වාස්‌තු දෝෂ බලන්න දේවාලවලට යන්න එපා

දරුවා උෙඕ ජීවිතේට දැනෙන හැම ප්‍රශ්නයකටම හේතුව උඹේ ගෙදර තිබෙන දෝෂයි. ඒ නිසා මේ ගෙදර ජීවත්වීමෙන් උඹට කවදාවත්නම් හොඳක්‌නම් වෙන්නේ නැහැ"

"අනේ මෑණියනි මට තියෙන එකම වත්කම මෙච්චරයි මේ ගෙදර දාලා කොහේ යන්නද?"

"බයවෙන්න එපා දරුවා නුඹේ ගෙදර දෝෂය තිබෙන්නේ නිරිත දිශාවේ උඔ දැන් නිදාගෙන ඉන්නේ මිනි අළු ගොඩක්‌ උඩ. අන්න ඒ නිසා, ඒ අළු ටික අයින් කරලා නුඹගේ ගේ දෝෂ ඉවත් කරලා පදිංචි වෙයන් එතකොට උඔට කිරි උතුරන්නා වාගේ හරියයි. ඊට පස්‌සේ ආයෙත් මාගේ ළඟට ඇවිත් ඒක හරියට කරාද කියලා අහලා දැනගන්න ඕන.

ඔබ කලබල විය යුතු නැහැ මේ දෙබස්‌ නාට්‍යයක හෝ චිත්‍රපටියක ඇසුන දෙබස්‌ නොවේ. මෙය සත්‍ය සිදුවීමක ප්‍රායෝගික අත්දැකීමක්‌ තුළින් වාතලයට මුසු වූ වදන් පෙළක්‌. මෙහි කතා නායකයා ධර්මරත්න ලෙස මම ඔබට හඳුන්වා දෙන්නම්. ඔහුගේ වෘත්තිය ව්‍යාපාරික ක්‍ෂේත්‍රයයි. ධර්මරත්නගේ ව්‍යාපාරික කටයුතු දිනෙන් දින අඩාල වන්නට වුනා. පවුලේ ආර්ථිකය පිරිහුනා. ලෙඩ දුක්‌ දැනෙන්ට වුණා. මේ සියල්ලගේ ප්‍රතිඵලය වූයේ නිවසේ තිබූ සාමය සතුට පලා යාමයි. නිවසට එන යන සමහර අය ධර්මරත්නගේ නිවසේ දෝෂ තිබෙන බව පවසා තිබු නිසා ධර්මරත්න හිතුවා මේ සෑම එකකටම හේතුව නිවසේ දෝෂ බව. මේ නිසා ඔහු ගෙදර වාස්‌තු දෝෂ බලන්න තෝරා ගන්නේ පළාතේ ප්‍රසිද්ධ දේවාලයක්‌. දේවාලයට යන ධර්මරත්නට දේව මෑණියන් කළ දෙබසයිs ඔබ මුලින්ම දැක්‌කේ. 

දේව මෑණියන් කියු පරිදි කටයුතු කිරීමට අවශ්‍ය නිසා එම අවස්‌ථාවේ ධර්මරත්නගේ අතේ මුදල් ද නොතිබු බැවින් යාලූවෙකුගෙන් ණයට ලබාගත් මුදලින් නිවසේ නිරිත කොටස සම්පූර්ණයෙන්ම කඩා ඉවත්කොට බිම හාරා නැවත ඉදිකළා. මේ සඳහා රු. ලක්‍ෂ 12 ක පමණ මුදලක්‌ ධර්මරත්නට වියදම් වුනා. මේ සියලූ කටයුතු නැකැත් වලට සිදුකළ අතර පසුව දේව මෑණියන් කියු පරිදි කටයුතු සිදුකළ බව දැනුම් "මට ධර්මරත්න හා පවුලේ සියලු දෙනා දේවාලයට ගියේ සිතේ සතුටින්.

"දේව මෑණියනි කියු පරිදි සියලු දේ ඉටුකළා දැන් නම් ලොකු සහනයක්‌ දැනෙනවා" ධර්මරත්න දේව මෑණියන්ට ස්‌තූති කළා. ඉන්පසු නිමේෂයේ සිදුවූයේ ධර්මරත්න සිහිනෙයකින්වත් බලාපොරොත්තු නොවූ සිදුවීමක්‌ නොවේ."

"මෝඩයා උඹ කටයුතු කළේ මෑණියන් කියු පරිදි නෙමෙයි. මම කිව්වේ වාස්‌තු දන්න කෙනෙකුට කියලා ගෙදර සැලැස්‌ම හොඳට හදාගෙන දෙවියන්ට බාරයක්‌ වෙලා කටයුතු කරන්න කියලා. නමුත් මේ කරලා තියෙන්නේ වැරදි සැලසුමකට අනුවයි. දේව මෑණියන් කෝප වෙනවා. මේ සැලසුම කඩලා වාස්‌තු විද්‍යාවට ගැළපෙන ලෙස නැවත ගේ හදාගන්න මෑණියන්ගෙන් වරමක්‌ ලබා ගන්න වෙනවා. මේ ගෙදර තව දුරටත් සිටියොත් ජීවිතේ ගැන තියෙන ආසාව අත්හැරගන්න එක හොඳයි. මේ දේව මෑණියන් කියූ දෙයක්‌ වැරදිලා නැහැ."

ධර්මරත්නගේ ලෝකය කඩා වැටෙන්න ගත වුණේ තප්පර කිහිපයක්‌ පමණයි. මුළු ලෝකයම තමන් පසුකර කැරකී යන බව ඔහුට දැනුණා. මුළු ගතම දහඩියෙන් තෙත් වුණා. වැටයිම් විරහිතව දේවාලයේ පිටතට පියමැන්නා.

මෙම ධර්මරත්නට පමණක්‌ සිදු වූ දෙයක්‌ නොවන්නට පුළුවන්. ඔබටත් මෙවැනි අත්දැකීම් තිබෙන්නට පුළුවන්. ඇත්තටම මෙවැනි සිදුවීම් ඉතාමත් කනගාටු දායක සිදුවීම් බව කිව යුතුයි. වරද සිදු වී තිබෙන්නේ දේව මෑණියන් අතින් නොවේ, වරද සිදුවී තිබෙන්නේ ධර්මරත්නගේ අතින්මයි. මෙම සත්‍ය සිදුවීම මාගේ වාස්‌තු විද්‍යාව වෘත්තිය ගමනේ එක්‌ පර්යේෂණ සිද්ධි අධ්‍යයනයක්‌ ලෙස විමර්ශනය කළා. එහි දී සිදු වී ඇති දේවල් පිළිබඳව නිවැරදි තFවය විමර්ශනය කිරීමට හැකි වුණා. ඒ තුළින් ලබාගත් නිගමනයන් ඔබටත් ප්‍රයෝජනවත් කියා මෙසේ සනිටුහන් කළා.

ඔබගේ නිවාස සැලැස්‌මේ දෝෂ සොයාබලන්න කිසිම විටක දේවාල වලට යන්න එපා

පළමු කොට ඔබ මතක තබා ගත යුතුයි. වාස්‌තු යනු ශිල්පයක්‌ බැවින් නිවසක හෝ නිවාස සැලැස්‌මක වාස්‌තු පිළිබඳව දැන ගැනීමට දේවාල වලට නොයා යුතුයි. ඔබ වරද්දා ගන්නේ එතනින්මයි. වාස්‌තු ශිල්පියෙකු ලඟට ගොස්‌ වාස්‌තු ශිල්පීය ක්‍රමයන් යටතේ එම නිවස හෝ නිවාස සැලැස්‌ම නිසි පරිදි පරීක්‍ෂා කරගෙන ශිල්පීය ක්‍රම වලට ගැළපෙන ලෙස නිවැරදි කර ගත යුතුයි. එසේ නැතිව දේවාල වලට ගිය විට ඔබට වන්නේ අඳුරෙන් අඳුරට ගොස්‌ මුදලුත් කාලයත් නැතිකොට ගෙන අවසානයේ දී ජීවිතය පවා නැතිකර ගැනීමටයි.

නිවස සඳහා දෙවියන්ගේ පිහිට පැතීම

නිවසක්‌ ඉදිකිරීමේ දී සහ පදිංචි නිවසේ දෝෂ ඉවත් කොට යහපත් ප්‍රවේශයක්‌ සහ පරිහරණයක්‌ සඳහා දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලබා ගැනීම අයහපත් දෙයක්‌ නොවේ. එසේ වුවත් අන්ධ භක්‌තියෙන් විවිධ අවේශ කරුවන් ළඟට යාම නොකළ යුතුයි. මෙහි දී ඔබගේ ගෘහයට භාරහාර වීම සඳහා ඔබ සෑම විටම විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි, සමන්, දැඩිමුණ්‌ඩ යන දෙවියන් තෝරා ගත යුතු අතර වාස්‌තු ශිල්පයට අධිපති විශ්වකර්ම, විශ්වජිත් සහ වාස්‌තු දෙවියන්ගේ පිහිට පැතීමද ඉතාමත් බලවත් වේ. එසේ වුවද අනෙකුත් නම් වලින් පැවත එන දෙවිවරු යෑයි කියා ගන්නා බලගතු අමනුෂ්‍ය කොටස්‌ බලවත් වී සිටින දේවාල වලට භාරහාර වීම සහ ආශිර්වාද පැතීම ඔබගේ යහපතට වඩා අයහපතට ඉවහල් වනු ඇත. විශේෂයෙන් වාස්‌තු ශිල්පයේ ප්‍රමුඛ වන විශ්වකර්ම දෙවියන් ලෙස ද අප හඳුන්වනු ලබන්නේ අපගේ විෂ්ණු දෙවියන්ම බව වාස්‌තු පුරාණයේ සඳහන්ව තිබෙනවා. එබැවින් ඔබගේ ගෘහයට ආශිර්වාද ලබාගැනීම සඳහා බලවත්ම දෙවියන් වන්නේ විෂ්ණු දෙවියන් සහ දැඩිමුණ්‌ඩ දෙවියන් බව පෙන්වා දෙනවා.

බුද්ධිමත්ව සිහි නුවණින් විමසා බලා කටයුතු කරන්න.

ඉහතින් පෙන්වා දුන් අපගේ කතා නායකයා වන ධර්මරත්න බුද්ධිමත්ව සිහි නුවණින් විමසා නොබලා කටයුතු කළ නිසා ඔහුට සිදු වූ පාඩුව ලක්‍ෂ ගණනකි ඔහුගේ පැවති නිවාස සැලැස්‌ම පරීක්‍ෂා කළ මා දුටුවේ "වධ" ගෘහ පිණ්‌ඩයක්‌ සහ "කාන්තා" නැමති අධික වියදම් සහිත දොර සටහනක්‌ය. එසේම ඊශාන දිශාවේ පැවති දුර්වලතා කිහිපයක්‌ තිබූ අතර මෙම වෙනස්‌ කර ගැනීම සඳහා ඔහුට ඉතා සුළු මුදලක්‌ පමණක්‌ දැරීමට සිදු වුණා. ඔහුගේ නිරිත දිශාව ඉතාමත්ම බලවත්ව තිබු අතර ඔහුගේ ව්‍යාපාර සියල්ල එම කොටස තුළ ගොණු වී තිබුණා. ධර්මරත්නගේ වර්තමාන දියුණුව ඉතා ඉහළ අතර එය සිදුවුණේ දේව මෑණියන් ඔහුට එපා කර වූ නිවස තුළින්ම බව කිව යුතුයි. මේ නිසා ධර්මරත්නගෙන් විමසූ විට ඔහු කියා සිටියේ "රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැති බවයි." මෙම සත්‍ය සිදුවීම ඔබගේ නෙතට යොමු කළේ ඔබව රෑ වැටෙන වලෙනුත් නොවැටී මුදවා ගැනීමේ මෛත්‍රී සහගත ෙච්තනාව ඇතිවයි. සියලු ජනතාවට වාස්‌තු ශිල්පයේ පිහිට පිළිසරණ ලබා ගන්නට කුසල් නෙත් පෑදේවා ·

පේරාදෙණියේ - ඩී. යූ. සෙනරත්

Post a Comment

0 Comments