මීන රාශියෙන් මේෂ රාශියට සූර්‍යාගේ සම්ප්‍රප්තිය ජ්‍යෙතිෂයට අනුව නව වසරක උදාවයි.මෙවර මෙම සුවිශේෂී සිදුවීම සිදුවන්නේ අප්‍රේයල් මස 13 වන බදාදා දින අපරභාග 7.48 ට වේ.මෙය සිංහල අලුත් අවුරුද්දේ උදාවයි.සිංහල අලුත් අවුරුදු උදාව පිලිබද පුරාණය අති ශ්‍රේෂ්ට රාවණා යුගය දක්වා විහිදී යයි.මෙවර 2016 වසරේ සූර්‍යා මේෂ රාශියට සම්ප්‍රප්ත වනවිට තුලා ලග්නයත් මේෂ නවාංශකයත් පුනාවස නැකතත් උදාවී පවතී.මේ තුන් අවස්තාවම පීඩාවට පත්වී තිබේ.එනම් සිංහල නව වසර උදාවන විට උදාවී ඇති තත්කාල ලග්නය වන තුලා ලග්නය මේ මොහොතේ සෙනසුරුගේ ඒරාශ්ටක අපලයකින් දුර්වලව ඇත.තත්කාල නවාංශකය වන මේෂ නවාංශකයද සෙනසුරුගේ අශ්ටම ඒරාශ්ටකයකට හසුව පවතී.උදාවී පවතින පුනාවස නැකත ගුරුට අයත් වන අතර නැකැත් අධිපති ගුරු ග්‍රහයා පාපී රාහු ග්‍රහයාගෙන් පීඩාවට පත්ව ඇත.මේ සියලු කාරනා අයහපත්ය.
රටක් වශයෙන් ශ්‍රී ලංකාවට කිසිසේත්ම යහපත් වසරක් ලෙස මෙම වසර හැදින්විය නොහැක.පවතින රජයට තම බලය පිලිබ්දව ගැටලු ඇතිවනවා මෙන්ම එම ගැටලු මගහරවා ගැනීමට නව ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත.මෙරට පිලිබදව පැවති තත්වය ගෞරව හැකිලී යයි.බලාපොරොත්තු බිදවැටේ.ආර්ථිකය බිදවැටෙන අතර සංවර්ධනයක් නැත.ලැබීම් දුර්වලවූ වසරකි.පාලකයා ආතතියට පත්වේ.ජනතාව තුල කුරිරු සිදුවිලි පහල වනවා ඇත.කෝපයත් ප්‍රචන්ඩත්වයත් සෑම තැනකම දකින්නට ලැබෙනු ඇත.ජනතාවගේ කේකරාශීවීම් ප්‍රකෝපකාරීවේ.නීතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවේ.හදිසි අනතුරු වැඩිවේ.මැයි සහ ජුනි මාසවල දේශගුණික විපර්‍යාසයන් ඇතිවේ.විශේෂයෙන් ප්‍රබල ගංවතුර තත්වයක් ඇතිවිය හැකිය.ඒ සමගම නාය යෑම් කිහිපයකින් ජීවිත හානියක් ඇතිවනු ඇත.එමෙන්ම සුලුවෙන් හෝ භූ කම්පණයක් ඇතිවනු ඇත.මෙම තත්වය සැප්තැම්බර් 18 වනදා දක්වා පවතී.මේ සියල්ලන්ගෙන්ම පීඩාවට පත්වන්නේ සාමන්‍ය ජනතාවයි.පීඩාවට පත්වන ජනතාවට නිසි පිහිටාධාරයක් නිසි වේලාවට නොලැබී ජනතාව වැඩි පීඩාවකට ලක්වනු ඇත.එමෙන්ම හදිසියේ කිසියම් බෝවන රෝගයක් පැතිරී යනු ඇත.එය විෂ බීජ තත්වයක් වනවා ඇත.මීට අමතරව කලාකරුවන්ටත් ආරක්ෂක ප්‍රධානීන්ටත් අයහපත් වසරකි.
එමෙන්ම සියලු ජනතාව සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කිරීම යහපති.අසල් වැසියන් සමග හිතවත්කම් අතේ දුරින් පවත්වාගැනීමට සිත තබාගත යුතුය.දේපල සම්බන්දව ඉඩකඩම් සම්බන්දව කලකෝලාහල ඇතිකරවයි.උත්සව අවස්තාවන් වලදී සීමාව ඉක්මව විනෝදය මාරක ඇතිකරවනු ඇත.ජනතාව ඒකරාශීවන ස්තානයන්හි වැඩිවේලාවක් රැදී නොසිටීමට සිත තබාගත යුතුය.තරුණ වයසේ දූ දරුවන් තම තත්වය ගෞරවය රැකෙන අයුරින් බුද්ධිමත්ව කටයුතු කල යුතුය.තරුණ වයසේ දියණිවරුන් සිටින දෙමාපියන් තම දියණිය පිලිබදව වැඩි වශයෙන් සොයාබලා කටයුතු කිරීම යහපති.අගෝස්තු මැද දක්වා මේ පිලිබදව සැලකිලිමත්වන්න.තරුණයන් තම සිතේ ඇතිවන කෝපය තරුණ මධය පාලනයකර ගැනීම වටී.එමෙන්ම විවාහක අඹු සැමියන් තම පවුල් ජීවිතය ආරක්ෂාකර ගැනීමට ඉවසිලිමත්විය යුතුය.සමස්තයක් ලෙස කිවයුතුව ඇත්තේ මේ ගෞරය තත්වය කෙලෙසන වසරක් නිසා සියලු දෙනාම තමාගේ ඒ ඒ තත්වයන් ආරක්ෂාවන ලෙස කටයුතු කිරීම යහපත් බවයි.
රාහු මහදසා අතුරුදසා , කේතු මහදසා අතුරු දසා ගෙවමින් සිටින අයද,සෙනසුරු මහදසා සහ අතුරු දසා ගෙවමින් සිටින අයද , කුජ මහදසා අතුරු දසා ගෙවමින් සිටින අයද , මේෂ ලග්නය , වෘෂභ ලග්නය , තුලා , වෘශ්චික , ධනු ලග්න හිමියන්ද විශේෂයෙන් ප්‍රවේසමෙන් , කල්පනාවෙන් සහ බුද්ධිමත්ව කටයුතු කිරීම යහපති.
![]() | ජනක පී කුමාර විසිණි. හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය |







0 Comments