සිංහල අලුත් අවුරුදු ලග්න ඵලාපල / තුලා ලග්නය


සිංහල අලුත් අවුරුදු ලග්න ඵලාපල / තුලා ලග්නය

නව වසර උදාවීම ඔබට අතිශයෙන් තීරනාත්මක වනු ඇත.විශේෂයෙන් පීඩා සහිත කාලයකි.ඒරාශ්ටක අපලයක අවසන් අවස්තාවදකද ඔබ සිටින නිසා ඉවසිලිමත්ව කටයුතු කල යුතුය.කතා බහේදී දුරදිග බලා වචන හැසිරවිය යුතුය.කේන්ති ගති වර්ධනය වේ.ඉවසීමක් නැති කමින් අනවශ්‍ය ගැටලු ඇතිකරගනී.ආර්තික තත්වයට හානි ඇතිවිය හැකිය.අනවශ්‍ය හදිසි වියදම් යෙදෙනවා ඇත.වටිනා භාන්ඩ කැඩි බිදී යා හැකිය.ඒවා අලුත් වැඩියා කිරීමට සහ මිලදී ගැනීමට හදිසියේම තම තැම්පත් ධනය වැයවනු ඇත.

රැකියාව සම්බන්දව බලවත් ගැටලු නැතත් ඊර්ෂ්‍යා කාරයන් කඩාකප්පල් කරුවන්ගේ සුලුසුලු බාධා කිරීම වලට මුහුණ දීමට සිදුවනු ඇත.කෙසේ හෝ තම තත්වය රැකගැනීමට උත්සහයෙන් යුතුව කටයුතු කරන අතර ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාධයටද හේතුවනු ඇත.ගෘහ ජීවිතය සාමකාමී නොවේ.කලකිරීමත් පසුතැවීමත් ඇතිවේ.හිතවතුන්ගේ වෙන්වීම් සිදුවේ.ස්තිර ලෙසම මිතුරෙකු හෝ මිතුරියක ඔබගෙන් වෙන්ව යනවා ඇත.නැතිනම් ඔබ විසින් අත්හැර දමනවා ඇත.ලැබෙන්නට ඔන්න මෙන්න කියා තිබූ ලැබීමක් අවසානයේ අහිමිවිය හැකිය.විදෙස්ගතවීමේ බලාපොරොත්තු ඉටුවේ.ආගම දහම පිලිබදව වැඩි නැඹුරුවක් සහිත කාලයකි.

දරුවන් නිසා ගැටලු ඇතිවේ.දරුවන් සමග අමනාපකම් පවා ඇතිවිය හැකිය.ප්‍රේම සබදතා බිදවැටේ.ඉගෙනීම් පිලිබදව වැඩි උනන්දුවක් සහිත කාලයක් උවද එම කටයුතු සිතන තරමට ප්‍රතිඵලදායක කරගැනීම අපහසුවේ.කෙසේ වෙතත් සැප්තැම්බරය අවසන් වන විට ඉහත සදහන් කල සියලු අයහපත් තත්වයන් සුබදායක ලෙස ක්‍රියාත්මක වනු ඇත.විවාහ බලාපොරොත්තු ඉටිකරගැනීමට අවස්තාව ලැබෙනවා මෙන්ම නව රැකියා සදහා යොමුවන්නට අවස්තාව ලැබෙනවා ඇත.ජීවිතයේ දුබලවූ අහිමිවූ බොහොමයක් තත්වයන් නැවත යතා තත්වයට හෝ තිබුණාට වඩා සුබදායක තත්වයකට පත්වේ.එයට බාහිර සමාජයෙන් සහයෝගය ලැබෙනු ඇත.මහා වැස්සක් අවසන් වූ සැටියක් , නිදහසක් සිතට දැනෙනවා ඇත.

නව බලාපොරොත්තු සිතේ ඇතිවේ.එම බලාපොරොත්තු සඵලකරගැනීමට පරිසරය සැකසෙනු ඇත.හැරගිය වෙන්වූ සහ අමනාප වූවන් නැවත ඔබ සමග සම්බන්දතා පවත්වනු ඇත.කෙසේ උවත් මෙම වසරේ සැප්තැම්බර් මාසය දක්වා ඉවසීමෙන් යුතුව කටයුතු කල යුතුය.ඉදිරිය යහපත්වේ.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments