සිංහල අලුත් අවුරුදු ලග්න ඵලාපල / ධනු ලග්නය


සිංහල අලුත් අවුරුදු ලග්න ඵලාපල / ධනු ලග්නය

ධනු ලග්නයේ ඔබට ද මෙම වසර එතරම් යහපත් නොවනු ඇත.නෑ හිතවතුන්ගෙන් දෝෂාරෝපණ ඇතිවේ.නිකරුනේ බැනුම් ඇසීමට සිදුවේ.නොකල වැරදි සදහා දඩුවම් ලැබිය හැකිය,රියදුරන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.නීතිමය ගැටලු ඇතිවේ.කාලයක් පැවති නීතිමය ගැටලුවක් තමාට අවාසි වන ආකාරයෙන් විසදේ.තමාගේ වටිනා බාණ්ඩ කැඩී බිදී හානිවීම නිසා ඒවා නඩත්තු කිරීමට අමතර වියදම් යෙදෙනු ඇත.ජීවිතයට ඉතා වැදගත් දෙයක පැහැදිලි වෙනසක් ඇතිකරවයි.එය එතරම් සුභදායක නොවනු ඇත.

වාසනාව වෙනස්වේ.දුරබැහැර ගමන් යෙදේ.වන්දනා ගමන් කිහිපයක් යෙදෙනවා ඇත.ශරීරයේ අධික වෙහෙස ගතියක් ඇතිවේ.මවටත් පියාටත් දෙදෙනාටම අසනීප තත්වයන් ඇතිවිය හැකිය.විශේෂයෙන් මව දුර්වලවේ.ගෘහ ජීවිතයේ කටයුතුවල පිලිවෙල වෙනස්වේ.සිතේ කලබලගතිය ඇතිවනු ඇත.නිවසේ අලුත්වැඩියා කටයුත්තක් යෙදෙනු ඇත.අසල්වැසියන් නිසාද සහෝදර සහොදරියන්ගේ කටයුතු නිසාද තම ධනය වියදම්වේ.රැකියාව සම්බන්දව බලවත් අයහපතක් නැතත් රැකියාවෙන් ලබනා වැටුපෙන් නිසි ප්‍රයෝජන ගැනීම අපහසුවේ.ලබාගන්නා වැටුපට වඩා වියදම් ඉහලයන කාලයකි.

ඉගෙනගන්නා දුවාදරුවන්ට එතරම් යහපත් නැත.මතකය දුර්වලවේ.සිතේ කලබල ගතිය හේතුවෙන් ධාරණ ශක්තිය දුර්වලවේ.තරගවිභාගයන්හිදී ඉතා හොදින් පිලිතුරු දන්නා ප්‍රශ්ණයට උවද නිසි පිලිතුරක් ලබාදීමට නොහැකි තත්වයක් ඇතිවිය හැකිය.මෙයට හේතුව වන්නේ දැනුමේ ගැටලුවක් නොව සිතේ පවතින ව්‍යාකූලත්වයයි.විදෙස්ගත අධ්‍යාපණික අවස්තා සොයමින් සිටි අයගේ බලාපොරොත්තු ඉටුවේ.

විවාහ දිවිය තරමක කටුක බවක් දැනේ.සහකරු හෝ සහකාරිය ඔබගේ කටයුතු විවේචනය කරයි.මත ගැටුම් ඇතිවේ.රාගාධික බව වැඩිවේ.අනියම් සබදතා සදහා සිත යොමුවිය හැකිය.ප්‍රේම සබදතා සදහා උවද යහපත් කාලයක් නොවේ.බලවත් මානසික පීඩාවන් ප්‍රේමය නිසා ඇතිවනු ඇත.ගෞරවයට හානි වීමක් ඇතිවේ.ගැහැණු ළමුන් කල්පනාකාරී විය යුතුය.තරුණයන් දුසුරුතට , රස්තියාදුවට පුරුදුවිය හැකි කාලයක් මෙන්ම එමගින් තම පවුලේ තත්වයට ගෞරවයට පවා හානි ඇතිකරවයි.

ඇසක රෝගයක් මෙම වසරේදී ඇතිවිය හැකිය.මුහුණේ හෝ ශරීරය පුරාවට ලප කැලැල් ඇතිකරවයි.නිතර කේන්තියන ගති ඇතිවේ.ඇස් වටා කලු ගතියක් ඇතිවේ.හදිසි අනතුරු මෙන්ම මාර්ග අනතුරු මගින් අස්ති බිදීම් කැපීම් ලේ ගැලීම් ඇතිවිය හැකිය.මුත්‍ර ආබාධ , උෂ්ණ රෝග ඇතිකරවයි.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments