සත් දින තුළ ජප හතකට

අප ජීවත් වන නිවෙස්‌ තුළ මෙන්ම අපගේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන ස්‌ථානයන්හි පියවි ඇසට නොපෙනෙන අයුරින් ගැවසෙමින් අපගේ දියුණුවට බාධා පමුණුවන යක්‍ෂ, ප්‍රේත, භූත ආදී නොයෙක්‌ අහිතකර අශුභ බලපෑම් පැවතීම සාමාන්‍ය සිදුවීමකි.එසේ වීමට ප්‍රධානතම හේතුව නම් අප සමග එකට ජීවත්ව මිය යන අය එම අවස්‌ථාවේ සිතේ තම ඥතීන්ට, වතුපිටි ගේ දොර, ධනයට ආශාවෙන් ඒ පිළිබඳ ඇතිකරගත් තණ්‌හාවෙන් දුක්‌ වෙමින් ලතවෙමින් මිය යැමයි. එලෙස මරණයට පත්වන්නෝ ප්‍රේත, භූත, යක්‍ෂ යන ආත්මයන් ලබා අප අතරම සැරිසරයි.

එසේ අප හා එකට සිටිමින් දිනෙන් දිනම අපට කරදර බාධක ඇතිකරමින් ලෙඩ දුකට පත්කරමින් දියුණුව අඩාල කරමින් අපව පීඩාවට ලක්‌කරමින් ක්‍රියාකරයි. මේ තත්ත්වය වඩාත් උග්‍රවූ විට නිවාස තුළ ඇති බඩුභාණ්‌ඩ එහා මෙහා පෙරළීම, දොර ජනෙල් ඇරීම, වැසීම, කන කෑමට වැලි මිශ්‍ර කිරීම, නිදියන අවස්‌ථාවල බයකර නින්දෙන් අවදි කිරීම, ශරීරයේ හටගන්නා තුවාල සුව නොවීමට කටයුතු කිරීම ආදී සෑම ආකාරයකම බාධා ඇතිකර ජීවිතය එපාවන තරමට කලකිරවා දරුණු මානසික ආබාධවලින් පෙළෙන්නට සලස්‌වා අවසානයේදී ජීවිතක්‍ෂයට පවා පත් කිරීමට පවා පොළඹවයි. එවැනි අවස්‌ථාවන්ට මුහුණ දීමට සිදුවන ජන්මීන් තමන්ගේ නිවසට, ව්‍යාපාරික ස්‌ථානයට බලපාන්නා වූ එකී අමනුෂ්‍ය දොaෂයන් මගහරවා ගනිමින් තම සාර්ථකත්වය අපේක්‍ෂා කරමින් බොහෝ ශාන්තිකර්ම අනුගමනය කිරීමට පෙළඹේ.

මෙවැනි අවස්‌ථාවන්ට මුහුණ පාන්නට සිදුවූ "නැකත" පාඨක ඔබට නිවසේදීම සාදාගත හැකි සුවඳ ධූපයකින් උදේ සවස දුම් ඇල්ලීමෙන් සියලු අමනුෂ්‍ය දොaෂ දුරුකරගත හැකි ඉතා සරල ක්‍රමයක්‌ මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.

මේ සඳහා සැවැන්දරා, දේවදාර, කොහොඹ කොළ, වදකහ, සුදු හඳුන්, රත්හඳුන්, නාමල් රේණු, කපු ඇට, අගිල් ගුගුල්, සුවඳ කොට්‌ටන්, කස්‌තුරි ගෝරෝචන, විෂ්ණුක්‍රාන්ති සම සමව ගෙන හොඳින් වියළා කුඩුකර කට්‌ටකුමංජල් සමග මිශ්‍ර කර සාදාගත් ධූපය පහත දී ඇති මංත්‍රවලින් සතියේ දින හතේ ඒ ඒ දිනයට නියමිත මංත්‍රයෙන් දුම් ඇල්ලීමට අවශ්‍ය ප්‍රමාණය 21 වරක්‌ ජීවම් කර දිනපතා උදේ සවස නිවසේ ව්‍යාපාරික ස්‌ථානයේ බුඳුන් වැඳ සෙත්පිරිත් සඡ්Cධායනය කර දුම් කබලට පොල්කටු අඟුරු දමා දුම් ඇල්ලීමෙන් සියලු කරදර බාධක ගෙනදුන් අමනුෂ්‍ය දොaෂ දුරු වී සෞභාග්‍යය උදාකර ගැනීමට හැකිය.

ඉරිදා

ඕං හ්රීන් රවි බ්‍රහ්ම උර්ලාඩ් ශරගිනි දේහේන්ද්‍ර වරයමකාල හිර ත්‍රිංචි අග්නි ශර යම දේවතාවා ඔහුට මට විසිවර ඕඩු ගිනි කළුංබු මුච්චිරාඩ හුදගිනී වෙලාගත් මරු චලිත අග්නි ශර පෙරලුම්

සඳුදා

ඕං වරකාල චන්ද්‍ර බූමපු භ්‍රදය ගිනි යමදේව දේහේන්ද්‍ර හිර උපුටාවර ගිනි දේහේන්ද්‍ර ඉර්ලාඩ් කයිවීර වරයුම් සිවනාත වර ඔඩ්ඩි ගිනි දරණ මෙත්තේ පුර කදිර මුරිංචී

අඟහරුවාදා

ඕං හ්රීං කුජ දේව හර හරප්පු භූතරාම සුරප්පු ගිනි දරන අග්නිශර යමකාල කෙන පොරොත්තු ඉරි ඉක්‌කං වෙන්නේ ගිනි දරන නර පොරොත්තු වෙරළුම්

බදාදා

ඕං ත්‍රිංචි දරන හර නෙර්තපුර අග්නි සරපුර එට්‌ටු ඔට්‌ටු මෙත්තේ ගිනි සුරප්පු හර හර මුරිංචි 

බ්‍රහස්‌පතින්දා

ඕං ගුරු හස්‌ත ජප්පු හර හරන සුල ගිනි කඳට හෙලා රාමපුර තට්‌ටුගෙන අග්නි ශර මෙත්තේ පුරු

සිකුරාදා

ඕං ශුක්‍ර ගිනි දරණ පුර මට්‌ටු හෙන අග්නියම දේව පුරප්පු භ්‍රදය ගිනිපුරු

සෙනසුරාදා

ඕං ශනි ජීව භ්‍රදය ගිනි දේහේන්ද්‍ර සුරප්පු ගිනි දේහේන්ද්‍ර පුලකාම ගිනි ඔට්‌ටු ඔට්‌ටු හිර ගිනි මට්‌ටු.

Post a Comment

0 Comments