හත්වැන්නේ යෙදෙන ද්වි ග්‍රහ සංයෝග අනුව විවාහ දිවියේ තත්වය

හත්වැන්නේ යෙදෙන ද්වි ග්‍රහ සංයෝග අනුව විවාහ දිවියේ තත්වය



හත්වැන්නෙන් විවාහය සහ විවාහ ජීවිතය පිලිබදව කියවේ.ලග්නයෙන් හත්වැන්න තුල ග්‍රහයන් දෙදෙනෙකු සංයෝගව සිටීම අනුව විවාහය සම්බන්දව ඇතිකරවන බලපෑම වෙනස්වේ.එම ග්‍රහ බලපෑම පිලිබදව මෙතැන් සිට කරුණු පැහැදිලි කරමි. අප යම් පුද්ගලයෙකුගේ ජීවිතයේ සහකරුගේ ස්වභාවය සහ ගුණාංග මත මෙම ග්‍රහ බලපෑම නිරීක්ෂණය කරමු.

හත්වැන්නෙහි කුජ සහ බුධ ග්‍රහ සංයෝගව සිටී නම්

සහකරුවාට හෝ සහකාරියට සෞඛ්‍ය ගැටලු ඇතිකරයි.තම ජීවිතයේ වැඩි කාලයක් සහකරුගේ හෝ සහකාරියගේ කටයුතු වෙනුවෙන් කැපකිරීමට සිදුවනු ඇත.පවුල් දිවියේ විවිධ ගැටලු වලට මුහුණ දීමට සිදුවනු ඇත.ඉතාමත්ම බුද්ධිමත්ව සහ ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්වේ.

හත්වැන්නේ කුජ සහ ගුරු සංයෝගවීම

මෙය ගුරු මංගල නම් යෝගයවේ.මෙමගින් සහකරුගේ හෝ සහකාරියගේ උනන්දුව උත්සහය වර්ධනය කරයි.නිරිභීත අයෙකු කරයි.ඔහුට හෝ ඇයට මිතුර මිතුරියන්ගේ තම ඥාතීන්ගේ උදව් උපකාර නොවඩුව ලැබෙනු ඇත.මෙම තත්වය යහපත් උවත් , සමාජය සහ මිතුර මිතුරියන්ගේ ඇසුර හේතුවෙන් විවාහ දිවියට අනවශ්‍ය බලපෑම් ඇතිවීමේ අවදානමක්ද පවතී.

හත්වැන්නේ කුජ සහ සිකුරු සංයෝග වීම

හත්වැන්නේ කුජ සහ සිකුරු සංයෝග සිටීනම් විවාහ දිවිය ඉතා ආදරණිය ලෙසත් ශක්තිමත් ලෙසත් පවත්වාගෙන යාමට හැකියාව ලැබේ.මෙම යෝගය පිහිටා ඇත්නම් සහකරු හෝ සහකාරිය පිලිබදව වැඩි විශ්වාසයක් තබා කටයුතු කල යුතුය.නැතිනම් සහකරු හෝ සහකාරිය අපහාස උපහාසයට ලක්වීමට ඉඩ ඇත.

හත්වැන්නේ සෙනසුරු සහ කුජ සංයෝග වීම

මෙය ශණි මංගල යෝගයේ එක් අවස්තාවකි.දෙදෙනාගේම කේන්ද්‍රයන්හි මෙම පිහිටීම යෙදී ඇත්නම් ඇතිවන අසුබ බලපෑමෙන් මදකට හෝ සහනයක් ලැබෙනු ඇත.විවාහ දිවිය සාර්තක නැත.සහකරු හෝ සහකාරිය රෝගී තත්වයකට ලක්විය හැකිය.එමගින් අනෙක් පාර්ෂවයට බලවත් පීඩාවන් ඇතිකරවයි.ලබන දරුවන්ගෙන් පවා වැඩි යහපතක් බලාපොරොත්තු විය නොහැක.විවාහ වූ දෙපාර්ශවයේ කටයුතු නිසා අනෙක් පාර්ශවය අපහාස උපහාසයට ලක්වේ.

හත්වැන්නේ බුධ සහ ගුරු සංයෝග වීම

සහකරු හෝ සහකාරිය විවාහයට පෙර පැවති තත්වයට වඩා ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් ශක්තිමත් වන පිහිටීමකි.සමාජයේ කැපී පෙනෙන චරිතයකට උරුම කම් කියයි.සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර නොවඩුව ලැබේ.විවාහයත් සමග උසස් සමාජයක යහපත් ඇසුර සහ සබදතා ඇතිවේ.විවාහ දිවිය සමගියෙන් සාමයෙන් පවත්වාගෙන යාමට හැකියාව ලබාදෙන පිහිටීමකි.

