මිනිසුන් නසන්නට වෙසමුණි වරම් දුනි යකුන් හට

ඉන්දියාවේ සමහර ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ජනතාව දරිද්‍රතාවයට ලක්‌ව ඇති බව පෙනේ. එරට අධික ජනගහනයක්‌ ඇති අතර අගහිඟකමින් පීඩනයට පත් බොහෝ දෙනා විදේශීන්ට අතපාන්නේ නැතිබැරි කමට ය. එහෙත් ඈත අතීතයේ මහා ධනවතකු වූ කුවේර හෙවත් වෙසමුණි රජ සිටියේ අද දුගී බවක්‌ ඇති භාරතයේ ය. එරට පමණක්‌ නොව එරටට යාවී තිබුණ ශ්‍රී ලංකාව ද එදා භාරතයේ පැවැති සංස්‌කෘතියට ඇවතුම් පැවතුම්වලට සහ ආගමික වතාවත්වලට අනුව දිවි ගෙවූ බව පෙනේ. විශේෂයෙන් ම එදා ගෝත්‍රික ජනතාව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අනුව වර්ගීකරණ වී ඇත. ලංකාවේ ද යක්‍ෂ, නාග, ගෝත්‍රයන් බෙදී තිබුණේ ඒ අනුවය. මෙම විශ්වාසයන් වසර දහස්‌ ගණනක්‌ ඈත එපිට මෙන්ම අදත් භාරතයේ බොහෝ ප්‍රදේශවල ද පවතී. ඒ විශ්වාසයන් තුළින් බිහි ව අප සංස්‌කෘතියට ද එක්‌ වූ ප්‍රධාන චරිතයකි වෙසමුණි හෙවත් කුවේර රජු. සමහර විට මේ එකම පුද්ගලයකුගේ චරිත දෙකක්‌ (අවතාර) වීමට ද බැරි නැත. ධනයට අධිපති ලෙස සැලකෙන්නා කුවේර ලෙසත්, බලයට අධිපති තැනැත්තා වෙසමුණි වීමටත් බැරි නැත. කුවේර මහා ධනවත් අයෙකු බව සම්ප්‍රදායානුකූලව පිළිගැනේ.

zඑයා මහ ධන කුවේරයෙක්‌Z යන යෙදුම පවා සාමාන්‍ය ජනතාවගේ භාවිතයට පැමිණ ඇත්තේ එබැවින් ය. විටෙක කුවේර හෙවත් වෙසමුණි යක්‍ෂයන් දෙදෙනකු ලෙස ද පිළිගැනීමක්‌ ඇත. වෙසමුණි ශක්‍රයාගේ ප්‍රධාන සේවකයෙකි. ඔහුගේ රාජකාරිය වන්නේ සක්‌ රජුට ආරක්‍ෂාව සැපයීමය. ඒ සඳහා ඔහුට යකුන් පාලනය කිරීමේ බලය ලැබී ඇත. ශක්‍රයා විනෝද වීමට උයන් කෙළියට යන විට යුගන්දර පර්වතයට උතුරු දිග්භාගයේ පූර්ණ ආරක්‍ෂක කටයුතු භාර වන්නේ ඔහුට ය. සක්‌ රජු තම දිව්‍ය සභාව කැඳවා සාකච්ඡා පවත්වන විට ද වෙසමුණි මෙම උතුරු ප්‍රදේශයේ ආරක්‍ෂකයා විය යුතුය. එහෙත් එහි අපූරුවක්‌ ද වේ. එනම් ඔහු උතුර ආරක්‍ෂා කළ යුත්තේ දකුණු දෙසට මුහුණලා ගෙනය.

