විද්‍යානුකූලව භූමිය හඳුනා ගන්න

ඈත අතීතයේ සිට පැවත එන ජ්‍යෝතිෂ්‍ය වාස්‌තු විද්‍යාත්මක එකුන් විසි ආකාර භූමි පිළිබඳව ඔබ දැනුවත් කරන්නේ ඔබේම යහපත සඳහාය. ඒ මන්ද යත් මේ හැඩතලවලින් යුක්‌ත ඉඩම්වල ගෘහ වාසයක්‌ සකස්‌ කර ගැනීමෙන් ඇතිවන සුබ අසුබ සරලව විග්‍රහ කරන බැවින් ඔබට එය වටහා ගැනීමටද ඉන් ප්‍රතිඵල ලබා ගැනීමටද හැකිවේ.

ඒ අනුව ඔබ දතයුතු පළමු භූමි හැඩතලය නම් "සිංහාකාර භූමියයි" යම් කිසි භූමියක්‌ හිස ඔසවාගත් සිංහයකුගේ ස්‌වරූපය ගත් හැඩතලයකින් යුත් භූමියක්‌ නම් එය සිංහාකාර භූමියක්‌ වේ.

මෙවැනි සිංහාකාර භූමියක ගෘහ වාසස්‌ථානයක්‌ සකසා ගතහොත් එහි වාසය කරන්නන්ට ස්‌ථානය ප්‍රියජනක වේ. බොහෝ සම්පත් ලැබේ. නමුත් වැඩිකලක්‌ යැමට පෙර සතුරු කරදර ඇතිවී විනාශය කරා යයි. 

දෙවැනි භූමි හැඩතලය නම් "ගජාකාර භූමියයි" කිසියම් භූමියක්‌ දෙපැත්තට හැරුණු ඇත් යුවළක්‌ සොඬවැල් දිගු කරගෙන සිටිනසේ දිස්‌වන භූමිය ගජාකාර නම් වේ. මෙවැනි ගජාකාර භූමියක ගෘහ වාසස්‌ථානයක්‌ සකසා ගතහොත් එහි වාසකයන්ට සතුට සෞභාග්‍ය ජය උදාවන බව පෙර ඉසි මතයයි.

තුන්වන භූමි හැඩතලය නම් "වෘෂභාකාර භූමියයි" යම්කිසි භූමියක්‌ ගවයකුගේ ස්‌වරූපය දිස්‌වන්නේ නම් එය වෘෂභාකාර භූමියයි. මේ ආකාර භූමිවල මැද කොටස මහත වන අතර දෙපස කොටස්‌ කුඩා වේ. මෙබඳු භූමියක වාසය සැප සම්පත් උදාකරන සුදුසු භූමියක්‌ ලෙස ඉසිවරු දක්‌වා ඇත.

ඔබ දත යුතු හතරවන භූමි හැඩතලය නම් "කුම්භාකාර භූමියයි" කිසියම් භූමියක්‌ කළයක ස්‌වරූපය දිස්‌වන්නේ නම් එය කුම්භාකාර භූමියක්‌ වේ. මෙබඳු භූමියක වාසස්‌ථාන සකස්‌ කරගත් අයට නිතර රෝග පීඩා ඇතිවන බවත් රණ්‌ඩු දබර ඇතිවන බවත් දක්‌වන අතර එය වාසයට නුසුදුසු භූමියක්‌ වශයෙන් දක්‌වා ඇත.

පස්‌වන භූමි හැඩතලය නම් "ඡත්‍රාකාර භූමියයි" කිසියම් භූමියක්‌ කොඩියක හැඩය ඇති අග කොටස පටු දිගු ප්‍රදේශයක්‌ සහිත භූමිය ඡත්‍රාකාර භූමියක්‌ වශයෙන් හඳුන්වයි. මෙබඳු ඡත්‍රාකාර භූමියක වාසය කරන අයට සෑම දේකින්ම ජයග්‍රහණයක්‌ උදාවන සුබ භූමියක්‌ වශයෙන් දක්‌වා ඇත.

ඔබ දතයුතු හයවන භූමි හැඩතලය නම් "ශිඛාකාර භූමියයි" යම්කිසි භූමියක්‌ බේසමක ස්‌වරූපය දිස්‌වන්නේ නම් එය ශිඛාකාර භූමියක්‌ වේ. මෙබඳු ශිඛාකාර භූමියක වාසය කරන අයට ජීවිතයේ ජයග්‍රහණයක්‌ මෙන්ම රාජ සම්මානද හිමිවන බව පෙර ඉසිවරු දක්‌වා ඇත.

