කවර ආකාර මාරාන්තික මාරකදොaෂ ඇස්වහ, කටවහ, හෝවහ දොaෂ. නවග්‍රහ අපල, සෙනසුරු මාරක ඒරාෂ්ඨක දොaෂ, යක්ෂ, භූත, ප්‍රේත, පිශාච, කුම්භාණ්ඩ, බහිරව දොaෂ, විනබන්දන, අංගම්, පිල්ලි දොaෂ වූවද මර්දනය කරළීමේ අපූර්වාත්මක ශක්තිය රන්කඟවේනා දැහැන් සත කෙරෙහි පවතිනු ලබයි. රතු, සුදු, කළු පාට නූල් නවපටට ගැට 9 යි. ගැටේට 12 වාරයයි. තෙල් නූල් සාත්තුවටයි. අසාධ්‍ය රෝගීනට කොහොඹ අත්තෙන් සෙත්කරනු, බෝවන රෝගවලදී අඹ අත්තට මතුරා පදිංචියේ ඉදිරි , පිටුපස දොර උඩින් ගසනු, පළඳින තැම්පත් කරන යන්තර සඳහා 1008 වර ජීවම් කරනු. එක නැට්ටේ දෙහි 3 ට 108 වර මතුරා කපනු හිර බන්ධන ඉගිලෙයි, අදාළ සුවඳ ධූපයට 108 වර මතුරා දුම් දෙනු, හොල්මන් අවතාර කැපී සෞභාග්‍යය උදාවෙයි, ප්‍රවීණ ඇදුරන්ගේ කරුණු කාරණා 108 කින් වැඩගනු ලබන හස්තසාර දැහැන් හතකි. සියලු ජීවම් මල් බුලත් තටුවේ කරනු නිසි පුද තබනු, නැතිනම් අවැඩයි.
රංකඟවේනා දැහැන් හත මෙන්න
ඕං නමෝ රත්ගලා දේසයේ රත්නගිරි පර්වතයේ වාසස්ථානය කරන රත්ගිරි බිසවුන්වහන්සේගේ කුසෙන් උපන් රන්කඟවේනුන්වහන්සේ දිව්‍යය ලෝකයට වැඩමවා, දිව්‍යය ලෝකය සළිත කරවා ඝණ මහාමේරු පර්වතයට වැඩලා මහමේරු පර්වතේ පුපුරුවාගෙන ගන්ධමූල පර්වතේ පලා කොදෙව් පන්සීයේ සලිත කරවාගෙන දේව රඡ්ජුරු දෙවියන්ගේ රංදොරටු හතේ ඇණ යතුරු උගුළුවාගෙන විශ්මකර්ම දිව්යපුත්රයාගේ රන්යගදාව සත්කඩකට පුපුරුවාගෙන ගොස් නාග ලෝකේ නාග රඡ්ජුරුවන්ගේ පෙනගොබේ පලා කේ්රම සූනියන් පලයං තෝස්වාහඃ. (108-1008)
ඕං හී්රං සුර්ය හිර ඉහළ පලයං තෝස්වාහඃ
ඕං හී්රං චන්ද්‍ර හිර ඉහළ පලයං තෝස්වාහඃ
ඕං හී්රං තන්ත්ර හිර ඉහළ පලයං තෝස්වාහඃ
ඕං හී්රං මන්ත්‍ර හිර ඉහළ පලයං තෝස්වාහඃ
ඕං හී්රං යන්ත්‍ර හිර ඉහළ පලයං තෝස්වාහඃ
දක්ෂිණාවෘත සංඛ ජීවමට මෙන්ම නවග්‍රහ අපල සඳහා පළඳවන යන්ත්‍ර සඳහා ද නරි අඟ - ගජමුතු - බෙළිපිළිල ආදී වස්තූන් සඳහා ජීවම් කරනාවිට මෙකි රන්කඟවේනා දැහැන් හතද භාවිතයට ගනු ලබනු ඇත. පාඨක ඔබද අත්හදා බලා උපරිම ප්‍රයෝජන ලබාගන්න. චිරං ජයතු·
කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි
0 Comments