සිංහල අලුත් අවුරුදු ලග්න ඵලාපල / වෘශ්චික ලග්නය


සිංහල අලුත් අවුරුදු ලග්න ඵලාපල / වෘශ්චික ලග්නය

මෙම වසර තුලද ඔබට එතරම් යහපතක් සිදුවේ යැයි කිව නොහැකිය.සිතට දුකක් කනගාටුවක් ඇතිවන අතර එය කාලයක් පවතිනු ඇත.කිසියම් දෙයක අහිමිවීමක් හේතුවෙන් මෙම තත්වය ඇතිවනු ඇත.නිතර කෝපයන් පසුවේ.කේන්තිය හිතේ තදකරගෙන කාලයගතකරනු ඇත.සහොදර සහොදරියන් සමග ආරවුල් ඇතිකරගනි.අසල් වැසියගෙන් දුරස්ව තම පාඩුවේ කටයුතු කිරීමට සිතදේ.තම තත්වයට ගෞරවයට හානිවන කටයුතු කිහිපයක් ඔබ අතින් සිදුවිය හැකිය.අයහපත් ක්‍රියාවන් කිරීමට ඔබගේ සිත ක්‍රියාත්මක වනු ඇත.

රැකියාවේ ස්තාන මාරුවක් යෙදෙනවා ඇත.රැකියා ස්තානයේදී ඔබට චිත්ත පීඩාවන් ඇතිකරවයි.කිසියම් වංචා චෝදනාවකට වැරදිකරුවෙකු විය හැකිය.ස්තාන ප්‍රධානීන්ගේ පීඩනයට හසුවේ.ඒ නිසාවෙන් ඔවුන් සමග පවත්වන සබදතා සීමාසහිතව පවත්වාගෙන යාම යහපත්ය.රැකියාව සම්බන්ද කටයුතු සදහා දුර බැහැර වෙහෙස සහිත ගමන් යෙදෙනා කාලයකි.නමුත් උත්සහය සහ ආත්මශක්තිය යහපත්වනු ඇත.අමතර ආධායම් මාර්ගවෙත යොමුවීමට සිත්දේ.එවැනි කටයුතු සදහා ඔබව සම්බන්දකරගැනීමට කිසියම් පිරිසක් උත්සහ කරනු ඇත.නමුත් එවැනි කටයුතු සදහා අතගැසීමෙන් ඔබට ඇතිවන්නේ අයහපතකි.විදෙස්ගත රැකියා බලාපොරොත්තුවූවන්ගේ එම බලාපොරොත්තු  සඵල වනු ඇත.

දරුවන් සිටිනා දෙමාපියන්ට දරුවන්ගේ කටයුතු වෙනුවෙන් අමතර වෙහෙස මහන්සියකින් යුතුව කටයුතු කිරීමටත් අමතර වියදම් කිරීමටත් සිදුවනු ඇත.තරුණ වයසේ දරුවන් සිටින දෙමාපියන් දරුවන් පිලිබදව වැඩි අවධානයකින් කටයුතු කිරීම යහපත්වේ.දරුවන් අයහපත් ක්‍රියාවන්ට යොමුවීමක් ඇතිවේ.ඉගෙනගන්නා වයසේ දුවාදරුවන්ට තම අධ්‍යාපණික කටයුතු අතපසුවියා හැකිය.චිත්ත පීඩාවන් වර්ධනය වනවා ඇත.සුව නින්දට බාධා ඇතිවේ.නින්ද නොයනා කාලයකි.රාත්‍රිය පුරාවට කල්පනා කරමින් කාලයගතවිය හැකිය.

විවාහ දිවියේ බරපතල ගැටලු නිර්මාණය වනු ඇත.මතගැටුම් ඇතිවේ.ස්වාමියාගේ හෝ බිරිදගේ ශාරීරික ශක්තිය දුබල වනු ඇත.කිසියම් අසනීපයකින් පීඩාවිදීමට සිදුවනු ඇත.මෙයින් මුලු පවුලේම පැවැත්මට අයහපත් බලපෑමක් ඇතිකරවයි.තමන්ට වඩා වැඩි වයසේ අයගේ ඇසුර ඇතිවේ.රාගාධික බව වැඩි කාලයකි.විවිධාකාරයේ කම්සැප සුවය ලබන්නට සිත යොමුවන අතර මෙයින් තම ශාරීරික ශක්තිය දුබලවේ.ඇබ්බැහිවීම් සිදුවන කාලයකි.එම නිසා සියලු දුසිරිතෙන් වැලකී කටයුතු කලයුතුය.ප්‍රේම සබදතා පවත්වාගැනීමට වැඩි කැපකිරීමක් සිදුකිරීමට සිදුවනු ඇත.තමාගේ සුලු අතපසුවීමකින් පවා ප්‍රේම සබදතාවය බිදීයා හැකිය.එමෙන්ම ප්‍රේම සබදතා නිසා අවනම්බුවීමක් සිදුවිය හැකිය.

ඔබට හිසේ ආබාධ ඇතිවිය හැකිය.කුඩා ගෙඩි තත්වයක් හෝ බිබිලි තත්වයක් හිසේ ඇතිවේ.හිසේ උශ්ණත්වය ඉහල යන අතර හිසරදය නිතර ඇතිකරවයි.හදිසි අනතුරු ආදියෙන්ද කැපීම් සීරීම් වැටීම් ආදියෙන්ද විපත් ඇතිවිය හැකිය.විශ ශරීරගතවීමක් හෝ විෂ බියක් ඇතිකරවයි.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments