විවිධ වෙස්‌ ගන්නා ගණ දෙවිඳුන්ගෙන් පිහිට ලැබීමට නම්...

ගණ දෙවිඳුන් හෙවත් ගණපති නැණ නුවණ ලබාදෙන්නාවූ සුවිශේෂී දේවාත්මයක්‌ ලෙස හැඳින්වුවද උන්වහන්සේ තම පිහිට අයෑදින්නා වූ බැතිමතුනට නැණ නුවණ පමණක්‌ නොව සර්ව සෞභාග්‍යය ප්‍රදානය කරන දෙවිකෙනෙකි. ලෝකවාසී ජනතාවගේ හිත සුව පිණිස ඔවුනට පිහිටවීම සඳහා අවස්‌ථාවට අනුව විවිධ මූර්තීන්ගෙන් ලොව පහළවන ගණ දෙවිඳුන්ගේ ඒ ඒ මූර්තිය සඳහා පුද පූජා පැවැත්වීමෙන් තම බලාපොරොත්තු ඉටුකරගනිමින් සහනයෙන් ජීවත්විය හැකි අතර එකී මූර්ති මෙලෙස දැක්‌විය හැකිය.

මහා ගණේෂ

මෙම මූර්තියෙන් ලොව පහළ වන ගණ දෙවිඳු යන්ත්‍ර මන්ත්‍ර - තන්ත්‍ර, ජ්‍යෙdතිෂ්‍ය, වාස්‌තුවිද්‍යාව, ගුප්ත විද්‍යාව ආදී ශාස්‌ත්‍රයන්හි නියෑළෙමින් අනවිණ, කොඩිවිණ බන්ධන අමනුෂ්‍ය දොaෂ, ඇස්‌වහ කටවහ ආදී සියලු දොaෂ දුරුකර සෙත සලසයි.

වල්ලභ ගණේෂ

මෙම මූර්තියෙන් ලොව පහළවන ගණ දෙවිඳු පෙම්වතුන්ට අඹුසැමියන්ට ධන ධාන්‍ය ඇතුළු සියලු සැපසම්පත් සර්ව ආරක්‍ෂාව මෙන්ම ඔවුනොවුන් කෙරේ වශී කර්මය දානය කරයි. පෙම් සබඳතාවලට ඇතිවන බාධක වැටකඩොලු ඉවත්කර පෙම්වතුන්ට එක්‌වීමට ආශිර්වාදය ලබාදේ.

බාල ගණේෂ

මෙම මූර්තියෙන් ලොව පහළවන ගණදෙවිඳුන් දරුඵල අහිමි කාන්තාවන්ට දරු සම්පත් ලැබීමේ වාසනාව උදාකර දී කුඩා දරුවන්ට ඇතිවන අමනුෂ්‍ය දොaෂයන්ගෙන් මුදාගෙන ලෙඩ රෝග නිවාරණය කරදී නුවණ වර්ධනය කරදෙමින් සර්ව ආරක්‍ෂාව ලබාදේ.

වීර ගණේෂ

මෙම මූර්තියෙන් ලොව පහළවන ගණදෙවිඳු අසාධාරණයට අයුක්‌තියට එරෙහිව පෙනී සිටිමින් ජනයා ආරක්‍ෂා කරමින් සතුරු කරදර, අනතුරුවලින් මුදා ගනිමින් අසාධාරණය මෙන්ම සතුරුකම් කරන්නාවූ සතුරන්ට දඬුවම් පමුණුවන්නේය.

හේරම්භ ගණේෂ

මෙම මූර්තියෙන් ලොව පහළවන්නා වූ ගණ දෙවිඳු නියඟය. අව්ව, වැස්‌ස, සුළං කුණාටු ආදී විපත්වලින් අසරණ වන ජනයා ආරක්‍ෂාකර දෙමින් ගේදොර වතු පිටි, හරක බාන, වගාවන් ආදී සියලු දේපළ සුරක්‍ෂිත කරදෙමින් ඒවා දියුණුකර සශ්‍රීකත්වය උදාකර දෙයි.

ධරණි ගණේෂ

මෙම මූර්තියෙන් ලොව පහළවන ගණ දෙවිඳු රන්, රිදී, මුතු, මැණික්‌ ආදී පොළව යට සැඟව ඇති වස්‌තූන්ද සමුද්‍ර ගර්භයෙහි තැන්පත්ව ඇත්තාවූ අති දුර්ලභ වස්‌තූන්ද ලබාදෙමින් පොළෝතලයට අධිපතිත්වය දරන්නා වූ බහිරවයන්ගෙන් සිදු වන බාධක මැඬපවත්වා නිවාස දොaෂ භූමි දොaෂ නිවාරණය කොට සහනය උදාකරයි.

ශක්‌ති ගණේෂ

මෙම මූර්තියෙන් ලොව පහළවන ගණ දෙවිඳු ග්‍රහදොaෂ, ඇස්‌වහ කටවහ අඬෝවැඩියා දොaෂ මෙන්ම බෝවන රෝග වසංගත ආදියෙන්ද ආරක්‍ෂා කර ජනයාට සෙත සහනය උදාකරයි.

සිද්ධි ගණේෂ

මෙම මූර්තියෙන් ලොව පහළවන්නාවූ ගණ දෙවිඳු සකල ලෝකවාසීන් වෙත ධන සම්පත, වස්‌තු සම්පත, භූමි සම්පත, ධාන්‍ය හා භෝග සම්පත, ස්‌ත්‍රී පුරුෂ හා දරු සම්පත, ආදී සර්ව සෞභාග්‍යය උදාකරදී දනන්ගේ ජීවිත ආලෝකවත් කර දේ.

බුද්ධි ගණේෂ

මෙම මූර්තියෙන් ලොව පහළවන්නාවූ ගණදෙවිඳු සියලු ශිල්ප ශාස්‌ත්‍රයද නා නා විධ විද්‍යාවන්ද අනේකවිධ ධර්ම ශාස්‌ත්‍රයන්ද ලෝකෝත්තර සත්‍යයද අපහසුවකින් තොරව ඕනෑම තරාතිරමක ජන්මියකුට හැකි ඉක්‌මනින් අවබෝධ කරගැනීමේ දිව්‍යමය ප්‍රඥව ලබා දෙන්නේය.

නෘත්‍ය ගණේෂ

මෙම මූර්තියෙන් ලොව පහළවන්නාවූ ගණදෙවිඳු සියලු කලා කටයුතුවලට අධිපතිත්වය දරමින් එකී කලාවන් ප්‍රගුණ කරලීමේ ඥනය ශක්‌තිය ජනී ජනයා වෙත ප්‍රදානය කරමින් ඔවුන් එකී කලාවන්හි උසස්‌ තත්ත්වයට පත්කරයි.

ගණ දෙවිඳුන් පෙනී සිටින්නාවූ මෙම බලසම්පන්න මූර්ති ඇසුරු කරමින් පිහිට බලාපොරොත්තු වන ඔබ උන්වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වා පිං අනුමෝදන්කර පහත සඳහන් ආශිර්වාද කවි ගායනාකර බලාපොරොත්තු ඉෂ්ටකර දෙන මෙන් භක්‌තිමත්ව ඉල්ලා සිටීමෙන් ඔබ පතන සහනය ළඟාකර ගැනීමට එය මහත් රුකුලක්‌ වනු ඇත.



අනන්ත වූ ශක්‌තිය ජීවය ඇති

නිර්ගුණ වනතර අපමණ ගුණ ඇති

තෙයාකාරයෙන් වෙසෙමින් බබළන

ගණදෙවි නමදිමි පිහිටක්‌ වුව මැන ·



මේ මුළු ලෝකය නිර්මාණය විය

ජලයෙන් පහළව ඝනව පොළව විය

මහිමය බව සලකා මෙසියල්ලේ

ගණදෙවි නමදිමි පිහිටක්‌ මුව මැන ·



ගින්න, ජලය, ඉර, හඳ ආකාසය

සුළඟ යනාදිය ලොව පහලව ඇත

මහිමය බව සලකා මෙසියල්ලේ

ගණදෙවි නමදිමි පිහිටක්‌ වුව මැන ·



අපා දෙපා සිවුපා තටු ඇති නැති

සත්වයො පහලව සිටිති මෙලෝකේ

මහිමය බව සලකමි මේ හැමගේ

ගණදෙවි නමදිමි පිහිටක්‌ වුව මැන ·



දෙව්නර කින්නර අසුර යනාදී

අනේක සත්වග ලොව පහළව ඇත

මහිමය බව සලකා මේ සැමගේ

ගණදෙවි නමදිමි පිහිටක්‌ වුව මැන ·



සසල නිසල හා සපණ නොපණ අය

අපමණ වස්‌තුන්ගෙන් ලොව ගහණය

මහිමය බව සලකා මෙ සියල්ලෙ

ගණදෙවි නමදිමි පිහිටක්‌ වුව මැන ·



මෝක්‍ෂයට මග දකිනා ඥනය

මේ ලොව රිසි සැපතට ධන සම්පත්

අත්පත්කර දෙන දෙවි¹නන් වූ

ගණදෙවි නමදිමි පිහිටක්‌ වුව මැන ·



දොම්නස දුරලන සොම්නස කැඳවන

නුවණ පහළකර නුවණ දිදුළවන

දුක දුරුකර සැප ලැබ දෙන දෙවි වූ

ගණදෙවි නමදිමි පිහිටක්‌ වුව මැන ·



බැතිමත් වන අයහට ඔබ සරණය

නිතියෙන් පවතින එක රැකවරණය

සිප් නැණ නිති ලැබදෙන දෙවියන් වූ

ගණදෙවි නමදිමි පිහිටක්‌ වුව මැන ·


ජ්‍යෙdතිෂ්‍යවේදී - රංජන් සිසිර කුමාර

Post a Comment

0 Comments