වාස්‌තු සිද්ධාන්තවලට ගැළපෙන ලෙස ඔබේ නිවස ලස්‌සන කරන්න

ඔබ සෑම විටම කැමති ලස්‌සනට අඳින්න, විවිධ විලාසිතාවන් සිදුකරන්න, විශේෂයෙන් කාන්තාවන් මෙවැනි කටයුතු වලට වඩාත්a කැමතියි. ඒත් ඔබගේ රූපය ලස්‌සන කරන සෑම දෙයක්‌ම ඔබගේ රුව ලස්‌සන කරනවාද? මේ ගැන දෙපාරක්‌ සිතන්න වෙනවා. ස්‌වභාවයෙන් ඔබට ලැබුණු ලස්‌සන සමහර විට මෙම විලාසිතා තුළින් මැකීයන්න පුළුවන්. එසේම ඔබගේ පෞර්ෂවයට පවා හානි සිදුවන්න පුළුවන්. සමහර විට ඔබ රෝගී වන්නට හෝ මරණයට පවා පත්වීම සිදුවිය හැකි අවස්‌ථා පිළිබඳව අප අසා නැතුව නොවේ. කෙනෙකුගේ රූපය ලස්‌සන කරන්න සිදුකරන සෑම දෙයක්‌ම එම පුද්ගලයාට යහපත් ලෙස හා අයහපත් ලෙස බලපාන සේම අපගේ නිවස අලංකාර කිරීමට ඔබ විසින් සිදුකරනු ලබන යම් යම් වාස්‌තු කර්මද හොඳ හෝ නරක ලෙස යළිs ඔබට බලපාන බව ඔබ දන්නවාද? 

වාස්‌තු කර්ම ඔබට හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් තේරුම් බේරුම් කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම් සිදුකර තිබෙනවා. මෙම ලිපියෙන් උත්සහ ගන්නේ ඔබගේ නිවස අලංකාර කිරීමේදී ඔබට අවශ්‍ය මග පෙන්විම සිදුකිරීමටයි. 

අප නිවස අලංකාර කිරීම සඳහා යොදාගනු ලබන ක්‍රම ශිල්ප රාශියක්‌ තිබෙනවා. මේවා අතරින් ප්‍රධාන අවස්‌ථා කිහිපයක්‌ පමණක්‌ හදුනා ගැනීමට උත්සහ කරමු. 

* වර්ණ යොදා ගැනීම

නිවසේ අලංකාරය සිදුකිරිම සඳහා වර්ණ යොදා ගැනීම ඉතා ප්‍රබල මාධ්‍යක්‌ බව අප දනිමු. මෙහිදී වාස්‌තු ක්‍රමවේදයට අනුව එම වර්ණ යොදා ගැනීම වඩාත් ප්‍රතිඵල දායක වේ. 

* උතුරු ඊශාන දිශාව - වර්ණය සුදු, නිල් හා අවශේෂ වර්ණයන්

* නැඟෙනහිර නිරිත දිශාව - වර්ණය සුදු, කොළ හා අවශේෂ වර්ණ

* දකුණු ගිණිකොන දිශාව - වර්ණය සුදු, රතු, තැඹිලි රෝස හා අවශේෂ වර්ණ 

* බටහිර වයඹ දිශාව - වර්ණය ගුරු, අළු, කහ තද කොළ හා අවශේෂ වර්ණ දිශා අනුව වර්ණයන් සක්‍රීය වන්නේ සතර මහ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය අනුවයි. එහිදී,

උතුරු දිශාව - ජල ධාතුව

නැගෙනහිර දිශාව- වෘක්‍ෂ ධාතුව

දකුණු දිශාව - තේජෝ ධාතුව

බටහිර දිශාව - භූමි ධාතුව

මේ නිසා නිවස සඳහා වර්ණ යොදා ගැනීමේදී දිශාව හා ධාතුන්ට ගැලපෙන වර්ණ යොදාගැනීම ඔබට යහපත සලසා දේ.

* විල් පොකුණු දිය ඇළි

ඔබගේ නිවස අලංකාර කිරීම සඳහා යොදා ගන්නා තවත් උපක්‍රමයක්‌ ලෙස නිවස තුල හා නිවසින් පිටත ගෙවත්තේ විල් පොකුණු හා දිය ඇලි ආදි ජලය යොදාගෙන කරනු ලබන අලංකරණ ක්‍රියාවලියක්‌ දැක්‌විය හැකිය. වාස්‌තුවේ සෑම මූලධර්මයක්‌ම ගොඩනැගී ඇත්තේ සොබාදහමේ මූලධර්ම අනුවයි. මෙහිදී නිවාස අලංකාරයේදී ජලය රැඳවිය හැකි නිශ්චිත දිශා පරාසයන් හඳුනාගැනීම ඉතාමත් වැදගත් වේ. මෙම මූලික සිද්ධාන්තයන්ට පටහැනිව සිදු කරනු ලබන ජලය රුඳවීම තුළිsන් අයහපත් ප්‍රතිඵල භුක්‌තිවිදීම නොවැළැක්‌විය හැකි දෙයකි.