හත්වැන්නේ බුධ සහ සිකුරු සංයෝග වීම

විවාහයෙන් පසු ජීවිතය සමගියෙන් සාමයෙන් යුතුව පවත්වා ගැනීමට හැකිවනු ඇත.යහපත් දරු දැරියන් ලබයි.සමාජයෙන් ගෞරව සම්මාන ලබයි.රාජ්‍ය අංශයේ රැකියා ලැබීම් ලැබෙනු ඇත.නැතිනම් රජයෙන් විශේෂ උදව් උපකාර හිමිවනවා ඇත.ගුණවත් සහකරුවෙකු හෝ සහකාරියක ලැබෙනු ඇත.එමෙන්ම සහකරු හෝ සහකාරිය විවිධ හැකියාවන්ගෙන් යුතු කලාවට ආගමට දහමට ලැදි අයෙකු වේ.

හත්වැන්නේ බුධ සහ සෙනසුරු සංයෝගවීම

මෙම ග්‍රහයන් දෙදෙනා හත්වැන්නේ පිහිටා ඇත්නම් විවාහය ප්‍රමාදවීමක් සිදුවේ.කලබලයෙන් යුතුව දුරදිග නොබලා විවාහය සිදුවුවහොත් විවිධ ගැටලුකාරී තත්වයන්ට ලක්විය හැකිය.එමෙන්ම මෙම යෝගය යම් අයෙකුගේ කේන්ද්‍රයේ හත්වැන්නේ පිහිටා ඇත්නම් ඔහු හෝ ඇය අඩුම තරමින් තම සහකරු,සහකාරිය සමග නිතර ඇත්ත වචන භාවිතා කල යුතුය.නැතිනම් අනෙකා රැවටීමට විවිධ උපක්‍රම භාවිතා කරන අයෙකු වේ.එමෙන්ම වචන භාවිතයේ ඇති දුර්වලතාවයන් හේතුවෙන් භාහිරින් අනවශ්‍ය බලපෑම් ඇතිවනු ඇත.එමගින් ස්තිර විවාහ දිවියට අස්තිර බවක් ඇතිකරවයි.

හත්වැන්නේ ගුරු සහ සිකුරු සංයෝගවීම

මෙම යෝගය සහිත පුද්ගලයාගේ විවාහය ඉතා සතුටින් සාමකාමීව ගෞරවාන්විතව පවත්වා ගැනීමට හැකියාව ලැබෙන අතරම මෙම යෝගය හත්වැන්නේ යෙදීම සහිත පුද්ගලයාට විවාහය සදහා ලැබෙන්නේද එවැනි යහපත් ගතිගුණ ඇති අයකුවේ.ධනය සහ සෞභාග්‍යා උරුමවේ.ඉතා උසස් සුඛෝපභෝගී ජීවිතයක් උරුමවේ.ලබන දරුවන්ද, ඥාතීහිතමිත්‍රදීන්ද ඉතා යහපත් අයවේ

ගුරු සහ සෙනසුරු හත්වැන්නේ සංයෝග වීම

විවාහය ප්‍රමාදවීමක් ඇතිවේ.සහකරු හෝ සහකාරිය හිතුවක්කාර ගතිගුණ ඇති අයෙකුවේ.විවාහයෙන් පසුව ආර්ථික ශක්තිය වර්ධනය කිරීම වෙනුවෙන් වැඩි මහන්සියක් සහ කැපවීමක් සිදුකල යුතුය.පියාගේ ධනය හෝ දේපල උරුම වශයෙන් ලැබිය හැකි උවත් ඒවා භාවිතා කිරීමේදී සැලකිලිමත්ව බුද්ධිමත්ව කටයුතු කල යුතුය.දරු සම්පත් ප්‍රමාදවීමක් ඇතිවේ.

සෙනසුරු සහ සිකුරු හත්වැන්නේ සංයෝගවීම

මෙම පිහිටීමද විවාහය ප්‍රමාද කිරීමට හේතුවකි.එමෙන්ම සම වයසේ හෝ වයස් පරතරය වැඩි අයෙකු විවාහය සදහා ලැබෙනු ඇත.කෙසේ වෙතත් ඉතා සහයෝගයෙන් යුතුව විවාහ දිවිය පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.සහකරු හෝ සහකාරිය තම උත්සහයෙන් ධනවත් සහ බලවත් අයෙකු වනු ඇත.තම බිරිදගේ හෝ ස්වාමියාගේ සතුට වෙනුවෙන් බොහොමයක් කැපකිරීම් කිරීමට සූදානමින් සිටිනා,කතාවෙන් නොව ක්‍රියාවෙන් ක්‍රියාත්මක වන අයෙකු වේ.

ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments