මහා විද්‍යාරාජිනී සරස්‌වතී මන්ත්‍රය මෙන්න

භාරතීය බමුණු සමාජය ත්‍රීවේදය - චතුර්වේදය දිවග ලෙලවාගත්තේ සරස්‌වතී දෙවඟන ප්‍රසාදයට පත්කර ගැනීමෙනි. අන්‍ය ජනයාගෙන් ජීවත් වූ ඔවුන් වර්ජන, කඩකප්පල්කාරී බිහිසුණු දාමරිකකම් සාමාන්‍ය පොදු ජනයාගේ ජීවන මාර්ගයන්ට නොපිවිසි අති උතුම් පිරිසකි. බ්‍රාහ්මණ සමාජයට ආවේනික කරුණු කාරණා තුළින් ධාරණ ස්‌මෘතිය - ධ්‍යාන වැඩීමාදී නිසි ක්‍රියාකාරකම්හි යෙදුන අර්ථවත් පිරිසකි. ප්‍රේතගොටුදීම, බහිරව පූජා, ස්‌ත්‍රී පුරුෂ වශී ගුරුකම්, දරුලාභ ප්‍රදානය. ආදරවන්තයන් සතු මනදොළ ඉටුකරදීම, කපුකම, මුදල් පොලියට දීම, ව්‍යාපාර, අඹුසැමි සමගියට ගුරුකම්, මඟුල් තුලා ආදී සියලු කාර්යයන්ගෙන් දුරස්‌ථ සුපිරිසිදු පිරිස එදා බමුණු සමාජයට අයත්ය. දේශපාලනය, වෙළෙඳ ව්‍යාපාර නොකළ අති උතුම් බ්‍රාහ්මණ සමාජය එදා ආධ්‍යාත්මක වශයෙන් ශිල්ප ශාස්‌ත්‍රයෙන් උච්ඡම අවස්‌ථාවට පැමිණි හිතකාමී පිරිසකි. ඔවුන්ට මහාමන්දිර සුඛෝපභෝගී ජීවිත නොතිබුණ චිත්ත - චෛතසිකවූ අසීමිත ලෝකෝත්තර ප්‍රතිලාභය පිණිස ආත්මයන් කැපකළ අතිශ්‍රේෂ්ඨතර පූජනීය වන්දනීය පිරිසක්‌ වූයේය.

"ඓං හ්‍රSංශ්‍රීං ක්‌ලිං හ්‍රSං ඓaං බ්ලුං ස්‌ත්‍රීං

නීලතාරෙ සරස්‌වතී ද්‍රdං ද්‍රිං ක්‌ලිං බ්ලූං සඃ ඓං

හ්‍රSං ශ්‍රී ක්‌ලිං සෞඃ ත්‍රීං ස්‌වාහා

දරුවා වයස අවුරුදු 8 වනවිට උසස්‌ම තත්ත්වයක ශාස්‌ත්‍රඥයකු කළ හැකි ක්‍රමවේදය මෙන්න. පෙකණිවැල නොකැපූ දරුවකුගේ දිවෙහි හාරලක්‍ෂවරක්‌ හීතණ දණ්‌ඩක්‌ මේ මන්තරයෙන් මතුරා ඝෝරෝචන දියෙන් තවරන්න. දරුවා දොළොස්‌ වසරකින් චිරප්‍රකට කවීන්ද්‍රයකු කළ හැකි විස්‌මිත බලවේගය මෙන්න. දරුවාගේ බෙල්ලෙහි වදකහ අලයක්‌ දස දහස්‌වර මතුරා බඳින්න. වයස අවුරුදු 12 පිරෙනවිට වදකහ අලය කවන්න. වැල්පෙනෙල තෙල් කළඳක්‌ පමණ මන්තරයෙන් පෙර අයුරු මතුරා ගන්න. බෙල්ල තෙක්‌ දිය යටට ගොස්‌ එය කෑමෙන් සභාවන් දෙදරන මහා කථිකයකු වෙන්නේය. අට හැවිරිදි ළමුන් දෙදෙනකු ළඟ තබාගෙන විද්‍යා රාජිනි මන්ත්‍රයෙන් හාරලක්‍ෂය පුරවන්න. ඔවුහු න්‍යාය වේදාන්ත ආදී ගැඹුරු ධර්මතාවයන් පිළිබඳ වාද විවාද කිරීම ආරම්භ කරනු ඇත.

අතිශයෙන්ම විස්‌මිත මෙකී මන්තර රාජයා රංතැඹිලි තෙල්, සුදුහඳුන් තෙල්, සරස්‌වතී තෙල්, බෙලිපිලල, දක්‍ෂිණාවෘත සංඛ, ගජමුතු, නරි අං, මහා මාතාංගේෂ්වරී යන්ත්‍රය, මහා රාජතරංගනී යන්ත්‍රය ලක්‍ෂ වාරයක්‌ හෝ දසදහස්‌වර ජ්‍යෙdතිෂ ගුප්ත විද්‍යානුකූලව සකස්‌කොට භාවිතාව යහපත් වෙයි.

සරස්‌වතී ස්‌තෝත්‍ර, සරස්‌වතී මන්තර, දිෂ්ඨි ප්‍රාණ ජීවම් පලිප්පු පුට සිද්ධි කරදීම අතිශයින්ම යහපත් වෙනවා. පාඨක ඔබද ප්‍රයෝගිකව මෙකී මන්ත්‍රය නිතර භාවිත කරනු.

සතර දළදා පිහිටයි.

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

Post a Comment

0 Comments