෙනු ඇත.දියුණුව සදහා ගන්නා උත්සහයන් සාර්තකවේ.බර වැඩ , වෙහෙසකර කටයුතු කිරීමට සිදුවේ.නමුත් මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබේ.රැකියාව සම්බන්දව ඉවසීමෙන් කටයුතු කල යුතුය.සේවකයන්ගේ විරුද්ධවීම් , අවනත නොවීම් ඇතිවිය හැකියි.පපුවේ ආබාධයන් මතුවේ.නිවාස දේපල කටයුතු සාර්තක කරගැනීමට අවස්තාව ලැබේ.කෙසේ උවත් මීන ලග්න හිමියන් බුද්ධිමත්ව කටයුතු කල යුතුය.දුර දිග නොබලා කරන කටයුතු තුලින් පාඩු සිදුවිය හැකියි.


          ඉහත ලග්න පලාඵලය ඒ ඒ ලග්න අනුව සාපේක්ෂ වශයෙන් සලකා ඉදිරිපත්කර ඇත.කෙසේ උවත් කුජ මහදසා , කුජ අතුරු දසා ගතකරන අයද ,සෙනසුරුගේ එරාශ්ටක අපලයන් ගෙවෙමින් ඇති අයද 2016-09-18 වනදා දක්වා සියලු ආකාරයෙන් ප්‍රවේසම්වීම , ආරක්ෂාවීම යහපති.

          sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
          ජනක පී කුමාර
          හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය