සතුරකු මෙන් ඔබ සොයා එන පක්‍ෂඝාතය පලවා හරිමු

මිනිස්‌ සිරුර නිර්මාණය වී ඇත්තේ දොaෂ, ධාතු හා මළවලින් වන අතර ඔවුනගේ සෞඛ්‍ය ර¹ පවතින්නේ පංච මහා භූතයන් හා ත්‍රිදොaෂ තත්ත්වය මතය. එනිසාම මිනිස්‌ සිරුර රෝග කාරකයන්ට බඳුන්වන්නේ එම පංච මහා භූතයන්ගේ අඩු හෝ වැඩිවීම හේතුකොට ගෙනය.

මෙම තත්ත්වය යටතේ රෝගියකුගේ රෝග පරීක්‍ෂාවේදී දේශීය වෛද්‍යවරයකු හැටියට දොaෂ, ධාතු, මළ පිළිබඳව ඉතා හොඳින් ප්‍රගුණ කළ යුතුය. දොaෂ පිළිබඳවද, ධාතු පිළිබඳව හා මළ පිළිබඳව ද මනා දැනුමක්‌ නොමැතිව මේ මිනිස්‌ සිරුර පිළිබඳව ශරීරයේ ප්‍රකෘති හා විකෘති තත්ත්වයන් පිළිබඳව දැනගත නොහැක.

මිනිස්‌ සිරුරේ ඇති පංච මහා භූතවල ස්‌වභාවය නිරෝගී බවට විශේෂයෙන් හේතු වේ.

දේශීය වෙදදුරුවරයකු සතුව මෙම ත්‍රිදොaෂ පිළිබඳව මනා දැනුම් සම්භාරයක්‌ තිබීම රෝගියකුට ප්‍රතිකාර කිරීමේදී ඉතාම වැදගත් වන සාධකයකි.

මේ දැනුම් සම්භාරය නිරෝගී පුද්ගලයකුගේ නිරෝගී බව ආරක්‍ෂා කර දීමටත් රෝග බව නැතිකර නිරෝගි සම්පත් ළඟාකර දීමටත් ඉවහල් වන්නේය.

නිරෝගී පුද්ගලයකුගේ නිරෝගි බව ආරක්‍ෂා කර ගැනීමට උපදෙස්‌ දීමේදී ඔහුගේ ප්‍රකෘතිය ගැන වෙදැදුරුවරයා අවධානය යොමුකර ඒ අනුව සුදුසු උපදෙස්‌ දීමත් රෝග සුව කිරීමේදී පුද්ගල ප්‍රකෘතිය පිළිබඳ හොඳින් සොයා බලා ඖෂධ, ආහාර, විහරණ මෙන්ම ඖෂධවල මාත්‍රාව ලබාදීමත් වෙදදුරුවරයා සතු පරම වගකීමක්‌ වන්නේය.

මේ සියලු කරුණු කාරණා එකින් එක ගැලපීමේදී අප වැඩි අවධානය යොමුකළ යුත්තේ එවන් වෙදදුරුවරු සොයා යැමය. අද දවස වන විට බොහෝ වෙදදුරුවරු පසු පස්‌සේ යමින් තම කාලයත් ශ්‍රමයත් මුදලත් නිකරුණේ වනසා ගන්නා රෝගීන් අපට කොතෙකුත් මුණගැසී ඇත.

කෙසේ වෙතත් "අපේ වෙදදුරු" ලිපි පෙළ හරහා වෙදැදුරුවරයකු හඳුන්වා දෙන්නේ ඔවුන් පිළිබඳ කිසියම් අධ්‍යයනයකින් පසුවය. මේ හරහා සුවපත් වූ බොහෝ රෝගීන්, අප අමතන්නේ ඉතා ප්‍රශංසා මුඛයෙන් යෑයි කීවොත් එහි මුසාවක්‌ නැත. පසුගිය සති දෙකක්‌ තිස්‌සේ අප එවන් වෙදදුරුවරියක්‌ හඳුන්වා දෙමින්, මිනිස්‌ සිරුරට වැළඳෙන රෝග කිහිපයක්‌ පිළිබඳව ඇයගේ ප්‍රතිකාරයෙන් ප්‍රායෝගිකව ලැබෙන සුවය ගැන පැහැදිලි කිරීමක්‌ කළෙමු. මීට අමතරව පෙර සසරේ වෛරක්‌කාරයකු මෙන් මැදි වයසේ අප සොයා එන අංශභාගය හෙවත් පක්‍ෂ ගාත රෝගය ගැන හා එම රෝග තත්ත්වය සමනය කිරීමට දක්‌වන කුසලතාව පිළිබඳව අපි අනෝමා දමයන්ති සොලමන් වෛද්‍යවරියගෙන් විමසුවෙමු.

"මේ වන විට අංශබාග රෝගීන් රැසක්‌ ඔබගේ ප්‍රතිකාරවලින් සුවපත් වුණා කියල මට දැනගන්න ලැබුණා. ඒ වගේම එම රෝගීන් දෙපයින් සිටුවීමට ප්‍රතිකාරවලට අමතරව අධික වෙහෙසක්‌ ගන්නා බවත් දැනගන්නට ලැබුණා. මේ ගැන වැඩි යමක්‌ ඔබම කිව්වොත්."

මේ රෝගය පක්‍ෂ ඝාතය, පක්‍ෂ වධය, අර්ධාංග ඝාතය, ඒකාංග රෝගය හා අංශබාගය ආදි විවිධ නම්වලින් හැඳින්වෙනවා. වැඩිවශයෙන් මැදි වයස්‌වල හා ඉන් ඉහළ වයස්‌වල අය මෙම රෝගයට ගොදුරු වන බවක්‌ පෙන්නුම් කරනවා. මේ අවස්‌ථාවේදී රෝගියා පමණක්‌ නොවෙයි. ඔහුගේ ඥතීනුත් දැඩි අසරණතාවකට පත්වෙනවා. විශේෂයෙන් රෝගියාගේ නොහැකියාව නිසා දැඩි මානසික පීඩනයකටත් ලක්‌වෙනවා.

මුලින්ම කිවයුතුයි. මෙම රෝගය වැළඳීමට විවිධ හේතු බලපානවා කියන එක. විශේෂයෙන්ම මොළයට සිදුවන යම් ආඝාත තත්ත්වයක්‌ නිසා මෙවැන්නක්‌ ඇතිවෙන්න පුළුවන්.

අපේ මස්‌තිස්‌කය හෙවත් මොළය අර්ධ ගෝල දෙකකින් සමන්විතයිනේ. වම සහ දකුණ වශයෙන් වන එම කොටස්‌ මගින් ශරීරයේ ප්‍රතිවිරුද්ධ කොටස්‌වල ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරනවා. මේ අවස්‌ථාවේ කිසියම් හේතුවක්‌ නිසා මොළයට රුධිරය සපයන රුධිර නාලවල රුධිර කැටියක්‌ හිරවීම නිසා මෙම ප්‍රදේශයට රුධිර සැපයුම අඩාල වී එම කොටස්‌ ක්‍රියාවට යටත්වන අදාළ පාර්ශව අප්‍රාණිකවීම සිදුකෙරෙනවා. මෙහිදී නිසැකවම සිදුවන්නේ අංශබාගයට මග පෑදීමයි. ඒවගේම මොළයට ලේ සපයන රුධිර නාලයක්‌ පිපිරී යැමෙන්ද මේ තත්ත්වයට හේතුවෙන්න පුළුවන්.

මේ රෝග තත්ත්වයේදී අත් පාවල දරුණු දුර්වල තත්ත්වයක්‌ ඇතිවීම විශේෂයෙන් සිදුවෙනවා. ඒ කියන්නේ එක්‌ අතක්‌ හෝ එක්‌ පාදයක්‌ එහෙමත් නැතිනම් දෙකම අප්‍රාණික විය හැකියි. ඒ විතරක්‌ නොවෙයි බෙල්ල පිටුපසට බරවීම, කට පැත්තකට ඇදවීම, දෙනෙත් හැකිලීම, දිව අක්‍රිය වී කතාව අපහසු වීම, දැස්‌වල දුබලතාව, දැස කඳුළින් තෙත්වීම වගේ තත්ත්වයන් දැකගත හැකියි.

මීට අමතරව පපුවේ ගොර ගොර ශබ්දය පිටවීම, මළපහ පිටවීම, ඇවිදීමේ නොහැකියාව සමබරතාව බිඳවැටීම මාංශ පේෂිවල තද ගතිය වගේ දේවල් අංශ භාග රෝගියෙකුගේ ගති ලක්‍ෂණයි.

රාත්‍රි කාලයේ හටගන්නා පක්‍ෂාඝාතයට හේතුවන්නේ රුධිර වාහිනී තුළ ලේ කැටියක්‌ හිරවීමයි. අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගියකු රුධිර පීඩනය නිසි ලෙස පාලනය කර ගැනීම මෙම තත්ත්වයෙන් මග හැරෙන්න පුළුවන්.

දේශීය වෙදකමේ සඳහන් වෙන ආකාරයට මේ තත්ත්වය ඇතිවීමට පෙර යම් යම් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරනවා. ඒවා තමයි හිස කැරකිල්ල, හිසෙහි බර ගතිය, ඇසක්‌ කුඩා වීම හෝ පෙනීමේ දුබලතාව, ඇස්‌ රතුවීම, කන්වල ශබ්ද ඇතිවීම, ශරීරයේ තැන් තැන්වල මස්‌ නැටීම, අවිවේකී බව, ශරීර වර්ණය වෙනස්‌වීම, වමනය, ඇසෙන් ගිනි පුපුරු පිටවෙන්නාක්‌ මෙන් දැනීම වගේ දේ මෙම රෝගය වැළඳීමට ඉඩකඩ සලසනවා.

මේ රෝගය වැඩි වශයෙන්ම ඇතිවීමට ප්‍රධාන හේතුවක්‌ තමයි ව්‍යායාම අඩුකම. ශරීරයට හානි ගෙනෙන ආහාර රටාව, පවුල් ඉතිහාසය, රුධිර පීඩනය, දියවැඩියාව, හෘදරෝග, දුම්බීම, කොලෙස්‌ටරෝල් වැඩිවීම, මත්ද්‍රව්‍ය භාවිතය, හිමොග්ලොබින් ඌනතාවය හා මානසික ආතතිය වගේ දේවල්.

නමුත් මේ තත්ත්වය ඇතිවුණොත් මේකට ප්‍රතිකාර කිරීම එතරම් අපහසු නැහැ. මෙතෙනදී එකක්‌ කිවයුතුයි. සෑම රෝගියකුම සුවපත් කරලම දෙනවා කියන එක අපිට එකවර කියන්න අපහසුයි. නමුත් සීයට වැඩිගණනක්‌ අපගේ ප්‍රතිකාරවලින් සුවපත් කර දෙනවා. නමුත් කර්ම ශක්‌තිය ප්‍රබල වෙලා යමෙකුට විඳවන්න තියනවා නම් ඒ වගේ රෝගීන් සුවකිරීම එතරම් පහසු නැහැ.

මේ වගේ රෝගීන් මුලින්ම ගෙනියන්නෙ රෝහලකටනෙ. නමුත් ඒ සෑම රෝගියකුම දෙපයින් නැගී සිටින්නෙ සිංහල තෙල් බෙහෙත්වලින් කියන එක අවිවාදයෙන් කිවයුතුමයි.

"මට දැන ගැනීමට ලැබුණ හැටියට ඔබ මෙවැනි රෝගීන්ට මහා කරුණාවක්‌ දක්‌වමින් ඇතැම් වෙලාවට නිවසටම ගිහිල්ල ප්‍රතිකාර කරනවා කියල."

එහෙම කිව්වොත් ඒක නිවැරදියි. මොකද මේ වගේ රෝගීන් ඉන්න පවුල්වල අයත් රෝගියා වගේම වධ වේදනා විඳිනවා. ඒ වගේම මේ අය අපේ වෙද මැදුරකට අරගෙන යනව නම් විශාල වියදමක්‌ සහ කැපකිරීමක්‌ කරන්න සිදුවෙනවා. ඒක නිසා කාගේත් පහසුව සඳහා මම එම රෝගීන්ගේ නිවෙස්‌වලට ගිහිල්ල ප්‍රතිකාර කරනවා. ඒක මම ඉතාමත් කැමැත්තෙන් කරන දෙයක්‌.

"ඇයි ඔබ එවැනි කැප කිරීමක්‌ කරන්නේ." සියල්ල අසා සිටි මම නැවත ඇයගෙන් ප්‍රශ්නයක්‌ ඇසීමි.

අපි අපේ පරලොව ගමනට වෙන පින්කම් කරන්න ඕන නෑ. මගේ වෙදගෙදරට එන රෝගීන් වගේම මම ඔවුන්ගේ නිවෙස්‌වලට ගිහිල්ල කරන ප්‍රතිකාර හොඳටම ඇති සසරෙන් එතර වන්න. මගෙන් ප්‍රතිකාර ගන්න එන සෑම රෝගියකුටම මම සාධාරණයක්‌ ඉටුකරනවා කියන එක මෙතෙන්දී පැහැදිලිවම කිව යුතුයි.

මේ කාරණය නම් නොකියාම බැහැ. අංශ භාග රෝගීන්ගෙන් බොහෝ පිරිසක්‌ මගේ ප්‍රතිකාරවලින් සම්පූර්ණ සුවය ලබල තියෙනවා කියන එක මම කියන්නෙ ඉතාමත් සතුටින්. තවත් කොටසක්‌ සම්පූර්ණයෙන් සුවය නොලැබුණත් තම තමන්ගේ එදිනෙදා වැඩකොටස කර ගැනීමට තරම් සුවයක්‌ ලබා තියෙනවා.

මේ හැමදෙයකටම තමා කළ කුසලාකුසල කර්මයත් හේතුවෙනවා. තවත් කොටසක්‌ ප්‍රතිකාර නොලබාම මියයනවා. අන්න ඒ අයට තමයි පෙර අකුසල් වැඩිපුරම බලපාල තියෙන්නේ.

පෙර හෙළ වෙදැදුරුවරු මුදලට වෙදකම් කළේ නැත. බුලත් අතට සීමාවෙමින් කළ වෙදකම වැරදුන අවස්‌ථාවක්‌ද නැත. එසේ නම් මේ තත්ත්වයට අනුගත වෙමින් වෙදකම් කරන අනෝමා දමයන්ති සොලමන් වෙදැදුරුවරිය තමන්ගේ සුඛවිහරණයට වඩා රෝගීන්ගේ සුවසෙතම ප්‍රාර්ථනා කරමින් වෙදකම් කරද්දී ලබන ආත්ම තෘප්තිය අන් සියලු දේට වඩා අගය කරන බව කිව යුතුමය.

විමලසිරි අගලකඩ

Post a Comment

0 Comments