ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන් ගේ සල් උයනේදී පිරිනිවන් පෑමට ටික වේලාවකට පෙර සදෙව් ලෝ වැසි දෙවිවරුන් ශක්‍ර දේවේන්ද්‍රයා ද කැටිව එම පිරිනිවන් මංචකය කරා එළඹ සිටියෝය. බුදුරජාණන් වහන්සේ ශක්‍ර දේවේJද්‍රයා අමතා මෙසේ වදාළ සේක. "දේවේJද්‍රය..... සිහබා රජු පුත්තෙල විජය කුමරු සත් සියයක් පිරිවර ඇතිව ලාට රටින් ලක්‌දිවට බසින්නේය. දේවේන්ද්‍රය මාගේ සස්‌න ලක්‌දිව්හි මතු පිහිටන්නේය. එහෙයින් පිරිවර සහිත උහු ද මාගේ සස්‌න ද ලංකාවද මොනවට රකුවයි"Êවදාළ සේක.
ශක්‍ර දේවේJද්‍ර තෙමේ බුදුරජාණන් වහන්සේ සැලකළ එම කරුණ ඉතා ගෞරවයෙන් පිළිගෙන එකී කාර්යභාරය වහාම උපුල්වන් දෙවිඳුට භාර කළේය. උපුල්වන් දෙවිඳු යනු විෂ්ණු දෙවිඳු ය. නිල් පැහැ නිසා උපුල්වන් යන නම යෙදී තිබේ. විජය කුමරා ලක්‌දිවට ගොඩබසින දින විෂ්ණු දෙවිඳු පරිබ්‍රාජික (බමුණෙකුගේ) වේෂයක් ගෙන විජය කුමරුට මුණ ගැසෙන මානයේ ගසක් මුල වැඩහුන්නේය.
තවුසෙක් ලෙසින් විජයට මෙම පරිබ්‍රාජිකයා පෙනුනේ ඒ අසලට ගොස් "පිංවත් තවුසාණනි, මේ කවර දිවයිනක් දැ"යි විචාළේය. පරිබ්‍රාජික තෙමේ "මේ ලක්‌දිවය. මෙහි මිනිසුන් නැත්තාහුය. එහෙයින් තොට බියක් නොමවේ." යි කියා කෙන්ඩියෙන් විජයගේ අතට පැන් වත්කොට අත්හි හූය බැඳ අහසට නැඟ නොපෙනී ගියේය.
ඒ විෂ්ණු දෙවිඳු ලංකා භූමියත්, බුද්ධ ශාසනයත් ආරක්‍ෂා කිරීමේ භාරදූර වගකීමේ මුල්ම වැඩ ඇරඹුම වන්නේය. ඒ මහා වංශය ප්‍රකාශ කරන අන්දමය. එදා බුදුන් දවස උන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කොට තිසරණ සරණ ගියාවූ භාරතීය බෞද්ධ දෙවියෙක් ලෙස විෂ්ණු ඉතිහාසගතය. විජය කුමරුන්ගේ පැමිණීමත් සමඟ විෂ්ණු දෙවිඳු ලක්‌දිව හා බුදුÊදහම සුරකින කාර්යභාරය ඇරඹීය. විජයගේ අත පැන් වත්කොට අතෙහි නූලක් ගැටගසා ඔහුගේ මනස ශක්‌තිමත් කොට අහසට නැග නොපෙනී යැමෙන් එතුමන්ගේ ආශ්චර්යය විදහා දැක්‌වුයේය.
එවක් පටන් විෂ්ණු දෙවිඳු ලංකාවාසීන් වැදුම් පිදුම් කරන ප්‍රබල ගෞරවණීය දෙවියෙක් බවට පත්වෙයි. ඉන්දීය සම්භවයක් ඇති මේ මහේශාක්‍ය දෙවිඳුන් යුග ගණනාවක් අප රට තුළ බුදු සසුන මෙන්ම ලක්‌දිව ආරක්‍ෂා කිරීමේ කාර්යයේ නිරතව සිටී.
බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු කාලීනව හිංදු දර්ශනයට අනුව මේ ගතවන කාලය කලියුගය වෙයි. විශේෂයෙන් ම කලියුගය යනු අධර්මය රජවෙන යුගයයි. විෂ්ණු දෙවිඳු - කතරගම දෙවිඳු විශේෂයෙන් අසුරයන් හා යුද කොට ඔවුන් පරාජයට පත් කරන දෙවිවරුන් ය. අසුර යනු අධර්මය යන්නය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ නියමය මත ලක්‌බුදු සසුන මෙන්ම ලංකාද්වීපය ආරක්‍ෂා කිරීමේදී මේ කලිsයුගය තුළ මහත් වැඩ කොටසක් පවතිනු ඇත.
දෙවියන්ගේ පරමායුෂය ඉතා දීර්ඝය. තාවතිංශය නම් දෙව් ලොවේ දෙවියෙකුගේ ආයුෂය අවුරුදු තුන්කෝටි හැටලක්‍ෂයක් බව ධර්මයේ සඳහන් වෙයි. හින්දු සංකල්පයට අනුව ලෝක පැවැත්මකට යුග හතරක් අයත් වෙයි. එක් යුගයකට අවුරුදුÊපන්දහස් දෙසියවිසිපහක් අයත් වෙයි. කෘත - නේත්‍රා - ද්වාපර - කලියුග යනුවෙන් මෙම යුග හතර හැඳින්වෙන අතර දැන් ගතවන්නේ කලියුගයයි. ප්‍රධාන වශයෙන් ලෝ පැවැත්ම කල්ප වන අතර, එක් කල්පයකට මෙසේ යුග හතරක් එක්‌වන බව පැවසේ.
යුගයෙන් යුගයට දෙවිවරුන්ගේ පැහැය වෙනස් වන අතර කෘත යුගයේදී විෂ්ණු දෙවිඳු සුදු පාටින්ද, නේත්‍රා යුගයේදී රන්වන් පැහැයෙන්ද, ද්වාපර යුගයේදී රත් පැහැයෙන් ද මේ කලියුගය තුළ නිල් පැහැයෙන් ද යුක්‌ත වන අතර, ගුරුලෙකු වාහනය කොට කහ පැහැ වස්‌ත්‍රයකින් සැරසී රත් පැහැ උතුරු සළුවක් පොරවා රන් මිණි මුතු ආබරණවලින් සැරසී සිටී. එක් අතකින් ගත් සංඛයෙන් සෞභාග්‍ය - ජයග්‍රහණයත් තවත් අතක චක්‍රායුධයත්, යගධාවත් දරා සිටින්නේ අසුරයන් හා යුද වැදීම සංකේත කරමිනි.
මුලින් කී පරිදි අසුරයෝ වනාහී අධර්මවාදීන් ය. මිනිසුන් අතර ද අසුරයෝ සිටිති. සිතා මතා අනුන්ට කරදර කරන්නෝ, අනුන්ගේ දේ බලහත්කාරයෙන් පැහැර ගන්නෝ, සොරකම් කරන්නෝ, ප්‍රාණගාත කිරීම හෝ අනුබල දෙන්නෝ, පර පුරුෂ, පර ස්‌ත්‍රී කාම සේවනය කරන්නෝ හා කාම අපරාධ කරන්නෝ, අධික තෘෂ්ණාවෙන් පෙළෙන්නෝ, මත්පැන්වලට ජීවිතය මෙන් ආශාකරන්නෝ අසුරයන්ගේ ස්‌වභාව ඇත්තෝ ය. එසේම බරපතළ ලෙස පරමාර්ථ ධර්ම පාගා දමා සම්මුති ධර්ම සැපයි නිවැරැදියි කියා තදින්ම ග්‍රහණය කරන්නෝ ද අසුරයෝ ය. උදාහරණයක් ගත හොත් මිය යන විට රැගෙන යන සිත උසස් කර ගැනීම ගැන නොසිතා මියයන විට කුණු වී යන සිරුර පමණක් හැඩ වැඩ කර ගැනීමට උත්සාහ දැරීම ගත හැක. එය කොපමණ පුහු යථාර්ථයක් වී තිබේද?
මිනිසා ලොව පාලනය කිරීමේදී නීති රීති, ගුණධර්ම ඇති කොට ලොව පාලනය කරයි. නමුත් භෞතික දියුණුව වැඩිවීමත් සමඟ මිනිසා වේගයෙන් භෞතිකත්වයට වැටීමත් සමඟ ක්‍රමයෙන් ගුණධර්ම පිරිහීමට පත්වෙයි. එනිසා මනුෂ්‍යයා ඉහත කී ලෙස අශුභවාදීව වෙනස් වෙයි. එනිසා අසුර බලවේග තවත් වර්ධනය වෙයි. මෙවන් තත්වයන් පාලනය කිරීමේදී බුදුÊදහම ආරක්‍ෂා කිරීම මෙන්ම රට ආරක්‍ෂා කිරීම ද විෂ්ණු දෙවිඳුන්ගේ පරමාර්ථය වෙයි. එතුමා සතු බලය මිනිස් මනසකින් මැනිය නොහැක. විශ්ව මූලධර්ම වූ ආපෝ - තේජෝ - වායෝ - පඨවි යන ශක්‌ති කිසි දිනක මිනිසාට පාලනය කළ නොහැක.
වායෝ පීඩනය නිසා ජලය පීඩනය වීමෙන් සිදු වූ සුනාමි ව්‍යසනයනට කාට නම් වළකාලිය හැකිද? ඒ තුළින් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව ලක්‍ෂ ගණනකි. එකී ව්‍යසනයෙන් පසු ඉතිරි වූ මිනිසුන් අතර වඩාත් ආගමික ප්‍රබෝධයක් ද අපට දැක ගත හැකි විය. ආපෝ - තේජෝ - වායෝ - පඨවි යන මේ විශ්ව ශක්‌තීන් හා විෂ්ණු දෙවිඳුගේ ශක්‌තිය ද නොදෙවැනි බව සැළලිහිනි සංදේශයේ එන කවියකින් මෙසේ කියවෙයි.
පෙර උවි¹ ගෙන ගිරිදා සිඳු සලත
නැගි පැහැදා පෙණ සමුදා සැටි නුමුත
උවි¹ යනු විෂ්ණු දෙවිදුන්ය. ගෙන (ගිරිදා) යනු මන්දර පර්වතය අතට ගෙන (සිඳු සලත) යනු මුහුද කළඹන විට යන්නය. එයින් මතුපිටට මහා පෙන කැටි මතුවන අයුරු යනු ඒ කවි පද දෙකේ තේරුම වෙයි. මහමේරු පර්වතය වැනි පර්වතයක් අතින් ගෙන මුහුදට දමා එය කළඹනවා යයි කීම කෙතරම් ආශ්චර්යයක් ද? සුනාමි රළ පහර වුවද විෂ්ණු දෙවිදුන්ගේ අසුර යුද්ධයක් දැයි සැක සිතේ. සුවිසල් මන්දිර පවා බිමට සමතලා වෙද්දී බුදුÊපිළිම නිරුපද්‍රිත විය. සුනාමියෙන් පසු ආගමික ප්‍රබෝධය ද වර්ධනය විය. රූපගත කළ ඇතැම් දර්ශන අනිත්‍ය වඩන යෝගාවචරයන්ට කමටහනක් ද විය.
අධර්මය අඩපණ කොට ධර්මය ප්‍රචලිත කිරීම විෂ්ණු දෙවිඳුන්ගේ කාර්යභාරය වෙයි. භාරතයේ උන්වහන්සේගේ මූලස්‌ථානය වන අතර ලංකාවේ දෙවිනුවර විෂ්ණු මධ්‍යස්‌ථානය වෙයි. උන්වහන්සේ වැඩ සිටින්නේ දෙවියන්ට හිමි දෙව්ලොව තුළය. එහෙත් මෙලොවට උන්වහන්සේගේ වේෂ 10 ක් එවමින් කටයුතු කරයි. ඒ වේෂ 10 ය අවතාර ලෙස මෙසේ හඳුන්වයි.
01 වරහ අවතාරය, 02. කුර්ම අවතාරය, 03 වාමන අවතාරය, 04 කෘෂ්ණ අවතාරය, 05 රාම අවතාරය, 06 නරසිංහ අවතාරය, 07 පරසුරාම අවතාරය. 08 මත්ස්‍ය අවතාරය, 09 කල්කින් අවතාරය, 10 බුද්ධ අවතාරය යනුවෙනි. ලෝකයේ යම් අන්දමකට සත්වයාට පිහිට වීමේදී ඉහත කී අවතාර හෙවත් වේෂ 10 න් කුමන හෝ වේෂයකින් මෙලොව තුළ පෙනී සිටී.
දෙවියන්ගේ පිහිට ලැබීම දුෂ්කර කරුණක් බව කිව යුතුය. එසේ දුෂ්කර වන්නේ මිනිසකුට තිබිය යුතු ගුණධර්ම අවම වශයෙන් පංචශීල ප්‍රතිපදාවවත් නැතිවීම නිසා ය. අතොරක් නැති තෘෂ්ණාවන් තුළ ගිලෙමින් ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ හිතේ තදකරගෙන මිනිසා වැඩි වශයෙන් ජීවත් වීමේදී දෙවි පිහිට ලැබීම දුෂ්කරය. දෙවියන් නැතැයි ද දෙවියන්ට කළ හැක්‌කේ කුමක්‌දැයි ද ඔවුහු ප්‍රශ්න කරති.
