අපලයෙන් මිදීමට හොදම පිලිවෙත.


"දැන් නම් ඔබට ගෙවෙන්නෙ අපල කාලයක් " කියල කිව්වම ගොඩක් අය බය වෙනව.හැමෝම එහෙම තමයි."දැන් නම් ඔබට කාලෙ හොදයි " කියල කිව්වම සතුටු වෙනව.බලාපොරොත්තු ඇතිවෙනව.මූණට සිනහවක් එනව.කොහොම උනත් කියන්න තියෙන්නෙ කවුරුවත් බය වෙන්න එපා.අපලයකින් මිදෙන්න තියෙන හොදම ක්‍රමය තමයි,සිහිකල්පනාවෙන් යුතුව බුද්ධිමත්ව වැඩ කරන එක.ඔබට අපල කාලයක් නම් මේ,ඔබ වෙනදාට වඩා වැඩි වගකීමකින්,අවදානයකින්,බුද්ධියකින් යුතුව ඔබගේ හැම කටයුත්තක්ම කරගෙන යන්න.අපල කාලයකදි වෙන ප්‍රධාන දුර්වල කම තමයි.වෙනදා පැවති බුද්ධිමත් බව යටපත්වී,කලබලගති ඇතිව කටයුතු කිරීම.අන්න එතන තමයි ගොඩක් අයට වරදින්නෙ.

ජ්‍යෙතිෂයෙන් කරන්නෙ ඔබව බය කරන එක නෙවෙයි.ඉදිරියෙදි ඇතිවෙන හොද සහ නරක පෙන්වාදෙන එක.ඔබගෙ වෙලාව බලල කිව්වනම් දැන් අපලයක් තියෙනව කියල,ඒක මහා ලොකුවට හිතට අරගෙන බයේ ඉන්න එපා.ඒකත් අපලයක්.ඒකෙන් ඔබගේ කටයුතු ආපස්සට යන්න,ප්‍රමාදවෙන්න පුලුවන්.කරන්න තියෙන්නෙ අපලයි කියන එක මතකයේ තියාගෙන කටයුතු කරන එක.මොකද අපිට ඒ ගැන මතක් වෙන්න වෙන්න,අපේ ආරක්ෂාව ගැන මතක් වෙනව.එතකොට ඇතිවෙන බාදාවන් මගහරිමින් කටයුතු කරන්න පුලුවන්.

දෙයක් වෙන්න තියෙනවනම් මොන ජගතට වත් ඒක නවත්වන්න බෑ.හොදත් එහෙමයි,නරකත් එහෙමයි.නමුත් හොදක් වෙනවනම්,ඒ දේ දැනගෙන හිටියනම් හොද වර්ධනය කරගන්න පුලුවන්.ඒවගේම තමයි,නරක.ඔබට නරකක් වෙන්න තියෙනවනම් අනිවාරයෙන්ම වෙනව.නමුත් ඒ ගැන පෙරසිටම දැනගෙන කටයුතු කලොත් වෙන්න තියෙන නරක ගොඩක් දුරට අඩු කරගන්න පුලුවන්.ඒ ශක්තිය තියෙන්නෙ ඔබ තුල.ඔබගේ හිත ශක්තිමත් වන තරමට බාහිරින් ඇතිවන නරක බලපෑමෙන් ගොඩක් දුරට ඈත්වෙන්න පුලුවන්.නමුත් හිත ශක්තිමත් නැතිනම්,තමන්ම තමන්ට කරදරයක් වෙනව.අහක යන කරදර තමන්ගෙ ඔලුවට වැටෙන.ඒ නිසා හිතේ හයිය තියාගෙන වැඩ කරන්න.

අපි සිංහල බෞද්ධයො හැටියට අඩුම තරමෙ පන්සිල් පද පහ,වත් දවසකදි ආරක්ෂා කරනව නම් අපිට ඇතිවෙන ගොඩක් බාදාවන් ජයගන්න පුලුවන්.වෙනත් ආගම් වල අයත් තමන්ගෙ ආගම දහම අනුව ජීවත්වෙන්න.ඒ එක්කම මනුස්සකම්,හැදියාව,චරිතය කියන ගුණයන් වර්ධනය වන විදිහට වැඩ කරන්න.

මතක තියාගන්න,ඔබ තුල පවතින බුද්ධිමත් බවෙන් පිට,ඔබ කටයුතු කරන හැම මොහොතකම ඔබට අපල තිබුනත් නැතත් ඇතිවන්නේ අපලයක්මයි.අයහපතමයි.නරක දෙයින් ඈත්වෙලා හොදදේ තමන් ලගට ගන්න.හොද දෙයක් නැතිනම් තමන්ගෙ පාඩුවෙ,කාටවත් කරදරයක් නොවෙන විදිහට ජීවත්වෙන්න.

ඔබට . මට . අපේ රටට යහපතක්ම වේවා.සියලු ග්‍රහ අපල දුරුවී යහපත් අනාගතයක් උදාවේවා !

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments