මූදේවිය පලවාහැර ශ්‍රී දේවිය කැන්දන අශ්වලාඩමේ වාසනාව

සූනියම් දෙවියන් හෙවත් ගම්භාර දෙවියන් ලෙස ශ්‍රී ලාංකීය ජනයා හඳුන්වන්නා වූ මෙම දේවාත්මය යුක්‌තිය පසිඳලන්නා වූද යහපතෙහි යෙදෙන්නන්ට යහපත් ප්‍රතිඵලද අයහපතෙහි යෙදෙන්නන්ට අයහපත් ප්‍රතිඵලද උදා කර දෙන්නා වූ අර්ධ දේව ස්‌වරූපයක්‌ද අර්ධ යක්‍ෂ ස්‌වරූපයක්‌ද සහිත දෙවි කෙනෙකි.

පුර පක්‍ෂයේදී දෙවියකු ලෙසත් අව පක්‍ෂයේදී යක්‍ෂයකු ලෙසත් ගමින් ගමට ගෙයින් ගෙට සංචාරය කරමින් අසරණ භාවයට පත් ජනයාගේ දුක සැප, නඩු අවනඩු සොයා බලමින් ඒ සඳහා නිසි විසඳුම් ලබාදී සිත් සතන් සනසාලීමේ මාහැඟි බලයක්‌ සූනියම් දේවතාවුන්ට ඇති බව අත්දැකීමෙන් පවසන්නෝ බොහෝ වෙති.

රාත්‍රී කාලයේදී සුදුවන් වස්‌ත්‍රාභරණයෙන් සැරසී ඉතාමත් ශාන්ත ස්‌වරූපයෙන් ගම්බිම්වල සැරිසරන බවත් එසේ සැරිසරද්දී ඒ අවට ප්‍රදේශයේ පිච්චමල් සුවඳ පැතිරෙන බවත් ජනතා විශ්වාසයයි.

අප වෙත පැමිණෙන සියලු කරදර බාධකවලින් ජයගෙන ජීවත්වීමේ හැකියාව සූනියන් දෙවියන් නැමදීමෙන් ලඟා කරගත හැකි අතර දිනපතා තිසරණ සහිත පංචශීලයෙහි පිහිටා ත්‍රිවිධරත්නය වැඳ පුදා සෙත්පිරිත් සඡ්ජායනයෙන් පසු ඉරිදා දිනයෙහි රාත්‍රී 9.00 -9.45 අතරද සඳුදා රාත්‍රී 9.00-9.45 අතරද අඟහරුවාදා රාත්‍රී 8.15 -9.00 අතරද බදාදා රාත්‍රී 9.00 -9.45 අතරද බ්‍රහස්‌පතින්දා රාත්‍රී 8.15 -9.00 අතරද සිකුරාදා රාත්‍රී 9.00-9.45 අතරද සෙනසුරාදා රාත්‍රී 9.45 -10.15 අතරද කාලය තුළ සුදුමල් සමග සුදුමල් මාලයක්‌ පූජා කර පහන් දල්වා සුවඳ දුම් පූජා කර උන්වහන්සේට පිං අනුමෝදන්කර සූනියම් දේව ශාන්තිය ගායනා කර අවශ්‍ය සෙත සලසා දෙනමෙන් ඉල්ලා සිටීම තුළ උන්වහන්සේගේ දයාව කරුණාව ලබා සැනසීම උදා කර ගත හැකිය.

