විවාහක කතුන්ටත් බැල්ම හෙලන කලුකුමාරයාගේ සෙල්ලම්

මනුෂ්‍යයන් නොවන අමනුෂ්‍යයන් වන ප්‍රේතයන්, යක්‍ෂයන්, කුම්භාණ්‌ඩයන්, අසුරයින් පමණක්‌ නොව දෙවිවරුන් පිළිබඳව ඇති සත්‍ය තතු නොපෙනෙන ලෝකයක තතු ලෙසින් ව්‍යවහාර කළ ද එම ලෝකය නොපෙණුනා නම් එය පවසන්නේ කෙළෙසද යන ප්‍රශ්නය වරෙක හේතුවාදීන් නගයි. නමුත් එය සාමාන්‍ය මිනිසුනට නොපෙනුනද භාවනා කටයුතු වලින් මනස දියුණු කරගත් අයෙකුට එවැනි දිවැස්‌ ලැබීම් (Cක්‌සරඩදහ්බජැ) මෙන්ම දැනීම්, ඇසීම්, පරසිත් හඳුනාගැනීම් (ඔeකැච්එයහ) සාමාන්‍ය දෙයකි. දිවැස්‌ ලැබීම බුදුදහම තුළ දිබ්බචක්‌ඛු ඥානය ලෙස විස්‌තරව ඇත. එය තෙවැනි ඇසේ විවර වීමකි. ඇතමුන්ට අමනුෂ්‍යයන්ගේ උපකාරය හෝ බලපෑම් මත ද මෙවැනි පෙනීම්, දැනීම්, ඇසීම්, (කර්ණමුණ්‌ඩ) ඇති වේ. නමුත් එවැනි දිවැස්‌ ශක්‌තීන් තෙවැනි ඇසෙහි විවෘත වීමක්‌ ලෙස සැලකීමට අපහසුය. එය තාවකාලිකය.

අපගේ ඇසට ගෝචර වනුයේ දිග, පළල, උස දේ පමණි. ඉන් එහා ලෝකයක්‌ පවතින බවට සාධක පවතින නමුත් ඒවා අපේ නෙතට විද්‍යමාන නොවන්නේ ඇසෙහි වන ඇති සීමා මායිම් මතය. අධිමානසික විද්‍යාව (ඡ්ර්චිහජයදකදටහ ) විෂය තුළින් මෙවැනි දේ පිළිබඳව පුළුල්ව විමසා බලයි.

මෙම ත්‍රිමාන (ඔයරුe- dසපැබිසදබ්ක) ලෝකයට එපිටින් ඇති බහුමාන (ඵමකඑස-dසපැබිසදබ්ක) ලෝකය තුළින් ත්‍රිමාන ලෝකයට විවිධාකාර තර්ජන එල්ල වූ අවස්‌ථා මෙන් ම යහපත් දේ සිදු වූ අවස්‌ථා ද අසන්නට ලැබේ. එවැනි තත්ත්වයන් පිළිබඳව අප වසර ගණනාවක සිට ගවේෂණ චාරිකාවක නිරත වූවෙමු. භාවනාවන් තුළින් මනසේ විවිධාකාර දියුණු තත්ත්වයන් ඇතිකර ගත් ගිහි පැවිදි දෙපිරිසම මෙම චාරිකාවේදී අපට හමුවිය.

නමුත් අද අප පළමුව මෙම ත්‍රිමාන ලෝකයෙන් එහා වූ ගවේෂණ චාරිකා සටහන අරඹන්නේ ඔබට හුරු පුරුදු සාම්ප්‍රදායික තලයක සිට ය. එහිදී අද අප නවතින්නේ සිවුහෙළ විශ්ව ශක්‌තී පර්යේෂණායතනයේ සභාපති, අභිධර්මවේදී, ගුප්ත විද්‍යා උපදේශක සිරිල් සුරේJද්‍ර මහතා අසලය. වයස 70 පසු කරමින් සිටින මෙතුමා පිළිගත් පෞද්ගලික ආයතනයක විධායන නිලයක්‌ හෙබවූවෙකි. තරුණ වියේ සිට භාවනා කටයුතුවල නිරත වූ මෙතුමා පූර්ණකාලීනව වත්මනෙහි මෙම ගුප්ත විද්‍යා උපදේශන කාර්යයේ නිරතව සිටියි. විශ්ව ශක්‌තීන් තුළින් විශාල පිරිසකට සෙත සැලසීමට දරන වෙහෙස, අප දකින මෙතුමන්ගේ විශේෂත්වය වේ. එතුමා නිරත වූ ගුප්ත විද්‍යා උපදේශන කාර්යයක්‌ වූ මෙම පුවතින් පීඩා සහිත අමනුෂ්‍යයන් නිසා වන ලෙඩ දුක්‌ පිළිබඳව කියෑවෙයි.

තොටළඟ ප්‍රදේශයේ කැලණිගඟ ආසන්නයේ සාමාන්‍ය පවුලක විසිහතර හැවිරිදි එක්‌දරු මවක්‌ වූ විනීතා (ආරූඪ නාමයකි) ඉතා රූමත් කතක්‌ විය. වසර ගණනාවක සිට ඇඟේ අප්‍රාණික බව උගුරේ ඇති අපහසුතාවය හා වේදනාව, බඩේ වේදනාව, හිස රුදාව, කැරකිල්aල ආදී රෝගාබාධ කීපයකින්ම පීඩා වින්දාය. නොයෙක්‌ විශේෂඥ වෛද්‍යවරුන් වෙත ගිය ද නිෂ්ඵල විය. අසා දැනගත් තොරතුරු මත උපදේශක මහතා අමතා තම නිවසට පැමිණෙන ලෙස ඉල්ලා සිටියාය.

ගුප්ත විද්‍යා උපදේශකතුමන් දුටු සැනින්ම රෝගියා ප්‍රලය වී ස්‌වරුපය වෙනස්‌ විය. එවිට නිවසට තවත් පිරිස ද පැමිණ තිබූ අතර, අසළ සිටින තරුණියන් දෙස අමුතු විදිහට බලා කොමළ සිනා පාන්නටත් එක්‌ ඇඟිල්ලක්‌ කටේ රුවා ඇස්‌ කරකවා බලමින් විවිධ කොමළකම් කරන්නටත් වූවාය. උපදේශකතුමන්ගේ දැනීමට එය ගෝචර වූ හෙයින් මෙසේ ඇසීය.

"ආ කලුකුමාර මහත්තයා මොකෝ මේ අහිංසක මිනිසුන්ට කරදර කරන්නේ ආ" යනුවෙන් මදක්‌ උපහාසාත්මකව පවසන විටම විනීතාගේ ස්‌වරූපය සම්පූර්ණයෙන් ම පාහේ වෙනස්‌ විය. දැන් එම රෝගියා ගොළුවකු සේ ගොළු බසින් දොඩවන්නට විය. තමා කලුකුමාරයා හඳුනාගත් හෙයින් මාරු වී ගොස්‌ දැන් ඉන්නේ වෙනත් කෙනකු බැව් උපදේශකතුමා තම අත්දැකීම් මත අවබෝධ කොට මෙසේ විමසීය.

"දැන් ඉන්නේ කලු කුමාරයා නොවේ. හොඳ හිතින් කියනවා තමා කවුද?"

එවිට රෝගියා ගොලු බසින් කතා කරන්නට විය.

"තමා ගොලුයිද?"

එවිට හිස සලා එය අනුමත කරන්නට විය.

එහෙනම් තමන්ට ලියන්න පුළුවන්ද?

රෝගියා හිස සලමින් එය අනුමත කළ පසු සුදු කොළයක්‌ අසල මේසය මත තබා පෑනක්‌ අතට දී කොළය අසලට අත ළං කරන්නට විය.

"හරි එහෙනම් තමා කවුද කියලා ලියනවා බලන්න."

zඅහබ්බදු නානා Zලෙසින් වැල් අකුරින් එහි සටහන් වන්නට වුණි. 

"ඔහේට මොකෝ කතා කරන්න බැරි"

"මගේ ගෑනි මට වහ දුන්නා"

මොකද මේ ළමයට කරදර කරන්නේ?"

"මං මේ ගෙට හරි ආසයි. මෙයා ළඟට කිට්‌ටු වෙන්න පුළුවන් නිසා ආවා."

"ඔහේට සිංහල හොඳට පුළුවන් වුණේ"

"සිංහල ඉස්‌කෝලේ ඉගැන්නුවා"

මෙම සංවාදය අතරතුර වයස 80 ක්‌ පමණ වන අසල්වැසියෙක්‌ මෙම නිවසේ මීට වසර ගණනකට පෙර අහබ්බදු නානා ලෙසින් ගුරුවරයෙක්‌ සිටි බවත්, ඔහුට බිරින්දැවරු තුනක්‌ සිටි බවත්, ඒ පළමු බිරිඳ මොහුට වහ දුන් බවත්, ඉන් මොහුගේ උගු=ර පිළිස්‌සී ඉන් මාස කිහිපයකට පසු මියගිය බවත්, නානාගේ පුත්‍රයකු පසුව මෙම ගෙය මොවුනට විකුණු බවත් දැන්වීය. එය අසා සිටි රෝගියා ඒ සියල්ල සත්‍ය බව ගොලු බසින් සතුටින් අනුමත කළ අතර, ඒ පුද්ගලයාගේ අතින් අල්ලා තම සතුට පළ කළේය.

ඒත් සමගම නැවතත් රෝගියාගේ තත්ත්වය වෙනස්‌ විය. පෙර පරිදි නැවත මුකුළු කරන්නට පටන් ගත් අතර උපදේශක, කලුකුමාරයා නැවත පැමිණ ඇති බැව් හඳුනාගත් හෙයින් මෙසේ ඇසීය.

"මේ පොඩි ළමයෙක්‌ ඉන්න අම්මා කෙනෙක්‌. මොකද මේ තැනැත්තියට වද දෙන්නේ."

රෝගියා නැවත මුකුළුකරන්නට විය.

මේ කලුකුමාර උන්නැහේ මාව කේන්ති ගස්‌සන් නැතුව කථා කරනවා. කලින් කෙනාටනේ කතා කරන්න බැරි ඔහේට කතා කරන්න පුළුවන්නේ."

"තව කවුද ඉන්නේ මේ තැනැත්තිය ළඟ"

එවිට ප්‍රලය වූ රෝගියා කතා කරන්නට විය.

"ගොලු නානත් එක්‌ක තවත් දෙන්නෙක්‌ ඉන්නවා. අනිත් උන් දෙන්නට කිසිම ශක්‌තියක්‌ නෑ."

"තමන් මොකද මේ තැනැත්තියට මේ කරන්නේ"

"මේ තැනැත්තිට අවුරුදු අටේ සන්දියේ ඉඳන්ම මං මේ බැල්ම දාං හිටියා. මේකි ලොකු ළමයෙක්‌ වුණාම තනි වුණා. මං එදා ඒ ලේ තනි කර ගත්තා. දවසක්‌ මේකි බිත්තර බැදලා කාල කැලණි ගඟට නාන්න බැස්‌සහම ගොලු නානා මේකිව තනි කරගෙන බැල්ම දැම්මා. එදා ඉඳන්ම මේ ශරීරයේ ගොලු නානා ඉන්නවා. ඒක මටත් පහසුයි. මං මේකි ළඟම ඉන්නෑ.

මං විටින් විට ඇවිල්ලා මට ඕනෑ දේවල් කර ගෙන යනවා. තවත් එවුන් දෙන්නෙක්‌ ඉන්නවා. උන්ට මුකුත් කරකියා ගන්න බැරි උන්. උන් තමයි මේකිගේ ජරාව කන්නේ.

"එතකොට ගොලු නානා කන්නේ මොනවද?"

"ඌට යමක්‌ කමක්‌ කරගන්න පුළුවන්. ඌ කන්නේ මේකි කන පුලුටු දේවල් වල සුවඳ"

"මේ කලුකුමාර උන්නැහේ මේ අහිංසක ගැහැනු ළමයින්ට කරදර නොකර ගිහින් අර මුහුදු වෙරළේ අඩ නිරුවතින් ඉන්න සුද්දියෙක්‌ව අල්ල ගන්නවකෝ. නිකන් අපිට වද නොදී."

"අපෝ ඕකුන් පොඩි කාලෙම මිනිස්‌සුත් එක්‌ක යනවා. මං කැමැති නෑ ඕකුන්ට....."

