සිංහල අලුත් අවුරුදු ලග්න ඵලාපල / මේෂ ලග්නය


සිංහල අලුත් අවුරුදු ලග්න ඵලාපල / මේෂ ලග්නය

සිංහල අලුත් අවුරුද්ද උදාව ඔබට තරමක චිත්ත පීඩ සහිතයි.අප්‍රේයල් මාසය අවසන් වන තෙක්ම ඔබට හිසේ කැක්කුම් , කණේ අමාරු ආදිය ඇතිවිය හැකියි.හදිසි උණ රෝගී තත්වයක් දක්වා උවද තත්වය වර්ධනය විය හැකිය.මෙම වසර සැප්තැම්බර් 18 වනදා දක්වා ඔබට යහපත් නැත.හදිසි අනතුරු ,වැටීම් , කැපුම් තුවාල ආදියත් ශරීරයේ ශක්තිය දුර්වලවීමත් පෝෂන දුබලතාත් ඇතිකල හැකියි.එමෙන්ම වස විස ශරීරගතවීමක් , ආහාර විස වීමක් ඇතිවිය හැකිය.

ගෘහ ජීවිතය ,අඹුසැමි සබදතා සහ රැකියාව සහ ආදායම සම්බන්දවත් ගැටලු ඇතිවනවා ඇත.ඉගෙන ගන්නා වයසේ දරුවන් සිටින දෙමාපියන්ට තම දරුවන්ගේ භාහිර ක්‍රීයාකාරකම් පිලිබ්දව අමතර කැපකිරීම්ද , දරුවන්ගේ හිතුවක්කාරකම් පිලිබ්දව පසුතැවීම්ද ඇතිකරනවා ඇත.දරුවෙකුගේ අයහපත් වෙනසක් ඇතිවනු ඇත.දුරබැහැර ගමන් යෙදෙනවා ඇත.පවුලේ කිට්ටුම නෑ හිතවතෙකුගේ විපතක් අසන්නට ලැබෙනු ඇත.

ඉගෙනගන්නා දරුවන්ට තම අධ්‍යාපණික කටයුතු පිලිබදව දුර්වලතාවයන් ඇතිකරවනු ඇත.පාසලේ , උපකාරක පන්තියේ දක්ෂතා දක්වන සිසුවා අවසානයේ අත්‍යාවශ්‍යම තරග විභාගයෙන් සිතූ තරම් ප්‍රතිඵල නොලබනාවා ඇත.එම නිසා ලකුණු 100 ක් බලාපොරොත්තු ඔබ ලකුණු 150 ක් වෙනුවෙන් තම කාලය කැපකිරීම වටී.භාහිර ක්‍රියාකාරකම් වලදී,එනම් ක්‍රීඩා කටයුතු ආදියේදී තම සෞඛය තත්වය , ආරක්ෂාව පිලිබදව සැලකිලිමත්වීම යහපත්වේ.

රැකියාව පිලිබදව බලාපොරොත්තු දිනෙන් දින ප්‍රමාදවේ.අන් අයෙකුට වඩා වැඩි කැපකිරීමකින් ආයාසයකින් තමාගේ රැකියාව පිලිබදව කටයුතු කිරීමට සිදුවේ.වගකීම් වැඩි වශයෙන් පැවරෙන , එම වගකීම් අතපසුවී යන්නට හේතු සහිතයි.කෙසේ හෝ ආත්ම ශක්තියෙන් යුතුව කටයුතු කරන්නාට උවද කුමන ආකාරයක හෝ ගැටලුවක් මතුවනවා ඇත.අමතර ආධායම් පිලිබද කටයුතු සදහා යොමුවීම මෙම වසර තුලදී නුවනට හුරු නොවේ.

ආදරය ප්‍රේමය විවාහය ආදී සබදතාද මිත්‍ර සබදතා සහ සමාජ සබදතාද විමසිලිමත්ව බුද්ධිපත්ව ඉවසීමෙන් පවත්වාගැනීම යහපත්වේ.තමාට නොගැලපෙන ප්‍රේම සබදතා , මිත්‍ර සබදතා මෙන්ම සමාජ සබදතාද ගොඩනැගෙනු ඇත.කාලයක් ඇසුරුකල මිත්‍රයෙකි අමනාපවේ.ඔවුන් ඔබට විරුද්ධකම් දක්වනවා ඇත.මීට අතරම මෙම වසරේ විවාහය සදහා යොමුවන්නට බලාපොරොත්තුවෙන් සිටින ඔබ සහකරු හෝ සහකාරියගේ පාර්ශවයන් පිලිබදව සැලකිලිමත්ව සොයා බැලිය යුතුය.එමෙන්ම තම සබදතා බිද දැමීමට භාහිර සමාජයෙන් විවිධ චෝදනා , කේලාම් , ඕපාදූප ඇතිවනු ඇත.

කුජ මහදසාවත් අතුරු දසාත් , සෙනසුරුගේ මහදසාව සහ අතුරු දසාවත් , ගුරුගේ මහදසා අතුරු දසාත් ගෙවමින් සිටින මේෂ ලග්න හිමියන් ඉතා ප්‍රවේසමෙන් යුතුව කටයුතු කිරීම යහපති.2016 ජනවාරි මාසයෙන් පසුව පවතින සියලු අයහපත් තත්වයන් සමනය වනවා ඇත.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments