කොඳුඇට පෙළේ රෝග නසන ජීවකයාණෝ

ඒ වෙද මැඳුරට මා ඇතුළු වූයේ බොහෝ රෝගීන්ගේ ඉල්ලීම මතය. ඒ වන විටත් එහි රැඳී සිටි රෝගීන් අතර සුවපත් වූවෝ ද බොහෝ වූහ. පිරිසක්‌ ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටියදදීතවත් පිරිසක්‌ වෛද්‍යවරයාට ස්‌තුති කරන්නට පැමිණ සිටියහ.මේ කිසිවකු මගේ පැමිණීම එතරම් ගණනකට ගත්තේ නැත. ඔවුන් මා ගැන සිතන්නට ද ඇත්තේ කිසියම් රෝගයකට ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගියකු ලෙසය. එනිසාම ඉන් කෙනෙක්‌ මා අමතමින් ඔබටත් කොන්දේ අමාරුවක්‌ තිබෙන්නේ දැයි ඇසීය.

මා අපේක්‍ෂා කළ කාරණයට හොඳ ප්‍රවේශයක්‌ ලබුණා යෑයි සිතමින් තරමක ආබාදයක්‌ මටත් තිබෙනවා යෑයි කීවෙමි. ඒ සමගම ඔබේ අමාරුව කුමක්‌ දැයි මම ද ඔහුගෙන් විමසුවේ මේ වෛද්‍යවරයාගේ ප්‍රතිකාරය කුමන තත්ත්වයක තිබෙනවා දැයි ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමටය.

වසර කිහිපයක්‌ කොන්දේ ආබාදයකින් මම දුක්‌ වින්දා. ගත්ත ප්‍රතිකාර එකකින්වත් හරියාකාර සුවයක්‌ මට ලැබුණේ නැහැ. දොස්‌තර මහත්තුරුන්ගෙන් නම් මට ලැබුණේ වේදනා නාශක පෙති ටිකක්‌ පමණයි. ඒත් ඒ පෙති ගැනීමෙන් ලැබුණේ තාවකාලික සුවයක්‌ පමණයි. නැවත නැවත රෝගය මතු වුණා. ඊට පස්‌සෙ රෝගය උත්සන්න වූ නිසා මේ වෛද්‍යතුමා හමුවෙන්න ආවා. දින කිහිපයකට වඩා මට ප්‍රතිකාර ගන්න ලැබුණේ නැහැ. දැන් හොඳටම හොඳයි.

එතකොට ඔබ අද ආවේ මම අතුරු ප්‍රශ්නයක්‌ අසමින් ඔහු දෙස විමසිල්ලෙන් බැලීමි.

ඇත්තටම සතුටුමයි ඒ සතුට මාව මෙතෙන්ට එව්වෙ, අපේ දොස්‌තර මහත්තයට පිං දෙන්න.

"ඔබට දැන් දොස්‌තර මහත්තය හමු වුණාද?"

නෑ තවම නෑ මට හදිසියකුත් නෑ. මේ රෝගීන්ට ප්‍රතිකාර කරල ඉවර වුණාම හෙමින් හමුවෙනවා.

ලොව ඇති උතුම් වස්‌තුව සන්තෝෂයයි. සුවපත් වීම හෙවත් සැප විඳීම යන්නෙන් අදහස්‌ කරන්නේ ධාර්මිකව තම ඉඳුරන් පිනවමින් ලබන සතුට හෙවත් සන්තෝෂයයි. කුඩා ජීවියාගේ සිට මිනිසා දක්‌වා ඇති සෑම ප්‍රාණියකුගේම අපේක්‍ෂාව සතුට අත්පත් කර ගැනීමයි. එය ඉටුකර ගැනීමට කොතෙක්‌ සම්බාධක පැමිණියත් ඊට වෙහෙසීම ලෝක ධර්මතාවයයි. කෙසේ වෙතත් ආරෝග්‍යයෙන් තොරව එය භුක්‌ති විඳීම එතරම් පහසු නොවෙයි. සුවයේ නියම දොරටුව ආරෝග්‍යයයි. චිර ජීවනයේ හේතුවද එයයි. දොaෂ විෂමතාව රෝගය නම් රෝග සමතාව ආරෝග්‍යයයි.

