වාස්තු ශිල්පය යනු කිසියම් ආගමකට හෝ ධර්මයකට සුවිශේෂී වූ විෂයක් නොවන බව පෙන්වා දෙමි. වාස්තු ශිල්පය වනාහී නිර්මාණ ශිල්ප ක්රමයකි. විශේෂයෙන් භූමිය මත ගොඩනැගෙන විවිධ නිර්මාණ සොබාදහමට අනුකූලව නිර්මාණය කර ගැනීම පිණිස අවශ්‍ය ශිල්පීය, ඥානය මිනිසාහට ලබාදෙන භෞතික හා ආධ්‍යාත්මික ගුණයකින් යුතු ශිල්පීය ක්‍රියාදාමයන් ලෙස වාස්තු ශිල්පය හඳුන්වා දිය හැකිය. භෞතිකව ගොඩනැගෙන නිර්මාණයක් හේතුවෙන් ඒ තුළ ඒකාත්මික වන අධ්‍යාත්මික ශක්තීන් හඳුනාගෙන මිනිසාට හිතකර ආධ්‍යාත්මික ගුණයන් රැක ගැනීමෙන් අහිතකර ශක්තීන් ඉවත්කර ගන්නටත් අවශ්‍ය ශිල්පීය ඥානය වාස්තු ශිල්පයේ ගැබ්ව ඇත. නූතනයේ වාස්තු ශිල්පය හුදෙක් නිවාස ඉදිකිරීමට පමණක් ලදු කොට දැක්වුවද මෙම මහඟු ශිල්පය ඊට වඩා සිය දහස් ගුණයක් එහාට එහිදී ගිය විවිධ නිර්මාණ සහ විශ්ව ශක්තීන්ගේ ශක්තිය උද්දීපනය කරන්නා වූ විෂය ධාරාවන් ලෙස Rෂිවරු පෙන්වා දී ඇත.
නූතන ගෘහ නිර්මාණ ශිල්පියා වාස්තු විද්‍යාව යොදා ගනු ලබන්නේ තමන්ගේ නිර්මාණය අලෙවිකර ගැනීම සඳහා අවශ්‍ය දවටනයක් ලෙස පමණක් වීම ඉතාමත් ශෝචනීය තත්ත්වයකි. ඔබ මේ පිළිබඳව විමසිලිමත් වූවානම් ඔබටත් මෙවැනි අත්දැකීම් තිබෙන්නට පුළුවනි. අද නිවස සැළසුම් සිදුකරනු ලබන ශිල්පීන් විසින් තමන්ගේ ව්‍යාපාරික දැන්වීම් පුවරුවේ සඳහන් කරනු ලබන එක් ප්‍රසිද්ධ වැකියක් තිබේ එනම් වාස්තු විද්‍යාත්මක ගෘහ සැළසුම් යන්නයි. බොහෝ විට වාස්තු විද්‍යාව යන්න යොදා ගන්නේ එම දැන්වීම් පුවරුවට පමණක් බව පෙනී යන්නේ එවැනි සැළසුම් වල වාස්තු විද්‍යාවේ මූලික මූලධර්ම උඩු යටිකුරු කොට තිබෙන බව දුටු විටයි. මේ නිසා සිදුවන්නේ අයහපතක්ම බව දන්නවානම් එවැනි දේ සිදු කිරීමට නොපෙලෙඹෙනු ඇත. වාස්තු සිද්ධාන්ත වලට පටහැනිව සැළසුමක් සිදුකර දෙන සැළසුම් ශිල්පයාට කිසිදාක එම වගකීමෙන් නිදහස්වීමට නම් නොහැකි බව මතක තබා ගත යුතුයි. වාස්තු දෝෂ සහිත ගෘහ සැළසුම පටන් ගැනීමේ සිට අවසානයේ නිවසේ පදිංචි වූ පසුවත් දැනෙන්නා වූ සියලු දෝෂවල බලපෑම එම සැළසුම සිදුකළ ශිල්පයාටද අයත් වන බව දැන ගත යුතුයි. මේ නිසා වාස්තු ශිල්ප යන්න බොළඳ ලෙස භාවිතා නොකිරීමට උත්සහ නොගත යුතුයි.
එසේම වාස්තු සිද්ධාන්තවලට එකඟව සකස්කොට දෙන සැළසුමේ යහපත් ප්‍රතිඵල ද එහි ශිල්පියා වෙත නිතැතින් ලැබෙනු ඇත. ගෘහ හිමියාට දෝෂවල අයහපත් බලපෑම් එල්ල වන සෑම විටම ශිල්පියාට අයහපත උදාවන අතර ගෘහ හිමියාට යහපත සිදුවන සෑම විටම ශිල්පයාට යහපත් ශක්තීන් හිමි වනු ඇත.
එසේනම් ඔබට දැන් අවබෝධ වෙනවා නේද වාස්තු ශිල්පය හුදෙක් හිත රවටා ගැනීමට පමණක් යොදා ගත නොහැකි හේතුඵල වාදී න්‍යායට ගැළපෙන ශිල්පයක් බව. එසේ නම් නිවසක සිහින දකින ඔබත් මේ ගැන වඩාත් විමිසිලිමත් වීම තුළින් අයහපත වළක්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ගෘහ කර්මයේ දී එහි වාස්තු මූලධර්මයන් ආරක්ෂා කර ගැනීමේ වගකීම දරණ අප සමාජයේ තවත් ප්‍රධාන වෘත්තීන් දෙකක් තිබෙනවා. එනම්, පෙදරේරු ශිල්පය සහ වඩු ශිල්පයයි. අතීතයේ අපගේ පෙදරේරු ශිල්පියා සහ වඩු ශිල්පියා වාස්තු මූලධර්ම පිළිබඳව දැන සිටියා. ඔවුන් තමන්ගේ වෘත්තීය ක්‍රියාත්මක කලේ වාස්තු ශිල්පයට අනුකූලවයි. ඒත් අද තත්ත්වය හාත්පසින්ම වෙනස්. මේසන් හැන්ද අතට ටිකක් හුරු වූ පසු මේසන් බාස් වන පිරිස බහුල වී තිබෙන අතර යත්ත, කියත අතට ගත් පමණින් වඩු බාස්වන පිරිස ද බහුල වී තිබේ. එසේම අද අත්වැඩ දෙන ගෝලයා හෙට බාස් ලෙස ක්ෂේත්රය කටයුතු කිරීමද මෙම තත්ත්වයට හේතු වී තිබේ. පෙදෙරේරු ශිල්පය, වඩු ශිල්පය යනාදිය නිර්මාණ ශිල්ප බැවින් නිසි ශිල්පීය දැනුම අවශ්‍ය බව මතක තබා ගන්න. ගෘහ කටයුතු කරන සියලු ශිල්පීන් හට මූලීක වාස්තු මූලධර්ම පිළිබඳව හෝ දැනුමක් තිබීම තුළින් සමාජයට සහ ඔවුනට සිදුකර ගනු ලබන අයහපත අවම කර දීමේ අරමුණින් මෙම ලිපිය ලිවීමට අදහස් කළා. එම නිසා ඔබත් ක්ෂේත්රයේ කෙනෙකු නම් හෝ නව නිවසක සිහිනය දකීමින් සිටින අයෙකුනම්, පහත සඳහන් මූලිsක වාස්තු මූලධර්ම හෝ එකඟ කරගෙන නිවාස සැළසුම් සකස් කිරීම හා නිවාස ඉදිකිරීමට දැන්වත් නෙත් යොමු කොට සිත් පහදා ගැනීම එලොවට සහ මෙලොවට යන දෙලොවටම වැඩදායී බව ඉතා මෛත්‍රී සිතින් පෙන්වා දෙමි.
ගෘහ පිණ්ඩය
ගෘහ සැලැස්මක් සකස් කිරීමේ දී මූලිකවම එම සැලැස්මේ ගෘහ පිණ්ඩය යහපත් වර්ග අඩි ප්‍රමාණයකට සකස් කර ගැනීමට උනන්දු වන්න. මෙහිදී නිවසේ දිග පළළ නොව නිවසේ දොරවල් ජනේල වැසූ පසු නිවස තුළට අයත් වර්ග ක්ෂේත්රය නිසි ලෙස බලග්නවා ගත යුතුයි. වර්ග වඩු රියන් වලින් ගෘහ පිණ්ඩය ගණන් බැලිය යුතු අතර වඩු රියනකට අඟල් 31 ක් ලෙස සලකා ගණන් ගත යුතුයි. මෙහිදී ගෘහ පිණ්ඩය මෛත්‍රී, පරම මෛත්‍රී, සම්පත්, ක්ෂේම, සාධක යන නැකත් වලට බලගන්වා ගන්න.
විශ්ව ශක්ති කේන්ද්‍රය
ඔබගේ සැලැස්මේ විශ්ව ශක්ති කේන්ද්‍රය හෙවත් බ්‍රහ්ම පාදය බිත්තියකට යට නොවෙන පරිදි වැසිකළියකට, කෝර්ඩ් යාර්ඩ් මතට, මුළුතැන්ගෙයට, කණුවකට, පඩිපෙළකට, හෝ නිවසින් පිටත පිහිටි ලෙස නොතිබිය යුතු අතර බ්‍රහ්ම පාදය නිවසේ පිරිසිදු හා නිදහස් ස්ථානයකට වැටෙන ලෙස සැලැස්ම සකස් කර ගත යුතු අතර ඔබට හැකියාව ඇත්නම් බ්‍රහ්ම පාදය පිහිටන ස්ථානයේ භූමියේ නව රත්නයන් නිධන් කිරීම ඉතාමත් යහපත් වේ.
මංගල ද්වාරය සහ ද්වාර සටහන
ඔබගේ නිවාස සැලැස්මේ දකුණු දිශාවට ඇතුළත්ව තවත් දිශා දෙකකින් දොරවල් තැබීම කළ යුතුයි. එහිදී නිරිත දිශාව ආශ්රයෙන් කෝර්ඩ් යාර්ඩ් නොයෙදීමට විශේෂයෙන් මතක තබා ගන්න. එසේම ඊශාන මධ්‍ය රේඛාව සහ නිරිත මධ්‍ය රේඛාවට හසුවන ලෙස දොරවල් නොයෙදීමට වගබලා ගන්න. ප්‍රධාන ද්වාරය පූර්ණා, නන්ද හෝ ජයා පාද වලින් තැබීම කළ යුතුම අතර පියන එලියේ සිට අරින විට දකුණට ඇරෙන ලෙස යෙදීමට වගබලා ගන්න. එසේම ප්‍රධාන ද්වාරයට ඩෝ වින්ඩෝ නොයෙදීමට වගබලා ගත යුතු අතර ප්‍රධාන උළුවස්ස සෑදීමේ දී දැව ගසේ කඳ පිහිටා ඇති ආකාරටය මූල යටට සිටින සේ යොදා ගැනීම ඉතාමත් බලවත් ද්වාරයකට අත්වැලකි. මීට අමතරව ප්‍රධාන උළුවස්ස සුභ මූහුර්තියෙන් තැබීම කළ යුතු අතර ගෘහ හිමියා උළුවහු පැනීම නොකළ යුතුයි. වඩු බාස්a විසින් එය සිදුකළ යුතුයි. නැකතට තබන ලද උළුවස්ස කිසිම විටක නැවත පොළවෙන් ඉස්සීම නොකළ යුතුයි.
නිවසේ දොරවල් සහ ජනේල සංඛ්‍යාව
ඔබගේ නිවාස සැලැස්මේ ද්වාර සහ ජනේල සංඛ්‍යාව යෙදීමේ දී ඔත්තේ සංඛ්‍යාවකට සකස් කර ගන්න. එසේ වුවද 17 හා 33 යන සංඛ්‍යා යෙදීම නොකළ යුතු වේ. එසේම ඩෝ වින්ඩෝස් වලින් එහා මෙහා යාම නොකළ යුතු බවද පෙන්වා දෙමි. එසේම කළු වර්ණය දොරවල් ජනේල සඳහා යොදා නොගන්න.
ගෘහ අංග නිසිලෙස ස්ථානගත කරන්න
ඔබගේ සැළැස්මේ ගෘහ අංග නිසි ලෙස ස්ථානගත කර ගැනීමට වගබලා ගත යුතුයි. ගෘහ අංග වරද්දා ගැනිමෙන් ඔබගේ නිවස අංග විකල නිවසක් බවට පත්වනවාට සැකයක් නැහැ. ඒ නිසා ඔබ විසින් ඔබගේ සේවා යෝජකයාට ලබාදෙන ගෘහ සැළැස්ම අංග විකල ගෘහ සැළැස්මක් බවට පත් නොකිරීමට උත්සහ ගන්න ඊට අවශ්‍ය මඟ පෙන්වීම මා ඔබට ලබා දෙන්නම්.
ප්‍රධාන නිදන කාමරයක් යෙදීමේ දී හැකි සෑම විටම නිරිත දිශාව තෝරා ගන්න. එසේම ඊශාන සහ ගිණිකොණ දිශාවන් කිසිම විටක යොදා නොගන්නා උතුර, වයඹ, දකුණ, නැගෙනහිර, බටහිර හා දිශාවන් ද අයහපත් නොවේ. ගෘහයේ මුළුතැන්ගෙය සඳහා ඉතාමත් උචිත වන්නේ ගිණිකොණ දිශාව සහ වයඹ දිශාවයි. කිසිම විටක නිරිත ඊශාන දිශාවන් මුළුතැන්ගෙය සඳහා යොදා නොගත යුතු අතර සෙසු දිශාවන් අයහපත් නොවන බව පෙන්වා දෙමි. මුළුතැන්ගෙය සකස් කිරීමේ දී හරි හතරැස් ලෙස සැළසුම් නොකළ යුතු අතර දිගින් වැඩි සහ පළලින් අඩු හැඩතලයක් වඩාත් උචිත බව පෙන්වා දෙමි. ඔබගේ සැළැස්මේ ප්‍රධාන නිදන කාමරය සහ මුළුතැන්ගෙය වරද්දා ගතහොත් ගෘහයේ ගෘහ අංග සම්පූර්ණයෙන්ම වැරදෙන බව මතක තබා ගත යුතු කරුණකි. එසේම මුළුතැන්ගෙය සෑම විටම පහත් නොකිරීමට වගබලා ගත යුතුයි. පහත් වනවානම් තවත් ගෘහ අංග සමඟ පහත් කිරීම කළ යුතුයි. එසේම ප්‍රධාන නිදන කාරමයට උඩින් හාa යටින් මුළුතැන්ගෙය නොයෙදිය යුතුයි.
මීළඟට ඔබගේ සැලැස්මේ බොහෝ ලෙස වරද්දා ගන්නා ගෘහ අංගයක් ලෙස ගරාජය පෙන්වා දිය හැකියි. ගරාජය සඳහා ඉතාමත් නුසුදුසු දිශාවන් වන්නේ ඊශාන සහ නිරිත දිශාවයි. අනෙකුත් ඕනෑම දිශාවක ගරාජය යෙදීම සුදුසුයි. නාගරික ප්‍රදේශයක් නොවේනම් ගරාජය නිවසටම සම්බන්ධ නොකිරීම වඩාත් යහපත් බව පෙන්වා දෙමි. එසේම ප්‍රධාන ද්වාරය අවහිර වන ලෙස ගරාජය යෙදීම කිසිම විටක නොකළ යුතුයි.
වැසිකිලිය සහ වැසිකිළි වල යෙදීමේදී වඩාත් විමසිලිමත් විය යුතුයි. නිවස මාධ්‍යයේ හෝ නිරිත ඊශාන මධ්‍ය රේඛාවන්ට හසුවන ලෙස වැසිකිළි නොයෙදිය යුතු අතර වැසිකිළි වල නිරිත දිශාවේ යෙදීම නොකළ යුතු අතර නිවසේ මුල්ලකට හසුවන ලෙස හෝ ප්‍රධාන ද්වාරයට එක එල්ලේ හසුවන ලෙස යෙදීම නොකළ යුතුයි. මීට අමතරව නිවසේ ගෘහ පිණ්ඩය තුළ භූ අභ්‍යන්තරයට වැසිකිළි වල යෙදීම නොකළ යුතුම වේ.
මීට අමතරව ඔබගේ නිවාස සැළැස්ම සකස් කිරීමේ දී ගෘහ අභ්‍යන්තර අලංකරණ කටයුතු සඳහා ගනු ලබන තීරණ පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතුයි. මෙයින් දිය ඇළි, විල්, පොකුණු හෝ කෝර්ඩ් යාර්ඩ් යෙදීමේ දී ඔබ විමසිලිමත් වන්න. එසේ සිදු කිරීමේ දී ගෘහයේ කූප චක්‍රය පරිදි උතුරු, ඊශාන නැගෙනහිර හා බටහිර ආපෝ ධාතුව බලවත් කළ හැකි අතර නිවස මධ්‍යයේ හෝ නිරිත, ගිණිකොණ, වයඹ, යන දිශාවන් ඉතාමත් අයහපත් ප්‍රතිඵල ලබා දෙන බව මතක තබා ගත යුතුයි.
ඔබගේ සැළැස්මේ අවසාන කොටස ලෙස ගැනෙන එහෙත් ගෘහයේ මුදුන් කොටස ලෙස ගැනෙන වහළය පිළිබඳව කටයුතු කිරීමේදී සොහොන් පරාල, කැණිමඩල වහල, අම්බලම් වහළ බ්‍රහ්ම පාදයට ලම්බක බාල්ක, කුරුපා, මූට්ටු ආදිය මෙන්ම තනි පලයේ වහළ වැනි අයහපත් දෑ සැළසුමට එක් නොකිරීමට වගබලා ගන්න.
ඉහතින් පෙන්වා දුන් පරිදි ඔබගේ ගෘහ සැළසුමක් පිළියෙල කිරීමේ දී වාස්තු ශිල්පීය මූලධර්ම වලට මුල්තැන දී කටයුතු කිරීම තුළින් ඉතා සාර්ථක සැළැස්මක් ඔබගේ පාරිභෝගිකයාට තිලිණ කළ හැකි වේවි. එවිට ඔහුත් ඔබත් යන දෙදනාටම යහපත උදාවන බව නිසැකයි. ගෘහ සැලැස්මක් පිළියෙල කිරීමේ දී එහි හැඩ නැත්නම් රුව ගැන පමණක් හිතන්න එපා කොතරම් හැඩ සහ රුව තිබුණත් ගුණයක් නැත්නම් එවැනි දෙයක කිසිම ප්‍රයෝජනයක් නැහැ එම නිසා ඔබත් වාස්තු ශිල්පයය එකඟව සැළසුම සකස් කිරීමෙන් නිවසේ හැඩය මෙන්ම ගුණයද ආරක්ෂා වනු ඇත. ගුණ රුව සපිරි සම්පත් නිවසක සැළසුමක් සකස් කර ගැනීමට ක්ෂේත්රයේ යොදන සියළු ශිල්පීන්ට හැකියාව ලැබෙනවා යෑයි පතන අතර ඔබගේ සිහින නිවහන වාස්තු ශිල්පයට සරිලන ලෙස නිර්මාණය කරවා ගැනීමට අවශ්‍ය ශිල්පීය ඥානය නිතැතින් ලබා දීමට මා ගත් උත්සහයේ පුංචි අවස්ථාවක් ලෙස සළකන්න.
පේරාදෙණියේ ඩී. යූ. සෙනරත්
0 Comments