පාවිච්චි කළ දැව නව නිවාස සඳහා යොදාගන්නේ ප්‍රවේශමෙන්

මේ ලෝකේ පවතින ජීවී හෝ වේවා අජීවී හෝ වේවා ඒ සෑම දෙයකටම ආයුෂයක්‌ පවතින බවත් එසේ නැතිනම් ශක්‌තිය රැඳී පවතින කාලයක්‌ තිබෙන බවත් වාස්‌තු Rෂි විශ්වජිත් උතුමන් වාස්‌තු තන්ත්‍ර හී දක්‌වා තිබෙනවා. මෙහිදී ජීවින් හට ආයුෂයක්‌ තිබුණ ද අජීවි කොටස්‌ වලට එවැනි ආයුෂයක්‌ තිබෙන්නේ කෙසේ ද කියා ඔබට කුතුහලයක්‌ ඇති වේවි. එය අවබෝධ කර ගැනීම ඉතා පහසුයි. ඔබ සිතන්න ඉතාමත් තද ලෝහයක්‌ වන යකඩයන් වුවත් කාලයක්‌ ගතවී මේදී දිරීමට ලක්‌ වෙනවා සේම මහා විශාල ශෛල පර්වත පවා කාලයත් සමඟ ගෙවී යනවා. දිරනවා මෙය ලෝක ස්‌වභාවයක.a අපගේ තිලෝගුරු සම්මා සම්බදු රජාණන් වහන්සේ විසින් සියල්ල අනියත බව පෙන්වා දී ඇත්තේ ද මෙය ලෝක ධර්මතාවයක්‌ බැවිනි. 

වාස්‌තු ශිල්පයේ දී මෙම ජීවි ගුණය නැත්නම් ආයු කාලය ඉතා වැදගත් සාධකයක්‌ ලෙස පෙන්වා දී තිබෙනවා. ගෘහ හිමියාට ආයුෂයක්‌ තිබෙනවා සේම ගෘහයටත් ආයුෂයක්‌ පවතින බව Rෂි දහමේ උගන්වනවා. ශ්‍රී ලාංකික ජනතාවට වාස්‌තු ශිල්පයේ දැනුම බෙදා දෙන මෙම ලිපි පෙලේ අද ලිපියෙන් ඔබගේ අවධානය යොමු කිරීමට උත්සහ ගන්නේ ගෘහයක ජීවී ගුණය පවත්වා ගැනීම සඳහා ඔබට අවශ්‍ය දැනුම ලබාදීමට සහ නූතනයේ ඔබ විසින් නොදැනුවත්කමින් සිදුකරන ලබන වැරදි කිහිපයක්‌ නිවැරදි කරදීමේ අරමුණින්ය.

" ඉතා වටිනා පැරණි දොර ජනේල විකිණීමට ඇත" යනුවෙන් දැන්වීම් පුවරු ඔබ විසින් දැක ඇත. එසේම රටේ විවිධ ප්‍රදේශවල ව්‍යාපාරික වශයෙන් පැරණි නිවාස වලින් ගලවන ලද ගොඩනැඟිලි ද්‍රව්‍ය සහ දොර ජනේල මෙන්ම ගෘහ භාණ්‌ඩයන් ද අලෙවි කරනු ලබන ස්‌ථාන බහුලව තිබෙනවා. ඔබත් ඔබගේ නව නිවස සඳහා යොදා ගන්නා ගොඩනැඟිලි ද්‍රව්‍ය පිළිබඳව වාස්‌තු ශිල්පයට අනුකූලව කටයුතු කිරීමේ දී දැනුවත් විය යුතු කරුණු රාශියක්‌ පවතිනවා.

නව නිවාස සඳහා පැරණි දොර ජනේල භාවිතා කරන්න එපා

ගෘහයක්‌ සෑදීම යනු ඔබගේ ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්‌ථානයකි. ජීවිතයේ එක්‌ හැරවුම් ලක්‍ෂයක්‌ ලෙස හඳුන්aවා දිය හැකියි. එය මංගල කාර්යයක්‌ ලෙස වාස්‌තු Rෂිවරු පෙන්වා දී තිබෙනවා. එම නිසා ඔබගේ ගෘහය ඉදිකිරීමේ දී කිසිම විටක පැරණි නිවාස වලින් ඉවත් කරන ලද දොර උළුවහු හා ජනෙල් උළුවහු භාවිතා කිරීම නොකළ යුතු බව පෙන්වා දෙනවා. මා ඉහතින් පෙන්වා දුන් පරිදි සෑම දෙයකටම ජීවයක්‌ පවතිනවා. විශේෂයෙන් පැරණි නිවාස වල තිබු දොර උළුවහු වල එම ජීවි ගුණය රැඳෙන්නේ නැහැ. ඒවායේ ශක්‌තිය උපරිම වී ඒවායේ ශක්‌තිය බැස යන කාල පරාසය තුළ ඔබගේ නව ගෘහයට එක්‌කල විට ගෘහයේ දෝෂ බලවත් වෙනවා. ගෘහයක්‌ සඳහා එක්‌කර ගනු ලබන දැව කොටස්‌ සෑම විටම ශක්‌තියේ පූර්ව භාගයේ තිබෙන ඒවා විය යුතුයි. එම නිසා දොර ජනේල සඳහා නව දැවම යෙදීම අනිවාර්ය සාධකයක්‌ ලෙස පෙන්වා දිය හැකියි. ඔබ සමහර විට ආර්ථික වශයෙන් සිදුවන ලාභය ගැන සිතා එවැනි තීරණ වලට එලඹෙනවා විය හැකියි. ආර්ථික වශයෙන් ඔබ සිදුවන ලාභයට වඩා විශාල ගුණයකින් ඔබහට සිදුවන ගුණාත්මක පාඩුව අධික බව සිතිය යුතුයි. එසේම පැරණි නිවාස වලට යෙදූ දොර ජනේල වලට යම්කිසි ශක්‌ති රටාවක්‌ ආරෝපණය වී තිබෙනවා. පෙර ගෘහයේ තිබු එම ශක්‌ති ධාරවන් එම දොර ජනේල වල ගැබ්වී තිබෙනවා. ඒවා තිබූ නිවසේ දෝෂ නොතිබුණා නම් එම දොර ජනේල මෙසේ ගැලවී නැවත වෙන්දේසිsයේ විකිණෙන්නේ නැහැ. දෝෂ තිබු නිසා තමයි ගෘහය අකාලයේ මිය ගොස්‌ දොර ජනේල් විකිණෙන්නේ මේ නිසා ඔබගේ නව ගෘහයටත් පෙර තිබු නිවසේ දෝෂ බලවත් වීමේ අවදානම නිරතුරුවම පවතින බව මතක තබා ගත යුතුයි.

වහලය සඳහා පැරණි දැව යොදාගැනීම නොකළ යුතුයි.

දොර ජනේල වලට අමතරව ඔබ විසින් බහුලව භාවිතා කරනු ලබන තවත් ගොඩනැඟිලි ද්‍රව්‍යයන් ලෙස වහලයේ දැව පෙන්වා දිය හැකියි. වහලය සඳහා ද පරණ නිවාස වලින් ගැලවූ යටලී බාල්ක, කුරුපා පරාල, ආදිය යෙදීම ඉතාමත් අයහපත් බව පෙන්වා දෙමි. මෙසේ යෙදීම අයහපත් වන්නේ ඇයි ද කියා ඉහතින් ද ඔබට පෙන්වා දුන්නා. වහලයේ දැව තබන්නේ නැකතකට ඒවා සීහුම් කොට ආධ්‍යාත්මික තරංග වලින් එකිනෙකට බැඳී පවතිනවා. පැරණි වහලය එම නිවසේ විශ්ව ශක්‌තිය සම්ප්‍රේක්‍ෂණ කල ප්‍රධාන මෙවලමක්‌ ලෙස ක්‍රියාත්මක වුණා. එම විශ්ව තරංග වල ස්‌වභාවය යහපත් වූවා නම් එම වහලය අකාලයේ ගැලවෙන්නේ නැහැ. අයහපත් තරංග වලට, හැඩගැසීS තිබූ එම දැව කොටස්‌ ඔබගේ නව නිවසේ වහලයට එක්‌ කල විටද පැරණි හැඩ ගැසීම් අනුවම ක්‍රියාත්මක වීමේ හැකියාව පවතිනවා. මෙය ඔබගේ නව නිවසේ වහලය දෝෂ වලට ලක්‌වීමට සහ යහපත් තරංග අහිමි කරවීමට හේතු විය හැකියි. එම නිසා පැරණි වහලවල් වල තිබු දැව නව නිවාස සඳහා යොදා නොගැනීමට බුද්ධිමත් වන්න. පැරණි නිවාස වල ගැලවූ දැව කොටස්‌ නව නිවාස වලට යොදා ගැනීම නොකළ යුතු වන්නේ ප්‍රධාන කරුණු කිහිපයක්‌ නිසා බව වාස්‌තු ශීල්පයේ පෙන්වාදී තිබෙනවා. 

* එම දැව වල ජීවි ගුණය ක්‍ෂය වී තිබීම.

* පැරණි නිවසේ දෝෂ වලට එම දැව හුරුවී තිබීම.

* දැවවල ඇති ඉතා කුඩා ක්‍ෂුද්‍ර සිදුරු කොටස්‌වල පැරණි භූමියේ සහ ගෘහයේ බලවත්ව සිටි සීයුම් ශරීර කොටස්‌ ජීවත් වීම.

* පැරණි ගෘහයේ පැවති අයහපත් තරංග රටා ගැබ්ව තිබෙන පැරණි දැවයන් නිසා නව නිවසේ සියලු කොටස්‌ දුර්වල වීම.

ඉහතින් පෙන්වා දුන් ආකාරයට ඔබගේ නව ගෘහයේ වාස්‌තු දෝෂ බලවත් කිරීමට පැරණි දැව භාවිතය ද හේතුවන බව ඔබට දැන් මනාව පැහැදිලි වෙනවා ඇති. සුළු ආර්ථික වාසියක්‌ උදෙසා විශාල අනර්ථයක්‌ ඔබගේ ගෘහයට සිදු කර ගන්න එපා. ඔබ විසින් පැරණි නිවාස වලින් ඉවත් කළ දැව කොටස්‌ ඔබගේ නව ගෘහයට එක්‌කිරීම නොකළ යුතුම දෙයකි. 

පැරණි දැව එක්‌කල හැකි අවස්‌ථා

පැරණි දොර ජනේල හා වහලයේ දැව ඔබගේ නිවසට එක්‌කල හැකි අවස්‌ථාවන් ද පවතිනවා. එවැනි අවස්‌ථාවක්‌ ලෙස පෙන්වා දිය හැක්‌කේ, ඔබගේ ගෘහයේ කිසියම් වෙනසක්‌ සිදුකරනු ලබන අවස්‌ථාවක ඔබ විසින් පෙරදී භාවිතා කල දොර උළුවහු වහලයේ දැව ආදිය ඔබට නැවත භාවිතා කිêමේ හැකියාවක්‌ පවතිනවා. ඒ තුළින් කිසිම දෝෂයක්‌ හට නොගන්නා බවද පෙන්වා දෙමි. එසේම ඔබගේ වහලයේ සෙවිලි තහඩු හෝ වෙනත් ඕනෑම කොටසක්‌ එම නිවසේම කටයුතු සඳහා නැවත යොදා ගැනීමේ හැකියාව ද පවතින අතර එවැනි කටයුතු සඳහා සුභ මුහුර්තිය බලා නිසි දිශාවෙන් ද නිසි දිශාවෙන් අන=කූලව කටයුතු කිරීමට මැනවි.