හත්වන භූමි හැඩතලය නම් "වරහාකාර භූමියයි" කිසියම් භූමියක්‌ පෙර කොටස මිටිව අග කොට උස්‌ව පිහිටියේ නම් එබඳු ඉඩම් වරහාකාර භූමි ලෙස දක්‌වයි. මෙබඳු ඉඩම් සම්පත් ලබාදෙන සුබ ඉඩම් ලෙස දක්‌වා ඇත.

අටවන භූමි හැඩතලය නම් "ජලතලාකාර භූමියයි" යම්කිසි ඉඩමක්‌ බෙර ඇසක්‌ ලෙස සමතලාව පිහිටා ඇති නම් එය ජලතලාකාර භූමිය යෑයි හඳුන්වයි. මෙබඳු භූමි රාජ උපකාර ලැබෙන ප්‍රියජනක දීර්ඝායුෂ ලැබෙන සුබ භූමි ලෙස දක්‌වා ඇත.

නවවන භූමි හැඩතලය නම් "ගංඟාකාර භූමියයි" මුලින් පුළුල්ව පසුව පටුව ගලන ගඟක ස්‌වරූපය දක්‌වන භූමි ගංඟාකාර භූමි ලෙස හඳුන්වයි. මෙබඳු ඉඩම් වාසයට සුබ බව පූර්වාචාර මතයයි. 

ඔබ දතයුතු දහවන භූමි හැඩතලය නම් "කුර්වාකාර භූමියයි" මෙබඳු ඉඩම් මැද කොටස සමතල මෙන්ම සෑම පැත්තකටම බෑවුම් ඇති ඉඩසයි. ඉසි මතයට අනුව මෙබඳු ඉඩම් ස්‌ත්‍රීන් නිසා සැප සම්පත් ලබා දෙන කෙටිකාලීන පල ඇති භූමි ලෙස දක්‌වා ඇත.

ඊළඟ භූමි හැඩතලය නම් "චතුර්කෝණ භූමියයි" කිසියම් භූමියක්‌ මධ්‍ය ප්‍රදේශය උස්‌ව සතර පැත්තට බෑවුම් සහිත නම් සතරැස්‌ හැඩයක්‌ දිස්‌වන්නේ නම් එවැනි භූමි චතුර්කෝණ භූමි ලෙස දැක්‌විය හැකියි. මෙම භූමි චතුර්කෝණ භූමි ලෙස දැක්‌විය හැකියි. මෙම භූමි වාසය සඳහා ගතහොත් එක්‌ පරම්පරාවක්‌ සඳහා භුක්‌ති විඳිය හැකි බව පෙර ඉසි මතයයි.

ඔබ දත යුතු ඊළඟ භූමි හැඩතලය නම් "ත්‍රිකෝණ භූමියයි" යම්කිසි ඉඩමක්‌ මුළු තුනකින් යුක්‌තව තරුවක්‌ සේ දිස්‌වන්නේ නම් එවැනි භූමි ත්‍රිකෝණ භූමි ලෙස දැක්‌විය හැකියි. මෙම ඉඩම්වල පදිංචි වීම කරදර විපත් ඇති වන බවත් පදිංචියට නුසුදුසු බවත් පොතපතේ දක්‌වා ඇත.

ඊළඟ භූමි හැඩතලය නම් "පරිනායක්‌කාර භූමියයි" කිsසියම් ඉඩමක්‌ හැඩයකින් යුක්‌තව බැලූ දෘෂ්ඨියෙන්ම භයංකාර බවක්‌ පෙන්වන්නේ නම් එය පරිනායක්‌කාර භූමිය ලෙස දැක්‌විය හැකිය. මෙබඳු භූමිවල පදිංචි වීමෙන් ගිනි බිය, රාජ බිය ඇතිවන ස්‌ථාන ලෙස දක්‌වයි. 

ඔබ දතයතු ඊළඟ භූමි හැඩතලය නම් "ආයතාකාර භූමියයි" කිසියම් ඉඩමක්‌ බැලූ බැල්මට දිගින් වැඩි පළලින් අඩුව පෙන්වන්නේ නම් එබඳු භූමි ආයතාකාර භූමි ලෙස දැක්‌විය හැකියි. මේ ඉඩම්වල වාසයට යැමෙන් ඔවුන් සතුරු උපද්‍රවයන්ට පත්වීමත් සියලු අතින් පිරිහීමට පත්වීමත් සිදුවන බව පෙන්වා දී ඇත.

ඊළඟ භූමි හැඩතලය නම් "බේවලාකාර භූමියයි" කිssසියම් භූමියක්‌ බැලූ බැල්මට බිත්තරයක හැඩය ගනීද එබඳු භූමි බේවලාකාර භූමි ලෙස දැක්‌විය හැකියි. මෙබඳු භූමිවල වාසයට යැමෙන් ඔබට සියලු දේත් මධ්‍යස්‌ථ ප්‍රතිඵල උදාවන බව ඉසිවරුන්ගේ මතයයි.

ඊළඟ භූමි හැඩතලය නම් "සාධාරණ භූමියයි" කිසියම් භූමියක්‌ ඇස්‌ දෘෂ්ඨිsයට ලක්‌වන විටම ප්‍රසන්න සුන්දර භාවයක්‌ දක්‌වන්නේ නම් එබඳු භූමි සාධාරණ භූමි ලෙස දැක්‌විය හැකියි. මෙබඳු භූමිවල වාසයට යැමෙන් සියලු ආකාරයේ බලාපොරොත්තු ඉටුවන සෞභාග්‍යමත් භූමි ලෙස දක්‌වා ඇත.

ඔබ දත යුතු ඊළඟ භූමි හැඩතලය නම් "රාක්‍ෂමුඛාකාර භූමියයි" කිසියම් භූමියක්‌ නැගෙනහිරට බෑවුම් සහිතව ඒ වටා කඳු ගැටවලින් සමන්විත කඨෝර ගතියකින් යුක්‌ත නම් එබඳු භූමි රක්‍ෂමුඛාකාර භූමි ලෙස දැක්‌විය හැකිsයි. මේ භූමිවල පදිංචියට යැමෙන් නිතර කලහකාරී තත්ත්වයන් ඇති වන බැවින් ඉසිවරු මේ භූමි වාසයට නුසුදුසු යෑයි දක්‌වා ඇත.

ඔබ දත යුතු ඊළඟ භූමි හැඩතලය නම් "අයගනාකාර භූමියයි" කිසියම් භූමියක්‌ බැලූ බැල්මට කේතුවක ආකාරයක්‌ දක්‌වන්නේ නම් එබඳු භූමි අයගනාකාර භූමි ලෙස දැක්‌විය හැකියි. මෙබඳු භූමිවල වාසයට යැම සුදුසු නැති බව ඉසිවරු පෙන්වා ඇත. එබඳු භූමියක පදිංචියට ගියොත් ඉක්‌මණින්ම එම භූමිය හැර යැමට සිදුවෙයි.

ඊළඟට ඔබ දතයුතු අවසාන භූමි හැඩතලය නම් "කූඨ අෂ්ඨාකාර භූමියයි" කිසියම් භූමි භාගයක්‌ කළු පස්‌ කළු වේයන් කළු හුඹස්‌වලින් යුක්‌ත නම් එබඳු භූමි කූඨ අෂ්ඨාකාර භූමි ලෙස දැක්‌විය හැකිය. මෙබඳු භූමිවල පදිංචියට යැමෙන් කිසිදු සම්පත්තියක්‌ ඇති නොවන බව ඉසිවරු පෙන්වා දී ඇත.

මේ එකුන් විසි වැදැරුම් භූමි පිළිබඳව තොරතුරු දැක්‌වීමෙන් ඔබ පදිංචි වී සිටින භූමිවල මෙම දොaෂවලින් යුක්‌ත යෑයි ඔබ බියවිය යුතු නැත. එම දොaෂයන් භංගකර සෞභාග්‍ය උදාවන ආකාරයේ වත් පිළිවෙත් ජ්‍යෝතිෂ්‍ය විද්‍යානුකූල වාස්‌තු විද්‍යාවේ විධිමත් ක්‍රමවේද ඇති නිසා එසේම මෙබඳු දොaෂ සහිත භූමිවල දොaෂ භංගවන ආකාරය පැහැදිළි කර ඉදිරියේදී විධිමත් ලිපියක්‌ සපයන බැවින් ඒ පිsළිබවඳ පසුතැවිලි නොවන ලෙස දන්වා සිටින අතර අලුතින් නිවසක්‌ තනා ගැනීම සඳහා භූමියක්‌ ගැනීමට සිටින සියලු දෙනාට මේ ලිපිය ප්‍රයෝජනවත් වේවි. ඔබට සෞභාග්‍යමත් නිවසක වාසයට වාසනාව උදාවේවායි මෙත් සිතින් ආශිර්වාද කරමි. 

ජ්‍යෝතිෂ්‍යවේදී 
ඇන්. ආර්. එම්. ජයවර්ධන

Post a Comment

0 Comments