විෂ නසා ගත සනසන ළය විරේකය

එදින සමදු වෙදැදුරුගෙන් ප්‍රතිකාර ගැනීමට ඈත ප්‍රදේශයකින් පැමිණි තරුණ රූමත් කාන්තාවක්‌ එක්‌වරම හඬා වැටෙන්නට පටන් ගත්තාය. විකෘති වී ගිය මනසකන් හා වැහැරී ගිය ශරීරයකින් හෙබි මෙම කාන්තාව තරුණ වුවත් පෙනුමෙන් හැට පැනපු අයකුගේ ස්‌වභාවය දිස්‌විය. ඒ වන විටත් ප්‍රතිකාර ගැනීමට පැමිණි බොහෝ අයගේ අනුකම්පාව ඇය කෙරෙහි යොමුවෙද්දී පෝලිමේ සිටි පිරිස ඇයට වෙදැදුරු හමුවීමට ඉඩ දුන්නේ තවත් ප්‍රමාද කරවීම ෙ€දවාචකයකට මඟ පාදන්නක්‌ වූ හෙයිනි.

වෙදැදුරු ඉදිරියේ අසුන්ගත් මේ තරුණ සුරූපී කාන්තාව රෝග තත්ත්වයන් කියන්නටත් පෙර නැවත හඬා වැටුණාය. ඉන් බොහෝ දේ වටහා ගත් වෙදැදුරු සන්සුන් වෙන්න යෑයි පවසමින් කරුණාබරිත විය.

"අත දික්‌කරල අල්ල උඩු අතට තියාගන්න"

ඉන් පසු ඖෂධයක්‌ අල්ලට වත් කළ වෙදැදුරු ඊටම තවත් ඖෂධයක්‌ එක්‌ කරනවාත් සමඟ සිරි සිරි හඬින් පෙන දමන්නට පටන් ගත්තේය.

"කලබල වෙන්න එපා. දුක්‌වෙන්නත් එපා. අපි ප්‍රතිකාරයක්‌ කරල බලමු. ඊට කලින් කියන්න මම කියන රෝග ලක්‍ෂණ ඔබට තියෙනවද කියලා."

"හැම තිස්‌සෙම බඩේ වේදනාවක්‌ එක්‌ක දැවිල්ලක්‌ තියෙනවා."

"හරි"

"කෑම අරුචියක්‌ තියෙනවා."

"ඔව්"

"අපහසුවෙන් හරි කෑම ගත්තම ඔක්‌කාරයට ඇවිත් වමනය දමන්න හදනවා."

"ඔව්"

"නිදිමත ගතියකුත් සමහර වෙලාවට එනවා. ඒ එක්‌කම ඇඟට පණ නැති ගතියකුත් දැනෙනවා."

"හරි"

"සමහර වෙලාවට ඔළුව විකාර වෙලා ගෙදරින් පිටවෙලා යන්නත් හිතෙනවා."

වෙදැදුරුගේ ප්‍රශ්න හමුවේ කාන්තාව යළිත් හඬන්නට පටන් ගත්තේ මේ කියන සියල්ලම තමා අපහසුවට පත් කරනවා නොවේදැයි සිතමිනි.

මේ රෝගී තත්ත්වයට හේතු මම තව ටිකකින් පෙන්නන්නම්. එතකම් මේ ටික බීලම ඉන්නකෝ යි කියමින් වෙදැදුරු ඇයට ඖෂධ මිශ්‍ර කිරි භාජනයක්‌ දුන්නේය.

පැය භාගයක්‌ පමණ එම කාන්තාව වමනය කරනවා ඇසිනි. මින් කලබලයට පත් ඇයගේ ඥාතීන් බිය වෙද්දී වෙදැදුරු සිsනහ මුසු මුහුණින්ය.

"බය වෙන්න එපා ඔහේ දාපුවාවේ."

වෙදැදුරු කෙසේ කීවත් ඥාතීන්ට නම් දැඩි බියක්‌ දැනුනේ එම කාන්තාව වමනය කරන ස්‌වභාවය දැකීමෙනි.

"අනේ වෙද මහත්තයෝ දැන්නම් කෙල්ලට හොඳටම අමාරුවෙන් තමයි වමනය කරන්නේ. ලේත් යනවද මන්දා"

"නෑ...... නෑ...... එහෙම වෙන්නෙ නෑ. කෝකටත් මම ළඟÊඉන්නවනේ. මොකටද බය වෙන්නෙ."

වෙදැදුරු තවත් රෝගියකුට ප්‍රතිකාර කරන ගමන් ම කීවේ කිසිවක්‌ ගණනකට නොගෙනය.

"තවත් විනාඩි කිහිපයකින් රෝගියාගේ ඥාතියකු හදිසියේම දිව ආවේය."

"වෙද මහත්තයො මොකක්‌ද ගුලියක්‌ කෙල්ලගෙ බඩේ තිබිල වැටුණා" ඒ එක්‌කම කලන්තෙ වගේ වැටෙන්නත් ගියා.

"කලබල වෙන්නෙ නැතිව ඔහොම වත්තන් කරගෙන ඉන්න මම එනකම්."

වෙදැදුරු ඒ වන විටත් සියල්ල අවබෝධ කර ගෙන තිබූ බවක්‌ සිනහවෙන් පෙන්නුම් කර තිබිණි.

"බලන්න මේ සෙම ගුලියත් එක්‌ක මතුවෙලා තියෙන කෙස්‌ ගස්‌ ටික. මේක තමයි මේ ළමයගෙ බඩේ මෙච්චර කලක්‌ හොල්මන් කර කර ඉඳල ලෙඩ කෙරෙව්වේ. මේක විෂක්‌. දැන් කිසි දේකට බයවෙන්න එපා. ශරීරයෙ තියෙන රෝග සියල්ල අදින් පස්‌සෙ අවසන් කියල හිතාගන්න එක හොඳයි."

කාන්තාවගේ ඥාතීන්ට සියල්ල පැහැදිලි කර ඖෂධ නියම කරද්දී සියල්ලෝම එකිනෙකාගේ මුහුණ බලා ගන්නට පටන් ගත්තේය.

වෙදැදුරු මේ සියල්ල නිවැරැදිව කීවේ නාඩි පරීක්‍ෂාවකින් සහ අල්ලට ඖෂධයක්‌ වත්කර ඊට තවත් සංයෝගයක්‌ එකතු කිරීමෙන් ලැබූ රෝග විනිශ්චයකින් පසුවය.

කැප්පිටිගල පාරේÊපානගමුව පාරම්පරික ආයුර්වේද බෙහෙත් ශාලාවට ගිය මට දැක ගන්නට ලැබුණේ එකිනෙකා පසු පස්‌සේ පැමිණෙන රෝගීන් පිරිසකි. මේ අය අතුරෙන් සමහරකුගේ අල්ලට ඖෂධයක්‌ දමා ඊට ද තවත් සංයෝගයක්‌ එකතු කරමින් කරන රෝග විස්‌තරය තවත් විටෙක පුදුම සහගතය. ඉන් පසු වෙනත් ඖෂධයක්‌ නියම කරමින් ලය විරේකයක්‌ කිරීමට සලස්‌වා නැවත ප්‍රතිකාර කිරීම මෙම වෛද්‍යවරයාගේ විශේෂත්වයකි.

වසර දෙසීයකට වඩා ඈත ඉතිහාසයක්‌ තිබෙන පානගමුව වෙද පරම්පරාවෙන් හෙළ වෙදකම ඉගෙන ගත් මේ වෙදැදුqරු ඇම්. අබ්දුල් සමදු නමැති මුස්‌ලිම් ජාතිකයෙකි. එහෙත් ඔහුට ප්‍රතිකාර කිරීමට ජාති භේද, ආගම් භේද. කුල භේද කිසිවක්‌ නැත. ඔහු හමුවීමට පැමිණෙන රෝගීන් ද විශේෂයක්‌ නැත.

වාත රෝග, පොතු කබර, සුදු කබර, පක්‍ෂගාත, පීනස, හතිය, ආහාර පාන විෂ වීමෙන්, කැවීමෙන් ඇතිවිය හැකි සුව නොවන සියලු බඩේ අමාරු හා ශරීරයේ පිත සෙම අධික වීමෙන් ඇතිවන බඩේදැවිල්ල, බඩ පුරවා දැමීම, කෑම අරුචිය, අජීර්ණය, දද, කුෂ්ඨ ශරීරයේ බිබිලි මතුවීම, කැසිල්ල, හන්දිපත් වේදනාව, ශරීරය දුර්වල වීම ආදී රෝග රැසකට සුවය ලබා දෙන්නේ හෙළ වෙදකමෙනි.

මීට අමතරව සියලු කාන්තා රෝග වලටද ප්‍රතිකාර කරන මෙම වෙදැදුරු දරුඵල අහිමි කාන්තාවන්ට ද මාස කිහිපයක්‌ තුළ දරු සම්පත් ලබාදීමට ප්‍රතිකාර කරන්නේය.

මෙම රෝග අතුරින් වැඩි ප්‍රමාණයකට ප්‍රතිකාර කරනු ලබන්නේ ලය විරේක කිරීමෙන් පසුවය. බොහෝ වේලාවක්‌ රෝගීන්ට ප්‍රතිකාර කරන පිළිවෙළ දෙස අවධානයෙන් සිටි මට මෙහි විශේෂත්වයක්‌ දැක ගන්නට හැකි විය. එනිසාම ඒ ගැන තොරතුරු දැන ගැනීමේ අපේක්‍ෂාවෙන් මම ඔහු හා සාකච්ඡාවකට වැටිණි.

"ඔබේ ප්‍රතිකාර බොහොමයක්‌ වමනය කරවීමෙන් පසු කරන බවක්‌ පේනවා. මෙය මට විශේෂ දර්ශනයක්‌"

"මම වෙදදුරාගෙන් ඇසුවේ දිගු විස්‌තරයක්‌ අපේක්‍ෂාවෙනි. මඳ සිනහවක්‌ පෑ ඔහු මේකත් සිංහල වෙදකමේ තියන ප්‍රතිකාර ක්‍රමයක්‌" යෑයි කීවේය.

එතකොට ඔබ මේ රෝගියාට දෙන දියරය එකවර පාවිච්චි කිරීමෙන් වමනය කරනවා. දැනුත් කිහිපදෙනෙක්‌ ඒ තත්ත්වයට පත්වෙලා ඉන්න බව මට ඇහෙනවා. මේ දියරයට අඩංගු එක දෙයක්‌ කිව්වොත්."

"කිරි ප්‍රධානයි. මම ඒ කිරිවලට තමයි වෙනත් ඖෂධ යොදන්නේ. එය පානය කර විනාඩි කිහිපයක්‌ ඇතුළත වමනය කරනවා. සමහර විට පැය කිහිපයක්‌ සැරින් සැරේ වමනය කරන්න පුළුවන්."

"ඒක රෝගියාට අපහසුවක්‌ වෙන්නේ නැද්ද?"

"කොහෙත්ම නෑ. මම මේ ලය විරේකය කරවන්නෙ ශරීර අභ්‍යන්තරයෙ තිබෙන කිසියම් විෂ දෙයකට ප්‍රතිකාරයක්‌ වශයෙනුයි. විශේෂයෙන් බොහෝ රෝගීන්ගේ ශරීරයේ අපි නොදන්න නොයෙක්‌ වස විෂ තියෙන්න පුළුවන්. මේ තුළින් ඒ සියල්ල ඉවත් වී යනවා. ඉන් පසු කරන ප්‍රතිකාරයකින් නිරෝගී සුවය ලැබෙන්නෙ අපි හිතනවාටත් වඩා ඉක්‌මනින්.

මෙම රෝගීන් කෙරෙහි අවධානයෙන් සිටි මට දැක ගැනීමට හැකි වූයේ මැළවුණු මුහුණින් හා අප්‍රාණිකව පැමිණි බොහෝ රෝගීන් නව සුවයක්‌ ලබා ප්‍රීතියෙන් ඔහුගේ වෙද මැදුරෙන් පිටව ගිය අයුරුයි.

"ඔබ මේ සේරටම මුලින් කරන්නෙ නාඩි පරීක්‍ෂාවක්‌. ඒ ගැන යමක්‌ කියනවා නම්."

"වසක්‌ විෂක්‌ වගේ දේවල් ශරීරයේ නිධන්ගත වෙලා තියෙනව නම් නාඩි පරීක්‍ෂාවෙන් අතට බෙහෙත් දමා බැලීමෙන් දිව පරීක්‍ෂාවෙන්, හා ඇස පරීක්‍ෂාවෙන් පහසුවෙන් සොයා ගන්න පුළුවන්කමක්‌ තියෙනවා."

"බොහෝ රෝගීන්ගේ නාඩි පරීක්‍ෂාවත් සමඟ අතට බෙහෙත් දැමීමෙන් රෝග කිහිපයක්‌ විස්‌තර කරනවා මම දැක්‌කා. ඒ අවස්‌ථාවේදී ඔබ එකවරම මේ රෝග ටික හඳුනාගන්නෙ කොහොමද?"

"ඒක වචනයෙන් දෙකෙන් කියන්න පුළුවන් දෙයක්‌ නෙවෙයි. මේක අපේ තියෙන දැනුමත් එක්‌ක එන දෙයක්‌. කොහොම වෙතත් කෙටියෙන් කියනවා නම් ඒ රෝගීන්ගේ අල්ලට දමන බෙහෙත ක්‍රියාත්මක වන ස්‌වභාවයෙනුයි මම ගොඩක්‌ රෝග හඳුන ගන්නෙ."

"දැන් බලන්න මෙතෙන්ට ආපු අර කාන්තාවට මම ලය විරේකයක්‌ කළා. එයා මෙතෙන්ට එනකොට ආවෙ මළානික වෙලා. ගත අප්‍රාණික වෙලා. අර ඉතාමත් පහසුවෙන් ඉන්නෙ කතා කර කර. මොකද ඒ. එයාගෙ ශරීරයෙ නිධන්ගත වෙලා තිබුණ කිසියම් විෂක්‌ එතනින් ගැලවිලා පිටතට ආව. ඕන නම් මට ඒ විෂ ගුලියත් පෙන්නන්න පුළුවන්."

වසක්‌ විෂක්‌ වගේ දේවල් ශරීරයේ නිධන්ගත වෙලා තියෙනව නම් නාඩි පරීක්‍ෂාවෙන් අතට බෙහෙත් දමා බැලීමෙන් දිව පරීක්‍ෂාවෙන්, හා ඇස පරීක්‍ෂාවෙන් පහසුවෙන් සොයා ගන්න පුළුවන්කමක්‌ තියෙනවා.

"බොහෝ රෝගීන්ගේ නාඩි පරීක්‍ෂාවත් සමඟ අතට බෙහෙත් දැමීමෙන් රෝග කිහිපයක්‌ විස්‌තර කරනවා මම දැක්‌කා. ඒ අවස්‌ථාවේදී ඔබ එකවරම මේ රෝග ටික හඳුනාගන්නෙ කොහොමද?"

"ඒක වචනයෙන් දෙකෙන් කියන්න පුළුවන් දෙයක්‌ නෙවෙයි. මේක අපේ තියෙන දැනුමත් එක්‌ක එන දෙයක්‌. කොහොම වෙතත් කෙටියෙන් කියනවා නම් ඒ රෝගීන්ගේ අල්ලට දමන බෙහෙත ක්‍රියාත්මක වන ස්‌වභාවයෙනුයි මම ගොඩක්‌ රෝග හඳුන ගන්නෙ."

"දැන් බලන්න මෙතෙන්ට ආපු අර කාන්තාවට මම ළය විරේකයක්‌ කළා. එයා මෙතෙන්ට එනකොට ආවෙ මළානික වෙලා. ගත අප්‍රාණික වෙලා. අර ඉතාමත් පහසුවෙන් ඉන්නෙ කතා කර කර. මොකද ඒ. එයාගෙ ශරීරයෙ නිධන්ගත වෙලා තිබුණ කිසියම් විෂක්‌ එතනින් ගැලවිලා පිටතට ආව. ඕන නම් මට ඒ විෂ ගුලියත් පෙන්නන්න පුළුවන්."