පැරණි ගෘහ භාණ්‌ඩ සහ පැරණි ශෛල කොටස්‌ නව නිවසට එක්‌ කරන්න එපා

නූතනයේ දී බොහෝ පිරිස්‌ අතර "ඇන්ටික්‌ස්‌ උන්මාදයන්" පැතිරී පවතිනවා. මෙය පැරණි ගෘහ භාණ්‌ඩ එකතු කිරීමේ සිට තමන්ගේ ගෘහයේ සියලු කොටස්‌ සඳහා පැරණි දෑ යොදා ගැනීම සිදු වෙනවා. මෙය ඉතාමත් වැරදි සහගත වාස්‌තු දෝෂ බලවත් කරන ක්‍රමවේදයක්‌ ලෙස හඳුන්වා දිය හැකියි. වාස්‌තු ශිල්පයේ දී නිවසක්‌ නිවසක්‌ ලෙසට පවත්වා ගැනීමට උපදෙස්‌ ලබා දී තිබනවා. එසේ වුවද නූතනයේ සමහර නිවාස කෞතුකාගාර වී ඇති බව පෙනී යනවා. මෙය පුද්ගල අභිරුචිය වුවද එවැනි දෑ තුල මතුවන වාස්‌තු දෝෂ වලින් මිදීමට ඔහුට හෝ ඇයට හැකිවන්නේ නැහැ. පැරණි ගෘහ භාණ්‌ඩ සමඟ නිවසට විවධ දෝෂ පිටතින් පැමිණීම සිදුවෙනවා. එය හරියට පරිගණකයට වෛරස්‌ ඇතුල්වෙනවා වගේ වැඩක්‌ මේ නිසා ඔබගේ ගෘහයේ ආරක්‍ෂාව ගැන නිරතුරුව සීතා මෙම වාස්‌තු ආරක්‍ෂිත උපදෙස්‌ නිසි පරිදි අවබෝධකර ගන්න.

පැරණි ගෘහ භාණ්‌ඩ නිසා නිවසට පහත සඳහන් දෝෂ බලවත් විය හැකියි.

* නිවසේ ජීවී ගුණය පිරිහීම

* විවධ අමනුෂ්‍ය කොටස්‌ ගෘහයට ඇතුල් වීම.

* ගෘහ භාණ්‌ඩ වල පෙර අයිතිකරුවන්ගෙන්a සියුම් ශරීර කොටස්‌ නිවසට ඇතුල් වේ.

* පැරණි ගෘහයේ තිබු ගෘහ භාණ්‌ඩ ඔබගේ ගෘහය සමඟ ඇතිකරගනු ලබන සම්බන්ධතාවය ඔබට හිතකර නොවීම.

ඉහතින් පෙන්වා දුන් කරුණු අනුව එම දෝෂයන් බලවත් වීමෙන් ඔබගේ ගෘහයේ ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල තුළින් ඔබට දැනෙන බලපෑම් පහත පරිදි විය හැක.

* ඔබගේ පරම්පරාව යාවත්කාලීන නොවීම

* සතුරු කරදර බහුල වීම

* විවාහය අසාර්ථක වීම

* දරුවන් අකීකරු වීම

* ධන විනාශය

* රෝග පීඩා බහුල වීම

සුළු ආර්ථික ලාභයකට හෝ ඔබගේ පෞද්ගලික රුචියකට ඔබ විසින් පැරණි ගෘහ භාණ්‌ඩ ඔබගේ නිවසට එකතු කර ගැනීම තුළින් ඔබට සිදුවන අයහපතක තරම දැන් ඔබට මනාව වැටහෙනු ඇත. මේ ආකාරයට පැරණි නිවාස ද්‍රව්‍ය හෝ පැරණි ගෘහ භාණ්‌ඩ භාවිතා කිරීමට ඔබට සිත්a පහල වන්නේම ඔබගේ අකුසල් බලවත් වන විටදී බව මතක තබා ගන්න. මේ නිසා ඔබගේ නව නිවසට වාස්‌තු සිද්ධාන්ත වලට අනුව ගොඩනැඟිලි ද්‍රව්‍ය සහ ගෘහ භාණ්‌ඩ යොදාගෙන විශ්ව ශක්‌තියට ලංවී වාස්‌තු දෝෂ වලින්a මිදුණු ක්‍ෂේම භූමියක්‌ බවට පත් කර ගත් ජීවි ගුණය නිරෝගි සම්පත සහ ධන ධාන්‍යයෙන් ආඨ්‍යව කීර්තිමත්ව දරු මුණුබුරන් සමඟ ලෞකික සැප බලවත් කරගැනීමේ වාසනාව උදා කර ගැනීමට සියලු ලෝ වැසියන්a කැමති විය යුතුයි. 

වාස්‌තුවිද්‍යා විශාරද පේරාදෙණියේ ඩි.යු. සෙනරත්

Post a Comment

0 Comments