ව්‍යාපාර දියුණුවට ප්‍රබල ගාථාවක්‌ මෙන්න

අද පවතින තරගකාරී ජීවන රටාව හේතුවෙන් එදිනෙදා අපගේ සෑම කටයුත්තක්‌ සඳහාම අධික වියදම් දැරීමට අපට සිදුවේ. එබැවින් බොහෝ දෙනා රැකියාවක නිරතව මාසික වැටුපක්‌ ලැබීමට මැලිකමක්‌ දක්‌වන අතර විශේෂයෙන්ම තරුණ පරම්පරාව නොයෙක්‌ ආකාරයෙන් ව්‍යාපාර ක්‍ෂේත්‍රයට පිවිසීමේ කැමැත්තෙන් පසුවේ.එහෙත් ඒ ආකාරයෙන් ව්‍යාපාර ක්‍ෂේත්‍රය තෝරාගෙන ඒ සඳහා යොමුවීමත් ඒ තුළින් දියුණුව උදාකරගැනීමත් කෙතරම් දුරට සාර්ථක දැයි අප විසින්ම කල්පනාවට ගත යුතු සරළ නොවූ කාරණයකි. එයට හේතුවනම් යම් අයෙක්‌ ඉතා සුළුවෙන් ආරම්භ කරන වෙළෙඳ ව්‍යාපාර ඉතා විශාල ලෙස දියුණුවට පත්කර ගැනීමට හැකියාව පවතිනවා මෙන්ම තවත් අයෙකු අරඹන ලද ව්‍යාපාරය දිනෙන් දින පාඩුලබන අසාර්ථක ව්‍යාපාරයක්‌ බවට පත්වීමට පවතින හැකියාව වේ.

ඉහත දැක්‌වූ තත්ත්වයන් දෙක සඳහාම මූලික වන හේතු කාරණා දෙකකි. එනම් ඒ ඒ පුද්ගලයා විසින් පෙර ආත්ම භවයන්හි සිදුකරන ලද කුසල අකුසල කර්මයන්හි ප්‍රතිඵල තම තමන් විසින්ම මේ ආත්ම භාවයේ ජය හෝ පරාජය වශයෙන් භුක්‌ති විඳීමයි.

මෙකී ධර්මතාවට අනුව යම් ඡන්මියකු තම ජීවනෝපාය ලෙස ව්‍යාපාරික ක්‍ෂේත්‍රය තෝරාගෙන ඒ තුළින් මුදල් උපයමින් දියුණුව කරා ළඟාවීමේ කුසලතාව සඳහා ඉවහල් වනුයේ පෙර ආත්මයේ සිදුකළා වූ යහපත ක්‍රියාවන් වේ.

පුද්ගලයකුට ධනය ඉපයීම සඳහා බොහෝ ව්‍යාපාර වෙත යොමුවීමට හැකියාව තිබුණද බුදුරජාණාන් වහන්සේ විසින් ඡන්මියකු නිරත නොවිය යුතු ව්‍යාපාර ලෙස අවි ආයුධ, වස විස, මස්‌ මාළු, මත්ද්‍රව්‍ය මත්වතුර ආදී වෙළෙ¹ම් පෙන්වා දී ඇත.

සාධාරණව, අනලස්‌ව, උපායශීලීව, බුද්ධිය මෙහෙයවා සැමට ප්‍රයෝජනවත් වන්නා වූ ව්‍යාපාරයකට යොමුවීම තුළ ගිහි ජීවිතයේදී ජන්මීන්ට අවශ්‍ය කරන ධනය සාර්ථක අන්දමින් රැස්‌කර දෙන්නා වූ ධනයට අධිපති ධනලක්‍ෂ්මී දෙවඟනගේ ආශිර්වාදයද නිතැතින්ම හිමිවන්නේය.

සෑම ව්‍යාපාරිකයෙක්‌ම ලක්‍ෂපතියකු වීමටත් එතැනින් නොනැවතී කෝටිපතියකු වීමටත් අනතුරුව තම රටේ පොහොසතා වීමටත් අවසානයේ ලෝකයේම ධනවත් පුද්ගලයා වීමටත් උත්සාහ දැරීම සාමාන්‍ය සිදුවීමකි.

එහෙත් මේ සඳහා යොමුවීමේදී අදාල තැනැත්තාගේ ඡන්ම පත්‍රය හොඳින් පරීක්‍ෂාකර බලා පවතින ග්‍රහචාරයට අනුව ව්‍යාපාරයක්‌ අරඹා ඒ තුළින් බලාපොරොත්තු වන්නා වූ දියුණුව ලැබිය හැකිද නොඑසේ නම් අපේක්‍ෂා භංගත්වයට පත්වී කලකිරීමෙන් කල්ගෙවීමට සිදුවන්නේද යන්න නුවණින් විමසා බැලිය යුතුම කාරණයකි. යම් ජන්මියකුට සිකුරු මහ දශාව හෝ ගුරු මහ දශාව ලබා එම ග්‍රහයන් උප්පත්ති කේන්ද්‍රයේ පිහිටීම තුළ ස්‌ථිර වශයෙන්ම අරඹන්නා වූ ව්‍යාපාර වලින් විශාල දියුණුවක්‌ ලැබිය හැකි වනවා මෙන්ම සෙනසුරු ඒරාෂ්ටකයක්‌ පවතින කාලවකවානුවක ව්‍යාපාර අරඹන්නකුට සෙනසුරු මහ දශාව හෝ සෙනසුරු අතුරු දශාව ලැබුයේ නම් එකී ජන්මියා අරඹන්නට යෙදෙන කුමන ආකාරයේ හෝ ව්‍යාපාර ස්‌ථිර වශයෙන් බිඳවැටී පාඩුලබන තත්ත්වයට පත්වේ. 

මේ ආකාරයෙන් පෙර කළ අකුසල් මත අප වෙත ළඟාවන පාඩු ලබන අවස්‌ථාවන්ට මොලොව උපදින කිසිදු අයෙක්‌ කැමති නැත. එබැවින් එවැනි අවස්‌ථාවකට මුහුණ දීමට පෙර එම තත්ත්වය මඟහරවා තම දියුණුව ඇතිකර ගැනීම සඳහා බොහෝ ක්‍රමවේද අනුගමනය කරති. ඒ අතර බෝධි පූජා, සෙත්කවි වැනි නොයෙක්‌ ශාන්ති කර්ම අනුගමනය කරති.

මෙලෙස යම් කෙනෙකුගේ බිඳවැටෙන ව්‍යාපාරය දියුණු කරගෙන සාර්ථකත්වය කෙරේ ළඟාවීමට උපකාරීවන්නා වූ අතිප්‍රබල ගාථා රත්නයක්‌ "නැකත" පාඨක ඔබ වෙනුවෙන් මෙසේ ඉදිරිපත් කරන්නෙමු. මෙම ගාථාව නිසිලෙස යන්ත්‍ර මන්ත්‍ර ශාස්‌ත්‍රය දන්නා සුරා සූදුවෙන් තොර නිර්මාංශ පුද්ගලයකු ලවා එක සමාන තඹ පත්ඉරු දෙකක අක්‍ෂර වෙනස්‌ නොවන සේ පැහැදිලිව ලියා ගන්න. අනතුරුව සුබ හෝරාවක්‌ බලා පිරිසිදු ස්‌ථානයක බුදු පිළිමයක්‌ තබා මල් පහන් සුවඳදුම් පූජා කර තිසරණ සහිත පංචශීලය සමාදන්ව වැඳනමස්‌කාර කර සෙත් පිරිත් සඡ්ජායනය කර දෙවියන්ට පිං අනුමෝදන් කරන්න.

පසුව ගාථාව ලියන ලද තඹ පත්‍ර දෙක සහ ව්‍යාපාරික ස්‌ථානයේ දුම් ඇල්ලීම සඳහා ඉතා පිරිසිදු ලෙස සකසා කුඩුකරගන්නා ලද සාම්බ්‍රානි භාජනයක්‌ද තබා ඉහත දැක්‌වෙන අදාළ ගාථාරත්නයෙන් 1008 වරක්‌ මතුරා ගන්න.

මේ ආකාරයෙන් සකස්‌ කර ගන්නා ලද ගාථාව සහිත තඹ පත්‍ර වලින් එකක්‌ රාමුකොට ව්‍යාපාරික ස්‌ථානයේ ඊසාන දිශාව බලා එම දිශාවේ එල්ලන්න. අනෙක්‌ තඹ පත්‍රය ආරක්‍ෂා සහිත (ලැමිනේටින්) කර ව්‍යාපාරික ස්‌ථානයේ මුදල් ගැවසෙන ලාච්චුවේ මුදල් අතර තබන්න. සෑම දිනකම ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට පෙර මල් පහන් සුවඳ දුම් පූජාකර බුදුන් වැඳ සෙත් පිරිත් සඡ්ජායනාකර දෙවියන්ට පිං අනුමෝදන් කිරීමෙන් අනතුරුව සකස්‌ කර ගන්නා ලද සාම්බ්‍රානි ධූපයෙන් ඉහත ගාථාව 21 වරක්‌ කියමින් දුම් අල්ලමින් ව්‍යාපාරයේ දියුණුව ප්‍රාර්ථනා කරන්න. සවසද මේ ආකාරයෙන්ම අදාල වතාවත් ඉටුකරන්න. ඔබ පතන දියුණුව නොසිතූ ආකාරයෙන් ඔබවෙත ළඟා වේ.


"ජයෝහි බුද්ධස්‌ස සිරිමතෝ අයං

මාරස්‌සපී පාපිමතෝ පරාජයෝ

උග්ගෝසයුං බෝධි මණ්‌ඩේ පමෝදිතෝ

ජයං තදා දේවගනා මහේසිනෝ

නමෝ ශ්‍රී බුද්ධ ජය ජය ඒස්‌වාහඃ"

ජ්‍යෙතිෂවේදී - රංජන් සිසිර කුමාර

Post a Comment

0 Comments