තමන්ගේම නිවසක් සාදා ගැනීමේ සිහිනය සමාජයේ සියලු දෙනා තුළම ඇති බාලාපොරොත්තුවකි. එය සිහිනයක් සේම සමාජ වගකීමක් සහ යුතුකමක් ලෙසද සැලකිය යුතු වේ. මානව සමාජයේ කුඩාම ඒකකය ලෙස සැලකෙන්නේ පවුලයි. පවුලක් නම්, එම පවුලට ගෘහයක් නැත්නම් නිවසක් තිබීම අත්‍යවශ්‍ය කාරණයකි. නිවස තුළින් පුද්ගලයකුට ලැබෙන මූලිකම කරුණ වන්නේ, අව්වෙන්, වැස්සෙන්, පින්නෙන් ආරක්ෂා වීමයි. ආරක්ෂාව මෙන්ම තමන්ගේ ජීවිත සුරක්ෂිතාවය සහ සැපවත්ව පවත්වාගෙන යැමටත් තමන්ගේ දරු මුණුබුරුන් රැකගැනීමටත් නිවස උදව් වෙනවා. මෙම කරුණු මූලික කරුණු වුවද නූතනයේ මෙම මූලික කරුණුවලට වඩා එහාට ගිය සමාජ තFවය හා පන්තිය, පරම්පරාව, බලය, කීර්තිය, කුලගොත්, ධනය ආදී දෑ ඉස්මතු කොට පෙන්නීම සඳහා ද ගෘහය යොදාගෙන තිබෙන බව පෙනී යනවා.
පෙරකළ මෙම බෙදීම එතරම් සංකීර්ණ නොවූ අතර, රජ මැදුරු, සිටු මැදුරු, අමාත්‍ය, ආරක්ෂක, ප්‍රභූ ආදී ලෙස ගෘහයන් වර්ග වූ බව පෙනී යන අතර නූතනයේ දී මෙම තFවය තරගකාරී ලෙස සංකීර්ණ වී ඇති බව කිව යුතුයි. කෙසේ වුවද නිවසක් සාදා ගැනීම සියලු ලෞකික මිනිසුන්ගේ එක් මූලීක අභිප්‍රාය ලෙස පෙන්වා දිය හැකි අතර එසේ ඉදිකර ගනු ලබන නිවසක් සෑබෑ ලෙසම ගෘහ මූලිකයාට නතු කර ගන්නේ කෙසේද? එසේ නොමැති නම් සීහුම් කර ගන්නේ කෙසේද? යන්න පිළිබඳව ඔබව දැනුවත් කිරීම මෙම ලිපියේ මූලික අරමුණ වේ.
නිවසක් ගෘහ හිමියාට යා දෙන්නට නම්, නිවස නිසි ලෙස බලගැන්වීය යුතුයි.
ඔබ විසින් සාදන ගෘහය මූලිකවම ඔබට බලගන්වා ගත යුතුයි. එනම් එම ගෘහය ඔබට නතු කර ගත යුතුයි. මේ ගැන නූතන සමාජයේ බොහෝ දෙනා දන්නේ නැහැ. ලස්සන සැලසුම්වලට විශාල වියදම් කරලා ගෙවල් හදනවා. ඒ වුනාට ඒ ගෙය ඔබට බලගැන් වී නැත්නම් එම ගෘහයේ ඇති ශක්තීන්ගෙන් ඔබට යහපතක් වෙන්නේ නැහැ. මේ ගැන පුංචි උදාහරණයකින් පැහැදිලි කර දෙන්නම්.
මවක් දරුවෙකු බිහිකොට එම දරුවා වෙනත් මවකට හදාවඩා ගන්නට දුන්නට පසු අම්මා කියන්නේ දරුවා බිහිකළ අම්මාට ද? නැත්නම් දරවාව හදාවඩා ගත් අම්මාට ද? ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. දරුවා හදාවඩාගත් මව දරුවාගේ ලෝකයේ අම්මා වනු ඇත. මේ ආකාරයටම ඔබ නිවසක් සෑදුවට කලාට එම නිවසට සහ භූමියට නීතිHdනුකූල අයිතිකරුවා වූවාට එම නිවස සෑදීමට ධනය වියදම් කළාට ඔබ එම නිවසේ සැබෑම අයිතිකරුවා වන්නේ නැහැ. වාස්තු ශිල්පයේ අරුමය මෙයයි. වාස්තු ශිල්පය යනු හුදෙක් ගෘහයක් නිර්මාණය කිරීමේ භෞතික ක්‍රියාවලියක් නොවෙයි. වාස්තු ශිල්පය තුළ ආධ්‍යාත්මික පැතිකඩක් ද තිබෙන බව මතක තබා ගත යුතුයි. වාස්තු ශිල්පයේ සඳහන් මූලධර්මයන්ට අමතරව වාස්තු ශිල්පයේ සඳහන් වත් පිළිවෙත් තුළින් ගෘහයේ ගෘහ මූලිකයාට එම ගෘහයේ සැබෑ හිමිකාරිත්වය ලබා දෙන බව මතක තබා ගන්න. ඔබත් ගෘහයක් සැදීමේ දී ඔබගේ ගෘහයේ ඔබට නතු කර ගැනීමට අවැසි වාස්තු වත් පිළිවෙත් නිරතුරුවම ඉෂ්ඨ කිරීමෙන් ඔබගේ ගෘහය ඔබට සීහුම් කර ගත හැකි වෙනවා.
භූමි ප්‍රවේශය
නිවස සාදන භූමියට ගෘහ මූලිකයා ප්‍රවේශ වීමේදී ඉරිදා, අඟරුවාදා, දිනයක හැර වෙනත් දිනයක " රාහුලකාලය පන්නා සුභ මුහුර්තියෙන් දකුණු පාදය පෙරට තබා නිරිත - ඊශාන හෝ ඊශාන - නිරිත දිශාවෙන් භූමියට ප්‍රවේශ වීම මැනවි. මේ තුලින් ගෘහය සාදන භූමියේ වෙසෙන භූමි ඥාතීන්ව තමන්ට අවනත කර ගැනීමේ ශක්තිය සහ හැකියා ලැබෙනු ඇත. මෙම ප්රවේශයේ දී බෙලි ගෙඩියක් සහ කොහොඹ කොළ මිටක් අතැතිව ප්‍රවේශ වීම ඉතා යහපත් වේ.
භූමි ඥාතීන්ගෙන් අවසර ගැනීම
ගෘහ හිමියා විසින් ගෘහය සෑදීම සඳහා දින වකවානු තීරණය කළ පසුව මුල්ගල තැබීමට පෙර දිනයේ භූමි ඥාතීන් උදෙසා ගම්භාර දෙවියන්ගේ මූලිකතවයෙන් බහිරව දේවතා පූජාවක් පැවැත්වීම කළ යුතු අතර මේ සඳහා මස් මාංශ සහ පුළුටු වර්ග භාවිතා නොකළ යුතු අතර බහිරව පූජාවට පෙර දිනයේ සිට නිර්මාංශව සිටීම ඉතා යහපත් අතර මුල්ගල තබා අවසන් වී දිනයක් යනතුරු නිර්මාංශ ව සිටීම ද ඉතා යහපත් මේ මේ සියලු කටයුතු සඳහා ගෘහ මූලිකයා මුල්තැන ගත යුතු වේ.
මුල්ගල තැබීම
ගෘහයන් සඳහා මුල්ගල තැබීම ඉතාමත් වැදගත් වාස්තු පිළිවෙතක් වන අතර මේ තුලින් ගෘහ හිමියා නිවස සෑදීම සඳහා විශ්වය හා ලියාපදිංචි වීම සිදුකරනු ලබයි. මුල්ගල තැබීමට ප්‍රථම කුඤ්ඤ සිටුවීම සිදුකළ යුතු අතර ඒ සඳහා බෙලි හෝ කොහොඹ කුඤ්ඤයක් භාවිතා කොට කොහු ලණු ඇදීම දක්ෂිණා වෘත්තව සිදුකළ යුතුයි. මෙය ගෘහ මූලිකයා විසින්ම කළ යුතුයි. ඉන් පසුව එළඹෙන මංගල පස් පිඩැල්ල කැපීම ද ගෘහ හිමියා විසින්ම සූබ දිශාව බලා ගෘහයේ ඊශාන කොටසේ සිදුකළ යුතු අතර මංගල පස් පිඩැල්ල ජලයේ පාකර හැරීම ද කළ යුතුවේ ඉන්පසුව එළඹෙන ඉතාමත් වැදගත්ම අවස්ථාව වන්නේ මුල්ගල තබන අවස්ථාවයි. ගෘහයකට මුල්ගල තැබීම නිසි පරිදි සිදුකළ යුතු අතර එය වරද්දා ගන්නා සෑම විටම නිවසේ ඉදි කිරීම් ප්‍රමාද වන බව පෙන්වා දෙමි. එසේම ගෘහ හිමියා හා නිවස අතර ඇති සම්බන්ධය බලගැන්වෙන්නේ, මුල්ගල මÍsනි. එබැවින් මුල්ගල තැබීම අනිවාර්යෙන්ම ගෘහ මූලිකයා නැත්නම් ගෘහ හිමියා විසින්ම තැබීම කළ යුතුම දෙයක් ලෙස වාස්තුවේ සඳහන් කොට ඇත. නූතනයේ දී සමහර අවස්ථාවල තමන්ගේ ජන්ම පත්‍රය අනුව තමන්ට අපල තිබෙන නිසා බිරිඳ හෝ ළමයින්ට මුල්ගල තැබීම සුදුසු බවට වැරදි උපදෙස් ලබාදෙන දෛවඥයින් සිටී. මෙය කිසිම විටක නොකළ යුතු දෙයක් ලෙස පෙන්වා දෙන අතර, තමන්ගේ ජන්ම පත්‍රයේ කොපමණ අපල උපද්‍රව තිබුණත් ගෘහයකට මුල්ගල නොතැබීමට එවැනි තFවයක් ප්‍රබල හේතුවක් නොවේ. අපල උපද්‍රව තිබුණත් ඔබ විසින් ගෘහයේ කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඔබගේ අකුසල් යටපත් වී කුසල් මතුවනු ඇත. ඊට හේතුව ඔබ විසින් සිදුකරනු ලබන්නේ මංගල කාර්යයක් බැවිණි. එම නිසා කිසිම විටක මුල්ගල තැබීම වෙනත් අයෙකුට නොදිය යුතු අතර ගෘහ මූලිකයා නැත්නම් ගෘහ හිමියා විසින්ම මුල්ගල තැබීම කළ යුතු වේ.
මුල්ගල වෙනත් අයෙකු තැබූවිට කුමක් සිදු වේද?
Ö එම ගෘහය ගෘහ හිමියාට බල ගැන්වෙන්නේ නැහැ මේ නිසා ගෘහය සෑදීම කල්යයි.
Ö එම ගෘහයේ ඇති යහපත් ශක්තීන් ගෘහ මූලිකයාට නොලැබෙන අතර වාස්තු දෝෂ වල බලපෑම නිරතුරුව බල ගැන්වේ.
Ö ගෘහ මූලිකයාට නිවස සෑදීමේ කැමැත්ත අඩු වී යනු ලැබේ.
Ö නිවස සහ ගෘහ හිමියා අතර පවතින සම්බන්ධය දුර්වල නිසා එවැනි නිවාස වල දරුවන් අකීකරු වීම හා ගෘහ හිමියා නිවස අතහැර යාම ආදී අයහපත් දෑ සිදුවීමේ අවදානමක්a පවතී.
Ö ගෘහය සම්බන්ධයෙන් ගෘහ හිමියා විසින් සිදුකරනු ලබන ඉදිරි වාස්තු පිළිවෙත් වල බලය රහිත වීම
වහළයේ දැව තැබීම
ගෘහයක් ගෘහ හිමියාට බල ගැන්වීමට නම් එම ගෘහයේ වහළයට දැව තැබීම ගෘහ හිමියා විසින්ම සිදුකළ යුතු වෙනවා. එහෙත් නූතනයේ මෙය බොහෝ අවස්ථාවල වඩුබාස් විසින්ම සිදුකරන දෙයක් බවට පත් වී තිබෙනවා. එය ඉතා වැරදි දෙයක් බව පෙන්වා දෙනවා. ගෘහ හිමියා විසින් සූබ මුහුර්තියෙන් ගෘහ හිමියාගේ ජන්ම නැකතට බලගන්වන ලද දැව (මී, කොහොඹ, සඳුන්) ඇණ එකතු කළ යට ලීයක් හෝ මුqදුන් යට ලීය ගෘහ හිමියා විසින්ම ගෘහයේ ඊශාන හෝ නිරිත දිශාවෙන් තැබීම කළ යුතු වෙනවා ඒ සඳහා වඩු කාර්මිකයන්ගේ සහයෝගය ලබා ගත යුතු අතර බිත්තිය මත යට ලීය තැබීම ගෘහ හිමියාගේ සුරතින්ම විය යුතුය. එවිට ගෘහයේ සිරස නැත්නම් වහලය ගෘහ හිමියාට සීහුම් වනබව මතක තබා ගත යුතුයි. වෙනත් කෙනෙකු වහළයට දැව තැබූ විට එම ගෘහය ගෘහ හිමියාට බලගැන්වෙන්නේ නැති අතර ගෘහය සමඟ ඇති සම්බන්ධය කන්ඩනය වීමට එය හේතු වනු ලැබේ. විශේෂයෙන් වහළයේ දැව තැබීමේ දී වහලය සකස් කරන වඩු බාස් විසින් පඬුqරක් වහළයේ ගැට ගැසීම දක්නට ලැබෙනවා. මෙම පඬුqර වහළයට ගැට ගැසීමෙන් අනතුරුව දේවාලයට ගෙනගොස් බාරය ඔප්පු කළ යුතු වුව ද වහළය ගසා වර්ෂ ගණනාවක් ගත වුවද එම පඬුර වහළයේ තිබෙන බව මා විසින් නිතර දැක තිබෙනවා. මෙය ඉතාමත් දෝෂ සහගත තFවයක් වන අතර මෙහි අයහපත් ප්‍රතිඵල නිවැසියන්ට මෙන්ම වඩු බාස්ට ද අඩු වැඩි වශයෙන් හිමි වනු ඇත.
උළුවහු පැනීම
මීළගට එළඹෙන උළුවහු පැනීම පිළිබඳව ඔබට වැදගත් යමක් කිව යුතු වෙනවා. නිවසේ උළුවහු පැනීම අනිවාර්යයෙන් සිදුකළ යුත්තේ වඩු බාස් විසිනිs. එවිට එම උළුවහුවල තිබූ දෝෂ සමනය වන නිසාවෙනි. එසේ වුවද මේසන් බාස් විසින් උළුවහු පැනීම ඉතාමත් අයහපත් වන අතර කිසිම විටක ගෘහ හිමියා විසින් උළුවහු පැනීම නොකළ යුතු බව පෙන්වා දෙමි. ගෘහ හිමියාd විසින් උළුවහු පැන්න විට ගෘහය සහ ගෘහ හිමියා අතර පවතින සම්බන්ධනය ඛන්ඩනය වීම සිදු වේ. එහි ප්‍රතිඵල ලෙස හදිසි අනතුරු වලට ලක්වීමේ අවදානමක් පවතී.
ගෙට ගෙවදීම
ගෘහයක වැදගත්ම අවස්ථාවක් ලෙස එම නිවසට ගෙවදීම නැතහොත් ගෘහ ප්‍රවේශය සඳහන් කළ හැකියි. මෙහිදී ගෘහ මූලිකයාගේ ජන්ම නැකතට ගැලපෙන නැකතක් ලබාගත යුතු අතර කෝණ මාස අත්හැරිය යුතුයි. ප්‍රථමයෙන් ගෘහ හිමියා විසින් දකුණු පාදය පෙරට තබා ආගමික ශාස්තෘන්ගේ පිළිමය අතැතිව ගෘහ ප්‍රවේශය සිදුකල යුතු අතර ගිතෙල් පහන දරුවෙකු හෝ බිරිඳ විසින් පසුපසින් රැගෙන යාම ඉපැරණි චාරිත්‍රය විය. ඉන්පසුව හාල්, පොල්, ධාන්‍ය, රන් රිදී ආදී අනෙකුත් දෑ ගෘහ ප්රවේශයේ දී පළමුව ගෘහය තුළට රැගෙන යාම වාස්තු ශිල්පයේ දී පෙන්වා දී තිබේ. ඉන් පසුව සුබ මුහුර්තියෙන් එල කිරි ඉතිරවීම ගෘහ හිමියා විසින්ම සිදුකිරීම කළ යුතු අතර මේ සඳහා නිවසේ බ්‍රහ්ම පාදය යොදා නොගත යුතු වේ.
ඉහතින් පෙන්වා දුන් ආකාරයට ගෘහ හිමියාට තම ගෘහය සීහුම් කර ගැනීම සඳහා වාස්තු ශිල්පයේ දක්වා ඇති වාස්තු පිළිවෙත් අනුගමනය කිරීම කළ යුතුයි. එසේ නොමැතිනම්, ගෘහය ගෘහ හිමියාට බලගැන්වෙන්නේ නැහැ. ගෘහයක් ගෘහ හිමියාට බල ගැන්වීම නොවූ විට එම ගෘහයන් ඉතාමත් අවසනාවන්ත නිවාස වන අතර ගෘහ හිමියාට බලගැන්වී තිබනෙ නිවස ඉතාමත් වාසානාවන්ත නිවාස වේ. ගෘහ හිමියාට මෙතෙක් බලගැන්වී නොමැති නිවාස ගෘහ හිමියාට බල ගැන්වීමේ ක්‍රම ශිල්පයන් ද වාස්තුවේ සඳහන් වී තිබෙනවා. නිවාස පරික්ෂාවේ දී වාස්තු ශිල්පියෙකු විසින් සෑම නිවසක්ම ගෘහ හිමියාට බලගැන්වීම කළ යුතු වන්නේ ඒ නිසයි.
ගෘහ හිමියාට ගෘහය බලගන්වන ඉපැරණි ක්‍රමය වාස්තු ශිල්පය කෙල පැමිණි වාස්තු ශිල්පයා ගෘහ කර්මයට ගිය පසුව ඔහු විසින් ගෘහ මූලිකයා නැත්නම් ඔහු විසින් ගෘහ මූලීකයා නැත්නම් ගෘහ හිමියා ගෘහයේ බ්‍රහ්ම පාදය මතට කැඳවා (ගෘහ හිමි කාන්තාවද වම් පසින් හිඳුවා) විශ්ව ශක්තිය කාන්දු වන ඊශාන දිශාවට හරවා ගෘහ මූලිකයාගේ ජන්ම නැකතට උද්දීපනය වන නිලය සොයාගෙන එම නිලය උද්දීපනය කොට ගෘහ හිමියා හරහා බ්‍රහ්ම පාදය තුළින් ගෘහයේ භූමිය වෙත ශක්තීන් සම්ප්රේෂය කිරීම කළ යුතු අතර මේ සඳහා ඉපැරණි වාස්තු සඡ්ජායනා යොදා ගැනීම ද කළ යුතු වෙනවා. මෙහිදී වාස්තු ශිල්පයා ගෘහ හිමියා සහ ගෘහයේ බ්‍රහ්ම පාදය සහ විශ්ව ශක්ති රේඛාව යන සියලු කොටස්වල සම්බන්ධයක් සිදුවන අතර ඒ තුළින් ගෘහ හිමියාට ගෘහය බලගැන්වීම සිදුවන බව ප්රත්යක්ෂ සත්‍යයකි. වර්ෂ ගණනාවක් ගෘහ මූලිකයා නැත්නම් ගෘහ හිමියා ලෙස ඔබ නිවසේ ජීවත් වුවද ඔබට ඔබේ නිවස බලගැන්වී නොතිබෙන්නට පුළුවන්. සමහර විට ඔබ මරණයට පත්වන තෙක්ම ගෘහය ඔබ බලගැන්වී නොතිබෙන්නට පුළුවන. සෑම විටකදීම නිවස ඔබට යානොදන අතර ඔබට නිවස බලගැන්වී ඇති සෑම විටකදීම නිවස ඔබට යා දෙනු ඇත. මෙය නිවසක් සීහුම් වීම නැත්නම් නිවසක් බලගැන්වීම ලෙස වාස්තුවේ හඳුන්වනු ලබනවා. ඔබටත් ඔබගේ නිවස යහපත් ලෙස බලගැන්වීමට කුසල් ශක්තීන් වර්ධනය වේවා යෑයි මෙත් සිතින් පතමි.
පෙරාදේණියේ යු. ඩී. සෙනරත්
0 Comments