පසුව එම රෝගියා එනම් විනීතා තම නංගී දෙස බලමින් කෙළ හලන්නටත් මුකුළු කරන්නටත් වූවාය.

"ඔය මොකද ඔය කරන්නේ ආ...."

මේ ඉන්නෙත් මරු බඩුවක්‌ තමයි යෑයි පවසා කෙළ හලන්නට විය.

"ඔය ඉන්න හැත්තත් අරන් මේ තැනැත්තියට කරදර නොකර යන්න ඕනෑ. ගියේ නැත්තං මං නරක මිනිහා කියලා කියන්න එපා. ආයි මේ ඉන්න කාටවත් බැල්ම දාන්නත් බෑ.

"හරි මට දොළක්‌ ඕනෑ. මට ඕනෑ පොළොස්‌ මාලුවයි බතුයි. තව නටන්න බෙර ගහන්නත් ඕනේ.

මේ හලෝ. මේ කොළඹ ඔය බෙර ගහල අපිට විකාර කරන්න බෑ. සෘෂිවරුන් අනුමත කරලා තියෙන විදිහටම දොළ දෙන්නම්. කාලා මේ ඉන්න කාටවත් බැල්ම නොදා මේ හැත්තත් එක්‌කම යන්න ඕනෑ.

ඉන්පසු සංවාදය එතකින් නිමා විය. එම නිවැසියන්ට දින 07 ක්‌ නොකඩවා බෝධි පූජා කරන ලෙසත් අවශ්‍ය කළ යුතු තවත් දේත් පවසා උපදේශකතුමන් පිටත් විය.

තීරණය කරගත් දිනයේ නියමිත ආකාරයට අදාළ ආහාර කලුකුමාරයා වෙත දුන්නේය. දොළ ගත් නමුත් පසුව යන්නට අදිමදි කළේය.

"මේකි හරි ලස්‌සන එකී. මෙයාව දාලා යන්න මට බෑ"

බෑ බෑ යන්නම ඕනෑ බුදුන් පා යනවා කියලා දිව්රනවා.

බෑ බෑ බෑ මට බෑ

ඉන්පසු උපදේශකුමන් තම අතට විශ්ව ශක්‌තිය ගෙන මේ පේනවා නේද? අතේ තියෙන දේ මං ඔහේව පුච්චනවා ගියේ නැත්තං මේ හැත්තත් අරන්.

අනේ එපා එපා පුච්චන්න. මං යනවෝ. බුදුන් පා මං යනවෝ. යනුවෙන් කියා යටිගිරියෙන් කීප වරක්‌ පැවසූ අතර හූ හඬක්‌ ද සමගින් නැවත පියවි තත්ත්වයට විනිතා පත්විය.

මෙලෙස කලුකුමාරයා ලෙස එන්නේ දිව්‍ය, අසුර, යක්‍ෂ. සම්භවය ඇති අමනුෂ්‍යයකු බවත් ඔහු අවිවාහක ස්‌ත්‍රීන්ට පමණක්‌ බලපෑම් කරනවා යන්න පදනම් විරහිත බව තම අත්දැකීම් මත ප්‍රත්‍යක්‍ෂ බවත් උපදේශකතුමන් පෙන්වා දුනි. කලුකුමාරයා බැල්ම දමා ගෙන ටික කලක්‌ සිටිනා විට වටේ සිටින ප්‍රේතයන්ගේ බැල්මට ද එම ස්‌ත්‍රිය නතුවීමට ඉඩ ඇති බව උපදේශකුමන්ගේ මතය විය.

හිත දුර්වල වන විට මෙලෙස යක්‍ෂ ප්‍රේත භූතයන්ගේ ග්‍රහණයට නතු වීමට ඉඩ ඇත. හිත දුර්වල වන විට කලු වර්ණයක්‌ අපගේ ශරීරයෙන් පිට වේ (Aura). එය අමනුෂ්‍යයන්ට අපව ග්‍රහණයට හසුකරයි. නමුත් හිත ශක්‌තිමත් කර ගන්නා පුද්ගලයා දෙළොවම ජය ගනී.

චසිත නුවන්තික බුලත්සිංහල

Post a Comment

0 Comments