බුද්ධිය වර්ධනයට ශ්‍රී ගණේෂ තෛලය

දරු දැරියන්ගේ නැණ නුවණට අධිපතියයි විශ්වාසයක්‌ ඇති ගණ දෙවියන් දේව සමූහයා අතරින් කුඩා දරුවකුට වුවද පහසුවෙන් හඳුනාගත හැක්‌කේ ගෙලෙන් පහත කොටස මිනිස්‌ රුවකින් හා ඉහළ කොටස අලියෙකුගේ හිසක්‌ ඇති නිසාය. මොහු පුල්ලෙයාර්සාමි කියාද හඳුන්වති. සියලු කටයුතු සඳහා ජනයා පුල්ලෙයාර් දෙයියන්ගේ පිහිට පතන අතර ඇතැමුන් පුල්ලෙයාර් සාමි තමාගේ කිට්‌ටුම ඥතියෙකු ලෙස සළකයි. ගණ දෙවියෝ කාටත් පොදුවේ දුකට පිහිට වන බවට ගැමි විශ්වාසයක්‌ද ඇත. ඊට හේතුව ඔහු විනෝද කාමියකු මෙන්ම මනමාලකමින්ද යුත් අයකු නිසාය.

ගණ දෙවියන්ට ව්‍යවාහාර වන නම් 108 ක්‌ ඇත. එයින් සිංහල පොත්වල සඳහන්ව ඇත්තේ කීපයකි. ගණදෙවියන්ට ඇති විවිධ නම් වලින් කීපයක්‌ නම් පුල්ලෙයාර් වක්‍ර කුණ්‌ඩන්, විග්නේශ්වරම්, ගණපති ඒක දන්ත, සිත්තිධානා, ගජ කරණාගන්, ගණදීපන්, ලම්බෝධරන් විග්නරාජා, හේරම්බන්, පුල්ලෙයාර් අප්පා, පුල්ලෙයාර් සාමී, ආරි උරම්, ගාණාධි රාජා, බාල චන්ද්‍ර, ගණේෂ ආදී වශයෙන් බොහොමයකි.

ගණදෙවිඳුට අවතාර දහඅටකි. එනම් මහගණේෂා, බාලගණේෂ, වීරගණෙෂ, ශක්‌ති ගණේශ, වල්ලභ ගණේෂ, පෝරම්භ ගණේෂ, ධරණී ගණේෂ සිද්ධි ගණේෂ, බුද්ධි ගණේෂ, චන්ඩි ගණේෂ, සත්‍ය ගණේෂ, ස්‌කන්ධ ගණේෂ, භද්‍ර ගණේෂ, නෘත්‍ය ගණේෂ, භක්‌ති ගණේෂ, කාල ගණේෂ, ලක්‍ෂ්මී ගණේෂ විද්‍යා ගණේෂ යනුවෙනි. ඉන්දියාවේ ප්‍රාන්තවල සිංගප්පූරුව, නේපාලය තායිලන්තය ලංකාව වැනි රටවල ගණදෙවියන් අදහයි. තායිලන්ත ගණ දෙවි කෝවිලක ගණදේව ස්‌වරූප 32 ක්‌ දක්‌නට ඇත.

මහා ගණේෂ

ජ්‍යෝතිෂ්‍ය, වාස්‌තු විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර අමනුෂ්‍ය භය දොaෂ අණවින වස්‌දොස්‌ ආදියෙන් සහනය පතා මහා ගණේෂ දෙවියන්ගේ පිහිට පැතිය හැක.

වල්ලභ ගණේෂ

ආදරවන්තනයට, යුවති පතීන්ට ආරක්‍ෂාවට සැප සම්පත්, සර්ව ජන වශී රාජ වශී ස්‌ත්‍රී පුරුෂ වශී සඳහා මේ දෙවියන්ගේ පිහිට පැතිය හැක.

බාල ගණේෂ

ළදරුවන්ට සෞඛ්‍ය සම්පත්තිය, සර්වාරක්‍ෂාවට දරුපල නැති කාන්තාවන්ට දරුපල පිහිටන්ට මෙම දෙවියන්ට පුද පූජා දිය යුතුයි.

භෙරම්භ ගණේෂ

ගංවතුර, නියඟ, සුළි සුළඟ, භූමි කම්පාව වැනි ස්‌වාභාවික විපත් වලින් ආරක්‍ෂාව පැතීමට, නිවාස වතුපිටි හරකා බාන ආදී සතුන් හා සම්පත් ආරක්‍ෂා කර ඉසුරු දානය දීම සඳහා මේ දෙවිඳුගේ පිහිට පැතිය හැක.

වීර ගණේෂ

වංචාවෙන් දූෂණයෙන් අසාධාරණයෙන් අහිංසක මිනිසුන්ට හිරිහැර කරන්නට දඬුවම් පමුණුවන සාධු ජනයින් නඩු ආදියට පටලවනවිට එයින් ජය ලබාදෙන්න බැතිමතුන්ට ආරක්‍ෂාව සලසන්ට මේ දෙවියන්ට මහත් භක්‌තියෙන් පුදපූජාවන් පැවැත්විය යුතුයි.

ධරණි ගණේෂ

මුහුද, රන්, රිදී, මැණික්‌, ලෝහ වර්ග, පස්‌, වැලි, ගල් ආදී මහ පොළොවෙන් ලබාගන්නා සම්පත් හා මහ මුහුදට අයත් පත්ලේ ඇති මුතු, වාලම්පුරි ආදී වෙනත් සම්පත්ද නිවාස, භූමි, වාස්‌තු දොaෂ ආදිය නිවාරණ සඳහා පිදිය යුතුයි.

ශක්‌ති ගණේෂ

ග්‍රහ අපල දෝෂ දුරුකර සියලු රෝග දුරුවන්ට, නිරෝගී සම්පත් උදාකරගන්ට ඥන බලය, ධ්‍යාන බල, ප්‍රඥබල ලබාගැනීම සඳහා මේ දෙවියන්ට පුද පූජා දිය යුතුයි.

සිද්ධි ගණේෂ

ධන සම්පත් ලබාගැනීමට යස ඉසුරෙන් පිරී සෞභාග්‍ය උදාකරන්ට වස්‌තු භූමි, ධාන්‍ය, ස්‌ත්‍රී, සත්ව දරු සම්පත් ආදි සප්තසම්පත්තීන් උදාකර ගැනීමට මේ දෙවියන්ට පුද පූජා පැවැත්විය යුතුයි.

බුද්ධි ගණේෂ

සකල විධ ශිල්ප ශාස්‌ත්‍රයන්, සකල විධ ධර්ම ශාස්‌ත්‍රයන් ප්‍රගුණ කිරීම සඳහා ඥන සම්පත්තිය ලබාදෙන බුද්ධි ගණේෂ දෙවියන් භක්‌තියෙන් ඇදහීමෙන් පිහිට ඉක්‌මනින් ලැබේ.

නෘත්‍ය ගණේෂ

සකල විධි කලාවන්ට අධිපතිව සූ සැටක්‌ කලා ශිල්පයක්‌ ලොවට ප්‍රදානය කරවූ නෘත්‍ය ගණේෂ දෙවිඳු ලොව සතුටු කිරීම සඳහා කලාක්‍ෂේත්‍රයේ නියලියන් ආරක්‍ෂාකර සියලු කලාවන් රැකදී මුළු ලොව පුරාම කලා රස ජනිත කරයි.

ඒනිසා ඔබට අදාල කරුණු කාරණා ඉටුකර ගැනීම සඳහා ඉහත - සඳහන් ආකාරයට ඒ ඒ ගණේෂ දෙවිවරුන් හඳුනාගෙන පුද පූජාවන් පවත්වන්න.

හින්දු දේව කථා පුරාණය නම් ඉතාරසබර කෘතියෙහි ගණ දෙවියන් පිළිබඳ විස්‌තර හා වර්ණනා අනුව ගණ දෙවියන්ගේ පියා ඉසුරු හෙවත් ශිව දෙවියන්ය. මව උමයංගනා දේවියයි. ස්‌කන්ධ කුමාරයා හෙවත් කතරගම දෙවියෝ ගණ දෙවියන්ගේ සොහොයුරාය. ගණදෙවි උපත ගැන කථා කීපයක්‌ම ඇත. ලෝකය පාලනය කරන ත්‍රි මූර්තිය ලෙස දෙවිවරු තිදෙනෙක්‌ හැඳින්වේ.

විෂ්ණු, ශිව, බ්‍රහ්ම නම්වන අතර ශිව දෙවියන්ගේ නළලේ ඇසක්‌ ඇත. ඒ ඇස හැරී බැලුවොත් ඒ බැලුව ප්‍රදේශයත් සියල්ලත් දා අළුවී යයි කියා වේද ග්‍රන්ථයේ සඳහන්වේ. දෙව් ලොව ප්‍රබලයකු වන ශිව දෙවියන් ඉතා ප්‍රබල රහස්‌ මන්තරයක්‌ දැනගෙන සිටියේය. ඒ මන්තරයෙන් අතට මතුරා එම අත යම් අයකුගේ හිස මත තැබුවහොත් ඔහුද දා අලුගොඩක්‌ වේ. එහෙත් ඔහු මේ මන්තරය දැන හිටියද කිසිවකුට එයින් හානියක්‌ කළේ නැත. මොහු ඉතා කාරුණිකයි. උදව් ඉල්ලන කාටවූවද පිහිට වෙයි. මොහුගේ මේ වටිනා පුදුම මන්තරය ගැන විෂ්ණු, බ්‍රහ්ම හා අනිකුත් දේව සමූහයකු දැන සිටිය අතර බ්‍රහ්ම මේ මන්තරය ලබාගන්ට බොහෝ උත්සාහ කලක්‌ නොහැකිවීමෙන් දිනක්‌ බ්‍රහ්ම ශිව දෙවියන්ගේ නිවහනය වූ කෛලාස කුටියට පැමිණ ශිවගේ දෙපා බැඳ මේ බලගතු මන්තරය උගන්වන ලෙස ඉල්ලා සිටියේය.

තම දෙපා මුලට පැමිණ මැඳ වැටීමේ මන්ත්‍රය ඉල්ලූවිට අනුකම්පා සිතී දුරදිග නොබලා මන්තරය බ්‍රහ්මට ඉගැන්වීය. මන්තරය ඉගෙනගත් බ්‍රහ්ම උඩගුවී ආඩම්බරයෙන් සතුටට පත්ව ශිව ගාතනය කර ලෝකයේ ලස්‌සනම දෙවඟනවූ උමයංගනාව තමාට හිමිකර ගැනීමටත් අනිකුත් දෙවිවරුන් ඉදිරියේ තම බලය අණසක පැතිරීමට තන්හාවෙන් බ්‍රහ්ම මන්තරයෙන් තම අතට මතුරා ශිව ලඟට දුවන්ට විය. නමුත් තමාගේ තෙවැනි ඇසින් බ්‍රහ්ම දෙස බැලුවොත් බ්‍රහ්ම පමණක්‌ම නොව ඒ පෙදෙසම විනාශ වේයයි හිතා දෙවැනි ඇස පියාගෙන දුවන්ට විය. බ්‍රහ්ම ශිව දෙවියන් පසුපස දිව ගියේය.

මේ සියල්ලක්‌ම විෂ්ණු දෙවියෝ දැක ශිව හා බ්‍රහ්ම දෙවිවරු නිසා විෂ්ණුට කල හැකි දෙයක්‌ නොවීය. මොහොතක්‌ කල්පනා කල විෂ්ණු දෙවියෝ රූමත් කාන්තාවක්‌ වගේ වෙස්‌ වලාගෙන ශිව හා බ්‍රහ්ම දිවඑන මාවතට පැමිණ එහි සුන්දර මල් උයනක්‌ මවා මල් වලින් හැදූ මල් ඔන්චිල්ලාවක පදින්නට වූවාය. ශිව බ්‍රහ්මට බයේ දුවඑන විට ඔන්චිලි පදිමින් සිටින රූමත් සුන්දරිය දෙසබලා අහක බලාගෙනම ඇය දෙසරැදී නොසිට දුවන්ට විය. බ්‍රහ්මද ඔහු ලුහුබැඳ එනවිට මිහිරි ගී ගයමින් ඔන්චිලි පදින රූමතිය දැක නැවතී ඇය ළඟටම කිට්‌ටු වී ඇයගේ රුවදෙස බලන විට බ්‍රහ්මට ශිව අමතක වී සුරුපිනියගෙන් ඔබ ලක්‍ෂණයි කවුදැයි කියා ඇසුවේය. සුරුපිනියද කථා නොමැතිව ඇහැත් ඉඟිකොට මුකුළු සිනාවක්‌ කටකොණකින් පාමින් මලක්‌ කඩා හිසේ ගසාගත්තාය. බ්‍රහ්ම තවතව ලංව ඔබ කැමතිද මා සමඟ වාසය කරන්ට කියා ඇසුවේය. එවිට ඇය පිරිමි ජාතිය විශ්වාස කරන්ට බෑ... මම කාටවත් ආදරය කරලත් නෑ. මගේ නොයිඳුල් ආදරය පුදන්නේ විශ්වාස අයකුටයි කීවේය. එවිට බ්‍රහ්ම මා විශ්වාස කරන්න මා බ්‍රහ්ම දෙවියෝ මම කියන කිසිවක්‌ මා වෙනස්‌ කරන්නේ නෑ කීහ. හොඳයි එහෙනම් ඔයාගේ හිසේ මගේ අත තියලා මම දිව්රන්නම් ඇත්ත කියන බවටත් කිසිදාක වෙනස්‌ නොවන බවටත් කියා තම අතට මතුරා ඇති බ්‍රහ්මට ඇගේ රූපශ්‍රියාව නිසා අමතක වී බ්‍රශ්ම තම අත හිස මතට ගෙන දිවුරමින් බ්‍රහ්ම තම අත හිස මත අත තැබීය සැනෙන් බ්‍රහ්මදා අළුවිය. ශිව බොහෝ දුර ගොස්‌ ආපසු බැලීය. බ්‍රහ්ම පෙනෙන්නට නැති නිසා හෙමින් හෙමින් ආපසු කෛලාශ කුටිය වෙත පිය නැගුවේය. එවිට සුරූපිනියගේ ගී හඩ ඇසීමෙන් ශිව ඇය ළඟට ලංවී ඔබ දෙවගනක්‌ද නාග කන්‍යාවක්‌දැයි අසා ඔබ වාගේ ලක්‍ෂණ කාන්තාවක්‌ මම මීට පෙර කිසිදාක දැක නැතැයි කීවේය. ස්‌වාමීනි මම නාග කන්‍යාවක්‌ යෑයි විෂ්ණු කීවේය. මේ සුරූපිනියගේ දෙනෙත් මැණික්‌ කැට දෙකක්‌ වැනිය. රෝස පැහැති දෙකම්මුල තොල් පෙති වටකුරු පියයුරු මත මදිනා සිරුරට ආශාව ඇතිවී ශිවගේ හද ඉවසුම් නොදී මත් මත්ව ශිව සමඟ විවාහ වනලෙස බගෑපත්විය. එවිට සුරීපිනිය මම කැමතියි ඔබේ ආදරය මට අමෘතයකි. එහෙත් ඔබ විවාහක අයකු බව මා දනිමි. එනිමා මා විවාහ කරගන්නට පෙර ඔබේ ළමයාංගනාවියගෙන් අවසර ලබාගෙන එන්නැයි කීවාය.

එවිට හොඳයි මම අවසර ගෙන එන්නම් කියා ශිව නැවත ළමා ළඟට පැමිණ සුරීපිනිය විවාහ කරගැනීමට අවසර ඉල්ලුවේය. ඇය අවසර දුන්නාය. අවසරය ලැබ සුරීපිනිය ළඟටට ශිව පැමිණිවට සුරූපිනිය කුඩා දරු පැටියකු තුරුලටගෙන සුරතල් කරමින් සිටියාය. එවිට සුරූපිනිය ශිව අමතා ඔබ අවසර ගෙන ආ බව මා දනිමි. එහෙත් මට දැන් දරුවකු සිටිනවා. ඒ නිසා ළමයාංගනාවිය දරුවෙකුත් සමඟ මා එනවාට කැමැති වේද ඒ නිසා ඒ ගැනත් අවසරය ලබාගෙන එන ලෙස අණකලාය. ශිව නැවත ගොස්‌ සියළු තොරතුරු ළමාංගනාවියට කියා දරුවාද කැටිව ඒමට අවසර රැගෙන නැවත ආවිට දරු පැටව් දෙදෙනකු නැංවමින් සිටියයා. එවිට සුරූපිනිය ඔබ එක්‌ දරුවකු සමඟ මා කැඳවාගෙන යැමට අවසරය ලබා ආවත් දැන් මට දරුවන් දෙදෙනෙක්‌ සිටිනවා. ඒ දෙන්නා සමඟ මා කැඳවාගෙන යැමට අවසර ගෙන එන්නැයි නැවත ඇය කීවාය. මෙසේ දරුවන් හත්දෙනකු සමඟ ඇය කැඳවාගෙන යැමට උමයාංගනාවියගෙන් අවසර පතන්නට සිදුවිය.

පසුව දරුවන් හත් දෙනකු සමඟ සුරූපිනියක්‌ කැඳවාගෙන ඒමට අවසර දුන් උමාව දිවැසින් කුමක්‌ද සිදුවන්නේයි කියා සොයා බලා සියල්ල වටහා ගත් ඇයට විෂ්ණු කල උප්පැරවැටිය දැනී මෙහි සත්‍ය දැනගැනීමට උමයාංගනාව එතනට පැමිණියාය. එවිට අගේ උකුළේ සිටි දරුවන් හත්දෙනාම දුටු ළමයාංගනාවට හදවත උණුවී ඇතිවූ දරු සෙනෙහස නිම් හිමි නැතිව ගොස්‌ තමදැත් දිගුකොට දරුවන් හත් දෙනාම අල්ලා තුරුලට ගත්හ. නමුත් ඇගේ තුරුලට අසුවුනේ දරුවන් හය දෙනෙකු පමණකි. ඒ දරුවන් හය දෙනාම එක්‌ දරුවකුවී එම කුමරුට මූණු හයක්‌ අත්දොළහක්‌ද විය. ඒ තමයි අද අපි පුද ජූජා පවත්වන ස්‌කන්ධ කුමාර හෙවත් කතරගම දෙවිඳුගේ උපත ළමයාංගනාවියේ අතට අසුනොවුන පුංචි දරු පැමිටියා සුරිපිනියකගේ වෙස්‌ ගෙන සිටි විෂ්ණු දෙවියන් විසින් ශිව දෙවියන්ගේ දොaතට දුන්නාය. ශිවගේ දොaතට වැඩි කුමරුවන්ට සියළු ඥනය පහළවිය. ඒ කුමරු ගණ දෙවියන් යෑයි හින්දු දේව පුරාණ කෘතියේ සඳහන් වේ.

ලංකාවේ වැඩි වශයෙන් දක්‌නට ඇත්තේ මහාගණේෂ හා බුද්ධි ගණේෂ මුර්තීන්ය. ගෙලෙහි හිසෙහි අත් වල පැළඳ සිටින රන් රිදී මුතු මැණික්‌ ආදිය නිසා ගණ දෙවියන් ධනයට ප්‍රඥවට, බලයට, යස ඉසුරට, ස්‌ත්‍රීත්වයට සෞභ්‍යායට අධිපති බව ඉන් සඳහන්වේ.

ගණ දෙවියන් යට මීයෙකු ඇත. එක්‌ එක්‌ මූර්ති වල මේ මීයා විවිධාකාරව යොදා ඇත. මෙයින් කඩිසරකම, විමසිලිමත් බව, බුද්ධිය පෙන්නුම් කරයි. ගණ දෙවියන්ගේ එක්‌ දළක්‌ කැඩී ඇත. පරශුරාමා නම් අසුරයා සමඟ කල සටනේදී මේ දළය බිඳීගිය බව සමහර පුරාණ පොත්වල දැක්‌වූව වදන් කවි පොතේ සඳහන් කර ඇත්තේ අඹගෙඩියක්‌ දැක එය ගන්නට දුවයද්දී වැටීමෙන් දළය කැඩුණු බවයි.

ගණ දෙවියන්ගෙන් ඔබේ සියලු පැතුම් ඉටුකර ගැනීමට විශේෂයෙන්ම අධ්‍යාපනයට අදාල දැනුම, ප්‍රඥව, බුද්ධිය වර්ධනය වී විභාග ආදිය සඳහා පාඩම් මතක හිටීමට, විභාග ජයට, තරග වලට, පැතුම් ඉටුවීමට ධන සම්පත්, භූමි සම්පත්, වස්‌තු සම්පත් හා සෞභාග්‍ය ලැබීමට, වස්‌ දොස්‌ ඇස්‌වහ කටවහ, හෝවහට, අමනුෂ්‍ය දොaෂ දුරුවීමට, රාජවශියට, වෙළෙ¹ම් දෙගුණ තෙගුණ වී සපලවී දියුණුවට කුඩා දරු දැරියනට ගණදෙවි නුවණ ලැබෙන්න උතුමන්ගේ ගෞරවය ලබා ජනප්‍රිය වීමට නැටුම් ගැයුම් වැයුම් ආදියේ නිරත වන්නට සකල විධ කලා සූසැට කලා ශිල්ප ක්‍ෂේත්‍රයේ නිරතවන්නන්ගේ ප්‍රසිද්ධිය හා දියුණුවට ආරක්‍ෂාවට මෙම උතුම් භාරතීය යන්ත්‍රය අදාල ගණ දෙවියන්ට නිසිපුදපූජාවන් තබා මේ මන්ත්‍රයෙන් නිසිවාර ගනින් හරි හැටියට ජපකර පළඳින්න. පාඩම් හිටින්න මෙයින් බිඳුවක්‌ ගිරා පිහාටුවේ අගින් තෙමා දිවගා උදේ පාඩම් කරන්න. බුද්ධිය වර්ධනය වී පාඩම් හිටියි. ශිෂ්‍යයාවන් කිළිදොaෂ ඇතිවන දිනවල සුරය ගලවා තබා ස්‌නානය කිරීමෙන් පසු පැළඳගන්න. මස්‌, මාංශ, මෝර මාළු හා කිළි කුණු ආදියෙන් වළකින්න. දිනපතා ගණ දේව රුව තබා මල් පහන් පුදා ස්‌තෝත්‍ර කියවන්න

ස්‌තෝත්‍ර - නමඃ ශ්‍රී ගණාය නමඃ

ඥණේශ්වර ලම්බෝධර කර්ණ විලම්භීතං

හස්‌ථාධර මොධක මූෂික වාහන නිත්‍යං

හස්‌ති චක්‍රදර මති ශ්‍රෙෂ්ඨ දන්ත භින්තං

පුෂ්පා සන ගාමිනෝති ශ්‍රී ගණේෂ දිව්‍යං



මාතා උමයංගනා පීතෘ ගංගාධාරිං

ශ්වේත ජත්‍රධාරි තුම් හේම වර්ණ දේහං

කාමා පල නාරී කේල පුෂ්ප මාල ඛණ්‌ථං

මහේෂ්වර පුත්‍ර දේව ආසනපු විෂ්ඨං

සම්මුඛ දෙවෙන්ද්‍රභාතා සර්වශාස්‌ත්‍ර ගීතං

ඥනෝකදනා නර නාරීනං සතතං

ගෞරීප්‍රිය පූපදේව රාජාමතී ශෙෂ්ඨං

චන්ද්‍රම්‍යං ගණේෂ්වර දේව රාජං (21 වර ගයන්න)

අරි ඕං ත්‍රිපුර සංකාර විසෙනෂ රූපා ටං ටං සරණ සරණ නිනෛයාන් තම්බිනේන් වා වා ගණපති මහා ගණපති එන්නා විලුම් මන දිලුම් නිතී සිවා (324 වරකින් ජපකරන්න)

ඕං කිලි අං උං 10,000 ක්‌ වරක්‌ කියා ජපකර ගන්න. මේ ෙඖෂධ වර්ගයන් එකට අඹරන්න තැඹිලි වතුරෙන් පසුව රන්පැහැට බුබුළු නගන තෙක්‌ තෛලය සිඳ ගන්න. කුජ දිනක කුජ හෝරාවෙන් ජපකිරීම බුධ දින බුධ හෝරාවෙන්ය. ලුණුවිල, මුගුණුවැන්න, රජ නෙළුම්රේණු මහනෙල්, ඕලු, මයුර පුෂ්ප, ඇත්දලකුඩු, රන්, රිදී, මුතු, පස්‌ලෝ පස්‌රාජ, පස්‌ පලවක, මනෝසීල, දුටු සතුටු, උක්‌යුෂ, ආගදා මේවා බිමට නොකැඩු රන් තැඹිලිතෙල් හඳුන් තෙල් ගිතෙල් මිශ්‍රකර සිඳගතයුතුයි. එසේ සිඳගත් තෛලය ශ්‍රී ගණෙෂ බුද්ධි වර්ධනය තෛලයයි. භාරත ඉන්දියානු හින්දු හා අනිකුත් ද්‍රවිඩ හා විවිධ ජාතීන් මෙය අගේ කරන උතුම් තෙලකි.

රඹුක්‌කන - ජිනදාස එදිරිසිංහ

Post a Comment

0 Comments