සූනියම් දේව ශාන්තිය

1. ජනහිත ජනමත කුන්ද නිශාකර පරහිත නිතර 

ගුණන්ත ගුණං 

අරිජන ගණ ගජ කුම්භ විදාරණ ශොභන කෙශර රාජ සමඃ

තෙද බල සෙනා අධිපති සූන්‍යං දෙවොත්තම 

කරුණා හෘදයං

සිරිධිති ශ්‍රැතිමති අභය දදානති රක්‍ෂතු ආතුර ෙත්‍රෙකාලම්


2. ගිරි සිඛරායත පර්වත නිCධර ගොකුල රක්‍ෂිත ජන මධ්‍යං

පරහිත නිරත ගුණන්ත ගුණාදික වන්දන මාන ජනාධිපතිං

සුධවල ශාටක ධවල ජටාධර ග්‍රාමාන්තර වාසා භවනම්

ගුණ ගණ මණ සක ධාරණ දෙවත රක්‌ෂතු ආතුර ෙත්‍රෙකාලම්



3. අධරා නාසික නයනා ශ්‍රීවක ශිර්ෂා කෙශර කර්ණ යුගං

හෘදයා ශ්‍රොණිජ කුචයා ඌරුජ ජානුක බාහුද හස්‌ත තලං

උදරා ජෂ්ඨික අෂ්ඨික මිංජා දන්ත දන්ත මුඛ අංගුලිනං

අන්ත අන්ත ගුණ පිහකං ආදික දොෂ දොෂ ධස්‌ථා දෙවං

4. සෙම්හා බාධා පිත්තා බාධා වාතා බාධික රොගානං

සන්නී පාතා සෘතු විපයර්යාසා බාධික රොගා ප්‍රහනම්

කච්ජු ගණ්‌ඩා භගන්දරාදී ශුල විසූචික උණ රෝගං

දූරි භූතා රක්‍ෂ රක්‍ෂත්වං ලඬකා රක්‍ෂක ශුන්‍යං දෙවං

5. යක්‌ෂ ප්‍රෙතාදි අමනුෂ්‍යා දුර්භික්‌ෂා භය වඡ්ජිතං

රාඥා චෞරා අග්නි ජාලා ශත්‍රැභය වඡ්ජිත නිත්‍යාං

ස්‌වප්නා බාධා සර්ප සූකර වානර ශෘංගාලා මහිෂං

අන්ත්‍රා යන්ත්‍රා මන්ත්‍රා තන්ත්‍රා දොෂ නාසන තෙ රක්‍ෂං

6. අංගං කාලං පිල්ලිය ලෙඛා ප්‍රතිට්‌ඨිතා කොඩිවිණ ක්‍රෙමං

අන්තො පද්‍රව දිව්රුම් දොෂක විෂගිනි දොෂා භය නාශං

ශංඛා රොගා ධරණී කම්පා ග්‍රහදෝෂ, ජින්නා භින්නං

අං ඉං උං එං ඔං පංචාක්‌ෂර මහානුභාව දානා නිත්‍යාං

සූනියම් දෙවියන් සිය වාහනය ලෙස තෝරාගෙන ඇති අශ්වයා වෙතද හැමවිටම තම බැල්ම හෙළනු ලබන අතර මෙම අශ්වයාගේ පාදවල සවිකර ඇති ලාඩම ගෙවී ඉබේ හැලුනාට පසුව එය රැගෙන පිරිසිදු කොට සඳුන් කිරි පැනින් සෝදා ශාස්‌ත්‍රානුකූලව සකස්‌ කරගත් මල් බුලත් තටුවක තබා අති ප්‍රබල සූනියන් දැහැන් හතෙන් දස දහස්‌ වාරයක්‌ ජීවම් කර නිවසේ ප්‍රධාන උළුවස්‌සේ තැන්පත් කිරීමෙන් නිවසට ආරක්‍ෂාව සැලසේ. නිවසේ වෙසෙන සියලු දෙනාගේ දියුණුව ඇති වේ. ලෙඩදුක්‌ කරදර බාධක මගහැරේ. අඟහිඟකම් දුරු වී සෞභාග්‍යය උදාවේ. පිරිහීම් පාළු අඳුරු ගති දුරු වී යසස කීර්තිය උදාවේ. සොර සතුරු බිය අණ වින හදි හූනියම් වල බල බිඳී මූ දේවිය පලාගොස්‌ ශ්‍රී දේවිය ළඟාවීමෙන් දිනෙන් දින වාසනාවේ දියුණුව සමග සර්ව සෞභාග්‍යය ළඟාවේ.

ව්‍යාපාරික ස්‌ථානයේ තබා ගැනීමෙන්ද මේ ආකාරයේ සුබඵල උදා වී ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වනු ඇත.

ජ්‍යෝතිෂ්‍යවේදී 
රංජන් සිසිර කුමාර

Post a Comment

0 Comments