දියුණුවේ බාධාවට තිත තබන සිද්ධ සීවලී සුවඳ ධූපය

දියුණුවට අකමැති මිනිසුන් මෙලොව නැත. ඕනෑම පුද්ගලයකු දවසින් දවස තමන් සිටිනවාට වඩා දියුණුවක්‌ ලබා සතුටින් දිවි ගෙවීමට කැමැත්තෝ වෙති. එලෙස දියුණුව ප්‍රාර්ථනා කරමින් බොහෝ කැපවීම් කර අධිෂ්ඨානශීලීව කොපමණ යහපත් ක්‍රියාවල නිරත වුවද සුබ ප්‍රතිඵල වෙනුවට අපට බොහෝ අවස්‌ථාවල හිමිවන්නේ අසුබ ප්‍රතිඵලය.

මෙලෙස දිනෙන් දින අපගේ දියුණුවට එල්ලවන බාධා අතර නිතර නිතර රෝග පීඩා ආදියට ගොදුරුවීම, රැකී රක්‌ෂා ස්‌ථානවල පවතින බාධාකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවීම, අඹුසැමියන් අතර ඇතිවන්නාවූ අඬදබර, අධ්‍යාපන කටයුතුවල නිරතවන්නන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වීම, පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර හිටිහැටියේ පාඩු ලබන තත්ත්වයට පත්වීම, යාන වාහනවලින් පාඩු සිදුවීම මෙන්ම හදිසි අනතුරුවලට ලක්‌වීම, අඹුසැමි මෙන්ම මව්පිය දූදරු සබඳතා ගිලිහී යැම මෙන්ම නොයෙක්‌ ආකාරයේ අමනුෂ්‍ය දෝෂයන්ට ලක්‌ව දුකසේ කල්ගෙවීම පෙන්වා දිය හැක.

මෙවැනි අවස්‌ථාවන්ට මුහුණ දීමෙන් තම දියුණුව අඩාලවූ ජන්මීන් එම දෝෂ මගහරවා ගනිමින් තම සාර්ථකත්වය අපේක්‌ෂාවෙන් බොහෝ ශාන්තිකර්ම වෙත යොමුවේ. එවැනි ජන්මීන්ගේ නිවසේ මෙන්ම ව්‍යාපාරික ස්‌ථානයේ ඇතිවන්නා වූ දියුණුව අඩාලවීම සඳහා හේතුවන්නාවූ සියලු දෝෂ දුරුකර ගැනීම සඳහා ඉතා විශ්වාසයෙන් භාවිතා කළ හැකි සිද්ධ සීවලි සුවඳ ධූපය සාදාගෙන භාවිතා කරන අන්දම "නැකත" පාඨක ඔබ වෙත මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.

පහත සඳහන් ඖෂධ වර්ග සම සමව ගෙන ඉතා පිරිසිදුව සිහින්ව කුඩුකර මල් බුලත් තටුවක්‌ තනා එහි තබා අදාළ පිරිතෙන් දහස්‌ වාරයක්‌ පිරිත්කර නිවසේ මෙන්ම ව්‍යාපාරික ස්‌ථානයේ උදේ සවස දුම් ඇල්ලීමෙන් ඔබ පත්ව ඇති කරදර, බාධක දුරුකරදී දිනෙන් දින දියුණුව සතුට සහනය ළඟාකර දෙන මෙන් ප්‍රාර්ථනා කරමින් මෙම පිරිත කියමින්ම දුම් ඇල්ලීමෙන් අඩාල වූ ඔබේ දියුණුව නැවත ඔබ සොයා පැමිණීම ඒකාන්තය.

ධූපය සඳහා අවශ්‍ය ඖෂධ

සුවඳ කොට්‌ටං - ජටාමාංශ - සැවැන්දරා - කවඩි සාම්බ්‍රානි - රත්හඳුන් - සුදු හඳුන් - දේවදාර - අගිල් - ගුගුල් නාමල් රේණු.

ධූපය පිරිත් කර ගැනීමට අදාළ පිරිත

(1) නමෝ සිද්ධ සීවලී රාජා පඨවියා සබ්බතෝ මේ ව ආකාසේ උදකේන නෙවි සං හස්‌තං තම්පි සාරෙමි සබ්බ ලාභා උපේන්තු මේ.

(2) නමෝ මහං මංගලාභිඃ සීවලීS නාම අරහතං තස්‌ස තේඡේන සබ්බ ලාභා උපේන්තු මේ

(3) නමෝ තේරස්‌ස යථෝ හෝති යස්‌ස යන්තා පියායාති යස්‌ස යනතී නමෝ නමඃ

(4) නමෝ තේරස්‌සන්ති යෝ නාමතිං මේ සුතං ඒතං ගබ්භ නේති සීවලී තේජනාං ඒවං සීවලී නමඃ නමස්‌සන්ති නමඃ

(5) නමෝ තේජ ලෝකේන සෙට්‌ඨං නරා සභං ඒතං තේaඡේන සෙට්‌ඨං නරා භාතිං තෙ නමඃ

(6) නමෝ යෝ හිස දිස්‌සන්ති තේපි පියදස්‌සන්ති නමඃ

(7) නමෝ ජාති ජලානාර විසඳන ආකාශ අහං තිංච ඊවදු භන්ති යස්‌ස තේරස්‌ස මත ජායේන නමඃ 

(8) බුද්ධං සිං සං සිද්ධිං නමෝ මුනි මුනි ශ්‍රී මුනි මුනි ස්‌වාහඃ

ජ්‍යෙතිෂවේදී - රංජන් සිසිර කුමාර

Post a Comment

0 Comments