නිතරම කණ්ණාඩියෙන් මුහුණ බලන ගැහැනුන්ට සිදුවන දේ


සතුන්ට කෑම බීම දෙනවිට එළිපත්ත මත හෝ උළුවහු මතට කෑම දමන ස්ත්‍රිය අගහිඟකම් මැද සැමදා ජීවත් වෙයි.අඳින ඇඳුම් මසන්නට ගෙන ආ රෙදිවලින් කොටසක් ‍ෙදාර ජනෙල් රෙදිවලට ගන්නා ස්ත්‍රියගේ සැමියාට ස්ථිර රැකියාවක් හිමි නොවෙයි. පිට අයගෙන් ඉල්ලා ගන්නා ස්ත්‍රියකි.නිවෙසේ ඇති ශබ්ද විකාශන යන්ත්‍රය තරමට වඩා උස් හ¾ඩින් අසන ස්ත්‍රියට ස්ථිර අදහස් නැත. පැහැදිලි අනාගතයක් නොමැත. බලාපොරොත්තු සුන් වෙයි.

කන, ඉණ පලඳනා මුතු පබළු පාදවල පලඳන ස්ත්‍රිය කරන වැඩකටයුතු කඩාකප්පල් වෙයි.නිතර නිතර රුව කැඩපතකින් බලන ස්ත්‍රිය බොහෝ අය වසඟ කරගනී. තම ලාභය තකා බොහෝ අය ඇසුරු කරයි.තමන්ගේ වර්ණනාව අනුන්ට කියාපාන ස්ත්‍රිය, සිහින මාලිගා තනන්නියකි. මුසා බස්වලින් පී්‍රතියට පත්වෙයි.ගේ ඉදිරිපිට තබාගෙන මලු, පැදුරු, පොල් අතු ආදිය වියන ස්ත්‍රීන් දුප්පත් වෙයි. එම නිවෙසට කල්‍යාණ මිතුරන් පැමිණෙන්නේ නැත.

කැඩුණු බිඳුණු වළං, පිඟන්, හට්ටි, මුට්ටි භාජන ගෙන නිවෙස ඉදිරිපිට මල් බඳුන් සාදා අලංකාරයට සාදන ස්ත්‍රියට ධනය අහිමිය. ළඟ තබාගත් ධනයද හානි වෙයි. සැමියාගේ ධනයද විනාශ වෙයි.පිහිය, පොරව, උදැල්ල, අලවංගුව ආදී කැපෙන යකඩ ආයුධ ගේ ඉදිරිපිට හෝ යන එන මාවතේ තබන ස්ත්‍රියගේ කිසිදු බලාපොරොත්තුවක් ඉටු නොවෙයි. ලැබීම් ඵලයක්ද නැත.හැමවිටම යක්ෂයන්, ප්‍රේතයන් හෝ යම් නොපෙනෙන බලවේග ගැන කතා කරන, අන වින කොඩිවින ගැන විශ්වාසය කරන ස්ත්‍රිය මිනිසුන් අතර අප්‍රසාදයට ලක්ව තනිවෙයි. විවාහ ජීවිතයද අඳුරු වෙයි.

හංසි ආටිගල / මව්බිම පුවත්පත

Post a Comment

0 Comments