සෑම මිනිහෙක් තුළම තමස් රජස් සත්ව යන ගුණාංග තුන මිශ්‍රව පවතී. එකී ගුණාංග තුන ඒ ඒ මිනිසුන් තුළ පවතින්නේද අඩු වැඩි වශයෙනි. කෙනෙකු හට රජස් සත්ව ගුණාංග අඩුවෙන්ද තමස් ගුණය වැඩි අය සිටිති. අපරාධකරුවන්, වංචනිකයන්, සොරුන්, බේබද්දන්, මේ ගණයට වැටේ. රාජ්‍ය නායකයින්, මැති ඇමැතීන්, ආයතන ප්‍රධානීන් රජස් ගුණය වැඩි අයවෙයි. සිල්වතුන්, උතුම් ගුණ පිරි මිනිසුන්, භාවනා යෝගීන් සත්ව ගුණය වැඩි අයයි. නමුත් මේ අයටත් මෙකී ගුණාංග තුනම පවතී. ආරක්ෂක අංශයේ අයට රජස් ගුණයත් තමස් ගුණයත් වැඩි වහයෙන් පවතී. වෛද්‍ය වරයෙකුට, උපස්ථායකයෙකුට රජස් සත්ව යහ ගුණ වැඩි වශයෙන් පවතී.
මේ ආදි වශයෙන් එකි නෙකා තුළ එකී ගුණාංගවල බලපෑම විවිධ වෙයි. තිරිසන් සතුන් අතරද එසේමය. සිංහ කොටි ව්යාඝ්ර ආදී සතුන් තුළ රජස්- තමස් ගුණ වැඩි වශයෙනුත් සත්ව ගුණ අඩු වශයෙනුත් පවතී. එනිසා ඔවුන් වනාන්තරය තුළ බලපුලුවන් කාරයෝය. දුටු තැන සතුන් බිලි ගන්නෝය. එහෙත් ඔවුන්ගේ පැටවුන්ට කරුණා මෛත්‍රියෙන් සෙනෙහස පාන්නෝය.
ජලය - සුළඟ අව්ව වැස්ස ශබ්දය යන තත්ත්වයන් තුලද මේ තමස් රජස් සත්ව යන ගුණාංග පවතී. ගම්මානයට සුන්දරත්වයක් එක්කරමින් සුදු රතු නෙලුම් පිරුණු වැව අතිශය ප්‍රයෝජනවත් මෙන්ම සුන්දරත්වයෙන් අනූනය. එබැවින් සත්ව රජස් යහ ගුණ දෙක ප්‍රකට වෙයි. එම ජලයේම විෂබීජ නිසා විපත්තියද එහි වෙසෙන කිඹුල් ආදීන්ගෙන් විපත්තිද දියේ ගිලීමෙන් සිදුවන විපත්තිද නිසා වැවද තමස් ගුණයෙනුත් යුක්තය.
මිනිස් සිතද එසේය. වැඩි හරියක්ම මිනිස් සිත් තුළ තමස් ගුණය පවතී. අපි මාතෘකා කරන අනවින කොඩිවින යනුවෙන් හඳුන්වන නපුරු දේවල්ද ආපෝ තේජෝ වායෝ පඨවි වශයෙන් ලෝක පැවැත්මට සාධනීය වූ මූල දර්ම 04 එනම් ගලාගෙන යාමේ ගතිය රශ්මිය දැඩි සීතල ආදි ගතිය හැකිලෙන පිම්බෙන දිග හැරෙන ගතිය තද සෞම්‍ය ආදී ගතිය යන මූල ධර්ම 4 තුළ ඇති තමස් ගුණය ශබ්ද වනියට නගා ක්‍රියාත්මක වීමකි. ඒවා එකිනෙක ප්‍රති විරෝධී ශබ්ද බවට පත්කර ශබ්දයේ ඇති තමස් ගුණය සමග එක්කොට තනාගත් මංත්ර විශේෂයක් අණවිණ කොඩිවින ලෙස දැක්වෙයි.
මේ අන්දමට සෘෂිවරුන් විසින් තනා ඇති එකී මන්ත්‍ර තමස් ගුණය අධික අයෙකු මැතිරීමෙන් කොඩිවිනය බලවත් වේ. එවැන්නක් කරවා ගන්නා මනුෂ්‍යයෝද තමස් ගුණයෙන් අධික අයමය, වැල්පැන්නුම් ඉරිපැන්නුම් අංගම්පිල්ලි නූල් තඹකොළ - සීනි - ලේ ශුක්‍ර ධාතු - මාස් ශුද්ධියේ අපද්‍රව්‍ය - හිසකෙස් ඇඳුමේ නූල් - ආදී වශයෙන් විවිධ දේවල් උපයෝගි කොට අණවින කොඩිවින කර මිනිසුන්ට අයහපත ඇතිකරති. පෙරකී ලෝක පැවැත්මට ශාධනීය වන කරුණු 04 තුලින්ම එම මනුෂ්‍යයාට තමස් ගුණයේ ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට සැලසීමය. කෙනෙක් කෙරෙහි සිතෙහි හටගන්නා තෘෂ්ණාව නිසා ඒ අනුසාරයෙන් වශී ගුරුකම් කර වශී කරති. එවැනි විවාහ ඇතුල පිට දකෙම අවුල්ය. ඇතැම් අය ලාබ ප්‍රයෝජන තකා වශී ගරුකම් කරති. ඒවා මහා විපත්තිවලින් කෙළවර වෙති.
තමස් ගුණය විශ්වය විනාශ කරන ගුණයකි. එනිසා කොඩිවින මගින් මිනිසාගේ සෞඛ්‍ය දියුණුව සමගි සමාදානය වත්පොහොසත්කම සමාජ පිළිගැනීම ආදී සෑම දෙයකටම තමස් ගුණය වැඩිකර අසුබ ඇතිකිරීමට කොඩිවිනවලට හැකියාව පවතී. මේ මහ පොළොවේ කුමනවූ ස්ථානයක් වාසස්ථානය කර ගන්නා මනුෂ්‍යයා ගොඩනගන නිවස ඉඩම පරිසරය වාස්තු අනුව සොබාදහමට සමතුලිත කර ගනී. එයින් පැවසෙන්නේ තමස් ගුණය පැමිණීම අවමකර ගෙන සත්ව හා රජස් ගුණයන් වර්ධනය කර ගැනීමය.
වාස්තු වල සාමාන්‍ය දොaෂයක් පැවතුනත් එයින් වඩාත් අයහපත ඇති නොවුනත් සුභ ග්‍රහ දශාවක් ගතවන්නේනම් තමස් ගුණය ඉතාම අවම මට්ටමක් ගනී. එනිසා යහපත බලවත්වේ. එසේම අශුභ ග්‍රහ දශාවක යන්නේනම් තමස් ගුණය බලවත් වී වඩාත් අයහපත බලගැන්වේ. වාස්තුත් දශාවත් අශුභවූ විට අනවින කොඩි වින ඇති කළොත් බලවත් ලෙස තමස් ගුණය වර්ධනය වී තදබල අයහපතට මිනිසා වැටේ.
කෙනෙකුට යහපත් කාලයක් එනම් සුබ ග්‍රහ දශාවක සිටින විට යමෙක් කොඩිවිනයක් කළහොත් එය නොවදී. ඒ සත්ව රජස් යන ගුණ බලවත් බැවිනි වසර දහයකින් පසු හේ එම දශාව ගෙවී අශුභ දශාවකට ජන්මියා පවත්වන විට එකට අවු. දහයකට පෙර කළ කොඩිවිනය බලවත්වී ප්‍රතිවිපාක ඇති කරයි. ඒ සත්ව හා රජස් යන ගුණ සෘණ තත්ත්වයට පත්වීමේදී එම අඩුව තමස් ගුණයෙන් පිරෙන බැවිනි.
ඒ අන්දමට සත්වයාට මහා අශුභතා ලබා දෙමින් අනර්ථ ඇතිකළ හැකි වචන තුන හතරකට සීමාවූ බලගතු මන්ත්‍ර ගුප්ත ශාස්ත්‍රය තුළ තිබේ. එවැනි අශුභතා සුළු මුදලකින් සුලු වේලාවක් තුළ කොඩිවිනයක් ලෙස ඇතිකළ හැකි අතර එවැන්නක් ඉවත් කිරීමට දැඩි වියදමක් දැඩි වෙහෙසක් දැඩි කාලයක් වැය කළ යුතය.
ශරීරයේ ශුක්රධාතු - මාස් ශුද්ධියේ අපද්‍රව්‍ය පවා ජීවම්කර යම් ආහාර මගින් කෙනෙකුගේ ශරීර ගතකොට තමන්ගේ ලාබ ප්‍රයෝජන පතා ආකර්ෂණය ඇතිකරන මංත්ර පවතී. ඒ විශ්වයේ විනාශය කැඳවන තමස් ගුණයේ අනුසාරයෙනි එවැනි දේවල් කැවුණු පෙවුනු මනුෂ්‍යයෝ ශරීර අභ්‍යංතර ඉන්ද්‍රියන් පවා විනාශවී ජීවිත නැතිවන තැනට වැඩ සිද්ධ වන්නේය.
මේ විශ්වයේ පවතින තමස් ගුණයේ සවභාවයයි. තමස් ගුණයට හිමිවන ලෝක අතර කාලසූත්‍රය සංජීවය තාපය මහා තාපය රෞරවය මහා රෞරවය සංඝාතය අචීචිය යන ලෝක තලමෙන්ම ප්‍රේත තිරිසන් අසුර යන ලෝක නිවේදනය කරයි. තියුණු උල් ශරීරය පුරා ඇනීම කාලසූත්රයේ සවභාවයවේ. මෙය එවැනි අනවින කළාවූද කෙරෙව්වාවූද මනුෂ්‍යයෝ මිනිස්ලොව යළි ඉපදුනු කල්හිද පිහි ඇනුම් දරුණු වැටීම්වලින් උල් ඇනීම් ආදියෙන් පීඩාවිඳ ජීවිතය අකර්මණය වීම හෝ මරණය සිදුවේ.
මේ භවය තුළදීද දරුණු ශෛල්‍ය කර්මවලට පළිකාවලට ශරීරය කුණුවී ඕජාව ගලන රෝගවලට වේදනා කැක්කුම් වලට බලාපොරොත්තු ඉටුනොවීමේ බරපතල චිත්ත සන්තාපයන්ට කරන කිසිවකින් නිසිsඵල නොලැබීම්වලට ඔවුන් මෙලොව දීම පත්වී තමස් ගුණයේම ශාපයට ලක්වන්නේය.
අගලවත්තේ බීහේරත්
0 Comments