ආරෝග්‍යා පරමා ලාභා සන්තුෂ්ඨි පරමං ධනං බුද්ධ දේශනාව සිහිපත් කිරීමෙන් මෙම ධර්මතාව වටහා ගැනීමට එතරම් අපහසු නොවෙයි.

මුලින් කී රෝගියාගේ මුවින් පිට වූ වචන කිහිපය මේ ධර්මතාවම නොවේ දැයි මට සිතෙද්දී පැය කිහිපයක ඇවෑමෙන් පසු මේ මහාචාර්ය සාගර කරුණාතිලක නම් වූ වෛද්‍යතුමන් මට මුණගැසීමට හැකි වූයේ තවත් රෝගීන් කිහිපදෙනකුට ප්‍රතිකාර කිරීමට තිබියදීය.

ස්‌වාභාවික හීලිම්පති වෛද්‍ය ක්‍රමයෙන් කොඳුඇට පෙළේ රෝග වගේම බොහෝ රෝග සුව කරන ජීවකයෙක්‌ හැටියටයි සුවපත් වූ රෝගීන් මට ඔබව හඳුන්වා දුන්නේ.

එතරම් විශ්වසනීයත්වයකින් හා ඉතා ගෞරවයකින් ඔබ සහ ඔබේ ප්‍රතිකාරයන් පිළිබඳ කතා කරන්න තරම් මේ හීලිම්පති වෛද්‍ය ක්‍රමය කියල කියන්නෙ මොකක්‌ද?

ලද විරාමයෙන් මා පැමිණි කාරණය ඉටුකර ගැනීම සඳහා වෛද්‍යවරයාගෙන් විමසුවෙමි.

අස්‌ථිවේදී වෛද්‍ය ක්‍රමය හෙවත් ඔස්‌ටියෝපති වෛද්‍ය ක්‍රමය ලෝකෙටම හඳුන්වා දුන්නෙ ඇමරිකානු ජාතික වෛද්‍යවරයෙක්‌. ඒ වෛද්‍යවරයා තමයි ඇන්ඩෘ ටේලර් කියල කියන්නෙ.

මම එංගලන්තයේ මේ වෙදකම අවුරුදු පහළොවක්‌ විතර ප්‍රගුණ කළා. ඒ විතරක්‌ නොවෙයි මම එහාට ගියේ නිකම්ම නොවෙයි අපේ රටේදි හෙළ වෙදකම වසර ගණනාවක්‌ හදාරලා. මේ හේතුවෙන්ම ඔස්‌ටියෝපති වෙදකම සහ අපේ හෙළ වෙදකම සංකලනය කරල කොඳු ඇට පෙළ ආශ්‍රිත සියලුම රෝගවලට සාර්ථක ප්‍රතිකාරයක්‌ කරන්න පුළුවන් බව මම සොයා ගත්තා. මේක තේරුම් ගත්ත. මම ගොඩක්‌ මේ පිළිබඳව පර්යේෂණ කළා. ඒකෙ ප්‍රතිඵලයක්‌ හැටියට මේ හීලිම්පති වෛද්‍ය ක්‍රමය ලෝකෙට හඳුන්වා දෙන්න මට හැකි වුණා. මම එහේදි පර්යේෂණවලින් හොයා ගත්ත මේ වෙදකම තුළින් රෝගීන් ලක්‍ෂ ගණනකට ප්‍රතිකාර කර සුවපත් කළා. ඒකට හොඳ නිදසුන් අපි ගාව තියනවා.

ආත්ම විශ්වාසයත්, ආධ්‍යාත්මික පාරිශුද්ධියත් රෝගීන් කෙරෙහි සානුකම්පත දෘෂ්ඨියත්, රෝග විඤ්Æණයත් හා ඖෂධ විඤ්Æණයත් සාර්ථක වෛද්‍යවරයකු උත්පාදනය කරන්නට මූලික වන්නාසේ මේ සියලු කරුණු එක්‌තැන් කර මහාචාර්ය සාගර කරුණාතිලක වෛද්‍යවරයා බිහිවී ඇතැයි කීවොත් එහි වරදක්‌ නැත. 

