දියවැඩියාවට ආහාරයක්
= දියවැඩියා රෝගයෙන් පීඩා විඳින ඔබට ඒ සඳහා නිවෙසේදීම සකස් කරගත හැකි ආහාරයක්
= කොතලහිඹුටු ශාකයේ කුරුට්ට ගෙන රතු හාල් ස්වල්පයක් කුඩුකර කුරහන් සමඟ මිශ්‍ර කර පොල් දමා රොටියක් සේ සකස් කර ආහාරයට ගන්න. මේ ආහාරය ඔබේ ශරීරයේ සීනි ප්‍රමාණය අඩු කරනවා පමණක් නොව ආමාශයේ සහ අක්මාවේ රුධිරය පිරිසුදු කරයි.
විෂ නැසීමට
= වෛරස් උණ සහ ශරීරයේ මතුවන ආසාත්මිකතා සඳහා කොතලහිඹුටු පොතු, නැටි, අරළු, බුළු, වෙනිවැල් ආදිය සමව ගෙන තම්බා පානය කරන්න. මේ පානය මඟින් ශරීරයට ඇතුළු වී තිබෙන විෂ නැසේ.
රුධිරය පිරිසුදු කිරීමට
= රුධිරය පිරිසුදු කිරීමට කොතලහිඹුටු වඩාත් ගුණදෙන ඔෟෂධයකි.
= කොතලහිඹුටු මුල් දින කිහිපයක් තම්බා උදේට පානය කරන්න. විශේෂයෙන් ක්ලාන්ත ස්වභාවය, මානසික පීඩනය ආදී තත්ත්වයන්ටද මේ පානයෙන් මානසික සුවපත් භාවයක් අත්කර දෙයි.
ඉදිමුමට
= දියවැඩියා රෝගයෙන් පීඩා විඳින ඔබ නිතරම ශරීරයේ ඉදිමුම් ස්වභාවයෙන් පෙළෙනවා විය හැකියි. එවැනි අවස්ථාවල කොතලහිඹුටු කුඩු, කොහොඹ තෙලින් අඹරා එම ඉදිමුම් ස්ථානයේ ආලේප කරන්න.
= සාමාන්‍ය ඉදිමුමට කොතලහිඹුටු කුඩු කොහොඹ තෙලෙන් අනා පෙරුම්කායම් සමඟ මිශ්‍රකොට තලපයක් සේ සකස් කර ඉදිමුම් සහිත ස්ථානයේ ආලේප කරන්න.
සමේ රෝග සඳහා
= ශරීරයේ ලප, බිබිලි, කසන ස්වභාවයට කොතලහිඹුටු සහ වෙනත් ශාකයන්ගේ සාරයෙන් සකස් කරගන්නා ඔෟෂධීය ආලේපනය වඩාත් ගුණදායකය. ඇඟිලි කරු කැසීම්, පියයුරු ආශි්‍රතව හටගන්නා බිබිලි, කිහිලි, බෙල්ල ආශි්‍රතව හටගන්නා බිබිලි මෙන්ම ශරීරයේ දද, කුෂ්ට වැනි ආසාත්මිකතාවලටත් එම ආලේපය සුදුසුයි.
මේ සඳහා පානයක් ලෙස,
= කොතලහිඹුටු කුඩු, සුදු හඳුන්, කටුවැල් බටු, කුඹුරු ඇට මද, වෙනිවැල් ගැට යන ඔෟෂධ සමව ගෙන කසාය කර බීමට ගන්න.
= කොතලහිඹුටු කුඩු, එළඟි තෙලෙන් කොටා මී පැණියෙන් අනා ආලේපයක් සේ සකස් කරගනිමින් ආසාත්මිකතා සහිත ප්‍රදේශවල ආලේප කරන්න. මේ ඔෟෂධය සර්වාංගයටම වුවද සුදුසුයි. මේ ඔෟෂධය ආලේප කර පැයකින් පසු වෙනිවැල් සහ කොහොඹ කොළ තැම්බූ වතුරෙන් සෝදා හරින්න. මෙමඟින් ශරීරයට සිසිලසක් සහ පැහැපත් බවක්ද ලබාදෙයි.
ජේයාතිෂ ගුප්ත විද්‍යා ශිරෝමණී
වෛද්‍ය කේ. ඒ. එම්. අයිරාංගනී
මව්බිම පුවත්පත





0 Comments