බලි ශාන්තියේ ආතුර ශාන්තිය

1.    පළමුව බුදුන්     සරණේ
    දෙවැනුව දහම්     සරණේ
    තෙවැනුව සඟුන්     සරණේ
    මෙතුන් සරණින් ජයම     වන්නේ



2.    මෙකපට මුනි     උතුම්
    බුදුව පිට දුන්     මනරම්
    ජය බෝරද     සුරම්
    මෙකල අනුහස් නිතර     නමදිම්



3.    යුද්ධ කර ජය     ගත්
    බැද්ද යැව් මරු වස     වත්
    මැද්ද දෙස අධිප     ත්
    සිද්ධ මාබෝ වඳිමි ජය     ගත්



4.    බුදුව වැඩ බෝ     මුල
    මරසෙන් ඇවිත් යුද     කළ
    පැරද හැරි දස     බල
    එඅනු අසයෙන් දෝෂ පහ     කළ



5.    සක් බඹ සුරා     සුර
    ලක් තෙද ලොව පතළ     කර
    පත් ඔබ දුක් දුරැ     ර
    රකින් බඹ ගණ දෝෂ දුරු     කර



6.    රොසේ වෙලා ආ මරසෙන් පාරමිතා දසය     කිනේ
    එසේ එදස බිම්බර බිඳ ජය බෝ මුල අනු     හසිනේ
    මෙසේ සිරෝ ධාතු අණින් හැම පිරිපත දුර     හරිනේ
    ඉසේ තිබෙන සියලු දෝෂ එ අනුඅසින් බැස     යන්නේ



7.    සතර වරම් දෙව් වැඩ සිට මුනිඳුට පිරිවර     දෑලේ
    සක් රජ වැඩ සිට මුනිඳුට සංඛ නාද පිම්බ     කලේ
    ඔබගේ හිසේ තිබෙන රෝග නොතිබෙයි හිස මොළ     ඇතුළේ
    එඅනුහසින් සියලු රෝග බැස යයි හිස නළල්     තලේ



8.    රාවණ යුද්ධයට වැඩලා දෙවි රජ්ජුරු සාමින්     නේ
    මාලිගාව බිඳ හෙළමින් ඒ යුදයෙන් ජයගන්     නේ
    ඔද තෙද බල පෑපු එදා මුනිඳුගෙ තෙදරන් දුන්     නේ
    එඅනුහසින් දෙබැම (සඟල) සියලු දෝෂ බැස     යන්නේ



9.    එමුනිරාජ නුවරට වැඩලා ‍ෙදාර ‍ෙදාර පිඬු සිඟමින්     නේ
    ගෙන පාත්‍රය හැර බලමින් දුර්ගන්ධය විහිදෙන්     නේ
    දෙවනුව මුනි බණ දෙසු තැන දිවිය සුවඳ පැතිරෙන්     නේ
    එ අනුහසින් සවනත වන් සියලු රෝග බැස     යන්නේ



10.    තේමිය කුමරුට අප මුනි බරණැස් පුර වැඩ     ඉන්නේ
    හේම වෙලා මුවෙන් නොබැන ගොළුවා සිල් රකි     මින්නේ
    අභිමාලය වදකරු හට ප්‍රාතිහාර්ය පෙන්     වන්නේ
    එඅනුහසින් දිව මුඛ තුළ සියලු රෝග බැස     යන්නේ



11.    පෙර අප මුනි බමුණු කුලෙක විල්තෙර අස වැඩ     ඉන්නේ
    එවිල වෙසෙන රන්වන් කකුළුව දැක සිත     සතොසින්නේ
    කපුට බසට උරග දෂ්ට කළ පණ කකුළුව     වැන්නේ
    පපු තුළ හකු පාඩා පිට සියලු රෝග බැස     යන්නේ



12.    සද්දන්තය විලස මුනිඳු හස්ති රජව වැඩ    ඉන්නේ
    එවිල වෙසෙන වැදි සෙබළෙක් ගිරිඳුට විද හෙළ    මින්නේ
    තම හොඬයෙන් කියත ගෙනත් දළ කපමින් දන්     දුන්නේ
    එඅනුහසින් දත් දෙතිසේ සියලු රෝග බැස     යන්නේ



13.    අප මුනි කෑරල බෝසත් හිම වනයක උප     දින්නේ
    රුදුරු හංසයෙක් ලොබ බැඳ ගොදුරට උෟ     ගිලගන්නේ
    කෑරල බෝසත් එවෙලේ එදුකින් උෟ     ගලවන්නේ
    එඅනුහසින් උගුරෙ තිබෙන සියලු රෝග බැස     යන්නේ



14.    සිවුර රැගෙන දෙවුර වසා බෝමුල මුනි වැඩ     ඉන්නේ
    පවුර ලෙසට ගැසු ආයුධ වටකර වැට බඳිමින්     නේ
    අයුර නොදැන ආ මරඟන වස වතු පැරදී     යන්නේ
    සිවුරු අණින් දෙවුරෙ තිබෙන සියලු රෝග බැස     යන්නේ



15.    වෙස්සන්තර කුමරු එදා වංගගිරියෙ වැඩ     ඉන්නේ
    ජූතකයා හට කුමරුන් අත්පොඩි අල්ලා     දුන්නේ
    කුමරුන් දෙන්නා දෑතට අත්පොඩි අල්ලා     දුන්නේ
    එඅනුහසින් දෑත් දෙකේ සියලු රෝග දුරු     වන්නේ



16.    භීත කරන වසවත් මරු ඇතුපිට එහි වැඩ     ඉන්නේ
    දෑත් දෙකට ජය කොන්තය චක්‍ර වළළු දර     මින්නේ
    මෑත ඇවිත් වැඳ වැටිලා වැලමිට දෙක හිඳ     ගන්නේ
    දෑත් දෙමැල මිට තිබෙනා සියලු දෝෂ බැස     යන්නේ



17.    පෙර අප මුනි උපන් කලෙක හිමයේ වානර     ගොල්ලේ
    රැළ වඳුරන් එකතු වෙලා මී අඹ කන     ලොල්ලේ
    ඉඟ බැඳි ඒ වළලු දමා ගඟ පැන අත්තක     එල්ලේ
    එඅනුහසෙන් ‍ෙදාස් දුරුවෙයි දෑත දෙපිට පිට     අල්ලේ



18.    කාල ජන්ම පුර නුවරය කලෙක මුනිඳු උප     දින්නේ
    කෝල කරපු කනවැන්දුම් බසටයි සයුරට     පැන්නේ
    සතියක් පීනා ගොඩ වී පිය රජු දැක සතොසි     න්නේ
    එඅනුහසින් දෙකිසිල්ලේ සියලු රෝග බැස     යන්නේ



19.    සුමේධ නම් තාපස පෙර කඳු රැලියක වැඩ     ඉන්නේ
    දීපන්කර දෙසට නැමී පිට උඩ වඩිනට     උන්නේ
    දීපන්කර මුනි ඒ දැක බුදුවන විවරණ     දුන්නේ
    එඅනුහසින් පිටේ තිබෙන සියලු දෝෂ බැස     යන්නේ



20.    පෙර අප මුනි විදුරු ප¾ඩිව බරණැස්පුර වැඩ     ඉන්නේ
    හද මස් කන්නට පූර්ණක යක්‍ෂය වධ කර     එන්නේ
    ඔහු කළ වධ වේදනාව සිල් බලයෙන්     දුරුවන්නේ
    එඅනුහසෙන් ළමැද තුළේ සියලු දෝෂ බැස     යන්නේ



21.    සුජාතාව අප බෝසත් මුනිඳුට කිරි පිඬු     දුන්නේ
    එතැන් පනස් පිඬු කරමින් ගන්තෙර ගොස් වැඩ     ඉන්නේ
    සත් සතියට එකිරි පිඬුව වැළඳූ මුනි     අනුහසිනේ
    එඅනුහසින් බඩේ තිබෙන සියලු රෝග බැස     යන්නේ



22.    වාතජ්වර සන්නිපාතයෙන් කිපෙනා උණ     නොර දා
    අරුචි ඇතිද තද දාහද එන වමනේ සිය ගතු     දා
    සේනි වෙලා බැස පලයන් බඩ වැල දරනේ     නොරදා
    යානිධ භූතානි බෙලෙන් බැස පලයන් උණ     නොර දා



23.    පටිය රැගෙන දෙවුර දරා බෝ මුල මුනි වැඩ     ඉන්නේ
    දුටිය එවරගත තුන් දෙන අල්ලමු සැක නොව     ඉතිනේ
    සැටිය නොදැන ආ මරඟන ඔහුමයි පැරැදී     යන්නේ
    කුටියද තුනටියේ තිබෙන සියලු දෝෂ බැස     යන්නේ



24. ඉකිලිය බින්දා බොහොමයි අප මුනිදා කලින්     කලේ
    රැකිවිය පෑ සිල් අනුහස් බලෙන් මිදෙයි ‍ෙදාස්     ඉගිළේ
    රැකිලිය පෑ මුනිඳුන්ගේ අනුහස් ගෙන පිරිත්     බලේ
    දෙකිලිය ඇති සියලු දෝෂ එඅනුහසින් බැස     ඉගිළේ



25.    සක්‍ර පුරට මුනි වැඩලා පඬුපුල්සල වැඩ     ඉන්නේ
    සක් දෙවියෝ බණ අසමින් කෛලාසන පුද     මින්නේ
    සක් දෙවියෝ බැස වැඳලා වදහළ බණ     අසමින්නේ
    දෙකලව ඇති සියලු දෝෂ එඅනුහසින් බැස     යන්නේ



26.    දනට සිඟා අනුබව කළ දන් උදියා කළ     පවිනේ
    පිනට නොදී කෑවායින් මහ කන්දක් සේම     වුණේ
    විසල් පුරට වන් දෝෂය මුනිරජ වැඩ සිට     මැකුණේ
    එඅනුහසින් කෙණ්ඩ දෙවලු කර දෝෂය බැස     යන්නේ



27.    කපයේ බුදු වුණ කකුසඳ කෝනාගම     මුනිඳුන්නේ
    සැපසේ වැඩියයි කාශ්‍යප ගෞතම අප     මුනිඳුන්නේ
    මෙපයේ ඇති සියලු දෝෂ සිරිපත නොරදා     යන්නේ
    දෙපයේ දසැඟිලි දසනිය දෝෂය කම්මුතු     වන්නේ



28.    වරලද ඉස මොළ     ඇතුළේ
    දෙබැම දෙනෙත් නාස්     තුළේ
    මුඛය බෙල්ල දෙවුර     තුළේ
    ‍ෙදාස් බැස ගියෙ උකුණු     වළේ



29.    කොපුලක ඉස දෙවුර     වටේ
    දෑත් දෙකද දෙඅලු ව     ටේ
    දෙවැනි කට්ටු දෙවැල     මිටේ
    දසඟිලි දස නිය නොසි     මේ



30.    ළමැද හදය උදර තුළ     ට
    පපු බඩවැල් දරනේ ය     ට
    කී ගහ ‍ෙදාස් අදින් නොසි     ට
    බුදුන් අණින් පලය නොසි     ට



31.    පිටේ තුනටියද     උකුලෙන්
    කලව කෙණ්ඩ දෙදන     දෙකින්
    දෙවලු කරද පතුල්     දෙකින්
    සඟිලී දස නියෙන්     බසින්



33.    උතුම් සරණ මුනිඳුන් අණ     දැරුවා
    දෙතුන් විටක් ඉසිවර අණ     දැරුවා
    දෙඅත් දෙපා විස්කම් අණ     දැරුවා
    සියක් දෝෂ දුරුකර රැක     දේවා



33.    රවිද සඳු, කුජ බුධද ගුරු කිවි ශනිද රාහුද කෙහෙතු     නන්
    එතෙද බලවත් නවග්‍රහ දෙව් මෙලොව මොහු හට සෙත්     බැතින්
    නිබඳ වන් සම දෝෂ දුරුකර තුනුවරුන් වැදි පින්     බෙලෙන්
    සැපද ආයුත් සලස්වාදී දිනේ සලසනු අද     පටන්

ජේ‍යාතීර්වේදී අලුත්අම්බලම
බී.ඒ. සමන් ගුණසේන

Post a Comment

0 Comments