නිවසේ මර්මස්‌ථාන අසුවුවහොත් ධන හානියක්‌ මරණයක්‌ නියතයි

නිවසක්‌ හැදීමේදී ආරම්භක දිනයේ සිට නැතහොත් නිවස සාදා එහි පදිංචි වී කීප දිනකින් එහි සැඟව ඇති වාස්‌තු දොaෂයන් නිසා කර්මයන් සිදුවී පීඩා හා ධන හානිය, රෝගාබාධ, පවුලේ අඹු සැමි භේද, විවාහ දේපළ වෙන්වීම්, පදිංචි දරු දැරියන් ගේ විවාහ බාධක, ප්‍රමාද, සතුරු කරදර, රැකියා බාධක හා වැඩ තහනමට ලක්‌වීම්, සොරුන්ගෙන් හානි, හදිසි අනතුරු වලින් කැඩුම් බිඳුම් හා වන තුවාල, කොරවීම් අංශබාගයින්, ඔල්මාද කරුවන් වීම ගොළුවන් බිහිරන් ආදි අංග විකලත්වයක්‌ ඇතිවීම, අකල් මරණ ආදියට මුහුණ පෑමට සිදුවේ.

එසේ සිදු වන්නේ වාස්‌තු විද්‍යාව ගැන නිසි ශාස්‌ත්‍රීය අවබෝධයක්‌ නොමැති වාස්‌තු උපදේශකයන්ගේ වැරදි උපදේශකත්වය හා සැලසුම් ශිල්පියාගේත්, වඩුකාර්මිකයාගේත්, කොන්ත්‍රාත්කරුවාගේත් නොදන්නා දුර්වලතාවයන් හා රැවටීමෙන් කටයුතු කිරීම නිසා මේ අපහසුතාවන් වලට පත්වීමට සිදුවේ.

එමෙන්ම සාර්ථක ශාස්‌ත්‍රීය ක්‍රමයන් අනුගමනය කළ ගෘහ නිර්මාණ ශිල්පීය වාස්‌තු විද්‍යාඥයන්ගේ ශිල්පීන්ගේ උපදෙස්‌ ලබා අසුබ දොaෂයන් මග හරවා සුබ පල උදාකර ගැනීමටද ගෘහ අධිපතියා හෝ අධිපතිනිය පිංවන්තයකුද විය යුතුයි. වැරදි උපදෙස්‌ දෙන වාස්‌තු උපදේශකයා අපායට යන බවත් වටිනා ශාස්‌ත්‍රයටද නිගාවක්‌ අත්වන බවත් ගෘහ වාසීන් මේ ගැන උදාසීන තත්ත්වයකටත් මානසික තත්ත්වයකටත් පත්වේ.

පැරැණි සෘෂිවරු නිවාස දොaෂයන්ට ලක්‌වන මර්මස්‌ථාන 145 ක්‌ද සමහරුන් 181 ක්‌ද ඇති බව පෙන්වා ඇත. මෙයින් බලවත් හානි පමුණවන මර්මස්‌ථාන නවයක්‌ ඇත. මේවා නොදත් වාස්‌තු උපදේශකයන්ටද එහි දොaෂ බලපාන අතර ඔවුනටද අසාධ්‍ය රෝගයන් වැළඳෙන අතර අකල් මරණයටද ගොදුරු වේ. එපමණක්‌ම නොව මෙහි වැඩ කරන මේසන් හා වඩු කාර්මිකයනටද අනිටු පල ලැබේ. ඒවා මෙලොවදීම පළදේ. තවද පීඩාවට ගොදුරු වන අත්තිවාරම් හා වහලයද සවි කර ඇත්නම් ඒ මර්මස්‌ථාන නිසා ගෘහාධිපතිට, පතිනියට, දරුවන්ට, මෙහෙකාරයිනටද පලවිපාක ගෙනදේ. අත්තිවාරම්, වහල, පරාල, දොර උළුවහු, ජනෙල් ආදියේ මර්මස්‌ථාන ඇත්නම් ඒවා පිහිටා ඇති ආකාරයටම පදිංචි අයගේ හිසට, කඳට දෙපා හා ශරීරයේ සියලු අවයවවලට බලපෑමෙන් කෙටි ආයුෂ ලංකොට මරණය පවා සිදුකරයි.

සමහර අත්තිවාරම් දමා ඇත්තේ නිවස හිමි අයගේ ඉල්ලීම අනුවත්, සැලසුම් අඳින්නාගේත් කොන්ත්‍රාත් කරුවන්ගේත් අදහස්‌ අනුව විවිධාකාරව අලංකාරයට කොටස්‌ අඩුකර වැඩිකර කෑලි පන්නාද චතුරශ්‍රාකාර නොවන පරිදිද, මුළු ඉඩමම පිහිටා ඇති මුළු ඉඩම පුරාද, (ඒ කියන්නේ තුන් උලස්‌ ත්‍රිකෝණාකාර ඉඩමක්‌ නම් එහි වැට මායිම සිටම) අත්තිවාරම් යොදා නිවාස ඉදිකිරීම කරයි. මෙය ඉතාම නරක භයානක දෙයකි. එවන් අත්තිවාරම් වල හැඩයන් මිනීපෙට්‌ටි, පොත්ගුල්, බණමඩු, අම්බලම් ලෙස පිළිගැනේ. එම නිවාසවලට පොළවට අධිපති වාස්‌තු පුරුෂයා විකෘති වීමෙන් හා අංග හීන වීමෙන් අංශභාග ගෘහ සැලසුමක්‌ නිසා පදිංචිවී සිටින අයට ධන හානිය අඬදබර, පවුලේ දෙදෙරා යැම්, රෝගාබාධ හා අකල් මරණ සිදුවේ.

ඇතුළුවන පිටවෙන දොරටු වැරදි ලෙස තැබීමෙන් වධ බන්ධන, සතුරු කරදර, වෛරය, සුත දොaෂ, ස්‌ත්‍රී, පුත්‍ර හානි, නායයැම්, තද සුළඟින් ඇතිවන අලාභ හානි, බොරුවට රැවටීම් ආදි දුර්විපාක ගෙනදේ.

නිවසට කෑලි බද්ධ කිරීම, දොර උළුවහු, ජනෙල්, වහල ගැසීම් ආදියෙන්ද කරදර ඇතිවේ. එවැනි ගැටලු ඇතිවෙන්නේ වාස්‌තු විද්‍යාවේ මූල ධර්ම ගැන හරි අවබෝධයක්‌ නැති නිසාත් මේ ක්‍ෂේත්‍රයේදී මිණුම් පරිහරණය කර දොaෂ හරිහැටි නොදැන ඒවා නිදොස්‌ කිරීමට අවශ්‍ය ජ්‍යාමිතික දැනීම නොමැති වීම ප්‍රධාන වේ. එහෙත් ගමේ ගොඩේ වඩු කාර්මිකයා ඔහු කල පළපුරුද්ද හා අත්දැකීම් අනුව ප්‍රායෝගිකත්වය නිසා ඔහුගේ උපදෙස්‌ මත ඉදිකරන නිවාස සම්පතින් සෞභාග්‍යයෙන් පිරි ඒවා බව අපට පිළිගැනීමට පුළුවන.

මෙවැනි දොaෂයන්වලට ලක්‌වූ නිවාස ඇත්නම් මහා වියදමක්‌ නොකර වෙනස්‌කර නිවැරැදි කිරීමටද හැකිය. එය නිවැරැදි වාස්‌තු පින්ඩය පමණක්‌ වෙනස්‌ කර සුබ දොර උළුවහු පිහිටුවා යස ඉසුරු ලැබ සම්පත් ගෙනඑන, බව භෝගවලින් හා අටු කොටු පිරි භාග්‍ය දෙන නිවාසද සැකසීමට චාරිත්‍ර විධි ඇත. එය අද යුගයේ ගැළපෙන ආකාරයට අඩු වියදම් දරා කළ හැකි ලෙස උපදෙස්‌ දීම වැදගත්ය.

වාස්‌තු විද්‍යාවට අයත් කාල විධාන පද්ධතියේ දක්‌වා ඇති උපදෙස්‌ මත ඉඩමක්‌ ගැනීමට පෙර ඉඩම බැලිය යුතු බවත් (එය ගෙබිම් බැලීම යනුවෙන් සඳහන් වේ). එනිසා ඉඩමක්‌ ගැනීම සඳහා එය බැලීමට යැමටද හොඳ නැකැතකින් පිටත් විය යුතුයි. එය මේ කාව්‍ය වලින් මෙසේ විස්‌තර වේ.



රැස්‌ ගොන් මිතුන මීනය අජ මකර රැසේ

ගොස්‌ රිවි වළඳමින් හැසිරෙන මෙපස්‌ම

සත්හට වැඩ පිණිස සදනට ගහ ටාසේ

මස්‌ පස ගෙබින් බලනට යනු සුබදවසේ



බලා සතර ලෙස සබ බිම නියම කළ

තුලා අලි සිංහ රවි සිටි මසක්‌ තුළ

වෙලා අස්‌න නැති ගුරු සිකුරු දුටු කල

කලා වැඩ යෙහෙකි බිම නැකතකින් බල



පුස පුනවස්‌ සිත සිය මස සා සුවන

හත දෙනට ස්‌විද රේවති මා රෙහෙන

ගෙණ මුව හිස්‌ තුන තුරු පහලොස්‌ රිකෙ

නිති දෙපලොස්‌ රික්‌තා හැරැ සෙසු වකින



ගුරු බුධ සිකුරු දින අන්සක සිටි ලග්න

තිර රැස්‌ උතුම් සිව් රැස්‌ උබය සම වන

හැරැ අට ගහ කිඳුර සිව් සුබ ගෙන තෙකො

පුර ගම් ගෙවල් බින් අරඹනු මෙ මො හනි



මීට පසු සුදුසුනම් ඉඩම මිලට ගෙන ජ්‍යෙdතිෂරත්නේ අනුව බින් ඇරැඹීමට වෂභ චක්‍රය නොහොත් ගෙවල් වැඩ පටන් ගැනීමටද හෝරා බරණ ගෙවල් කප් හිටවීමට, භුමනාග චක්‍රය, ගෙවල් හැදීමට මාස ඵල චක්‍ර කුප සිලාදීන් තාපනයෙහි චලිසත්‍ර, නිදාන, ගෙට දොර කඩ තබන ක්‍රම හා උළුවහු තැබීමේ චක්‍ර සහ ගෙයි වෙනත් වැඩ ආදියට, ගෙට ගෙවදීම, ළිප් චක්‍රය, ළිං කැපුම ආදී ඉතා වැදගත් චාරිත්‍ර, වාරිත්‍ර විධි රාශියක්‌ ඇත. මේවා එකක්‌ හෝ වැරැදුණහොත් එම නිවස මිනිස්‌ වාසයට සුදුසු නොවන බවත් එසේ පදිංචි වෙත්නම් එම අයට මහා දුර්විපාකයන් අත්වන බව "මුහුර්ත චින්තා මාණික්‍යය හි ලියූ සෘෂිවරයා පවසා ඇති බවත් එවැනි නිවාසවල ජීවත්වන අයට අපේ ඇස්‌ පනා පිටම සිදුවී ඇති අහයපත අපට ගවේෂණය කළ හොත් මනාව වැටහේ.

අද යුගයේ ඉඩම් මිලට ගන්නේ නැතිනම් විහාර දේවාල, පල්ලි, පන්සල් ආදියේ ඉඩම් බද්දට ගෙන වසරක්‌ පාසා බදුගෙවන ඉඩම් හෝ මේවා ඒවායේ ගෙවල් හදන්නේ ඒවායේ චාරිත්‍රයන් හා වාරිත්‍රයන් නොදැනයි. සමහර ඉඩම් වෙන්දේසියෙන්, කැබලි කඩා විකුණන තැන් වලින්ද ගනී. එසේ ගත් ඉඩම්වල නිවාස හදන්නන්ට අත්වෙන ඉරණම ඔවුන් නොදනී. මෙලොවින් චුත වන්නේ කවදාද එදා තෙක්‌ම ඔවුන්ට සිදුවන වධ බන්ධන කරදර කිව නොහැක. කිසිදාක දියුණුවක්‌ සැලසෙන්නේම නැත.

මේ නිසා මෙවන් උපදෙස්‌ නොපිළිපැද පාළු ගෙයි වලන් බිඳින්නාක්‌ මෙන් හිතු හිතු අන්දමට සැලසුම් ඇඳීම කෑලි ඇල්ලීම ලක්‍ෂණ කිරීම ආදිය හොඳම නැත. එනිසා වාස්‌තු උපදෙස්‌ හරි හැටි දන්නා අයකුගෙන් උපදෙස්‌ ලබා නිවස ඉදිකර ගන්නා ලෙස වැඩ කැමැති ඔබ සියල්ලන් විසින් ආදරයෙන් පිළිගනිත්වා.


Post a Comment

0 Comments