වෙසමුණි මහා බලවතෙකි. ඔහුගෙන් වරම් නොගෙන සිතුමතේ ක්‍රියා කිරීමට සෙසු යක්‍ෂයන්ට නොහැකියි. යක්‌ තොවිල් පවිල්වලදී ද, වෙසමුණි ගැන සඳහන් වන්නේ යක්‍ෂයනට පමණක්‌ නොව ප්‍රේත පිසාච කුම්භාණ්‌ඩ ආදී භූතයන් සැමට නායකයා බැවිනි. වෙසමුණි අණ දුන් විට සෙසු යක්‍ෂයන් එම රාජකාරිය හරියටම ඉටු කළ යුතුය. සිරිසඟබෝ රජු දවස රක්‌තාක්‍ෂී නම් යක්‍ෂයකු පැමිණ මිනිසුන් ලෙඩ කළ බවක්‌ එළු අත්තනගලු වංශයේ සඳහන් ය. එමෙන්ම වරින්වර මිනිස්‌ ලොවට පැමිණ සොහොන් පිටිවල රැඳී සිටීම, ලෙඩ රෝග බෝ කිරීම, හදි හූනියම් කිරීම පමණක්‌ නොව, මළ මිනී ගසා කෑමට ද ඔවුනට හැක. එහෙත් ඒ සඳහා වෙසමුණිගෙන් වරම් ගත යුතුමය. කාලි යක්‍ෂණිය ද මිනිසුන්ට හිංසා කර ඇත්තේ වෙසමුණිගෙන් වරම් ලබා ගෙනය. එහෙත් එයට පිටු පෑ අවස්‌ථා ගැන ද කියවේ. විදුර ජාතකයෙහි සඳහන් වන පරිදි පූර්ණක නම් යක්‍ෂයා එරන්දතී ලබා ගැනීම සඳහා වෙසමුණිගෙන් වරම් ලබා ඇත්තේ අයථා ලෙසය. බලධාරීන් ලවා එවන් දේ අද මෙන් එදා යක්‍ෂයන් අතරත් සිදුව ඇති බවය එයින් පෙනෙනුයේ.

බලයට පමණක්‌ නොව කුවේර ධනයට ද අධිපති බව මුලදී සඳහන් කළෙමු. ඔහුට ධන නිධාන 09 ක්‌ තිබුණි. කඡ්ව, මුකුන්ද, නන්ද, මකර, නීලසම්බ, යදිත, වර්ග යදිම, මහා පද්ම ඒ නවයයි. කෙතරම් ධන නිධාන තිබුණ ද කුවේරට මුල් කාලයේ, ස්‌ථිර වාසස්‌ථානයක්‌ නොවීය. පෙර සිටම ඔහුට පරම්පරාගතව ලංකාපුර පැවරී තිබුණද, ඔහුගේ සොහොයුරු රාවණා එම ලංකාපුරය අත්කර ගෙන තිබුණු බැවිනි ඒ. ලංකාපුරය යනු යක්‍ෂ රාක්‍ෂයන් සඳහාම විශ්මකර්ම විසින් නිර්මාණය කරන ලද ධනයෙන් පිරි දූපතකි.

එක්‌ අතකින් මේ තත්ත්වය වෙසමුණිට යහපතක්‌ විය. ඉන්න හිටින්නට තැනක්‌ නැති වූ ඔහු තම පුෂ්පක වාහනයෙන් විශ්වය සිසාරා ගොස්‌ ගන්ධාර පර්වතය මුදුනෙහි වූ ආලකමන්දාව සොයා ගෙන එය තම වාසස්‌ථානය කර ගති. ආකලමන්දාව යනු එසේ මෙසේ තැනක්‌ නොවේ. පෙර සඳහන් කළ එම නව මහා නිධාන ඇත්තේ එහිය. ඒ හැර අලංකාර උද්‍යාන සුවිසල් දිව්‍යභවන්, සැණකෙළි භූමි ආදි සියල්ලෙන් සපිරි මෙම ආලකමන්දාව වෙසමුණිගේ වාසස්‌ථානය විය. ඔහුගේ සහචරයන් වශයෙන් ආලකමන්දාවේ වසන යක්‍ෂයන්ට ද එය සුරපුරකි. ඔවුන්ට දුක්‌ දොම්නස්‌ ඇත්තේම නැත. ජීවිතය ගෙවෙන්නේ විනෝදයෙනි. සුන්දර ලෙසය.

වෙසමුණි දෙවියෙකු ලෙස ද පෙනී සිටියෙකි. දිව්‍ය ලෝක හයෙන් පහළම පිහිටි දිව්‍ය ලෝකය පාලනය කිරීමේ බලය ද ඔහුට පැවරී තිබිණි. පැරැණි කාලයේ ශ්‍රී ලංකාවේ ද ජනතාව මෙම වෛශ්‍රවණ දෙවියෙකු ලෙස සලකා පුද සත්කාර කර ඇත. විශේෂයෙන් ම පණ්‌ඩුකාභය රජ සමයේ ඔහුට පුද පූජා පැවැත්වූ බව කියවේ. ධනවත්කමින් ඉහළ මට්‌ටමක ඇති භාරතයේ තිරුපති කෝවිලට අයත් විශාල භූමි භාගය ද කුවේරට අයිතිය. අදත් එහි ඔහුගේ ප්‍රතිමාවක්‌ දැකිය හැකිය. මෙම භූමිය විෂ්ණු දෙවියන් විසින් කුවේරගෙන් ලබා ගෙන ඇත්තේ විෂ්ණු දෙවියන් ලක්‍ෂ්මී දේවිය සමඟ විවාහ වීමේදී ය.

කෙතරම් බලයක්‌ ඇතත්, ධනයක්‌ ඇතත් වෙසමුණිගේ ශරීරය නම් විරූපීය. අවලස්‌සනය. ඔහු අංග විකලයකු ලෙස ද දේව කතාවල හැඳින්වේ. වෙසමුණිට පාද 03 ක්‌ ඇති අතර ඉන් එකක්‌ නොණ්‌ඩිය. දත් ඇත්තේ 08 පමණි. ඒවා ප්‍රමාණයෙන් විශාලය. එසේ අවලස්‌සන රූපයක්‌ ඇතත් ශරීරය පුරා රන් මිණි ආභරණ පැළ» බව දේව කතාවල සඳහන් වෙයි.

වෙසමුණි රජෙකු වශයෙන් ද හැඳින්වෙනුයේ ඔහු යක්‍ෂ භූතයන් පාලනය කරන බැවිනි. ඔහු ඒ සඳහා එහේ මෙහේ ගියේ පුෂ්පක නම් වාහනයෙනි. එම රථය ගමන් කරනුයේ පවනට බඳු වේගයෙනි. ඔහු ඉඳහිට මිනිස්‌ ලොවට ද පැමිණෙනුයේ එම රථයෙනි. එසේ පැමිණ මිනිසුන් කරන කියන හොඳ නරක පිළිබඳව තම පුස්‌තකයෙහි සටහන් කර ගත් බව කියවේ.

වෙසමුණිගේ බිරිඳ යක්‍ෂණි, කුවේර, භූCඳ්ඡවතී ආදී නම් කිහිපයකින් හැඳින්වේ. වෙසෙමුණිට දාව වෙනත් ස්‌ත්‍රියකගෙන් උපන් විභීෂණ සහ කුම්භකර්ණ යන දෙදෙනා ද බලවතුන් ය. විශේෂයෙන් කැලණිපුරයට අධිපති දෙවියා වශයෙන් සැලකෙන්නේ විභීෂණය. අදත් ඔහුට බැතිමත්තුහු පුද පූජා පවත්වති. එහෙත් කුම්භකර්ණ නම් තද නින්දේමය. ඔහු ඇස්‌ හැර ලොව දෙස බලන්නේ මාස 06 ට වරකි. දැස්‌ හැර බැලූ පමණින් යළිත් නිෙද්‍රdaපගත වෙයි. විභීෂණ රජෙකු වුවද මෙම නිෙද්‍රdaපගත සොහොයුරා නැගිට වීමේ කාර්යය කිරීමට ඔහුට වරම් නැත. අප රට බොහෝ දෙනා ද කුම්භකර්ණයන් මෙන් නිදා සිටිනුයේ ඔවුන් අවදි කිරීමට බලයක්‌, කොතැනකවත්, කිසිවෙකුටත් නැති බැවිනි.

ඡේ. ශීලා වික්‍රමරත්න

Post a Comment

0 Comments