* ජලය රැඳවිය හැකි දිශාවන්

ඔබගේ ඉඩමේ හෝ නිවස තුළ ජලය රැඳවිය හැකි දිශාවන් හදුනා ගැනීමේදී නිවස තුල නිවසේ මධ්‍ය ලක්‍ෂයේ සිට මෙම දිශාව නිශ්චය කළ යුතු වේ. ඒ අනුව නිවසේ මධ්‍ය ලක්‍ෂයේ නැත්නම් බ්‍රහ්ම පාදයේ සිට ගණන් ගැනෙන උතුරු, ඊශාන, නැගෙනහිර හා බටහිර දිශාවල ජලය රැඳවීමේ අලංකරණ කටයුතු ඉතා යහපත් අතර නිවස මධ්‍යයේ සිට ගිණිකොණ, දකුණ, නිරිත හා වයඹ යන දිශාවල ජලය රැඳවීමේ අලංකරණ කටයුතු නොකළ යුතු බව පෙන්වා දෙමි. විශේෂයෙන් නිවසේ මධ්‍ය ලක්‍ෂයේ කිසිම විටක ජලය රැඳවීම නොකළ යුතු වේ. ඉපැරණි කූප චක්‍රය අනුව මෙම දිශාවන් තීරණය කර ඇති අතර යහපත් දිශාවල ජලය රැඳවීම තුළින් සෑම විටම වාසනාව ධනය හා නිරෝගීකම ඇතිවන අතර අයහපත් දිශාවන් වලින් අවාසනාව, රෝගීකම හා දිළිඳුකම මෙන්ම මරණ පවා සිදුවන බව ප්‍රයෝගික න්‍යායකි. 

එමෙන්ම ජල ධාතුව යොදා ගැනීමේදී ඔබ වඩාත් ප්‍රායෝගික විය යුතු බව කිව යුතුයි. විශේෂයෙන් අධික තෙත් පරිසර වල අභ්‍යන්තර ජලය රැඳවීම අසාර්ථක අතර නඩත්තු කටයුතු හා හැකියාව මත ඒවාගේ සාර්ථක අසාථක බව තීරණය කළ යුතු වේ. පොදුවේ අභ්‍යන්තර ජලය රැදවීමේ ස්‌ථාන නිවාස වල අසාර්ථක බව කිව යුතු අතර පොදු ගොඩනැඟිලි සඳහා ඉතා සාර්ථක හා ප්‍රයෝගික බව කිව යුතුයි. 

* මැද මිදුල හෙවත් ඤමරඑ ශ්රා

නිවාස අලංකරණය සඳහා යොදා ගන්නා තවත් උපක්‍රමයක්‌ ලෙස මෙම මැද මිදුල් සංකල්පය හැදින්විය හැක. විශේෂයෙන් වාතාශ්‍රය සහ ආලෝකය ලබා ගැනීමේ උපක්‍රමයක්‌ ලෙස කුඩා ඉඩම් වල මෙම මැද මිදුල් බොහෝ වශයෙන් යොදා ගනී. මෙම මැද මිදුල් වාස්‌තුවේ දි ද්වාරයක්‌ ලෙස හදුන්වන අතර මෙය උර්දුමුඛ ද්වාරය ලෙස නම් කොට ඇත. විශේෂයෙන් මෙවැනි මැද මිදුල් නිවස මැදට යෙදීම ඉතාමත් අයහපත් වන අතර අනෙකුත් ඕනැම ස්‌ථානයකට යොදාගත හැකි ගෘහ අංගයකි. එසේ වුවද ආලෝකය ලබා ගත හැකි පුළුල්a ඉඩ කඩ සහිත ග්‍රාමීය ප්‍රදේශවල නිවාස සඳහා මෙම මැද මිදුල් යොදා තිබිම ප්‍රායෝගික නොවන බව පෙනීයයි. එසේම අලංකාරයට වඩා අවශ්‍යතාව මූලික කරගෙන මෙවැනි ගෘහ අංග යොදා ගැනීම වඩා ප්‍රායෝගික බව කිව යුතුයි. එසේම නිවසේ මැද මිදුල් ආශ්‍රිතව කටු සහිත පතොක්‌ ශාඛ සහ කහ පැහැති මල් පිපෙන ශාඛ සාදා තිබීම ඉතා අයහපත් බව පෙන්වා දෙන අතර මෙවැනි මැද මිදුල් වියළි සහ හැකිතාක්‌ නිදහස්‌ව පවත්වා ගැවීම සිදු කල යුතුයි. 

* මියුරල් /ආකෘති සහ චිත්‍ර

නිවාස අලංකාර කිරීම සඳහා නිවාසවල අභ්‍යන්තරයේ බිත්ති මත යම් යම් නිර්මාණ ඇඹිම සහ චිත්‍ර ඇඳීම දැකිය හැකියි. එවැනි නිර්මාණ සෑම විටම බටහිර සහ දකුණු බිත්ති ආශ්‍රිතව සිදුකළ යුතු වේ. කිසිම විටෙක උතුරු හෝ නැගෙනහිර දිශාවේ ඇති බිත්ති කොටස්‌ යොදා ගැනීම නොකළ යුතු වේ. එමෙන්ම තමන් විසින් යොදා ගන්නා ආකෘතියේ ඇති හැඩතල සහ වර්ණ පිළිබඳව දැඩි අවධානයක්‌ යොමුකළ යුතු අතර සෘනාත්මක තේමාවන් හා කලහාකාරි වර්ණ යොදාගැනීම අසාර්ථක බව කිව යුතුයි. මෙවැනි නිර්මාණ නිවාස සඳහා එතරම් සාර්ථක නොවන බව කිය යුතු අතර පොදු ගොඩනැගිලි සඳහා උචිත වේ. ඊට හේතුව වන්නේ බිත්ති මත සිදුකරන මෙවැනි නිර්මාණ යාවත්කාලීන නොවීම තුළ නිවැසියන් තුල අසහනකාරීතත්වයන් ගොඩනැගීම හා විවිධ චිත්ත පීඩා ඇතිවිම සිදුවිය හැක. විශේෂයෙන් නිවසේ යොදාගන්නා අලංකාර මාධ්‍යන් නිතර නිතර වෙනස්‌ කර යාවත්කාලීන කළ හැකි දේවල් වීම ඉතා යහපත් වේ. විශේෂයෙන් වසරකට වරක්‌ හෝ නිවසේ තීන්ත පිරියම් කිරීම තුළින් නිවස පුනර්ජණනී කළ හැකි අතර මූර්ති හෝ සිතුවම් ඊට අයත් නොවන බව කිව යුතුයි. එසේම ඔබ එවැනි මූර්ති හෝ චිත්‍ර එක්‌කර ගැනීමට අදහස්‌කරයි නම් පහත සඳහන් තේමාවලින් තොර වූ දේවල් එක්‌කර ගන්න උත්සහ ගත යුතුයි. 

1.නපුරු සතුන්ගේ රූප

2.විකෘති මිනිස්‌ රූප

3.ආයුධ ආශ්‍රිත දැ

4.සෝචනීය පිළිබිඹුවන්

5.ආගමික ප්‍රතිරූප

6.යක්‍ෂ රූප

7.විකෘති කරන ලද ස්‌වාභාවික අනුරූ (හිරු/සඳු)

8.දිරාගිය ගස්‌ වැල් කොටස්‌

9.සතුන්ගේ අං තට්‌ටු හා හම් නිර්මාණ 

ඉහත ආකාරයට ඔබගේ සම්පත් නිවස අලංකාර කරගැනීම සඳහා කටයුතු කිරීමේදී සෑම විටම වස්‌තු මූලධර්මයන්ට එකඟව කටයුතු කිරීමට උත්සහ ගත යුතුයි. ඔබ නිවසක්‌ සාදා ගන්නේ තමන්ගේ අඹු දරුවන් සමගින් නිරෝගී සම්පත්තියෙන් ධනයෙන් ආධ්‍යව ලෞකික සැපය භූක්‌ති විද අවසානයේ ලෝකෝත්තර මාවත එළිකර ගැනීමේ යථාර්ථයෙන් බව ඉපැරණී සෘෂි මතයයි. එබැවින් ඔබගේ ගෘහයේ වර්ණ යොදා ගැනීමේ දී මෙන්ම අලංකරණය සඳහා විවිධ මූර්ති සහ චිත්‍ර මෙන්ම ජලය හා ශාක යොදා ගැනීමේ දී සොබාදහමේ නීති රීති වලට පටහැනි නොවන ලෙස කටයුතු කිරීමට අවශ්‍ය වාස්‌තු ශිල්පීය දැනුම ඔබට ලබා දීමට ගත් මෙම උත්සහය සාර්ථක වන්නේ, එය ඔබ ප්‍රායෝගිකව ඉටු කරන්නේ නම් පමණි.

වාස්‌තුවිද්‍යා විශාරද, පේරාදෙණියේ, ඩි.යු. සෙනරත්

Post a Comment

0 Comments