1. දිසාසු දස භාගේසු ඨිතා බුද්ධානු භාවතෝ
වේරාපි අන්තරායාපි විනස්සන්තු අසේසතෝ
ඒවමාදි ගුණෝ පේතං පරිත්තං තං භණාමහේ
2. පදුමුත්තරෝ පුරත්ථිමායං අග්ගිම්හි චේව රේවතෝ
දක්ඛිණෝ කස්සපෝ බුද්ධෝ නිරි තේච සුමංගලෝ
3. පච්චිමේව සිඛී බුද්ධෝ වායව්‍යා මේධංකරෝ
අච්චන්තරායා සබ්බේ මේ සෝක රෝග භයාපිච
4. විනස්සන්තු සදා මයිංහං සබ්බීරියා පථ්සුච
යක්ඛාදි දේවතීහි ච රාජ චෝරාරි අග්ගිභි
5. අමනුස්සේහි සබ්බේහී තිරච්ජාන ගතේහිච
ජාතා උපද්දවා සබ්බේ විනස්සන්තු අසේසතෝ
6. සිරස්මිං මේ බුද්ධ සෙට්ඨෝ සාරිපුත්තෝච දක්ඛිණේ
වාමං සේ මොගල්ලානෝ මේ පුරාතෝ පිට කත්තයං
පච්ජිමේ මම ආනන්දෝ චතුද්දිසා ඛිනාසවා
7. සමන්තා ලෝක පාලම ඉන්ද දේවෝ ච බ්‍රහ්මුණෝ
ඒ තේසං ආනුභාවේන සබ්බුපද්ද වු පද්දවා
අනේකා අන්තරායාපී විනස්සන්තු අසේසතෝ
මේ කුඩා ජිනපඤ්ජරය කියවීමෙන් අනතුරුව සියලු දෙවිදේවතාවුන්ට පින් අනුමෝදන් කරන්න. මෙය කුඩා වුවද ගත හැකි ප්‍රයෝජන අපමණය.
1. මේ උතුම් ගාථා රත්නය තල් පතක හෝ තඹ තහඩුවක ලියා 108 වර මතුරා වී කොටුවට දමනු. කෘමියන්ගෙන්, මීයන්ගෙන් කිසි දිනක හානි නොපැමිණේ. තවද පුවක් මල් ගෙන එයට මතුරා හතර කොන එල්ලනු. අත්දුටුයි.
2. ග්‍රහනී මාන්දම් ඇති ළමයින්ට මෙම ගාථා තල්පතක ලියා 7 වර මතුරා බඳිනු. යක්‍ෂ හයට තෙල් මතුරා ඇඟ ගානු, පැන් මතුරා පොවනු.
3. ගර්භණී මවුවරුන්ට 21 වර මතුරා දෙහි කපනු. යම් හෙයකින් ප්‍රසූතිය කල් ඉක්ම වී ඇත්නම් තලතෙල් මතුරා ඇඟ ගල්වනු. දෙහි ගෙඩි 3ක් ගෙන හිස මතද, පපුව මතද, දෙපතුල මත තබා 21 වර මතුරා කපනු. ඉන් පසු ප්‍රසූතියෙන් පසුව තල තෙල් මතුරා දවස් 3ක් පහන් දල්වනු. සියලු ආරක්‍ෂා ලැබේ.
4. නිවෙස්වල යක්‍ෂ ප්‍රේත කරදර ඇත්නම් රත්මල්වලට මතුරා නිවෙසේ යටලීයේ තබනු. පස් තෙල් මතුරා පහන් තබනු. යම් සර්පයෙක් නිවෙස තුළට එනවා නම් තෙලට මතුරා මිදුලේ පහන් දල්වනු. දරුවන් රැයට සිහිනෙන් බිය වනවා නම් මෙම ගාථා තල්පතක ලියා 7ක් ලියා 21 වර මතුරා කොට්ටය යට තබනු.
5. යකුන් ප්‍රලය කරන තැනකට ගොස් පිරිසුදු ගල් හෝ වැලිවලට මතුරා දමනු. තෙල් මතුරා පහනට තෙල් වත් කරනු. දුම්මල ස්වල්පයක් මතුරා ගොටුවට දමනු. පරල නොවේ. සර්ප විසක් ශරීරගත වුවොත් තලතෙල් කුප්මේනිය ගසක් ගෙන ඇඟට තබා මතුරනු. විස බසී. ඉන්පසු මුගුණුවැන්න කොටා එම යුෂට තල තෙල් බින්දු 3ක් දමා රෝගියාට නස්‍ය කරනු. සියලු විස බැස යයි.
මෙවැනි උතුම් බුදු දහමේ ඇති පිරිත් සූත්‍ර තුළින් ලබාගත හැකි පිහිට අපමණය. මේවා මැතිරීමට ප්‍රථමයෙන් බුදුන්ට පහනක් පත්තුකර මල්, සුවඳ දුම් පුදා පන්සිල් ගෙන රැස් කරගත් පින් දෙවියන්ට අනුමෝදන් කර ඉන් අනතුරුව තමා හුරු පුරුදු කරගත් භාවනාවක යෙදීම තුළින් මෙයින් නියම ආකාර ප්‍රතිඵල ලබාගත හැකිය. මෙයින් වැඩ ගැනීමේදී ප්‍රතිපත්තිගරුකව කිලි කුණුවලින් වැළකී කරන්න. ඔබට තෙරුවන් සරණයි.
ජේයාතිර්වේදී ෂෙහාන් මධුෂංඛ
මව්බිම පුවත්පත





0 Comments