හදවත ලෙඩ වන්නේ මෙහෙමයි

ආයුර්වේදයට නෑකම් කියන පාරම්පරික දේශීය වෙදකම අපට උරුම වී ඇත්තේ පුරාණයේ විසූ Rක්‍ෂින් වහන්සේලාගෙනි. එතුමෝ චිත්ත බලය යොදා භාවනානුයෝගීව එම ඖෂධයන්ගේ ප්‍රතිශක්‌තිය නිර්ණය කළ අතර මේ ක්‍රමවේදයෝ රාවණා රජ සමය දක්‌වා ඈතට දිව යන්නේය.

පුස්‌කොළ පොත් ඇසුරෙන් ග්‍රන්ථකරණය වූ මෙම වෛද්‍ය ක්‍රමය පරම්පරාගතව සමාජයේ පැවතියත් චිකිත්සා ක්‍රමයන් ඒ ඒ පරම්පරාවන්ට විවිධ ක්‍රමයන්ගෙන් උරුම වී ඇත. සර්ප විෂ වෙද කලාවද ඉන් එකක්‌ ලෙස සැලකිය හැකිය. එමෙන්ම සර්වාංග වෙදකමද පාරම්පරික වෛද්‍ය ක්‍රමයන් හා ක්‍රමවේදයන්ද මූලධර්ම අනුව එකක්‌ වුවත් විවිධත්වයෙන් වෙනස්‌වන අයුරින් චිකිත්සාවන්ට එක්‌වනුයේ ආවේනිකව පරම්පරාගතවයි. ශ්‍රේෂ්ඨත්වයේ ධර්මතාවෝ මෙහි මූලික පැවැත්ම වන්නාහ.

තමරා ප්‍රියන්ති මංගලිකා වෙදැදුරුවරියද තම පරම්පරාවේ අභිමානය ලොවට පෙන්වා දෙමින් දැනට රෝගීන් දහස්‌ ගණනකට ප්‍රතිකාර කර සුවපත්කර හමාරය. ඉන් වැඩි පිරිසක්‌ වූයේ හදවත් රෝගීන් යෑයි කීවොත් එහි අතිශයෝක්‌තියක්‌ නැතැයි මට සිතේ.

මේ පිළිබඳව වැඩි තොරතුරක්‌ අපේක්‍ෂාවෙන් මම හදවත ලෙඩ වන්නේ කෙසේ දැයි ඇයගෙන් ඇසුවෙමි.

"අපේ ජීවිතය රැකදෙන්න හෘදය වස්‌තුවේ බලයෙන්. කොටින්ම රුධිර ධාවනයේ ප්‍රධානියා හදවතයි. මේකෙ ක්‍රියාකාරිත්වය මත ශරීරයේ රුධිර ධාවනය අඩු වැඩි වෙනවා.

අපි දිනපතා ගන්න ආහාර පානයන්ගෙන් ඇතිවන රස ධාතුව වාතයේ මෙහෙයවීමෙන් ශිරා මගින් හදවත කරා ගමන් කර එහිදී පිත්තයේ බලයෙන් ලේ බවට පෙරළිලා මුළු ශරීරය පුරා ධාවනය කරවනවා. එම රක්‌තය ජීවය රැකගැනීමට උපකාරි වෙනවා. එහෙම නම් කෙටියෙන් කියනව නම් අපේ ශරීරයේ සෑම කොටසකටම අවශ්‍ය රුධිරය පොම්ප කරන අවයවය වන හෘදයේ මාංශමය කොටසට ප්‍රමාණවත් ලේ සැපයුමක්‌ නැතිවීම හදවත් ආබාධයක්‌ (Haරඑ Aඑඒජන) කියල හඳුන්වනවා.

මේ තත්ත්වය අපි කොටස්‌ දෙකකට බෙදල පැහැදිලි කළොත්, පළමුවෙන්ම රුධිර වාහිනී අවහිර වීමෙන් හෘද පේෂි කොටසට රුධිර සැපයුම තාවකාලිකව නතර වෙලා පපුවේ වේදනාවක්‌ හට ගන්නවා. සාමාන්‍යයෙන් මෙම වේදනාව විනාඩි 30 කට අඩු කාලයකට සීමා වෙනවා.

දෙවැනි කාරණය හෘද පේෂි කොටස රුධිර සැපයුම මුළුමනින්ම නැවතිලා හෘද පේෂි කොටසක්‌ මියයනවා. බොහෝ අවස්‌ථාවලදී මෙම රෝග තත්ත්වයේදී ඇතිවන වේදනාව විනාඩි 30 කට අධික කාලයක්‌ පවතිනවා.

මෙවැනි හෘදයාබාධයකින් පෙලෙන්නෙකුට පපුවේ මැද කොටසේ හෝ උදරයේ ඉහළ කොටසේ වේදනාවක්‌ හෝ තදකරන ගතියක්‌ හෝ බරක්‌ තැබුවාක්‌ වැනි ස්‌වභාවයක්‌ හට ගන්නවා. මේ වෙලාවේදී ඔක්‌කාරය, කරකැවිල්ල, අධික ලෙස දහදිය දැමීම සිදුවෙනවා. ඒවගේම විනාඩියකට හැත්තෑවාරයක්‌ පමණ හෘද ස්‌පන්දන වේගය වැඩිවෙනවා. මේ ආකාරයෙන් පටන් ගන්නා මේ වේදනාව ක්‍රමයෙන් බෙල්ල ප්‍රදේශයට හෝ වම් උඩුබාහුව පැත්තට පැතිර යනවා. මේ වේදනාව සමහර වෙලාවට කඩියෙක්‌ කන්නාක්‌ වගේ දැනෙන්නත් පුලුවනි. නැත්නම් ඉවසිය නොහැකි දරුණු වේදනාවක්‌ වෙන්නත් පුළුවන්.

මීට අමතරව තවත් ලක්‍ෂණයක්‌ තමයි කිසිම වේදනාවක්‌, නැතිව කරකැවිල්ල සමඟ අධික දහදිය දැමීම හා ඔක්‌කාරය ඇතිවීම. හදවත් රෝගයක ලක්‍ෂණයක්‌. විශේෂයෙන් දියවැඩියා රෝගියකුට හෘදය වේදනාවක්‌ හැදුනම මේ වාගේ පපුව ප්‍රදේශයේ වේදනාව දැනීමක්‌ සිදුනොවෙන්න පුලුවන්. ඒවාගේම වේදනාවක්‌ නැතිව බෙල්ලේ හෝ වම් අතේ වේදනාවක්‌ පමණක්‌ හා වමනය කරකැවිල්ල සමඟ අධික දහදිය දැමීමක්‌ වෙන්න පුළුවනි.

සමහර අවස්‌ථාවලදී දැඩිව දැනෙන මෙම වේදනාව වම් අත පහළට හෝ හක්‌ක දෙසට යන්න පුළුවන්. නැත්නම් පිට පැත්තෙ උරපත් ඇට දෙක අතරට දිවයන්න පුළුවන්. මේක බොහෝ දෙනාට බඩේ දැවිල්ලක්‌ වගේ දැනෙන්නත් පුළුවන්.

මේ විදියට පවතින හෘද රෝග අතරින් පහලවන අතුරු රෝග ලක්‍ෂණත් තියෙනවා. ඒව තමයි පපුවේ ගැස්‌ම, හිස කරකැවිල්ල, අධික ලෙස දහදිය දැමීම, වමනය හා හිසරදය සහ හුස්‌ම ගැනීමේ අපහසුව.

මෙහෙම හදවතේ ලෙඩ වීමට මේ වගේ වේදනාවන් දැනුණත් හෘදයේ වේදනාවක්‌ නොවන වේදනාත් තියෙනව. ඒවා තමයි ඉහළ පහළ යනවිට දැනෙන වේදනාව, නිතර ඇතිවී නැතිවී යන පපුවේ වේදනාව, ක්‍ෂණිකව ඇතිවී නැතිවී යන අල්පෙනෙති තුඩකින් අනින්නාක්‌ වැනි වේදනාව, කඩියකු කන්නාක්‌ වැනි වේදනාව, පපුවේ වම් පැත්තෙ ඇතිවන වේදනාව සහ වේදනා හෘදයේ රෝගයකට හටගන්න ඒව නොවෙයි. එහෙත් පපුවේ වම් පැත්තට හටගන්න වේදනාව දොaෂයක්‌ නොවුණත් වඩාත් සැලකිලිමත් වෙන එක හොඳයි.

හදවත් රෝග ඇතිවීමට ප්‍රධාන හේතුව තමයි හෘදයේ එක්‌ කොටසකට රුධිරය සැපයීම් අඩුවීම හෝ සම්පූර්ණයෙන්ම රුධිර සැපයුම අඩාල වීම යෑයි අප කිව්වනේ. ඒකට හේතුව හෘද පේෂියට රුධිරය සපයන නාලවල ඇතුළු බිත්තියෙහි මේදය තැන්පත්වීම හෝ කුඩා රුධිර කැටිති හිරවීම. මේ නිසා එම නාල අවහිර වෙලා රුධිරය නිසියාකාරව සැපයීමට නොහැකි වෙනවා. මෙයාකාරයෙන් හෘදයාබාධයක්‌ ඇතිවීමට නම් ගොඩක්‌ අවදානම් තත්ත්වයන්ට පුද්ගලයා භාජනය විය යුතුයි.

මේ තත්ත්වයට බලපාන හේතු පැහැදිලි කළොත් 

අධික රුධිර පීඩනය, දියවැඩියාව, ස්‌ථුලභාවය, දුම්පානය, අධික මත්පැන් පානය, මානසික ආතතිය හා සැපපහසු ජීවන රටාව පෙන්නලා දෙන්න පුළුවන්.

මේ වගේ අවදානම් තත්ත්වයක ඉන්න පුද්ගලයෙකුට ඉහත සඳහන් ලක්‍ෂණ මතුවන්නේ නම් තම රෝගී තත්ත්වය ගැන තමා විසින්ම අවබෝධකර ගැනීමෙන් සහනයක්‌ ලබාගැනීමට පුළුවන්.

මේක අවබෝධ කරගන්නවා කියන්නෙ දුම්පානය කරනවා නම් වහා එය නතර කළ යුතුයි. මත්පැන් පානය කරනවානම් එයත් නතර කළ යුතුයි. ඒවගේම අධික මේදය සහිත ආහාර නොගත යුතුයි. සවන්දීම, සුරතල් සතුන් ඇතිකිරීම වගේ විනෝදාංශ ඉතාමත් හොඳයි. මේ සියල්ල වගේම අවුරුදු 35 ට වැඩිනම් අඩු තරමේ වසරකට වරක්‌වත් වෛද්‍ය පරීක්‍ෂණයක්‌ කර ගැනීම ඉතාමත් හොඳයි.

විමලසිරි අගලකඩ

Post a Comment

0 Comments