වර්තමාන සමාජයේ වැඩිපුරම දකින්නට ලැබෙන්නේ කොඳුඇට පෙළ ආශ්‍රිත රෝගවලින් පීඩා විඳින අයයි. ඒ අය නිතර ඉන්නේ ඉවසන්න බැරි වේදනාව දරාගෙනයි. බොහෝ අවස්‌ථාවලදී මෙවන් රෝගීන් බටහිර වෛද්‍ය විද්‍යාවට නැඹුරු වුණත් ඔවුන්ට අහන්න ලැබෙන්නේ මේකට ශෛල්‍යකර්මයක්‌ මිස වෙන ප්‍රතිකර්මයක්‌ නැහැ කියලා. එහෙත් අනෙක්‌ පැත්තට ඒ වෛද්‍යවරයාම නැවත කියනවා ශෛල්‍යකර්මයක්‌ කළොත් සමහරවිට හරියන්නත් වරදින්නත් පුළුවන් කියලා. ඇයි මෙහෙම දෙපැත්තකට කියලා ඇඟ බේරගන්නේ.

කොඳු ඇට පෙළ ආශ්‍රිතව නේ සුෂුම්නාව තියෙන්නේ. මේ සුෂුම්නාව සමග තමයි සියලු පංෙච්න්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් යම් විදියකින් කොන්දේ ශෛල්‍යකර්මයක්‌ කරන්න ගිහිල්ලා වැරදීමකින් හෝ මේ සුෂුම්නාවට කිසියම් හානියක්‌ වුණොත් ජීවිත අවදානම වැඩියි. මේ නිසා වෙන්න ඕනේ මේ කතාව කියන්නේ

එතකොට ඔබ කොඳුඇට පෙළ ආශ්‍රිතව රෝගවලට කරන ප්‍රතිකාරයේදී සුෂුම්නාව සැලකිල්ලට ගන්නේ නැද්ද?

ඇයි නැත්තේ ඒක මුල් කරගෙන තමයි අපි අනෙක්‌ ඒවාට සැලකිල්ල දක්‌වන්නේ.

ඔබගේ ප්‍රතිකාරයේදී කිසිම ඖෂධයක්‌ පාවිච්චි නොකරන බවයි මේ රෝගීන් කියන්නේ. මොකක්‌ ද මේ විශේෂත්වය?

මගෙන් ප්‍රතිකාර අරගෙන සුව වූ රෝගීන් කියන්නේ නිවැරැදි දේ. ඒක තමයි ඔවුන්ගේ අත්දැකීම.

අද සමාජයේ දක්‌නට ලැබෙන කොන්දේ ආබාධ ඇති අය බොහෝයි. ඒ අයට මේ ආබාධ ඇතිවීමට හේතු ගැන පැහැදිලි කළොත්?

කොඳුඇට පෙළ ආශ්‍රිතව රෝගාබාධ ඇතිවීමට ප්‍රධාන හේතුව තමයි කොන්දේ ඇති කශේරුකා නැත්නම් සඳමිදුලු වෙනස්‌වීම. මේ තත්ත්වයන් හමුවේ එම ස්‌ථානවල තියන ස්‌නායු තෙරපීමකට ලක්‌වෙනවාත් සමග රෝගී තත්ත්වයක්‌ ඇතිවෙනවා. මේ සමග රෝගියාට දැඩි වේදනාවක්‌ ඇතිවීම වළක්‌වන්න එතරම් පහසු නැහැ. මේ විදියට ඇතිවන ස්‌නායුවල තෙරපීම අභ්‍යන්තර ග්‍රන්ථිවලට දැඩි ලෙස බලපාන්න පුළුවන්. හදවත, පෙනහැල්ල, අක්‌මාව, වකුගඩු ආදී ඉන්ද්‍රියන් අඩපණ වෙන්නත් පුළුවන්. ඒ හරහා අංශභාග වැනි දීර්ඝකාලීන රෝගවලට ද ගොදුරු වෙන්න පුළුවන්.

මෙම ස්‌නායු තදවීම තුළින් වෛද්‍ය විද්‍යාවේ සඳහන් කශේරුකාවේ සී පද්ධතිය ටී පද්ධතිය හා එල් පද්ධතිය රෝගී වෙනවා. කොඳුඇට පෙළේ ආබාධ ඇතිවන්නේ මේ තත්ත්වය යටතේයි.

දැන් ඔබේ ප්‍රතිකාර ක්‍රමය අපි හැඳින්වූයේ හීලිම්පති වෛද්‍ය ක්‍රමය කියලනේ. කොටින්ම මෙම ප්‍රතිකාර ක්‍රමය ඔබ විසින් සොයාගත්ත ක්‍රමයක්‌. එහෙම නැත්නම් දේශීය වෙදකම පුළුල්ව අධ්‍යයනය කරලා ඊට අනුගත වෙලා ඒ පිළිබඳව පර්යේෂණ කරලා සොයාගත්ත නවතම ප්‍රතිකාර ක්‍රමයක්‌. මේක තමයි වත්මන් කාර්යබහුල සමාජයකට වඩාත්ම ගැලපෙන ප්‍රතිකාර ක්‍රමය. තවත් පැත්තකින් කියනවා නම් හෙළ වෙදකම යම් දවසක ඇරඹුණා ද එය අද වන තුරුත් වෙනසකට ලක්‌ නොවී ඒකාකාරී බවක්‌ උසුලනවා. ඉන් එපිට කිසියම් සොයා ගැනීමක්‌ හෝ එය වැඩිදියුණු කිරීමකට කිසිම කෙනෙක්‌ උත්සාහයක්‌ අරගෙන නැහැ. පරණ ඖෂධ වට්‌ටෝරු ක්‍රමය තමයි තවමත් අනුගමනය කරන්නේ. 

මෙවැනි යුගයක ඔබ විසින් මේ දේශීය වෛද්‍ය ක්‍රමය නව මාවතකට හරවලා තමන්ගේ පර්යේෂණ තුළින් මේ හීලිම්පති වෛද්‍ය ක්‍රමය ලෝකයට හඳුන්වා දීල තියනවා. එතකොට මේ වෙදකමෙන් කෙරෙන්නේ මොකක්‌ ද කියලා වඩාත් පැහැදිලි කිරීමක්‌ කළොත්?

අපගේ මේ සුවිශේෂී වෛද්‍ය ක්‍රමයෙන් වෙනස්‌වීමකට භාජනය වූ කොඳුඇට පෙළ නිවැරැදි කරන්න පටන් ගන්නවා. ඒ සමග රෝගියාගේ මානසික, ශාරීරික, මෙන්ම ආධ්‍යාත්මික ශක්‌තිය දියුණුකර ගැනීමත් සඳහා අවශ්‍ය උපදේශන සේවාවක්‌ ලබාදෙනවා. එවැනි රෝගීන්ට ආහාරපාන ලබාදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මෙන්ම එදිනෙදා කටයුතු කිරීමේදී නිවැරැදි ඉරියව් භාවිතය පිළිබඳව ද උපදෙස්‌ ලබා දෙනවා. මේ සියලු දේ තුළින් රෝගීන්ට සම්පූර්ණ සුවය ලබාදීමට අපි කටයුතු කරනවා. 

ඔබ මේ සොයාගත්ත හීලිම්පති හෙවත් සුවපත් කිරීමේ ප්‍රතිකාරයේදී සුව කළ හැකි රෝග පිළිබඳ හැඳින්වීමක්‌ කළොත්?

කොඳුඇට පෙළ සම්බන්ධව සියලුම රෝග, හිසේ රෝග, සන්ධි වේදනා, අස්‌ථි රෝග, හිරිවැටීම, ඇටමිදුළු හා කශේරුකා වෙනස්‌වීම, අස්‌ථි භග්න වීම, ස්‌නායු තෙරපීම, මානසික ආතතිය, පාකින්සන්, පැති කුදය, අංශභාගය ඇතුළු සියලු රෝගවලට හෙළ වෙදකම මුල් කරගෙන මම හොයාගත්ත මෙම හිලිම්පති වෙදකමෙන් සුවකර දෙනවාමයි. 

අවසාන වශයෙන් මම ඔබෙන් තව එක ප්‍රශ්නයක්‌ අහනවා. මේ දේශීය වෙදකම මුල්තැන්හිලා ඔබ සොයාගන්නා මේ හීලිම්පති වෙදකමේදී ඖෂධ භාවිතයක්‌ කරන්නේ නෑ කියලයි කියන්නේ. එතකොට බෙහෙත් පාවිච්චියෙන් තොරව කරන මේ ප්‍රතිකාරය සරළව විග්‍රහ කළොත්?

ඔබේ ප්‍රශ්නයට මට දෙන්න තිබෙන කෙටි පිළිතුර මේකයි. හීලිම්පති වෛද්‍ය ක්‍රමය කියන්නේ ස්‌වාභාවික වෙදකමක්‌. මේ වෙදකමේදී පීඩාවලින් තොරව කිසිම වෙලාවක ශෛල්‍යකර්මයක්‌ කරන්නේ නැති නිසා අතුරු ආබාධ ගැන අවදානමක්‌ නැහැ. රෝගියාට සුවපහසු මේ වෙදකම ඖෂධ භාවිතයෙනුත් තොරයි. මේ සියලු කරුණු නිසා හීලිම්පති වෛද්‍ය ක්‍රමය රෝගීන්ට ශාරීරික හා මානසික හා ආධ්‍යාත්මික වශයෙන් මහත් සැනසිල්ලක්‌ ගෙන දෙනවා. 

එහෙමනම් ඖෂධ භාවිතයෙන් තොර මේ හීලිම්පති වෛද්‍ය ක්‍රමය කියල කියන්නේ මගේ හිතත් ගතත් මුල් කරගෙන කරන ප්‍රතිකාර ක්‍රමයක්‌. 

මහාචාර්ය සාගර කරුණාතිලක වෛද්‍යවරයා ලොවට හඳුන්වා දෙනු ලැබූ හිලිම්පති වෙදකම මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වී තිබේ. කොඳුඇට පෙළේ ආබාධ නිසා වසර ගණනාවක්‌ අනේක දුක්‌ විඳි රෝගීන් සාගර කරුණාතිලක වෛද්‍යවරයාගේ හීලිම්පති වෙදකමෙන් සුවය ලබා සැනසීමෙන් ජීවත් වෙති.

එවැනි රෝගීන් කිහිප දෙනකුම අප හා ස්‌ව කැමැත්තෙන්ම එක්‌වෙමින් ඔවුනොවුන්ගේ රෝග සුව වූ අයුරු පැහැදිලි කළේ මේක ප්‍රාතිහාර්යක්‌ වැනි වෙදකමක්‌ යනුවෙන් හඳුන්වා දෙමිනි. 

මහාචාර්ය කරුණාතිලක වෛද්‍යවරයා විසින් හෙළ වෙදකම මුල්කරගෙන සොයාගන්නා ලද මේ හීලිම්පති වෙදකම ලෝකයාට හඳුන්වා දීම පිළිබඳව පොදුරාජ්‍ය මණ්‌ඩලයෙන් ඔහුට නයිට්‌ නාමයක්‌ ද පිරිනමා ඇත.

එංගලන්තය පමණක්‌ නොව ප්‍රංශය, ජර්මනිය, නෝර්වේ, ස්‌වීඩනය, ග්‍රීසිය, ඉතාලිය, ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව සහ ඇමරිකාව යන රටවලදීද කොඳුඇට පෙළ ආශ්‍රිත රෝගාබාධයන්ට ලක්‌ වූ රෝගීන් සිය දහස්‌ ගණනකට ප්‍රතිකාර කළ ඔහු තම මවුබිමට පැමිණියේ තමා විසින්ම සොයා ගනු ලැබූ වෙදකම තුළින් මෙරට රෝගීන්ට සුවයක්‌ අත්පත් කර දීමේ පරම පවිත්‍ර ෙච්තනාවෙන් බව අපි විශ්වාස කරමු

විමලසිරි අගලකඩ

Post a Comment

0 Comments