යන්ත්‍රයක් සෑදීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු

යන්ත්‍ර පැලඳීමෙන් අපගේ ජීවිතයට ලබාගත හැකි ආශීර්වාදය හා ආරක්‍ෂාව අපමණයි. එය නිවැරැදිව සකස් කර ගැනීමෙන් ඉන් අපේක්‍ෂිත පිහිට ලබාගත හැකියි. යන්ත්‍රයක් සකස් කර ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබේ.

අෂ්ටකර්මය

යන්ත්‍ර විද්‍යාව අයත් වන්නේ අෂ්ට කර්මයටය. අෂ්ටකර්මය. මූලික වශයෙන් විෂයන් ගණනාවකින් සමන්විත වෙයි. ශාන්තිකර්ම, වශී කර්ම, ආදර්ශයට ගැනීම තැන්පත් කිරීම, කොඩිවින, දියුණුව වැනි අංග මෙයට අයත් වේ. මේ අෂ්ට කර්ම යටතට වැටෙන යන්ත්‍ර විද්‍යාව වැදගත්ය.
යන්ත්‍රයක් පැලඳීමට හේතු වන කරුණු රැසක් හඳුනාගත හැකිය. ග්‍රහ අපල සඳහා සුබ සිද්ධිය සඳහා, දියුණුව සඳහා, රෝග පීඩා ආදියෙන් ආරක්ෂා වීමට අමනුෂ්‍ය වින දෝෂ සඳහා යන්ත්‍ර භාවිත කරයි.

සුර සහ කොළ

යන්ත්‍ර සකස් කිරීමේදී සුර සහ කොළ භාවිත කරයි. සුර සඳහා රත්තරං සුර, මාත්තු රත්තරං සුර පස්ලෝ සුර, රිදී සුර, තඹ සුර, සුදු යකඩ සුර, බිත්තර සුර ආදිය භාවිතයට ගනී. එමෙන්ම කොළ සඳහා රත්තරන් කොළ, පස්ලෝ කොළ, ඊයම් කොළ, රිදී කොළ, තඹ පුස් කොළ ආදිය යොදා ගනී.

යන්ත්‍ර සැකසීම

යන්ත්‍ර සකස් කරන ආකාර දෙකකි.
තනි ගුණ්ඩුවේ සුරය (මෙය දිගට එල්ලෙන ලෙස සකස් කරගනී.)
ගුණ්ඩු තුනේ සුරය (මෙය හරහට වැටෙන ලෙස සකස් කර)
තනි ගුණ්ඩුවේ (අඟල් 1, 2 අතර සුරයට වඩා ගුණ්ඩු තුනේ සුරය අඟල් 1 1/2, 2) පැවැත්ම අතින් ඉහළය. තනි ගුණ්ඩුවේ සුරය සකස් කර ගන්නේ නම් ඉහළ කොටස ට්‍රේඩ් (වළලු) සහිතව නිර්මාණය කරගත යුතුයි. තෙල් සුරය (අඟල් 1 1/2) යනුවෙන් තවත් සුරයක් භාවිත කළ හැකිය. මේ සඳහා හඳුන් තෙල්, තැඹිලි තෙල්, පිරිසිදු පොල්තෙල් භාවිත කළ හැකිය.

යන්ත්‍රයක් සකස් කර ගැනීමේදී යන්ත්‍රයට අදාළ නීතිරීති අනුව සකස් කළ යුතුයි.
 යන්ත්‍රයට රාමුවක් ඇඳගත යුතුයි.
 යන්ත්‍ර කෝෂත්‍රය තිබිය යුතුය.
 ද්විත්ව රේඛාවේ යන්ත්‍රය ප්‍රස්තාර ගත කළ යුතුයි.
 රේඛාවට රේඛාවක් නොකැපිය යුතුයි.
 අදාළ යන්ත්‍රයට අදාළ කොළ වර්ග දිග පළල සහිතව නියමිත පරිදි ගත යුතුයි.
නිද: ග්‍රහ අපල සඳහා 2'×10' රේඛා දෙකම අවසන් වීමේදී එක සමාන විය යුතුයි.
 රේඛා දෙකක අනවශ්‍ය පරතරයක් නොතිබිය යුතුයි.
 තාවකාලික යන්ත්‍ර සඳහා (නිද: බාලගිරි යන්ත්‍රය වැනි) කෝෂත්‍රය දැමීම අනවශ්‍යයි.= නිවැරැදි අක්‍ෂර පිහිටුවිය යුතුයි.

දිග පළල

යන්ත්‍රයට ගත යුතු දිග පළල පිළිබඳ ඔබගේ මූලික අවධානය යොමු කළ යුතුයි.
 පළල මෙන් දිග - සුබයි.
 පළල මෙන් දෙගුණයක් - මරණය
 පළල මෙන් තුන් ගුණයක් - ජයයි.
 පළල මෙන් හතර ගුණය - රෝගයයි
 පළල මෙන් පස් ගුණය - ලාභයි
 පළල මෙන් හය ගුණය - නිෂ්ඵලයි
 පළල මෙන් හත් ගුණය - ශි්‍රයාවයි
 පළල මෙන් අට ගුණය - අර්ථහානි
 පළල 2 දිග 10 ග්‍රහ - අපල
පලඳින ක්‍රම

යන්ත්‍රයක් පළඳින ක්‍රම කිහිපයක්ම පවතී. නිවෙසක ආරක්‍ෂාවට යන්ත්‍රයක් දැමීමේදී වහලයේ මුළු 4ට, පොළොව මුළු 4ට හා ඉඩමේ මුළු 4ට යෙදිය යුතුයි. මෙය හඳුන්වන්නේ නිවාස ආරක්‍ෂා යන්ත්‍රය යනුවෙනි.
ග්‍රහ අපල සඳහා නවනාථ යන්ත්‍රය සියලුම ග්‍රහයන් සඳහා සුදුසුයි එක් එක් ග්‍රහයන් සඳහා විශේෂ වූ යන්ත්‍රද පවතී.

 රවිට - සූර්ය මණ්ඩල ආඝෝරය.
 සඳුට - මන්දු මණ්ඩලය/රතන සූත්‍රය.
 කුජට - මණ්ඩල ශීලම්බර, කන්ද කුමාර යන්ත්‍රය.
 බුධට - විෂ්ණු මණ්ඩලය, ශිව සිදම්බරය.
 සිකුරුට - ඊශ්වර මණ්ඩලය, සිදම්බරය.= ගුරුට - මණ්ඩල ශීලම්බරය, නාරසිංහය.

 ශනිට - නීල මණ්ඩලය ආඝෝරය.
 සෙනසුරා - ශනි මුර්ංජය.
 රාහුට - නාගර්ජුනය.

මෙවැනි කරුණු කෙරෙහි ඔබේ මූලික අවධානය යොමුවිය යුතුයි.
ලයනි රසිකා නිරෝෂනී

Post a Comment

0 Comments