විසිදෙවන දෙර්කාණය අධිපති ග්‍රහයා වශයෙන් හදුන්වනු ලබන්නේ කේන්ද්‍රයේ පවතින ශක්තිය දුර්වල කිරීමට සාධක සපයන ග්රහයාවේ.රාහු කේතු හැරුණ විට අනෙක් ග්‍රහයන් හත්දෙනාම , විසිදෙවන දෙර්කාණය අධිපති ග්‍රහයා විය හැකිය.විසිදෙවන දෙර්කාණය අධිපති ග්‍රහයා ජම්ම කේන්ද්‍රයේ කොතනක තැම්පත්ව සිටියත් එම තැම්පත් ස්තානයේ ගුණයට හානි ඇතිකරවයි.එමෙන්ම මෙම ග්‍රහයාගේ කාරක ගුණයත් භාව අධිපතිත්වයේ ගුණයත් දුර්වල කිරීමක් ඇතිකරවයි.ඔබ උපන් ලග්නය සහ නවාංශකය අනුව විසිදෙවන දෙර්කාණය අධිපති ග්‍රහයා කවුරුන්ද යන්න පහත සටහන මගින් හදුනාගැනීමට හැකිවනු ඇත.එමෙන්ම විසිදෙවන දෙර්කාණයේ අයිතිය,ජම්ම කේන්ද්‍රයේ පූර්ව පෙරපින් බලය ගැන කියවෙන නමවැන්නාධිපතියාට හිමිව ඇත්තේ නම් ඇතිවන අසුබ තත්වයන් පාලනය වීමක් සිදුවේ.මෙම තත්වය අත්දැක ඇත.
රවි ග්‍රහයා විසිදෙවන දෙර්කාණය අධිපතියා වීම
තම පියාගෙන්ද පිය පාර්ෂවයෙන්ද , උසස් සමාජයෙන් සහ පාලන අංශයෙන්ද ඔබට ලැබෙන සහයෝගය , උදව් උපකාර දුර්වල වීමක් සිදුවේ.කෙතරම් උත්සහ කලත් සමාජයේ පිලිගන්නා පුද්ගලයෙක් වීම අපහසු වනු ඇත.චපල සහ නිවට අදහස් ඇතිවේ.එම අදහස් වලට අනුව ක්‍රියාකර අයහපත සලසාගනී.නින්දා අපහාස ගැරහීම් ඇතිකරගනී.සුදුස්සා ඔබ උවත් ඔබට සුදුසු තැන අහිමි වීමක් ඇතිකරවයි.රවි ග්‍රහයා තැම්පත්ව සිටින භාවයෙන් කියවෙන තත්වයන් සහ අධිපතිත්වය දරන ස්තානයේ ගුණයත් දුර්වල කරනු ඇත.එමෙන්ම බලවත් ග්රහයෙකුගේ නැකතේ අධිපතිත්වයද රවි ග්‍රහයාට හිමිව ඇත්නම් එම බලවත් ග්‍රහයාගේ බලවත් බව බොහෝ දුරට සීමා කරනු ඇත.රවිගේ මහදසාව සහ අතුරු දසාවන් තුල අයහපත් තත්වයන් වර්ධනය කරනු ඇත
සදු ග්‍රහයා විසිදෙවන දෙර්කාණය අධිපතියා වීම
සදු ග්‍රහයා 22 වන දෙර්කාණය අධිපතියා වී සිටින්නේ නම් චිත්ත ශක්තිය බලවත් නැත.තමන්ගේ සිතුවිලි යහපත් උවත් අයහපත් උවත් ක්‍රියාත්මක කිරීමට පෙලබේ.එයින් ගැටලු ඇතිකර ගනී.සදු 22 වන දෙර්කාණය අධිපතිව සිටි බොහෝ අය හිතුවක්කාර ගතිගුණ ඇති අයබව පෙනෙන්නට තිබේ.එමෙන්ම මවට මව් පාර්ශවයට අපල අයහපත් තත්වයන් ඇතිකරයි.සෙම් කෝපය ,සෙම්ප්‍රතිශ්‍යාව ඇදුම වැනි රෝග තත්වයන්ද , පපුවේ සැගවුණ රෝග තත්වයන්ද ඇතිකරවයි.සදුදා දිනය අයහපත්වේ.සදුගේ හෝරාව තුලද අසුබ තත්වයන් ඇතිකරවයි.සදුගේ මහදසාව සහ අතුරු දසාවන් තුල අයහපත් තත්වයන් වර්ධනය කරනු ඇත
කුජ ග්‍රහයා විසිදෙවන දෙර්කාණය අධිපතියා වීම
කුජ ග්‍රහයා 22වන දෙර්කාණය අධිපතියා වී සිටින්නේ නම්,ආත්ම ශක්තිය සහ ආත්මාභිමානය හීන කරයි.අලස ගති ඇතිකරවයි.යම් දෙයක් කෙරෙහි දක්වන ප්‍රතිචාරය දුබල හෙයින් ලැබීම් පවතින මොහොතක උවත් එම ලැබීම් නිසි ආකාරයෙන් ලබා ගැනීම අපහසු කරයි.නමුත් යම් අවස්තාවන් වලදී ශණික ප්‍රතිචාර දැක්වීමට ගොස් නොසිතූ ආකාරයේ විපත් ඇතිකරගනී.කලමණාකරන හැකියාව දුර්වලය.රන්ඩු සරුවල් ඇතිකර ගැනීමට සමත් අයෙකි.ලේ දුර්වලතා ශරීරගත උශ්ණ රෝග තත්වයන් මෙන්ම හදිසි අනතුරු පවා බලවත් ආකාරයෙන් සිදුවිය හැකිය.කුජගේ මහදසාව සහ අතුරු දසාවන් තුල අයහපත් තත්වයන් වර්ධනය කරනු ඇත
බුධ ග්‍රහයා විසිදෙවන දෙර්කාණය අධිපතියා වීම
බුධ ග්‍රහයා 22 වන දෙර්කාණය අධිපතියා වූ විට බිද්ධිමත් බව දුර්වල කරයි.උගත්කම නොව බුද්ධිය දුර්වල වීමක් සිදුවනු ඇත.කුමන විභාග සමත් උවත් තීක්ෂණව සිතා බලා කටයුතු කිරීමට අපොහොසත් වනු ඇත.නෑ හිතවතුන් ඇසුරේදී ගැටලු ඇතිකර ගනී.ගොත ගැසීම වැනි භාෂාමය දුර්වලතා ඇතිකරවයි.අඩුම තරමේ සමස්ත භාෂාවේ එක් වචනයක් හෝ නිරවුල්ව උච්චාරනය කිරීම දුර්වල කරයි.සෙනසුරු වැනි ග්රහයෙකුගේ බලපෑමට 22 වන දෙර්කාණය අධිපති බුධ ග්‍රහයා හසුවුවහොත් බොරු කීම පුරුද්දක් වශයෙන් පවත්වාගනී.රැවටිලි වංචාවන් සූදු ක්‍රිඩා ආදියට යොමුවේ.නිතර හිසරදය ඇතිකරයි.ඉරුවාරදය පවතී.සෙම්ගෙඩි සහ පෙණහැල්ල ආශ්රිත රොගයන්ට පහසුවෙන් ගොදුරු වනු ඇත.බදාදා දිනය සහ අනෙකුත් දිනයන්හි බුධ හෝරාව අයහපත්වේ.බුධගේ මහදසාවත් අතුරු දසාවන් තුලදීත් අසුබ තත්වයන් බලවත් වනු ඇත.
ගුරු ග්‍රහයා විසිදෙවන දෙර්කාණය අධිපතියා වීම
නවග්‍රහයන් අතර සුබඵල ප්‍රධානයෙහි බලවත්ම ග්‍රහයා වන ගුරු ග්‍රහයා 22 වන දෙර්කාණය වී දුබලවීම අයහපත්ය.සැප සහ සතුට අහිමි කරණු ඇත.ඔබ කොතරම් ධනවතෙකු බලවතෙකු උවත් ඔබ තුල සැනසීම සතුට නැති කිරීමට මෙම ග්‍රහ තත්වය හේතු වනු ඇත.බුද්ධිය භාවිතා කිරීමේ දුර්වලතා හේතුවෙන් විවිධ අවස්තාවන් වලදී අයහපත් සිදුවීම් වලට මුහුණ දීමට සිදුවනු ඇත.අනුකම්පා දයා ගුණයන් හීන අයෙකුවේ.තමාගෙන් තම සහොදර සහෝදරියන්ට යහපතක් නැතිවා මෙන්ම ඔවුන්ගෙන්ද යහපත් තත්වයක් ඇති නොවේ.විවාහය පිලිබදවද ගැටලු ඇතිකරවයි.දරුසම්පත් ප්රමාධවීමක් සිදුවේ.නීතියට දක්වන බිය මුසු ගෞරවය ගිලිහී යනු ඇත.ගුරුගේ මහදසාවත් අතුරු දසාවනුත් අයහපත් තත්වයන් ඇතිකරවම කාලයන්වේ.
සිකුරු ග්‍රහයා විසිදෙවන දෙර්කාණය අධිපතියා වීම
සිකුරු ග්‍රහයා ලෞඛික සැප සම්පත් ලබාදේ.එම සිකුරු ග්‍රහයා 22 වන දෙර්කාණය අධිපතියා වීමෙන් ලෞකික සැප සම්පත් දුර්වල කරයි.කොතරම් සැප සම්පත් පැවතියත් එයින් සතුටක් ලැබීමට තිබෙන අවස්තාවන් අහිමි කරයි.ප්‍රේම සබදතා වලදී,ඉක්මන් තීරන ගැනීම් සිදුකරයි.අනෙකා වටහාගැනීමකින් තොරව විශ්වාසයක් ගොඩනගා ගනී.නමුත් අවසානයේ බිදවැටීමක් තුල බලවත් චිත්ත පීඩාවක් ඇතිකර ගනී.එමෙන්ම 22 දෙර්කාණය සිකුරු ග්‍රහයාට හිමිවූ අයෙකුට ඔබ ප්‍රේම කරන්නේ නම් ඔබට ප්‍රේමයේ නියම රසය ලැබීමට හැකිවනු ඇත.කෙතරම් කෙනහිලිකම් කලත් ඉවසාගෙන ඉතා ආදරයෙන් සිටිනු ඇත.නමුත් ප්‍රේමයේදී ඔබ කෙරෙහි ඔහු හෝ ඇය සිත්බිදීමක් ඇතිකරගත හොත් එම සබදතාවය නැවත ගොඩනගා ගැනීම තරම් අපහසු කටයුත්තක් ඔබට තවත් හමුනොවනු ඇත.එමෙන්ම සිකුරු ග්‍රහයා 22 දෙර්කාණය අධිපතියා වූ අය බොලද සිතුවිලි සහිත අය වේ.විවාහ දිවියේ බිදවැටීම් සහිතයි.සෙනසුරු ග්‍රහයාගෙන්ද මෙම සිකුරු ග්‍රහයා දුර්වල වීමක් සිදුවී ඇතිනම්,ලිංගික ආශාවන් වර්ධනය කරයි.සීමා රහිත ලෙස එම කටයුතු වලදී ක්‍රියාත්මකවේ.පහසුවෙන් අවනත වන බවක් පෙන්වයි.සමලිංගික ඇසුරට පවා යොමුවිය හැකිය.මුත්‍ර රෝග , ලිංගික රෝග, මස්දලු , දියවැඩියාව , බෙල්ලේ සහ වකුගඩුවේ ආබාද ඇතිකරයි.සිකුරුගේ මහදසාව මෙන්ම අතුරු දසාවන්ද අයහපත් වනු ඇත.
සෙනසුරු ග්‍රහයා විසිදෙවන දෙර්කාණය අධිපතියා වීම
සෙනසුරු ග්‍රහයා 22 දෙර්කාණය අධිපතියා වී සිටීනම් ඔබට ජීවිතයේ මහන්සියෙන් උත්සහයෙන් තොර දියුණුවක් ලැබීම අපහසුවේ.වාසනා ගුණය දුර්වල වීමක් සිදුවේ.ශරීරාබාධ නිසා පීඩාවට පත්වේ.වැටීම් සීරීම් කැඩීම් නිසා දුවිදීමට සිදුවනු ඇත.විවාහය සම්බන්දවද යහපත් තත්වයක් ඇතිකරන්නේ නැත.පිය පාර්ෂවයෙන් ඈත්වී කටයුතු කරන අතර ඔවුන් ඔබ කෙරෙහිද එවැනි ප්‍රතිචාරයක් දක්වනු ඇත.සමේ රෝග තත්වයන් නිතර ඇතිවේ.එමෙන්ම සෙනසුරු ග්‍රහයාගෙන් යෙදෙන ඒරාශ්ටක අපල තත්වයන් වලදී ජීවිතයට බලවත් පීඩාවන් සහ බිදවැටීම් ඇතිකරනු ඇත.සෙනසුරු මහදසාව සහ අනෙකුත් මහදසාවන් තුල සෙනසුරුගේ අතුරු දසාවන් තුලදී බලවත් පීඩාවන් ඇතිකරනු ඇත.
0 Comments