වැඩ කටයුතු අදික කාලයකි.ගමන් බිමන් ඇතිවේ.ලියකියවිලි කටයුතු යෙදේ.එමගින් යහපත් ප්‍රතිඵල ලැබීමට හැකියාව ලැබේ.ඉගනීම් කටයුතු යහපත්වේ.නව ඉගනීම් කටයුතු සදහා යොමුවීමට යහපත් කාලයකි.අන් අයගේ උදව් උපකාරද ගෞරවය නම්බුනාම තානන්තරද ලැබෙන කාලයකි.සමාජ පිලිගැනීමක් ඇතිවේ.
රවි උපතේදී තැම්පත්ව සිටින ස්තානය බුධ ග්‍රහයාට අයහපත් ස්තානයක් නම් ඉහත සදහන් කරනු ලැබූ ප්‍රතිපල නොලැබී යයි.සොර සතුරු කරදර , නීතිමය ගැටලු සහ ආර්ථික තත්වයේ දුර්වලතාවයන් ඇතිකරවන කාලයකි.වංචාවන්ට රැවටීම් වලට හසුවිය හැකිය.පැවති ගෞරවයට තත්වයට හානි ඇතිවන ආකාරයේ සිදුවීම් ඇතිවිය හැකි කාලයක්වේ.
රවි සිටි ස්තානයට ගුරුගේ පැමිණීම
රවි සිටින ස්තානය ගුරු ග්‍රහයාටද යහපත් ස්තානයක් නම් මෙම කාලය ඉතා යහපත්වේ.ජීවිතයේ උසස් තත්වයක් ඇතිකරගැනීමට හැකියාව ලැබෙනු ඇත.ධනය අතින් යහපත්වේ.නව වැඩ කටයුතු ආරම්භ කිරීමට යහපත් කාලයකි.පැවති ණය තුරුස් වලින් නිදහස් වීමට අවස්තාව ලැබේ.රේස් සූදු ආදියෙන් යහපත් ප්‍රතිඵ්ලයක් ලබාගැනීමට හැකියාව ලැබේ.උසස් අයගේ උදව් උපකාර ලැබේ.රජයෙන් සහ රාජ්‍ය අංශයෙන් උදව් උපකාර ලබාගැනීමට යහපත් කාලයකි.එවැනි කටයුතු සදහා යොමුවීමද යහපත්ය.තරග විභාගයන්ගෙන් ජය ලැබීමටත් එවැනි දේ සදහා ඉදිරිපත් වීමටත් යහපත් කාලයක් ලෙස රවි සිටි ස්තානයේ ගුරු ග්‍රහයා ගමන්කරන වසරක පමණ කාලය හැදින්විය හැකිය.
රවි සිටි ස්තානය හරහා ගුරු ග්‍රහයා ගමන් කරනාවිට ගුරු ග්‍රහයා රාශියෙන් සහ භාවයෙන් දෘෂ්ටියෙන් දුර්වල වී ඇත්නම් ඉහත සදහන් කල ප්‍රතිඵල ක්‍රියාත්මක නොවේ ඊට හාත්පසින්ම විරුද්ද ප්‍රතිඵල ලැබෙනු ඇත.ඉතා පරිස්සමෙන් කාලයගත කිරීම වැදගත්වේ.මිල මුදල් කටයුතු , සමාජ කටයුතු සහ නීතිමය කටයුතු තුලින් පීඩා ඇතිවේ.සැප පහසුකම් අඩුවන , පිලිගැනීම ගෞරවය අඩුවන කාලයකි.කරගෙන ආ කටයුතු බිදවැටීමක් ඇතිවේ.උසස් අය සමග වාද විවාද ඇතිවේ.එයින් තමන් පීඩාවට පත්වේ.ශරීර සෞඛ්‍ය දුර්වල වේ.වස විස ශරීරගතවීමක් විය හැකි කාලයකි.
රවි සිටි ස්තානයට සිකුරුගේ පැමිණීම
රවි සිටි ස්තානය හරහා සිකුරු ගමන් කරනා කාලයෙදී සිකුරු ග්‍රහයා බලවත් නම් ක්‍රීඩා කටයුතු , විනෝද කටයුතු ආදියට සිත ඇදී යයි.තරුණ තරුණියන් සමග යහලු මිතුරුකම් ඇතිවේ.ප්‍රේම සබදතා ඇතිවිය හැකිය.මුහුණේ සිනහව රැදෙනා කාලයකි.අවිවාහකයන්ට විවාහ වීමට අවස්තාව උදාවනු ඇත.දරු සම්පත් බලාපොරොත්තු අයට ඒ සම්බන්දව යහපත් ප්‍රතිඵලයක් ලැබිය හැකි කාලයකි.සමාජ ආකර්ෂණය ලැබෙන කාලයකි.ශරීරය නිරෝගීවේ.භාහිර අලංකරනය සදහා සිත යොමුවේ.නව ඇදුම් පැලදුම් ලාබ ලැබේ.නව හිත මිතුරන් ඇසුරට ලැබේ.නිවාස කටයුතු ආරම්බ කිරීමටත් නිවාස අලංකරණයටත් යහපත් කාලයකි.
සිකුරු ග්‍රහයා මේ අවස්තාවේ දුර්වලව ගමන් කරයි නම්, තම තත්වයට ගෞරවයට හානි ඇතිවන කරුණු ඇතිවේ.ආදර සබදතා සහ සමාජ සබදතා වලින් නින්දා අපහාස ආදී ගැටලු ඇතිවේ.සිතේ සැනසීම නැතිවී යයි.රාගාධික කම් නිසා නොසිතන ආකාරයේ ගැටලු ඇතිවේ.අනවශ්‍ය වියදම් ඇතිවේ.බිරිද හෝ සහකරු සමග ගැටලු ඇතිකරගන්නා කාලයක් වන අතර කලත්‍රයාගේ ශරීර සෞඛ්‍යට බාදා ඇතිකරවයි.සමාජයෙන් ඈත්වී කටයුතු කිරීමට සිදුවේ.නෑ හිතවතුන් සමග ගැටලු ඇතිකරගන්නා කාලයකි.
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
0 Comments