රසවත්වූ වාක්‍ය තෙමේ කවියකි. කාව්‍ය ලක්‌ෂණ වලින් සම්පූර්ණ වූ අලංකාර මටසිලුටු පද වැලකින් යුක්‌ත කවිය ඉතා සාරවත් එකකි. සෙත්කවිය හෝ වස් කවියක් මෙවැනිම එකකි. සරළ සුගම පදයෙදීම අවශ්‍ය කරුණු පැහැදිලිවම තේරුම් ගත හැකි වචන යෙදීම ය. ව. හ. න් - පුනරුත් යතිභ්‍රෂ්ට ආදී වශයෙන් සියලුම කාව්‍ය දෝෂයන්ගෙන් දුරුවීම ඇතුළු කාව්‍ය නීති රීති වස් කවියට හෝ සෙත් කවියට උවමනා වෙයි.
උපන් කවියෙක් කාව්‍ය ශාස්‌ත්‍රය මනාව ඉගෙන ව්‍යාකරණ ඡන්දස් අලංකාර පිළිබඳව හොඳ දැනුමක් ඇති තරමට එවැනි කෙනෙක් ජ්‍යෝතිෂය හා ශබ්ද ශාස්‌ත්‍රය ඉගෙන ගන්නේ නම් මෙම ශාස්‌ත්‍රයෙන් ඉතා හොඳ ප්‍රථිඵල බලාපොරොත්තු විය හැක. එවැනි හැකියාවන් ඇති කෙනෙක් අස්‌විද කැති මුවසිරස, අද, පුෂ - මා - උත්‍රපල්- සිත - සා- අනුර - මුල- උත්‍රසල - දෙනට - සියාවස - උත්‍රපුටුප ආදී පාප ග්‍රහයකුට අයත් නැකතකින් උපත ලබා ඇත්නම් වස්‌කවි ලිවීමට ඉතා හොඳ කෙනෙකි. ඉස්‌සර කාලේ සිටි කුංකුනාවේ හිමියන් බරණ ගණිතයන් වැනි අය වස්‌කවි කීමෙන් දස්‌කම් විස්‌කම් දැක්‌වූයේ මේ සියල්ල අංගසම්පූර්ණ තත්ත්වයෙන් පිහිටා තිබුණ නිසා වෙයි.
අද ඇතැම් අය ලියන වස්‌කවි හෝ සෙත් කවි තවත් කෙනෙකුට කියවන්නට බැරිය. මාත්‍රා විභාගයෙන් තොරය. හරබර වචන යොදා කවිය විකෘති කර ඇත. ඇත්තටම ඒවා කවි නොවෙයි. නිකම්ම නිකං වාක්‍ය සමූහයක් පමණි. මෙවැනි දෑ කිරීමෙන් වලකින්නේ නම් එය සමාජයට වැඩදායි ක්‍රියාවකි. එවැන්නෝ ඒ ගැන සිතට ගනිත්වා.
අකුරු පිළියෙල කිරීම
අද සමාජයේ මිනිසුන් අතර සිදු කෙරෙන අපරාධ ගැන බලන කල වස් කවිය ඉතා ප්‍රයෝජනවත් වන්නකි. අපරාධකරුගේ' ජම්ම නැකත හෝ නම දන්නේ නම් වස් කවිය රචනා කිරිමට පහසු වෙයි. ජම්ම නැකතට වධ හෝ විපත් නැකතකට අයත් අපායාක්‌ෂර අකුරක් තෝරාගෙන (එම අපාය අකුර ජම්ම නැකතට හිමි භූතයාගේ විරුද්ධ භූතයකුට අයත් වීමද අවශ්‍යයි) කවියේ මුල් වචනයේ මුල් අකුරට යොදා ගන්න.
පංච මහා භූත චක්‍රය
පඨවි උ-ඌ-ඔ-ඕ-ග-ජ-ඩ දා බ-ල-ළ
ආපෝ සෘ සෲ ඖ-ඝ - ධ ඪ ධ භ ව ස
තේජෝ ඉ ඊ ඓ ඛ ජ ඨ ථ ඵ ර ක්‍ෂ
වායෝ අ ආ එ ක ච ට ත ප ය ෂ
ආකාශ è èD Cඳ ණ න ම ශ හ අං
පඨවි භූතයාට තේජෝ භූතයා සතුරුයි. ආපෝ හට තේජෝ සතුරුයි. තේජෝ හට ආපෝද වායෝට පඨවි භූතයාද සතුරු වෙයි. ආකාශ භූතයා මිතුරෙකි.
අ ඉ උ එ ඔ යනුවෙන් ස්‌වර අකුරු පහක් ඇත. පංචාක්‍ෂර යනුවෙන් හඳුන්වන්නේ මෙම අක්‌ෂර පහයි. අ.එ. දෙක වායෝ භූතයාටද ඉ. තේජෝ භූතයාටද උ - ඔ- දෙක පඨවි භූතයාට ද අයත් වෙයි. අ එ. ස්‌වර අකුරු දෙක අපායාක්‍ෂර වේ. උ. ස්‌වරය මනුෂ්‍යාක්‍ෂරයකි.
ඉ. ඔ. යන ස්‌වර අකුරු දෙක දිව්‍ය අකුරු වෙයි. එ. ක. ය. ම. ර. ජ. අ. ණ න. ළ. අං අපායක්‍ෂර වෙයි. එ. සහ අ. හැර අන් සියලුම අකුරු ව්‍යාංජන අකුරු වෙයි. හල් අකුරකට ස්‌වරයක් එක්‌වූ අකුරු ව්‍යංජන වෙයි. ඕ+අ - ම -ම් + එ මෙ ජ අ ජ + ඡ් + එ ජෙ ආදී වශයෙන් එසේ සිදුවෙයි.
අ. එ. ස්‌වර දෙක එක්‌වීමෙන් ඇතිවන සම්පූර්ණ අපාය අකුරු මෙසේය. අ. ආ. ඇ. ඈ. ක. කා. කැ. කෑ. කෙ. කේ, ය. යා. යෑ. යැ, යෙ. යේ. ම. මා, මැ. මෑ. මෙ. මේ, ර. රා. රැ, රෑ රෙ. රේ. ජ. ජා. ජැ. ජෑ, ජෙ. ඡේ. න. නා. නැ. නෑ. නෙ. නේ. ළ. ළා. ළැ. ළෑ ළෙ. ළේ. එ. ඒ. වස් කවියේ මුල ශබ්දයට මෙම අකුරක් නරකට ගැලපෙන පරිදි සකස් විය යුතුයි. නමක් තැබීමට හෝ සෙත් කවි ආරම්භයට හොඳ නැත.
අපායාක්‍ෂර වලට අයත් ව්‍යාංජන අකුරු වලට මනුෂ්‍ය අක්‍ෂරයක්‌වූ උ. ස්‌වරය එක්‌වීමෙන් ඇතිවන අකුරු වල ශබ්ද අපායක්‍ෂර බලයම වෙයි. එසේ ඇතිවන අක්‌ෂර නම් කු. කූ. යු. යූ. මු. මූ. රු. රූ. ජු. ජූ. නු. නූ, ළු. ළුූ යනුයි. උ. ඌ. පු. පූ. බු. බූ. ගු. ගූ. හු. හූ. යන අකුරු යෙදීමෙන් සෙත් කවියකට නම් පලක් නැත. උදාසීන වෙයි.
වස් කවි තැනීමේදී නාමාක්‍ෂරය හෝ ජම්ම නැකතට විරුද්ධ නැකතකට අයත් ඉහත දැක්‌වූ අපායාක්‍ෂරයක් තෝරා ගන්නා අතර එය නාමාරක්‍ෂයක් තෝරා ගන්නා අතර එය නාමාක්‍ෂරය හිමි භූතයාට විරුද්ධ භූතයෙකුට අයත් විය යුතුයි. මෙසේ කර ගැනීමෙන් අශුභ ශබ්දයක් හා අශුභ වස්‌තුවක් නිර්මාණය කරගත යුතුයි.
ගණ යෙදීම
භූමි- ජල- අග්නි- වායු-ආකාශ-සූර්ය- චන්ද්‍ර- ස්‌වර්ග යෑයි ගණ අටකි. මෙයින් සූර්ය -ගිණි වායු- අහස් යන ගණ හතර අශුභ විපාක දෙයි. සූර්ය ගණයට ජල - වායු - අහස් ගණ සතුරුයි. ගිණි ගණයට භූමි ගණයද සතුයි. අහස් ගණයට සූර්ය - චන්ද්‍ර -ගිණි ගණ සතුරුයි. වායු ගණය සහ අහස් ගණය සතුරුයි.
වස් කවිය සාර්ථක වීමට නම් පුද්ගල නාමයට අයත් ගණයට විරුද්ධ ගණයක් අපායාක්‍ෂර සහිතව කවියේ මුල් ශබ්දය හෙවත් වචනය සඳහා යොදා ගත යුතුයි. මුළු කවියේම මෙසේ ගණ සම්පූර්ණ කරන්න හැකියාව ඇත්නම් ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබෙයි.
යෝනි ක්‍රමය
ගුරුළු-බළල්-සිංහ-ව්‍යාඝ්‍ර- සර්ප-මූෂික- හස්‌ති - මෘග යෑයි යෝනි අටකි. ගුරුළු - සර්ප. බළල් - මූෂික සිංහ - හස්‌ති - ව්‍යාඝ්‍ර - මෘග හෙවත් මුව යෝනි එකිනෙකට විරුද්ධ යෝනි වෙයි. සිංහ - මෘග සහ සර්ප - මූෂික සාමාන්‍ය වෛරී යෝනි වෙයි.
යෝනි සොයන ක්‍රමය
අභිධානය හෙවත් හඳුන්වන නාමයක ගණයක ඇති අකුරු ස්‌වර - ව්‍යංජන වෙන්කර අක්‌ෂර සංඛ්‍යා අනුව එකතු කර නාමයේ මුළු අක්‌ෂර සංඛ්‍යාව අටෙන් බෙදන්න. ඉතිරි වන සංඛ්‍යාව යෝනියට අයත් සංඛ්‍යාව වෙයි.
1. ගුරුළු, 2. බළල්, 3. සිංහ, 4. ව්‍යාඝ්‍ර, 5. සර්ප, 6. මූෂික, 7. හස්‌ති, 8. මෘග හෙවත් මුව ගණයේ අකුරුද එසේ බෙදා ඉතිරි සංඛ්‍යාව අනුව 1 නම් ගුරු ආදී වශයෙන් බලාගන්න.
නමේ යෝනියට විරුදAධ යෝනියකින් ගණයේ යෝනිය විය යුතුයි.
අක්‍ෂර සංඛ්‍යා
අ එ ක් ද් බ් එක අකුරකට 6
උ ර් ත් ච් ඡ් 7
ඉ න් ජ ය් ව් 4
ඔ ග් ඩ් ම් ස් 3
ට් ල් හ් ළ Cඳ් 2
ඉහත සඳහන් ක්‍රම සියල්ල අනුගමනය කරමින් කාව්‍ය නායකගේ සහ කවියේ මුල සකස් කරගත යුතුයි. නමේ දෙපසද විරුද්ධ ගණ - යෝනි පිහිටුවා ගත යුතුයි. අ. ඔ. කාල චක්‍රය අනුවද විරුද්ධ අකරු= තෝරා දෙපස පිහිටුවා ගත යුතුයි.
ඉහත සඳහන් අපායාක්‍ෂර හා උදාසීන අකුරුවලින් කවිය පුරන්න ආරම්භ කළ යුත්තේ අශුභ දිනයක. අශුභ විරුද්ධ නැකතක් පවතින කල අශුභ කාල හෝරාවෙන් මරුවාට මුහුණලා ගෙනය. අඩු තරමින් කවියේ සම්පූර්ණ අකුරු වලින් හතරෙන් තුන්පංගුවක්‌ම අපායාක්‍ෂර විය යුතුයි. කවියේ සියලුම අක්‍ෂර සංඛ්‍යා තත්ත්වයන් කාව්‍ය නායක හෙවත් අවශ්‍ය හොරාගේ නාමාක්‍ෂර ගණනත් එකතු කර හතරෙන් බෙදා ශේෂය ඉතිරි නැති නම් හතර පලය හැටියට ගැනේ. එය අරි හෙවත් මරණය දෙන්නක් වෙයි.
මේ හැරුණ විට කවිය පල දෙන එකක් දැයි බැලීමට තවත් ක්‍රම ඇත. මේ වගේ ලිපියකින් ඒවා විස්‌තර කිරීම අපහසු වෙයි. අද සමාජයේ කෙරෙන අපරාධ හොරකම් දූෂණ ආදිය ගැන බලන කල මෙවන් ශාස්‌ත්‍රයක වටිනාකම දැනෙනු ඇත. අපේ පැරැන්නන් ඒ පිළිබඳව හසල දැනුමක් ඇතිව සිටි බව ඉතිහාසයේ ඇතැම් සිදුවීම් වලින් පැහැදිලි වෙයි. මේ කාලයේ වස්‌කවි ශාස්‌ත්‍රය අභාවයට ගියේ හරි පිළිවෙල නොදත්කම නිසාය.
කවිය පිළිබඳ හොඳ දැනුමක් ඇති කවි හැඟුම් මතුවෙන ප්‍රතිභාපූර්ණ කිවිවරුනි. ඔබ ජ්‍යෝතිෂ ශාස්‌ත්‍රය දන්නේ නම් සෙත් කවි කලාව පොත ලබාගන්න. එය කියවා හොඳ අවබෝධයක් ලබන්න. ඊට පසු වස් කවි සඳහා මෙතෙක් සැඟවෙමින් තිබුණු මෙම උපදෙස් පිළිපදින්න. ක්‍රමානුකූලව මේ අනුව වස්‌කවි රචනා කරන්න පුරුදු වන්න. කවිය ලිවීම හා මුල්වර කියවීම මුත්‍යqයෝගය යෙදුන පක්‍ෂයේ දිනයක් නම් වඩා හොඳයි. යම කාලය දැනගෙන කටයුතු කරන්න. රීරි දිෂ්ටියෙන් රීරි යකාට බාර කර කියන කවි වෙඩි වගේ පලදෙනු ඇත. හුදෙක් මෙය සත්වයින් නැසීමේ ෙච්තනාවෙන් නොව සිදුකර ඇති වරදට දඬුවම් දීමක් වශයෙන් මෙම ශාස්‌ත්‍රය ඉතා ප්‍රයෝජනවත් වෙයි.
වස්‌කවි හා සෙත් කවි ගැන ශාස්‌ත්‍රීය දැනුම මට ඇත. මගේ ජම්ම නැකත ශුභ ග්‍රහයෙකුගේ බැවින් වස් කවි වලට හිත යන්නේ නැත. එනිසා මෙම ලිපිය කියවන පාඨකයින් වස් කවි ලියා දෙන්න කියා මගෙන් ඉල්ලන්න එපා. මම වස්‌කවි ලියන්නේ නැත.
බෙල්පාමුල්ලේ එච්. පී. සිරිසේන
0 Comments