සිව්හෙළ සුරකින සිව්වරම් දෙවියෝ

ධෘතරාෂ්ඨ, විරූඪ, විරූපක්‌ඛ, වෛශ්‍රවණ යන දෙවිවරුන් සිව් දිසාධිපති දෙවිවරු ලෙස සැලකේ

"පූරිමා දිසං ධෘතරට්‌ඨෝ

දක්‌ඛිණේන විරුළ්හකෝ

පච්චිමේන විරූපක්‌ඛෝ

කුවේරෝ උතතරං දිසං"

චතුභාණවාර පාලියෙහි මහා සමය සූත්‍රයෙහි සඳහන් මෙම ගාථාවෙන් කියෑවෙන ආකාරයට ධෘතරාෂ්ඨ දෙවියන් පූර්ව දිසාව හෙවත් නැගෙනහිර දිසාවට අධිපතිත්වය දරයි. විරූඪ හෙවත් විරූල්හ දෙවියන් දකුණු දිසාධිපති දෙවියන් වේ. පච්චිම දිසාව හෙවත් බටහිර දිසාවට අධිපති දෙවියා වන්නේ කුවේර හෙවත් වෛශ්‍රවණයි. ආලකමන්දාව හෙවත් අලකාපුරය ශෛවණ දෙවියන්ගේ නගරය බව ද පැවැසෙන අතර මෙම දෙවියන් 'නරවාහණෝ' යනුවෙන් ද හඳුන්වනු ලබන්නෙ aනරයකු වාහනය කොට ගත් බැවිනැයි සිංහල දේව පුරාණයේ කියෑවේ.

ධෘතරාෂ්ඨ දෙවියන් ගාන්ධර්වයන්ට අධිපති දෙවියන් වේ. ඒ බව මහා සමය සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ.

පුරුමCඳ්ච දිසංරාජා - ඨතරට්‌ඨෝ නංපසාඝති

ගන්ධබ්භානං ආධිපති - මහාරාජායසස්‌සියො

මේ අනුව අනුපිළිවෙළින් දකුණු දිසාව භාර විරූළ්හ දෙවියන් කුම්භාණ්‌ඩයන්ගේ අධිපතියා ලෙස ද, බටහිර දිසාවට අධිපතිත්වය දරණ වීරූපක්‌ඛ දෙවියන් නාගයන්ට අධිපතියා ලෙස ද උතුරු දිසාවට අධිපතිත්වය දරන කුවේර හෙවත් වෙස්‌සවන දෙවියන් යක්‍ෂයන්ට අධිපති දෙවියා ලෙස ගාථා සතරකින් මහා සමය සූත්‍රයෙහි දක්‌වා ඇත.

බෞද්ධ විශ්වාසය අනුව සිව්වරම් දෙවියන් සක්‍ර දේවේJද්‍රයාගේ පිරිස්‌ බව ද සිව්වරම් දෙවියන්ට සිව් දිසාවෙහි අධිපතිත්වය පවරන ලද්දේ සක්‌ දෙවිඳුන් බව ද පැවැසේ. බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ බුදුන් වහන්සේ වෙත පැමිණි මෙම සිව්වරම් දෙවිවරු බුදුන් වහන්සේට පුද පූජා පැවැත්වූ බව ආටානාටිය සහ මහාසමය සූත්‍රවල සඳහන් වේ.

මෙම දෙවිවරු ලෝක පාලක දෙවිවරු ලෙස සැලකීම පැරැණි විශ්වාසය වන අතර මෙම දේව විශ්වාසයේ දෙවැනි අවස්‌ථාවක්‌ ලෙස සැලකෙන නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි දේව සංකල්පයයි. දහතුන්වන සහ දහහත්වන සියවස දක්‌වා කාල සීමාව ලංකාවේ රාජ්‍යය පාලනය අවුල් වියවුල් සහිත කාල පරිච්ඡේදයක්‌ වූ අතර මේ අවදිය ලංකාවේ දේව විශ්වාසය තහවුරු වූ කාල සීමාවක්‌ ද වේ.

දහඅටවන සියවසේ ලියවුනු මන්දාරම් පුරපුවත, සුළු පූජාවලිය වැනි කෘතිවල සිව් දේවාල සංකල්පය දක්‌නට ලැබෙතත්, මහනුවර යුගයට පෙර සිව් දේවාල සංකල්පය භාවිතා වී නොමැති බව පෙනේ. ලෝක පාලක දෙවිවරුන් ලෙස සැලකූ මෙම සිව්වරම් දෙවිවරු බෞද්ධ සම්ප්‍රදායානුකූලව බුදුන් වහන්සේට සේවය කරන්න වුන් ලෙස සලකා ඇති අතර, අනුරාධපුරයට අයත් නටබුන්වලින් සහ කැලණි වෙහෙරේ බිතුසිතුවම් තුළ දැක්‌වෙන සිව්වරම් දේවරූප වලින් ඒ බැව් තහවුරු වේ. අනුරාධපුර යුගයේදී ඉදිවුන විහාරාරාමයන්හි සතර පැත්තේ ඇති දොරටුවල සිව්වරම් දේවරූප නිර්මාණය කොට තිබූ බව පෙනේ.

අටවන සියවසට අයත් යෑයි සැලකෙන මිහින්තලේ චෛත්‍යක ධාතු ගර්භය පුරාවිද්‍යාඥයන් විසින් විවෘත කළ විට එහි සතර දිසාවට අයත් බිත්ති සතරේ මෙම සිව්වරම් දේවරූප පැවැති බවට අනාවරණය වී ඇත.

දාහතරවැනි සියවස හෙවත් ගම්පළ යුගයේදී මෙලක ආරක්‍ෂක සිව් දේවතාවන් ලෙස කිහිරැලි උපුල්වන්, සමන්, විභීෂණ, ස්‌කන්ධකුමාර යන දෙවිවරු ගැන අසන්නට ලැබේ. ක්‍රි. ව. 1390 දී පමණ ලියවුණ නිකාය සංග්‍රහයේ ද ඒ බව දක්‌නට ලැබේ.

විජය රජුන් ලංකාවට පැමිණීමට පෙර මෙහි පැවත ආ යක්‍ෂ ඇදහිලි විජය රජුගේ පැමිණීමෙන් පසු විජය රජු හා පිරිස විසින් මෙලකට රැගෙන ආ වෛදික දේව විශ්වාස සමඟ සම්මිශ්‍රණය වූ බව පෙනේ. අනුරාධපුර රාජධානිය ආරම්භ වන විට මෙහි පැවත ඇත්තේ ප්‍රධාන දෙවිවරු තිදෙනෙක්‌ ලෙස උපුල්වන්, සමන් හා ස්‌කන්ධකුමාර යන තිදෙනා බව පෙනේ. මේ අතරින් උපුල්වන් දෙවියන් සහ සමන් දෙවියන් දේශීය දෙවිවරු ලෙස සැලකේ. කතරගම දෙවියන් ද දේශීය දෙවිකෙනෙකුන් වීමට ඉඩ ඇතැයි සිංහල දේව පුරාණයෙහි සඳහන් වේ.

පූර්ව දිසාවට අධිපති ධෘතරාෂ්ඨ දෙවියන්ටත්, දකුණු දිසාවට අධිපති විරූළ්හක දෙවියන්ටත්, බටහිර දිසාවට අධිපති විරූපක්‌ඛ දෙවියන්ටත් බොහෝ සෙයින් ඉJද්‍ර නම් වූ පුත්තු සිsටි බව පැවැසේ. එහෙත් උතුරු දිසාවට අධිපති වෛශ්‍රවණ දෙවියන්ට ඉJද්‍ර නම් වූ පුතුන් සිටි බවක්‌ සඳහන් නොවේ.

ක්‍රි. පූර්ව 1500 දී පමණ ඉන්ද්‍ර ආර්යයන් විසින් රචනා කරන ලදැයි කියවෙන සෘග් වේදයේ ඉන්ද්‍ර, වරුණ, අග්නි, විෂ්ණු යන දෙවිවරුන් පිළිබඳව සඳහන් වේ. මෙම වකවානුවේ එනම් ක්‍රි. පූර්ව 1500 පමණේදී මෙම දෙවිවරුන්ට පුද පුජා පැවැත්වූයේ යාග හෝම පවතින ස්‌ථානයට ආරාධනය කොට පුද පූජා පිළිගන්නා ලෙසට අයදිමිනි.

පණ්‌ඩුකාභය රජුන් ක්‍රි. පූර්ව 437 සිට 377 දක්‌වා වසර 40 ක්‌ උපතිස්‌ස නුවර රජ පැමිණෙන අතර එහි රාජ්‍ය විචාරමින් දඹදිව මහමෙවුනාව ආකාරයට අනුරාධපුර රාජධානිය සැලසුම් කිරීමේදී එකල පැවැති විවිධ දේව විශ්වාසයන්ට සමතැන් දෙමින් අනුරාධපුර රාජධානියේ බටහිර දිසාවෙහි නුගගසක වෛශ්‍රවණ දෙවියන්ගේ විමානය පිහිට වූ බව මහාවංසයෙහි සඳහන් වේ. මෙහි බටහිර දිසාවෙහිම දොරටුව අසල පච්චිමරාජිනී නම් දෙවඟනගේ දේවාලය පිහිට වූ බව ද සඳහන් වේ. නැඟෙනහිර දිසාවෙහි කාලවේල යක්‍ෂයා ද අභයවැවේ පහළ කෙළවරේ චිත්තරාජ යක්‍ෂයා ද පිහිටු වූ බව පැවසෙතත් ධෘකරාෂ්ඨ, විරූඪ, විරූපCඛ දෙවිවරුන් පිළිබඳ එහි සඳහන් නොවේ. පණ්‌ඩුකාභය මෙසේ අනුරාධපුර රාජධානිය නිර්මාණය කිරීමෙන් පසුව ක්‍රි. පූර්ව 377 දී උපතිස්‌ස නුවර අතහැර අනුරාධපුරයට පැමිණේ.

පණ්‌ඩුකාභය රජුගේ මවු දේවිය වන උන්මාද චිත්‍රාවන්ට භක්‌තියෙන් යුතුව සේවය කළා යෑයි සැලකෙන චිත්‍රරාජ සහ කාලවේල යන දෙදෙනා චිත්‍රා දේවියගේ සහෝදරයන් විසින් කරන ලද කුමන්ත්‍රණයකට සහාය නොදුන් නිසා ඔවුන් මරණයට පත් කළ බවත් මියයැමෙන් පසු යක්‍ෂයන්ව උප්පත්තිය ලබන බවත් මෙම යකුන් පණ්‌ඩුකාභය කුමරුන් මව්කුස පිළිසිඳ සිටි අවස්‌ථාවේ සිට ආරක්‍ෂාව සැලසූ බවත් පසුව මවුකුසින් බිහි වූ පණ්‌ඩුකාභය කුමරාගේ ආරක්‍ෂාව කුමරා සඟවාගෙන පලාගොස්‌

රැකවරණය සැලසූ සේවිකාවට අනතුරක්‌ නොවීමට ආරක්‍ෂාව සලසන ලද්දේ මෙම චිත්තරාජ සහ කාලවේල යන යක්‍ෂයන් බව පැවසේ. මෙම සේවිකාව ද මරණින් පසු යක්‍ෂණියක්‌ව උපන් බවත්, රජු විසින් එම යක්‍ෂනිය ද අනුරාධපුර රාජධානියේ දකුණු දොරටුවේ පිහිටවූ බවත් මහා වංසයෙහි සඳහන් වේ.

ගම්පොළ යුගයේ (ක්‍රි. ව. 1345 - 1412) ලියවී ඇති කඩයිම්පොත්වල රුහුණු, මායා, පිහිටි යන තිලකට අධිපති දෙවියන් ලෙස විභීෂණ, සමන්, විෂ්ණු යන දෙවිවරුන්ගේ නම් සඳහන් වෙතත් ස්‌කන්ධ කුමාර ගැන එහි සඳහන් නොවේ.

විභීෂණ සමන් විෂ්ණුගෙ තෙද මේ ලකට

රජකළ දවස සිරිලක බෙදුනේ තුනට

රුහුණු පිහිටි මායා රට තුනක්‌ කොට

මෙලකට ත්‍රිසිංහල නම් විය එදා සිට

මෙහි සඳහන් පරිදි විභීෂණ දෙවියන් රුහුණට ද සමන් දෙවියන් පිහිටි රටටද, විෂ්ණු දෙවියන් මායා රටට ද අධිපතිත්වය දරන බව එහි කියෑවේ.

කෝට්‌ටේ යුගය වන විට එවකට පැවැති දේව විශ්වාස අනුව උපුල්වන්, සමන්, කතරගම, විභීෂණ යන දෙවිවරුන්, ලක්‌දිව ප්‍රධාන වූ දෙවිවරුන් ලෙස සැලකූ බව හංස සංදේශයේ ද සඳහන් වේ.

මහත් තෙදිනි පුල්වන් සුරිදු මුල් කොට

දිමුත් සමන් බොක්‌සැල් සුරිදුනෙත් කොට

සවත් සුරිඳු විභීෂණ ඈ සුරන් හට

සිරිත් කියා පින් දී සිත සතුටු කොට



මෙහි මහත් තේජසින් යුක්‌ත වූ උපුල්වන් දෙවියන් ප්‍රධාන කොට ඇති සමන් දෙවියන් සහ සමන් සුරිඳු හෙවත් කතරගම දෙවියන්ටත් විභීෂණ දෙවියන්ටත් පින් දී සතුටු කොට යෑයි එහි කියෑවේ.

සිරිලක රාජධානි අතුරින් අවසාන රාජධානිය වන මහනුවර රජ පැමිණි විමලධර්මසූර්ය රජතුමන් දළදා මැඳුර සමඟ සිව් දේවාල පිහිට වූ බව පැවසේ. දහසයවැනි සියවස රජ පැමිණි දෙවැනි රාජසිංහ රජතුමන් මහනුවර ඇසළ පෙරහැර පවත්වා ඇත්තේ අලුත්නුවර, කතරගම සහ පත්තිනි දෙවියන් මුල්කොට ගෙන බවත්, 18 වන සියවස වන විට සිව්මහ දේවාල ලෙස නාථ, විෂ්ණු, කතරගම පත්තනි දේවාල මුල්කොට ගෙන ඇති බවක්‌ පෙනේ.

මේ වන විට සිව්වරම් දෙවියන් ලෙස විෂ්ණු, නාථ, සමන්, කතරගම දෙවියන් සලකන බවත්, මේ හැරෙන්නට විභීෂණ, පත්තිනි යන දෙවිවරුන් ද මේ ගණයෙහි ලා සැලකෙන බවත් සිංහල දේව පුරාණයෙහි කියෑවේ. මේ අනුව සිව්වරම් යන්න ප්‍රධාන හෙවත් වැදගත්ම යන අරුතින් යෙදී ඇති බවත්, සංඛ්‍යාව වැදගත් නොවන බවත් එහි සඳහන් වේ.

සරණපාල නුවරපක්‍ෂ

Post a Comment

0 Comments