සඟවන්න එපා මේ ලෙඩේටත් බෙහෙත් තිබෙනවා

අපේ එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන බොහෝ ලෙඩරෝග සඳහා ආයුර්වේදය මඟින් ප්‍රතිකාර සපයයි. කාන්තා, පුරුෂ දෙපාර්ශ්වයටම විශේෂයකින් තොරව මුහුණදීමට සිදුවන රෝගයක් ලෙස මුත්‍රා දැවිල්ල, මුත්‍රාවල විෂබීර, සිරුරෙන් මුත්‍රා පිටවීම අඩුකම ආදී රෝග රැසක් හඳුන්වා දිය හැකිය. මෙයට මූලික වශයෙන් බලපා තිබෙන්නේ ආහාර රටාවේ වැරැදි පුරුදුය.

කාර්යබහුලත්වය මාධ්‍යයේ ක්‍ෂණික ආහාරවලට යොමු වීම විශේෂයෙන් නිසි පෝෂණයක් නොලැබෙන නිසාද මෙවැනි රෝගී තත්ත්වයක් හට ගැනීමට මූලික වශයෙන්ම බලපෑම් කරයි. ඊට අමතරව ප්‍රමාණවත් පරිදි වතුර පානය නොකිරීමත් අධික තෙල්, දැවිල්ල සහිත ආහාර ගැනීම නිසා මෙහි පීඩාකාරීත්වය වැඩි වන අවස්ථාද හඳුනාගත හැකිය.

මේ රෝග නිවාරණය සඳහා ආයුර්වේදයේ එන ප්‍රතිකාර කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමු.
තැඹිලි වතුර, සුඳුහඳුන් කුඩු, අරළු සමව ගන්න. පසුව තැඹිලි ගෙඩිය සිදුරු කර සුදුහඳුන් හා අරළු දමා තැඹිලි වතුර සමඟ තැඹිලි ගෙඩිය තුළම මිශ්‍ර කර ගන්න. රාත්‍රියේ මේ ප්‍රතිකාරය සකස් කර පසුදින උදේට පෙරා පානය කරන්න. මසකට වරක් මෙය පානය කිරීම ප්‍රමාණවත්ය.
පොල්පලා, අක්කපාන සමව ගෙන හොඳින් තම්බා ජලය පානය කරන්න. මෙම පානය වඩාත් ගුණදායකයි.

තුඹ කරවිල, නැටි, සූදුරු, කොත්තමල්ලි සමන් පිච්ච මල් සමව ගන්න. තුඹ කරවිල නැටි හා කොත්තමල්ලි මුලින්ම තළා ගන්න. පසුව එයට සූදුරු සහ පොඩි කරගත් සමන් පිච්ච මල්, වතුර කෝප්පයකට රාත්‍රියේදී දමා වසා තබන්න. පසුදින පානය කරන්න.
හීන් බෝවිටියා කොළ, රතුලූනු, ගාගත් පොල්, ලුණු මේවා එකට දමා සම්බෝලයක් සේ සකස්කර ගෙන ඔබේ ආහාරයට එක්කර ගන්න.
රත්මල්, අරළු, වදමල් මේවා හොඳින් තම්බා පානය කරන්න.

උළුහාල්, කුරුඳු කොට තැඹිලි වතුර සමඟ විනාඩි 20ක් පමණ තබා පානය කරන්න.
මෙවැනි ආයුර්වේදයේ එන ප්‍රතිකාරවලට යොමු වීමෙන් මුත්‍රා සම්බන්ධ විවිධ පීඩාකාරි තත්ත්වයන්ගෙන් මිදීමට ඔබට හැකියාව ලැබේ. මෙවැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන ඔබ නිතර ශරීරය සීතලව තබා ගැනීමට උත්සහ කරන්න. ඊට පිළියමක් ලෙස උෂ්ණ ආහාරවලින් වැළකීම වැදගත්වේ.

ජේ‍යාතිෂ ගුප්ත විද්‍යා ශිරෝමනී
වෛද්‍ය කේ.ඒ.එම්. අයිරාංගනී
ලයනි රසිකා නිරෝෂිණී

Post a Comment

0 Comments