"මේ වගේ විෂක්‌ ශරීරයේ නිධන්ගත වෙන්න හේතුත් කිහිපයක්‌ තියෙනවා. එකක්‌ තමයි තමන් ගන්න විෂ ආහාර. අනික තමයි තවත් කෙනෙක්‌ වෛරයක්‌ පිරිමහන්න දෙන නරක දෙයක්‌. මේව කෙහොම හරි ශරීරයෙන් පිටතට නො ආවොත් ඒව ශරීරය ඇතුලෙ නිධන්ගත වෙලා ගොඩක්‌ රෝග ඇති කරන්න පටන් ගන්නවා.

"ඇසට බෙහෙත් දැමීමෙනුත් යම් යම් රෝග හඳුනාගන්න පුළුවන් බවක්‌ ඔබ කිව්වා. ඒ ගැන යමක්‌ කිව්වොත්.

"ඇසට බෙහෙත් ගැල්වීමෙන් වැඩිපුරම හඳුනාගන්න පුළුවන් වන්නේ හිසේ රෝග. මෙහිදී ඇස්‌ දැවිල්ල ඇසේ කහට බැඳීම. ඇස්‌වල කඳුළු පිටවීම වැනි තත්ත්වයන්ගෙන් හිසේ රෝග රැසක්‌ හඳුනාගන්න පුළුවන්."

"දිවට බෙහෙත් ගැල්වීමෙන් තවත් රෝග රැසක්‌ හඳුනාගන්න පුළුවන්. මෙතෙන්දී මේ යොදන ඖෂධයෙහි කිසිම රසයක්‌ දැනෙන්නෙ නැත්තං ඒ රෝගියාට රෝගයක්‌ නැහැ. එහෙම නැතිව තිත්ත වගේ රසයක්‌ දැනෙනවා නම් බඩේ තිබෙන අම්ල ගතියත්, පිත අධික වීමත් තුළින් හටගන්නා රෝගත් හඳුනාගන්න පුළුවන්."

ඒ වගේම සෙවල ගතිය දැනෙනවා නම් ශරීරයේ සෙම හේතුවෙන් හැදෙන රෝග හඳුනාගන්න පුළුවන්. ඒ එක්‌කම කෙළ උනන ගතියක්‌ තිබෙනවා නම් මේදයෙන් මතුවන රෝග හඳුනාගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් විෂ වර්ග 5 ක්‌ තියෙනවා.

ජංගම විෂ

ඝර විෂ

ස්‌ථාවර විෂ

සංශෝධිත විෂ සහ

දූෂිත විෂ

මෙයින් ජංගම විෂ කියල කියන්නෙ සර්ප විෂ වගේ දේවලට ඝර විෂ කියල කියන්නෙ ඔය ගමේ ගොඩේ අය කරන වශී ගුරුකම් වගේ යන්ත්‍ර මන්ත්‍රවලින් ඇති කරවපු විෂක්‌ ශරීරයෙ තැන්පත් වීම. සංශෝධිත විෂ කියන්නෙ ප්‍රතිවිරුද්ධ දේaවල් එකට එකතු වීමෙන් හටගන්නා විෂ. පස්‌වැනි විෂ කියල අපි හඳුන්වපු දූෂිත විෂ හට ගන්නෙ දූවිල්ලෙන් හා පරිසරය ආශ්‍රිතව ඇතිවන අස්‌වාභාවික තත්ත්වයෙන්."

"මේ සෑම විෂ වීමකටම ළය විරේකයෙන් පසු ප්‍රතිකාර විශේෂයි. ඉන් පස්‌සෙ ඇතිවන ශාරීරික සුවතාවය තමන්ට අත්විඳින්නෙ නැතිව ටිකක්‌ විස්‌තර කරන්න අපහසුයි.

පානගමුවේ සමදු වෙදැදුරුට ඕනෑම රෝගියකුගේ රෝගී තත්ත්වය හඳුනා ගැනීමට වැඩි වේලාවක්‌ ගත කිරීමට අවශ්‍ය වන්නේ නැත. විනාඩි කිහිපයකින් ළය විරේකයක්‌ කරවා ඉන් පසු කරන ප්‍රතිකාර නිවැරැදිව ක්‍රියා කරන්නේය.

තවත් රෝගී කාන්තාවක්‌ වෙදැදුරු හමුවීමට පැමිණ සිටිය හෙයින් මා රෝගියාට මදක්‌ ඉඩ දී පසෙකට වීමි. 

රෝගී කාන්තාව පරීක්‍ෂා කළ වෙදැදුරු එක දිගට ඇයගෙන් තවත් ප්‍රශ්න කිහිපයක්‌ ඇසුවේය. 

"ඉවසන්න බැරි කොන්දෙ අමාරුවක්‌ තියෙනවද?"

"ඔව්"

"ඒක මඟහැරෙනකොට බෙල්ලෙ අමාරුවක්‌ එනව"

"ඔව්"

"ඒකත් මඟහැරෙනකොට කකුලෙ අමාරුවක්‌ එනව."

"ඔව්"

මේ සේරම වේදනාවන් එක සැරේ දැනෙන කොට ජීවිතේ නැතිකර ගන්න හිතෙනවා."

එවර ඇය මද සිනාවක්‌ පාමින් වෙදැදුරු දෙස විශ්මයෙන් බලා සිටියාය.

"මම අහන දේට පිළිතුරු දෙන්න. එහෙම හිතෙනව විතරක්‌ නොවෙයි ඊට පස්‌සෙ තමන්ගෙ දුවා දරුවන්ට මොනවද වෙන්නෙ කියල හිත කලබල කර ගන්නව."

"හරියට හරි වෙද මහත්තයො."

"දොස්‌තර මහත්තුරු කිව්ව නේද කොන්ද අමාරුවට ශල්‍යකර්මයක්‌ කරන්නත් කියල."

"ඔව්"

"ඒකට හදිස්‌සි වෙන්න එපා. අපි බෙහෙත් ටිකක්‌ බීලම බලමු. මේවායින් හරි ගියේ නැත්නම් පමණක්‌ ඔපරේෂන් එක ගැන හිතල බලන්න."

ඉන්පසු එම කාන්තාවට ද නිසි ප්‍රතිකාරයක්‌ ලැබිණි.

පානගමුව වෙද පරම්පරාවටම ආවේණික වූ යම් යම් ප්‍රතිකාර ක්‍රමවේදයන් අනුගමනය කරන මුස්‌ලිම් ජාතික සමදු වෙදැදුරු දැනට මෙවැනි රෝගීන් පහළොස්‌දහසකට අධික සංඛ්‍යාවකට ප්‍රතිකාර කර ඇති බවක්‌ ඔහුගේ සටහන් පොත් පරීක්‍ෂා කිරීමෙන් අපට දැක ගන්නට හැකිවිය.

මෙම සෑම ප්‍රතිකාරයක්‌ සඳහා ම ඔහුගේ පුතුන් දෙදෙනාගෙන් ලැබෙන සහාය අපමණය. පියා ඖෂධ නියම කරද්දී පුතුන් දෙදෙනා ඇසිල්ලකින් සියලු ප්‍රතිකාරයන්ට අවශ්‍ය ඖෂධ පිළියෙල කර හමාරය.

ඒ. එච්. එම්. නවුµර් පියාගේ නියමයෙන් රෝගීනට ළය විරේක කරවද්දී මල්ලී වන තිලින් ඖෂධ පිළියෙළ කිරීමෙහි යෙදෙන්නේය. මේ දෙදෙනාම තම පියා නොමැති වේලාවන්හිදී ආයතනයට පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කරන්නට ද පියා මෙන් දැන උගත් කමින් පරිපූරණ වීම තවත් විශේෂයකි.

විමලසිරි අගලකඩ

Post a Comment

0 Comments