දෙවියන්ගේ පිහිට පැතීම බෞද්ධයාට නොවටනේ යෑයි ඇතැම් යතිවරු පවා දොස් නඟති. එහෙත් බුදුරජාණන් වහන්සේ රතන සූත්‍ර දේශනාවේ මුල් ගාථා දෙකෙන් පවසා ඇති කරුණ එවිට බොරුවක් විය යුතුය. වරක් බුදුරජාණන් වහන්සේ මහානාම නම් වු බමුණා අමතා ගිහියන් වූ ඔබලාගේ කටයුතු සඳහා දහදිය වගුරා උපයා ගත් දෙයින් තමන් කැමති දෙවියකුට හෝ යක්‍ෂයකුට හෝ පුද පූජා තබා තමන් අදහස් කරන කටයුත්තට උදව් පිහිට ලබාගැනීම වරදක් නොවන බවය. වරදක් වන්නේ ඔවුන් සැබෑ විමුක්‌තිය යයි සිතා අදහන්නට ගියොත් පමණකි.
විෂ්ණු දෙවිඳුන්ගේ නිසි සත්‍ය ලෙසම පිහිට ලැබීමට නම් පංචශීල ප්‍රතිපදාව මෙන්ම කරුණා මෛත්‍රී ගුණයෙන් යුතු විය යුතුමය. මෙම ලිපියේ සඳහන් කර ඇති පරිදි අසුරයන්ට ගැනෙන දුර්ගුණවලින් යුතුව කුමන හෝ ඇබැද්දියකට මුහුණ දෙන අවස්‌ථාවක පූජා වට්‌ටියක් තබා විෂ්ණු දෙවිඳුට බාරවීම ප්‍රතිඵල දායක වේ දැයි සැක සහිතය. මිනිසාට තවත් මිනිසකුගේ සිතක් නොපෙනුනත් දෙවියන්ට අතට ගත් යමක් පෙනෙන්නාක් මෙන් මිනිස් සිතක යථා ස්‌වභාවය මනා ලෙස පෙනෙන්නේය.
යහපත් ධාර්මික මිනිසකුට පහනක් තබා දුක කී සැනින් පිහිට ලැබෙන බව අපගේ අත්දැකීම වෙයි. විෂ්ණු දෙවිඳුන්ට පහන් තැබීම හෝ සෙත් කවි ගායනා කිරීම හෝ සිදුවිය යුත්තේ මධ්‍යම රාත්‍රි 12.12 සිට 12.24 දක්‌වා කාලය තුළ ය.
ශ්‍රී විෂ්ණු, උපුල්වන්, වෙනුසුර, උවිඳු ආදී නම් පර්යාය නාම ලෙස භාවිතා කෙරේ¾ මේ කලියුගය තුළ බුද්ධ ශාසනය මෙන්ම ලංකාද්වීපයත් ආරක්‍ෂා කරන සුමන සමන්, කතරගම, පත්තිනි, මෙන්ම විෂ්ණු දෙවිඳු ද ප්‍රධානියා වෙයි. ඒ සක්‌දෙව් රජ බුද්ධ පරිනිර්වාණය අවස්‌ථාවේදී එම කාර්යභාරය විෂ්ණු දෙවිඳුට පැවරූ හෙයිනි.
උදේ සවස බුදුන් වඳින සෑම බෞද්ධයෙක්‌ම විෂ්ණු දෙවිඳුට පිං දීම මහඟු යුතුකමකි. එතුමාට පිං දෙන්නේ මේ ගථාවෙනි.
නීල වන්නෝ මහාතේජෝ
බලෝ ගුරුළු වාහනෝ
වෙන්හු නාමෝ දේව රාජා
ඉමං පුCඳ්C¹නුමෝදතූ
විෂ්ණු දෙවිඳුන්ට පිං පෙත් දෙමින් ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නටත්, සත්‍යාවබෝධයෙන් අධික තෘෂ්ණා මෙන්ම තෘෂ්ණාවේ ආදීනව තේරුම් ගන්නටත් හැකි කරුණා මෛත්‍රී මුදිතා ගුණ රැඳුන මිනිසුන්ට ඇරයුමකින් තොරව විෂ්ණු දෙවිඳු පිහිට වෙයි. මේ ස්‌ත්‍රොaත්‍රයෙන් උන්වහන්සේට ගෞරව වේවා·
ශංඛාධර දක්‍ෂිණස්‌ථ වාම හස්‌ත චක්‍රම්
ගංගාධර ප්‍රියංගනා භාතෘ දේව රාඥම්
ශාරීරික නීලංජන වර්ණජ්‍යෙdති වර්ණම්
ප්‍රානමාමිත විෂ්ණු දේව ශාන්ති දාන නිත්‍යම්
අගලවත්තේ බී. හේරත්
0 Comments