සිංහල බසට කපුටන් කෙටීම

කවර ජාතියක වුවද ඒ ජාතිය සතු අනන්‍යතාව මූර්තිමත් කරනු ලබන ප්‍රමුඛ සාධකය වන්නේ ඒ ජාතිය සතු භාෂාව හා සංස්‌කෘතියයි. ඒ අනුව සිංහල භාෂාව යනු සිංහලයාගේ සංස්‌කෘතික අනන්‍යතාව විදහා දක්‌වන ලකුණක්‌ සේ හඟිමු. සිංහල භාෂාව හා සංස්‌කෘතිය පිළිබඳ විවිධ මතවාද තිබුණත් පොදුවේ ඒ අංශදෙකම සිංහල ජනතාවගේ නිබඳ අවධානයට හා අභිමානයට නිමිති වන බවට සුසම්මතයක්‌ පවතී. ඒ නිසාම භාෂා සංස්‌කෘතික ක්‍ෂේත්‍ර පිළිබඳ විද්වත්හු, ඒවායේ චිර පැවැත්මට වුවමනා මාර්ග පෙන්වා දෙති. ඒවා පිළිබඳ දුර්මත වෙත් නම් ඒවා බිඳ දමති.

සිංහල බසට හා සිංහල සාහිත්‍යයට අමිල මෙහෙවරක්‌ ඉටු කළ පඬිවරුන් අතර මුනිදාස කුමාරණතුංගයන්ගේ නාමය ඉහළින්ම බැබලේ. ඔව්හු දෙස, බස, රැස තුන් රුවනක්‌ සේ සළකා එහි චිර පැවැත්ම උදෙසා දිවි හිමියෝ කැප වූහ. මේ ඔවුන් විසින් සිංහල බස පිළිබඳව කරන ලද විග්‍රහයකි.

"ශිෂ්ට ජනතාවකගේ පළමු කොටමැ ශිෂ්ට වනුයේ භාෂාවයෑ. ශිෂ්ට භාෂායෙහි අසහාය ලක්‍ෂණය නම් රීත්‍යානුකූළ වීමයි."

කුමාරතුංගයන්ට අනුව අපගේ හැදියාව ශිෂ්ටත්වය මැනීමේ එක්‌ මිම්මක්‌ වන්නේ භාෂාවයි. බසට අගරු කරන්නා අශිෂ්ටයෙක්‌ බවය එහි ඇඟවුම.

සිංහලයේ භාෂාණය හා ලේඛනය යනුවෙන් ප්‍රභේද දෙකක්‌ පවත්නා බවත් ලෝකයේ බොහෝ භාෂාවල ඇත්තේ භාෂණය පමණක්‌ බවත් ප්‍රකට භාෂාවේදියකු මෙන්ම සිංහල පිළිබඳ ප්‍රාමාණික විද්වතකු ද වන මහාචාර්ය ෙ-. බී. දිසානායක සූරීහු දක්‌වති. තවද භාෂාව භාවිතා කරන්නන් අතර කතාව විනා ලිවීම නොදන්නා අයද වෙතියි ඔව්හු සඳහන් කරති.

මේ අනුව භාෂාව ලිවීම යනු එහි වියරණ නීති රීති අනුව උගත යුතු කාර්යකි. ඒ වියරණයේ ලක්‍ෂණ දුහුණන්ට අනාවරණය කිරීම භාෂාවේදීන්ගේ වගකීමකි. සිංහල භාෂාව හැදෑරීම සඳහා ලියෑවුණු ග්‍රන්ථ සමූහයක්‌ ඇත. භාෂා භාවිතය හා සම්මතය පිළිබඳ විද්වතුන් අතර ද විවාද පවතී. එහෙත් පොදුවේ සිංහල බස ඉගෙනීමට ප්‍රමාණවත් පහසුකම් ආධුනිකයන්ට තිබෙන බව ද අප කිව යුතුය. එහෙත් අද්‍යතන අධ්‍යාපන බලධාරීහු මෙම භාෂා අධ්‍යයනය සරල පහසු කාර්යයක්‌ සේ සලකන්නෝදැයි සිතේ. ඔවුන්ගේ අධීක්‍ෂණයෙන් පළ කෙරෙන සිංහල පොත් විමසන විද්වත්හු ඒවාට නිර්දය විවේචන එල්ල කරති.

අපේ පාසල්වල භාවිත වන සිංහල පොත් මෙන්ම සිංහල විෂය නිර්දේශ වැනි කාර්යභාරය සිදුවන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේය. ඒ සඳහා විශ්වවිද්‍යාලවල සිංහල පිළිබඳ ප්‍රාමාණිකයෝ ද වෙනත් වියතුන් හා අත්දැකීම් සහිත සිහංල ගුරුවරු ද සහභාගි කරවා ගනිති.

පාසල් දරුවන්ට සිංහල පිළිබඳ මූලික අවබෝධයක්‌ ලබාදීමට සිංහල ගුරුවරයා සමත් නොවේ නම් එය බරපතල කාර්යකි. එබඳු ගුරුවරුන්ට මඟ පෙන්වීමත් පොත පත හඳුන්වාදීමත් ඉතා ප්‍රවේශමින් හා වගකීමකින් කළ යුතුය. නිවැරැදි ලේඛනය යනු අභ්‍යාසයෙන්, හැදෑරීමෙන් විනා ඉබේ ලද හැකි ශික්‍ෂණයක්‌ නොවේ. ඒ නිසා එය දැඩි වගකීමකින් ඉටු කළ යුතු ජාතික මෙහෙවරකි. නිවැරැදි සිංහල වහර පිළිබඳ මුල් දැනුම පාසලේදී සිසුන්ට ලබා දිය යුතුය.

පාසල්වල ඉගැන්වෙන සිංහල කමකට නැතැයි කියන පිරිසක්‌ද සිටිති. බොහෝ ගුරුවරුන්ට සිංහල බස හෝ සාහිත්‍ය පිළිබඳ පුළුල් අවබෝධයක්‌ නැති බවද කියති. එහෙත් ගුරුවරුන් අතර හොඳ, දක්‍ෂ ගුරුවරු නොවෙතියි අපි නොකියමු. කුමාරතුංගයන් වරක්‌ සඳහන් කළ පරිදි ගුරුවරයා රෝගී වුවහොත් සිසුන්ගේ රෝගී බවද වැඩේ. එය වෙනම කතාවකි. එහෙත් සිංහල ගුරුවරයාට හොඳ ගුරු උපදෙසක්‌ හා හොඳ සිංහල පොත් මාලාවක්‌ සම්පාදනය කරදීමෙන් ඒ දුබලතාව මඳකින් නොව සෑහෙන ප්‍රමාණයකින් අඩු කර ගත හැකි බව අපගේ අදහසයි. එහෙත් මේ විෂය භාරව සිටින අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඒ කාර්ය කිරීම සඳශා සමත් වී තිබේද?

සිංහල භාෂාව හා සිංහල සාහිත්‍ය ඉගැන්වීම සඳහා අධ්‍යාපන බලධාරීන් විසින් නිර්දේශ කරනු ලබන පොත් පෙළ බොහෝ වැරදි හා අඩුපාඩුවලින් යුතු දොaෂ සහිත ඒවා බවට නිතරම චෝදනා නැඟෙයි. ඒවා ඔහේ ආවාට ගියාට කෙරෙන වැඩ බව සමහරු ප්‍රසිද්ධියේම කියති. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව නමින් පිහිටුවා නඩත්තු කරන ආයතනයට මේ කාර්ය ඉටු කළ නොහැකි නම් එයට විධිමත් පියවරක්‌ ගැනීමට දැන් කාලය එළඹ තිබේ.

පාසල්වල 10 වන ශේ්‍රණියට අධ්‍යාපන බලධාරීන් විසින් නිර්දේශ කරන ලද සිංහල පොත් පෙළ දොaෂ සහිත බවත්. සිංහලයේ හෝඩියවත් නිවැරැදිව නොදැන ඒ සිංහල පොත එළිදක්‌වා තිබෙන බවත් ප්‍රකාශ කරන්නේ විශ්වවිද්‍යාලයක සිංහල පිලිබඳ මහාචාර්වරයෙකි. ඒ පොතේ එන විකෘති කිරීම් ඔහුගේ නිර්දය විවේචනයට ලක්‌ව තිබුණි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිංහල හා නූතන භාෂා අධ්‍යාපන අංශයේ මහාචාර්ය ඊ. ඒ. වික්‍රමසිංහ මහතා පසුගිය දිනක (08.12.2014 දිවයින) අධ්‍යාපන ප්‍රකාශන අංශයේ බලධාරීන්ට ඒ අධි චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.

සිංහල අක්‍ෂර මාලාව පිළිබඳව 10 වැනි ශේ්‍රණියේ සිසුන්ට ඉගැන්වීමට මැනවැයි නිර්දේශ කළ පොතක විලාසය එබඳු නම් මේ අධ්‍යාපන බලධාරීන්ගේ වෙසරද බව ගැන අමුතු කතා වුවමනා නැත. මහාචාර්ය වික්‍රමසිංහ මහතා සිය ලිපියෙන් පෙන්වා දී තිබුණේ සිංහල අක්‍ෂර මාලාවේ එන හ්‍රස්‌ව හෙවත් කෙටි ස්‌වර හා දීර්ඝ ස්‌වර පිළිබඳ වූ පටලැවිල්ලයි. මේ පොතේ තවත් දොaෂ අපට හමු විය. එපමණක්‌ නොව මේ අධ්‍යාපන බලධාරීන් විසින්ම අනුමත කරන ලද ගිරා සංදේශයේ මෙන්ම පුරාණ ගද්‍ය සංග්‍රහයේත්, කෙටි කතා සංග්‍රහයේත් දොස්‌ රැසක්‌ තිබෙන බව උසස්‌ පෙළ සිංහල විෂය භාර ආචාර්යවරුම කියති.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව නමින් මහජන මුදලින් නඩත්තු වන ආයතනයේ වගකීම කුමක්‌දැයි අපි නොදනිමු. මෙම පෙළ පොත් ලිවීම සඳහා සිංහල පිළිබඳ විශාරදයන් යෑයි අධ්‍යාපන බලධාරීන් නිගමනය කරන ඔවුන්ගේම හිත මිතුරු කණ්‌ඩායම්වලට පවරා තිබේ යෑයිද සමහරු කියති. මතභේදයට තුඩු දී තිබෙන සිංහල 10 ශේ්‍රණියේ පොත අවසන්වරට හරි වැරදි බැලීමට පවරා ඇත්තේ අධ්‍යාපන ප්‍රකාශන පිළිබඳ ප්‍රධානියකුගේ හිතවත් ටියුෂන් ගුරුවරයකුට බවද කියති. එම පොතේ සංස්‌කරණ මඩුල්ලේ සිටින සමහරෙක්‌ එහි කිසිදු කාර්යයකට සහභාගි වී නොමැති බවද තවත් කෙනෙක්‌ කියති.

සිංහල භාෂාව හා සාහිත්‍ය ඉගැන්වීම ජාතික වගකීමක්‌ සහිත කාර්යයක්‌ බව පළමුවෙන්ම වටහා ගත යුත්තේ අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රමුඛ රජයයි. ඒ සඳහා වගකීම් පැවරිය යුත්තේ ද නිසි රිසි අයටය. පාසලින්, විශ්වවිද්‍යාලයෙන් භාෂා ඥනය ලබා ගත් විද්වත් පිරිසක්‌ එකල මේ රටේ සිටියහ.

පාසල් දරුවන් සඳහා පොත් ලිවීම කෙබඳු වගකිව යුතු කාර්යයක්‌ ද යන්න කුමාරතුංගයෝ මෙසේ දක්‌වති.

"සිංහල භාෂා ව්‍යවහාරය දියුණු කිරීමට, පිරිසිදු කිරීමට, සිංහලය පිළිsබඳ වූ සැඟවුණු දෑ හෙළි කිරීමට ඒ ඒ ග්‍රන්ථවල ඇත්තාවු සාරවත් දෑ මහජනයාගේ සිතට නැංවීමට, ස්‌වභාෂාවට තමන් ආදරය ඉපැදවීමට, උපන් ආදරය දැඩි කිරීමට ක්‍රියා කිරීම පරම යුතුකම යෑ....."

සිංහල භාෂාව ඉගැන්වීමට සිසුන් අතට දිය යුතු මොන වර්ගයේ පොත්දැයි මෙයින් පැහැදිලි නොවේද? අධ්‍යාපන බලධාරීහු මේ කිසිම කරුණක්‌ නොදනිති. සිසුන්ට සාහිත්‍ය රස විඳීමට තබා නිවැරැදි වහර හෝ ඉගැන්වීමට මොව්හු අසමත් වෙති. භාෂා දොaෂ, අක්‍ෂර වින්‍යාස දොaෂ බහුලව පල කර තිබෙන පොත් දැන්වත් ශුද්ධ කිරීමට ක්‍රියා කළ යුතුය.

සිංහල භාෂාව දවසින් දවස දුබල හා සදොස්‌ව භාවිත වන්නේ ද එයට දක්‌වන අඩු අවධානය නිසාමය. විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවලත් නවකතා, කෙටිකතා කාව්‍ය යනාදී නිර්මාණ ක්‍ෂෙත්්‍රවලත්Ê"සිංහල" ය පිරිහී තිබෙන බව කියන්නේ ද සිංහල භාෂා ඥනය දුර්වල වීම නිසා බව අප තේරුම්ගත යුතුය. මිහිරි ජලය, රස අහර හා සුබස මෙලොව තිබෙන අගනා රුවන් තුනක්‌ බවට සුභාෂිතයක්‌ ද ඇත.

පාසල් දරුවන්ට විකෘති සිංහල ඉගැන්වීමට පොත් ලියවන අධ්‍යාපන බලධාරීන්ට විද්වත් කුමාරතුංගයන්ගේම තවත් අදහසක්‌ මෙසේ දක්‌වමු.

"නීතිරීති නැති භාෂාව වැද්දන්ට මුත් හැදුණු මිනිසුන්ට නොසෑහෙයි. සිරිත් විරිත් මෙන්ම භාෂාව ද ශිෂ්ටවැ පැවතිය යුත්තේය. නින්දිත සිරිත් ඇත්තවුන් සමග ශිෂ්ටයෝ නොහැසිරෙත්. ඒ සුදුසුකම් අශිෂ්ට භාෂාව ව්‍යවහාර කරන්නවුන් සමග නොහැසිරීමද සුදුසු විය යුතුයි..."

අද සිංහල බස පිළිබඳ බුද්ධිමය සංවාදයක්‌ ද නැත. සිංහල බස හෝ සිංහල සාහිත්‍ය ඉගෙන ගැනීමට දිරි දෙන මවුපියෝ ද නොවෙති. දරුවන්ට ඇසෙන්නේත්, නෙත ගැටෙන්නේත් හඩු සිංහලය. සිංහල බස වැරද්දීම ගැන කිසිවෙක්‌ උරණ නොවෙති. එහෙත් ඉංගිරිසිය වැරදුණොත්? අහෝ මොන තරම් ලැ-ජාවක්‌ ද, අඩුවක්‌ද? එසේම සිංහල බැරි වීම මෝස්‌තරයක්‌ මෙන්ම විශේෂත්වයක්‌ ලෙස ද සමහරු සලකති.

කලකට පෙර මෙරට වැඩ විසූ සිංහල පඬිවරුනක්‌ වූ රඹුක්‌වැල්ලේ සිද්ධාර්ථ හිමියන් අපවත් වූ කල්හි එකල උන්වහන්සේ වෙනුවෙන් පළ වූ ශෝක ප්‍රකාශයක සඳහන් වූයේ දැන් ඉතින් සිංහල සාහිත්‍යයට කපුටන් කොටන බවකි. ඒ මෙයින් දසත පහකටත් ඈත අවදියකි.

කෙසේ හෝ මේ භාෂා ශාස්‌ත්‍ර පරිහානිය අද වන විට එහි උපරිම තලයට පැමිණ තිබෙන බව නම් සංවේගයෙන් වුවද කිව යුතුය. බසට කොටන කපුටෝ අද බොහෝ තැන්වල අරක්‌ ගෙන සිටිති. අනෙක්‌ අතට සිංහල බස හෝ සිංහල සාහිත්‍ය යනු අද නොවැදගත් විෂයන් බවටද පත්ව තිබේ. බස නොදැන ලියන හඩු සිංහලත් බස නොදැන දොඩන හඩු සිංහල බසත් අප අවට ගිගුම් දෙමින් නොතිබේද? සිංහල හා ඉංගී්‍රසි මිශ්‍ර අච්චාරුවක්‌ද අද තිබේ. ඒ කුමක්‌ වුවත් ඉංගී්‍රසිය නිවැරැදිව භාවිත කිරීමට දක්‌වන සැලකිල්ල නම් පුදුම සහගතය. සිංහල වැරදුණත් ලැ-ජා නොවන අපි ඉංග්‍රිසි වැරදුණොත් නම් හිස සඟවා නොගනිමුද? සිංහල බැරි වීම පන්ති ලකුණක්‌ හෝ ඔජ වඩවන මෝස්‌තරයක්‌ බවට ද පත්ව තිබේ.

මේ නිසා අධ්‍යාපන බලධාරීහු අපට මහ දවල් බකමුහුණු නළු කෙළිපෙන්වීම ද පුදුමයක්‌ නොවේ.

පාසැලෙන් හෝ ගුරු විදුහලෙන් හෝ විශ්වවිද්‍යාලයෙන් හෝ සිංහල ඉගෙන සිංහල බස පිළිබඳ වෙසරද බවට පත්වූවෝ සිටිත් දැයි සමහරු ප්‍රශ්න කරති. කුමරතඟු පඬිහු විශ්වවිද්‍යාලයකට පය නොතැබූහයිද එහෙත් ඔවුන්ගේ සිංහල භාෂා සාහිත්‍යය දැනුමට අලගු තැබීමටවත් සමත් සරසවි ඇඳුරෝ සිටිත්දැයි විමසන්නෝද සිටිති. කුමරතුංගයන් එම ක්‍ෂේත්‍රයෙන්හි වෙසරද බවට පත් වූයේ ස්‌ව උත්සාහයෙන් බවට විවාදයක්‌ නැත. එසේම පාසල්වලට නොගොසින්ම විද්‍යා, කලා, සංගීත යනාදි ක්‍ෂේත්‍රයන්හි පාරප්‍රාප්ත වූවෝද වෙති. ඒවා සුවිශේෂ අවස්‌ථා මිස සාමාන්‍ය නොවන බවද කිව යුතුය. එහෙත් නිදහස්‌ අධ්‍යාපනය ගැන ඝෝෂා කරන රටක ඒ විෂය ක්‍ෂේත්‍රය සඳහා නිවැරදිව පෙළ පොතක්‌වත් ලියා ගන්නට බැරි රටක සිංහල බසට යන කල ගැන අපට සිතා ගත හැකිය.

- ගාසු

Post a Comment

0 Comments